Social, පුවත්

ජනතාවගේ පසු විපරමක් නැති පළාත් පාලන අය වැය යෝජනා

By In

චාමර සම්පත්

වර්ෂ අවසානය ලඟාවන නොවැම්බර් දෙසැම්බර් සමය තුළ බොහෝ දෙනාගේ අවධානය යොමුවන ප්‍රධාන කාරණයක් වන්නේ අයවැය යි. ජාතික මට්ටමෙන් රටතුළ ඉදිරි වර්ෂයේ ක්‍රියාත්මකවීම පිළිබඳව අයවැය ලේඛණය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්නා අතර පළාත් සභා සහ පළාත් පාලන ආයතන තුළ ද මෙලෙස ඉදිරි වර්ෂය සඳහා අයවැය සම්මත කරගනි.

මෙවනවිට පළාත් සභා ක්‍රියාත්මක තත්වයේ නොමැති බැවින් ඒවායේ අයවැය ඉදිරිපත් කිරීමක් නොවුනද දිවයිනේ පළාත් පාලන ආයතන 341 හි ම ඉදිරි වර්ෂය සඳහා අයවැය සම්මත කරගැනීම මේදිනවල සිදුවේ. එසේ උවද ඒ සඳහා ජනතාව තුළ ඇත්තේ අඩු අවධානයකි.

ඔනෑම රාජ්‍ය ආයතනයක් මගින් අයවැය ඉදිරිපත් කිරීමේදී  එය ප්‍රධාන ක්‍රියාවලීන් තුනක් ලෙස විකාශය වේ. එනම් අයවැය සැකසීම ක්‍රියාත්මක කිරීම සහ පසුවිපරම් කිරීමයි. මුල් ක්‍රියාවලි දෙක සිදුවුවද අයවැය පසුවිපරම් කිරීම සිදුවන්නේ ඉතාමත් අල්ප වශයෙනි. පාර්ලිමේන්තුව මගින් ඉදිරිපත් කරන ජාතික අයවැය පිළිබඳවඳ පසුවිපරම් සිදුවන්නේ අඩුවෙනි.

පළාත් පාලන ආයතනයක් වන කුලියාපිටිය නගර සභාවේ 2022 වර්ෂ සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනා ඉටුකිරීම කෙසේ සිදුවී ඇත්ද යන්න තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතර කර සොයා බැලු අතර ඉදිරිපත් කරන සියලු අයවැය යෝජනා එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට එම පළාත් පාලන ආයතනය අපොහොසත් වී ඇති බව පෙනී යයි.

2022 අයවැය යෝජනා

කුලියාපිටිය නගර සභාව 2022 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනා වලිය තුළ ප්‍රදේශයේ සමාජ හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබේ. ඒ අනුව සංවර්ධන ක්ෂේත්‍ර තුනක් ඔවුන් හදුනාගෙන ඇති අතර මාර්ග නඩත්තුව හා සංවර්ධනය , නව ඉදිකිරීම් හා අලුත්වැඩියාව , ප්‍රජා සංවර්ධන හා සමාජ ආරක්ෂණ වැඩසටහන් ලෙස සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි 76 ක් වෙන්කර තිබේ. ඒ යටතේ සංවර්ධන යෝජනා 77 ක් නගර සභාව මගින් 2022 වර්ෂයට යෝජනා කර තිබේ.

ක්‍රියාත්මක කර ඇති යෝජනා

මාර්ග නඩත්තුව හා සංවර්ධනය යටතේ ඉදිරිපත් කර ඇති යෝජනා වලින් නගර සභාවට ඉටුකරගැනීමට හැකිව ඇත්තේ යෝජනා 07 ක් පමණි. ඒ සඳහා රුපියල් ලක්ෂ 36 ක් වැය කර තිබේ. එමෙන්ම නගර සභාව මගින් මේවසරේදී සිදුකළ විශාලතම ව්‍යාපෘතිය ලෙස “කුලියාපිටිය නගර සභා නව පොදු වෙළඳපල හා බහු කාර්ය ගොඩනැගිල්ල ඉදි කිරීම” සිදුකර ඇති අතර ඒ සඳහා රුපියල් කෝටි 69 ක් වැය කර ඇත. එසේ උවද එම ඉදිකිරීම් අවසානකරගැනීමට මේවනතුරු නොහැකි වීමෙන්  එම ගොඩනැගිල්ල මේවසරේ විවෘත කිරීමට නගර සභාව බලාපොරොත්තුවී සිටියද   එය ලබන වසරට කල්දමන්නට සිදුවි ඇත.

තිරසර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීම සඳහා නගර සභාව මගින් ප්‍රතිපාද වෙන්කර තිබීම වැදගත් කාරණයකි. එසේ උවද ඒ සඳහා ඉදිරිපත් කර තිබු සියලු යෝජනා ක්‍රියාත්මක කරගැනීමට නගර සභාව සමත්වී නැත.

යෝජනා ක්‍රියාත්මක නොකිරීමට හේතු

අයවැයක් මගින් ඉදිරිපත් කළ යෝජනා සියල්ල ඉටුකිරීමට නගර සභාව බැදී සිටින අතර එසේ යෝජනා ඉටුකර ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් නගර සභාව විසින් විවිධ කාරණා ඉදිරිපත් කරයි. ඒ අනුව පළාත් පාලන කොමසාරිස් වරයා විසින් සභා අරමුදල් මගින් සිදු කරන සංවර්ධන ව්‍යාපෘතීන් තාවකාලිකව අත්හිටුවන ලෙස දැනුම් දී ඇති බවත් ඒ අනුව   ව්‍යාපෘති සිදු කිරීම තාවකාලිකව අත්හිටුවීමට සිදුවු බවත් නගර සභාව සඳහන් කරයි. එමෙන්ම වයඹ පළාත් ආණ්ඩුකාරවරයා විසින්  “රාජ්‍ය වියදම් පාලනය කිරීම” නමින් සියළු නගර සභා හා ප්‍රාදේශීය සභා වෙත ලිපියක් ඉදිරිපත් කළ බවත් එමගින් අයවැය ප්‍රතිපාදන වෙන් කර ගත් වැය විෂයන් වලට අදාල ඉදි කිරීම් හා අළුත්වැඩියා කටයුතු සඳහා පළාත් පාලන කොමසාරිස්වරයාගේ හා  ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය ලබා ගත යුතු බව දන්වා ඇති බවද නගර සභාව සඳහන් කරයි.  එබැවින් යෝජනා ක්‍රියාත්මක කිරීමට නොහැකි බව නගර සභාව සඳහන් කරයි.

විවිධ අදහස්

අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සහ නොකිරීම සම්බන්ධයෙන් කුලියාපිටිය නගර සභාවේ සභාපති ඒ. එම්. එල්. අදිකාරි මහතාගෙන් විමසු අවස්ථාවේදී හෙතෙම පැවසුයේ අයවැය යෝජනා හැකි උපරිමය ක්‍රියාත්මක කිරීමට නගර සභාව කටයුතු කළ බවයි. එමෙන්ම ක්‍රියාත්මක කළ එම ව්‍යාපෘති සියල්ලම ඉතා විනිවිධභාවයෙන් යුතුව සිදුකළ බවත් මහජන මුදල් ඉතා ප්‍රවේශමෙන් පරිහරණ කළ බවද හෙතෙම පැවසීය. එසේ උවද පැවති ආර්ථික අර්බුද හා දේශපාලන අස්ථාවරභාවය මෙන්ම වසංගත තත්වය හේතුවෙන් බොහෝ කටයුතු නිසි අයුරින් ඉටුකරගැනීමට අපොහොසත් වු බවත් ඒ ගැන කණගාටු වන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස විමසීමේදී ඔවුන් සඳහන් කළේ නගර සභාවේ අයවැය ඒකමතිකව සම්මත කළ බවත් ව්‍යාපෘති සම්පුර්ණ කිරිමට නොහැකි වුයේ පැවති ආර්ථික අර්බුදය නිසා බවත්ය. එසේ උවද ඊට පෙර වර්ෂයේ ඉටුකිරීමට නොහැකි වු යෝජනා ද මේ වසරේ අවසන් කළ බවද ඔවුහු පෙන්වා දුන්හ.

නගර සභාවේ අයවැය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නගර සභා සීමාවේ ජනතාවගෙන් විමසීම් කළද ඔවුන් ඒ සම්බන්යෙන් නිසි දැනුවත්වීම් සිදුනොවී තිබිණි. නගර සභාව මගින් වාර්ෂිකව අයවැයක් ඉදිරිපත් කරන බව පවා ඇතැමුන් දැනුවත්වී නොතිබීණි. එය කණගාටුවට කරුණකි.

ඉටු නොවන යෝජනා ඉටුකර ගැනීම

අයවැය යෝජනා සම්මත කරගැනීමෙන් පසුව බදු ගෙවන ජනතාව වෙනුවෙන් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට එම ආයතන බැදී සිටියි. නමුත් අයවැය ට අදාළ කාලසීමාව අවසන් වු පසුව ඒ සම්බන්ධයෙන් කිසිවෙකු පසුවිපරම් නොකරන බැවින් එම සියලු යෝජනා ක්‍රියාත්මක කිරීමට එම මහජන නියෝජිත ආයතනද උත්සුක නොවේ. අයවැය සැලසුම්කිරීම් සම්තකිරීම ක්‍රියාත්මක කිරීම මෙන්ම අයවැය පසුවිපරම් කිරීමද වැදගත් වන්නේ මේ නිසාය. පාර්ලිමේන්තුව තුළ මෙන්ම පළාත් පාලන ආයතනවලද මුදල් පරිහරණ ක්‍රියාවලිය විධිමත් කරගැනීම සඳහා ජනතා සහභාගීත්ව ක්‍රමයක් අවශ්‍ය වන අතර ජනතාව මේ සම්බන්ධයෙන් පසුවිමරම් කිරීම මගින් කටයුතු වඩා කාර්යක්ෂමව විනිවිධභාවයෙන් යුතුව කරගැනීමට වඩාත් අවස්ථාව සැලසෙනු ඇත.

පුවත්

 ‘පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත’   ලබන මාර්තු සිට පූර්ණ වශයෙන් බලගැන්වේ.

ජනක සුරංග පෞද්ගලික දත්ත සැකසීම නියාමනය කිරීම,පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම,දත්ත දායකයන්ගේ අයිතිවාසිකම් හඳුනාගැනීම සහ ශක්තිමත් කිරීම ආදී අරමුණු රැසක්  ඉලක්ක…

By In
Social

ශ්‍රී ලංකාවේ ආහාර හා ආහාර නොවන නිෂ්පාදන වල අඩංගු නොවිය යුතු ලැයිස්තුව

ශරීරයේ කොතැනක හෝ සිදුවන අසාමාන්‍ය සෛල බෙදීමක් හා ඒවායේ පාලනයකින් තොරව ශරීරය පුරා ව්‍යාප්ත වීමක් පිළිකාවක් ලෙස හැඳින්විය හැකිය. පිළිකා…

By In
Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *