Learn About - Sri Lanka Rights to Information Act

ඉටුකම අරමුදලෙන් 90% මුදල් භාවිතා කර නොමැත

By In

කොවිඩ්-19 වෛරසය පැතිරීම නිසා ලොව බොහෝ රටවලට 2019 වසරේ අග කාර්තුවේ සිට මේ  වන තෙක් විවිධාකාරීය අර්බුදයන්ට මුහුණදීමට සිදු විය. දේශ දේශාන්තර සීමාවකින් තොරව සීග්‍රයෙන්   පැතිර ගිය මෙම වසංගත තත්වය විශේෂ වශයෙන්ම සංවර්ධනය වන රටවල සෞඛය, ආර්ථිකමය  සහ සංවර්ධනය අතින් විශාල පසුබෑමක් ඇති කිරීමට ප්‍රධානතම හේතුවක් විය. ලංකාව මේවනවිට මුහුණදී සිටින ආර්ථික අර්බුදයට බලපෑ එක් හේතුවක් ලෙස කොව්ඩ් වසංගතය හදුනාගත හැකිය. 

එවැනි වටපිටාවක් තුළ ශ්‍රි ලංකාවේ කෝවිඩ්-19 මුල්කරගත් “අවදානමට ලක්ව සිටින ජනතාවට සහනාධාර සැපයීමට” අවස්ථාවක් සලසා දීමේ වැඩසටහනක් ලෙස “ඉටුකම අරමුදල” ව්‍යපෘතිය ආරම්භ විය. මෙම අරමුදලේ මූලික සහ ක්ෂනික අරමුණුගත ඉලක්කය වන්නේ සෞඛ්‍ය අංශයේ සහ අනෙකුත්  අත්‍යවශ්‍ය සේවා සපයනන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සහතික කිරීම වන අතර එලෙසින්ම කොවිඩ්-19 නිසාවෙන් අවදානමට ලක්ව සිටින ජනතාවට සහනාධාර සැපයීමට අවස්ථාව සලසා දීමයි. මෙම අපේක්ෂිත ඉලක්ක අත්පත් කර ගැනීම සඳහා අරමුදල යොදාගත් අකාරය පිලිබඳව කිසියම් ආකාරයක චිත්‍රයක් ලබා ගැනිමට එය වියදම් කළ ආකාරය වැදගත් බැවින් ඒ සඳහා අවධානය යොමු කළෙමු. 

තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව අප විසින් 2022.04.22 වන දිනට ශේෂය විමසා ඉදිරිපත් කළ තොරතුරු ඉල්ලුම් පතට තොරතුරු සපයමින් ඉටුකම අරමුදල ඉදිරිපත් කර තිබූ තොරතුරු මේසේය.  

2022.04.22 වන දිනට ඉටුකම ශේෂය රුපියල් එකසිය අසූ තුන් කෝටි හය ලක්ෂ දාහත් දහස් අටසිය හැත්තෑ හතයි ශත අසූ හතරක  (1,830,617,877.84 ) මුදලක් අරමුදල සතුව ඇත. 2022.01.01 දින සිට 2020.04.20 දක්වා ඉටුකම අරමුදල සඳහා අලුතෙන් එකතු වූ ශේෂය රුපියල් එක් කෝටි හතළිස් හත් ලක්ෂ අසූ දෙදහස් දෙසිය හැත්තෑ හතරයි ශත දොළහකි ( 14,782,274.12 ). මෙම අරමුදල භාවිතයෙන් කිසිඳු වන්දි ලබාදීමක් හෝ හානි පූරණය කිරීමක් සිදු කර නොමැති අතර පැවති (ආරම්භක) ශේෂය රුපියල් විසි කෝටි විසි අට ලක්ෂ දාහඅටදහස් හයසිය පනස් තුනයි ශත හතලිහකි ( 202,818,653.40 ).

වෙන් කිරීම්   මුදල
පී.සී.ආර් පරීක්‍ෂණ 42,605,812.00
උපදේශන වැඩසටහන්67,543,967.56
නිරෝධායන මධ්‍යස්ථාන වෙත ප්‍රවාහන පහසුකම් සැපයීම38,031,065.00
ජාතික එන්නත්කරණ වැඩසටහන41,545,980.00
දැඩි සත්කාර ඒකක ඇඳන්7,750,000.00
අරමුදල් සංක්‍රාම ගෙවීම්3,832.00
විගණන ගාස්තු88,000.00

මේ අනුව 2022.04.20 දිනට ඉදිරියට ගෙන යන ලද ශේෂය රුපියල් එකසිය අසූ තුන් කෝටි හය ලක්ෂ දාහත් දහස් අටසිය හැත්තෑ හතයි ශත අසූ හතරක  ( 1,830,617,877.84 ) මුදලක් වන අතර කොවිඩ්-19  ඉටුකම අරමුදලෙන් 90% ක් තවමත් භාවිතා කර නොමැත. කොවිඩ් වසංගතය සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කරමින් සිටින බව වෛද්‍යවරුන් මේ වන විටත් පවසති. එබැවින් අපේක්ෂ්ත ඉලක්ක හබායෑම සඳහා අරමුදල මෙහෙයවීමේ වගවිමෙන් මිදිමට අරමුදලේ බලධරයන්ට නොහැකි වනු ඇත. 

Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු”- වව්නියා

වව්නියා දිස්ත්‍රික්කය “තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” වැඩමුළු මාලාවේ හත්වන පුහුණු වැඩමුළුව මැයි මස 15 දින වව්නියාව…

By In
Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” – පසුවිපරම් වැඩමුළු මාලාව

ගාල්ල දිස්ත්‍රික්කය තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” දෙවන වැඩමුළු මාලාවේ…

By In
Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” – පසුවිපරම් වැඩමුළු මාලාව

පුත්තලම් දිස්ත්‍රික්කය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු“තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමහරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” දෙවන වැඩමුළු මාලාවේ දෙවන…

By In
Learn About - Sri Lanka Rights to Information Act

RTI මාධ්‍යවේදීන්ගේ සංසදය 03-31-2023

මාර්තු මාසය සඳහා වන RTI මාධ්‍යවේදී සංසදය මාර්තු 31 වැනි දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම සංසදයට මාධ්‍යවේදීන්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *