පුවත්

මරණ දඬුවම කැප ද​? අකැප ද​?

By In

වරදකරුවන් හට දඬුවම් ලබා දීම චිරාත් කාලයක පටන් පැවත එන්නකි. යම් කිසි පුද්ගලයෙකු විසින් සමාජයෙහි පිළිගත් සම්මතයන්ට පටහැනි අපගාමී ක්‍රියාවන් සිදු කිරීම නිසා හෝ පිළිගත් නෛතික පද්ධතියක් තුළ වරදක් යැයි සළකනු ලබන ක්‍රියාවක් සිදු කිරීම නිසා එම පුද්ගලයා විසින් කරන ලද වරදේ ප්‍රමාණය අනුව සමාජය සහ වින්දිත පාර්ශවය අරභයා ගෙවිය යුතු වන්දියක් වශයෙන් ‘දඬුවම’ යන්න සළකනු ලබයි. මෙරට දණ්ඩ නීති සංග්‍රහයෙහි විධි විධාන යටතේ අධිකරණය විසින් යම් වරදක් සම්බන්ධයෙන්  වරදකරුවකු යැයි තීරණය කරනු ලබන තැනැත්තෙකු අරභයා මරණය, ලිහිල් හෝ බරපතල වැඩ සහිතව බන්ධනාගාරගත කිරීම, කස පහර දීම, දේපළ අහිමි කිරීම හා දඩ ගැසීම යන දඬුවම් ලබා දේ. 

ඉන් උපරිම දඬුවම වශයෙන් මරණ දඬුවම සළකනු ලබන අතර බරපතල ගණයේ වැරදි වන මිනී මැරුම් හා ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් සහ හෙරොයින් ග්‍රෑම්  02 කට වඩා ළඟ තබාගැනීම යන වැරදි සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කළහොත් දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව ඔහුට මරණීය දණ්ඩනය ලබා දීමට නියෝග කෙරේ. 1802 දී ෆෙඞ්‍රික් නෝත් රජය විසින් මෙරට රාජාණ්ඩු සමයේ පැවති විවිධ අමානුෂීය මරණිය දණ්ඩන ක්‍රමවේද  ඉවත් කොට, ප්‍රාණය නිරුද්ධ වන තෙක් එල්ලා මැරීම මගින් මරණ දඬුවම ලබා දීම නීතිගත කරන ලදී.

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයෙහි 285 වගන්තිය ප්‍රකාරව මෙරට ජනාධිපතිවරයා විසින් නියම කරනු ලබන දිනයක හා ස්ථානයක දී අදාළ වරදකරු ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා තැබිය යුතු ය. එහි ම 286 වගන්තිය ප්‍රකාරව අදාළ දඬුවම ක්‍රියාත්මක වන තෙක් බන්ධනාගාර අධිකාරීවරයෙකුගේ භාරකාරත්වයට යටත්ව බන්ධනාගාරයක් තුළ රඳවා තබාගත යුතු ය.

 මෙම කරුණු ඔස්සේ යමින් වර්තමානයේ මෙරට බන්ධනාගාර තුළ මරණ දඬුවම නියම වූ රැඳෙවියන් ප්‍රමාණය හා ඔවුන්ගේ තත්ත්වය විමසා අප විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙතින් තොරතුරු ඉල්ලීමක් කරන ලදී.  

ඒ අනුව 2020 අගෝස්තු මස 30 වන දින වනවිට මෙරට බන්ධනාගාරයන් තුළ රඳවා සිටින සමස්ත රැඳෙවියන් ගණන 29,391 කි. ඒ අතුරින් 1283ක් මරණ දණ්ඩනය නියම වූ වරදකරුවන් වේ. ඒ අතුරින් දැනට අභියාචනා ඉදිරිපත් කර ඇති සංඛ්‍යාව 765 කි. 2015 වසරේ සිට 2019 වසර අවසානය දක්වා මෙරට අධිකරණයකින් මරණ දඬුවම පනවන ලද වරදකරුවන් ප්‍රමාණය දැක්වෙන සටහනක් පහතින් දැක්වේ. 

 

මෙහි දී අප වැඩි වශයෙන් අවධානය යොමු කරන ලද්දේ මරණ දඬුවම නියම වූ රැඳෙවියන් සඳහා රජය විසින් දරනු ලබන වියදම යි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව දන්වා එවන ලද ආකාරයට මරණ දඬුවම නියම වූ එක් රැඳෙවියෙකු සඳහා එක් දිනකට දරන වියදම රුපියල් 645.42 කි. එම මුදල වාර්ෂිකව එක් අයෙකු සඳහා  රුපියල් 235,580 කි. ඒ අනුව මරණ දඬුවම නියම වූ රැඳෙවියන් සියලුදෙනා සඳහා රජය විසින් දරන වාර්ෂික වියදම රුපියල්  302,249,140.00 කි.

මෙහි දී ඇති වන ගැටලුව නම් සමාජය ද තෘප්තිමත් වන පරිදි අපරාධ යුක්තිය ඉටු කිරීම සඳහා මරණ දඬුවම පැනවීම අද වන විට කෙතරම් ප්‍රායෝගික ද යන්න යි. මන් ද එකී රැඳෙවියන් නඩත්තු කිරීම වක්‍රාකාරයෙන් වියදම් කෙරෙන්නේ පොදු මහජනතාව විසින් රජයට ගෙවනු ලබන බදු මුදල් වන හෙයිනි. බන්ධනාගාර රැඳෙවියන් කෘෂිකාර්මික හා කාර්මික කටයුතු වල යෙදවීම මගින් ඔවුන්ගේ දෛනික අවශ්‍යතා වලින් 50 ක් වත් බන්ධනාගාරය තුළින් ම නිපදවා ගැනීමේ ඉලක්කයක් දැනටමත් බන්ධනාගාර තුළ ක්‍රියාත්මක කෙරෙන මුත් ඒ වැනි කටයුතු සඳහා මරණ දණ්ඩනය නියම වූ රැඳෙවියන් සහභාගී කර නොගනී. 

මෙරට අවසාන වරට මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලද්දේ 1976 ජුනි 23 වැනි දා වන අතර මේ වන විට වසර 44ක් පුරාවට අධිකරණය මගින් වරදකරුවන් අරභයා මරණ දඬුවම පනවනු ලැබූවත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවක් නොපෙනේ. 1976 සිට අද දක්වා කාලය තුළ බලයට පත් රජයන් ද විටින් විට මෙම මාතෘකාව කරළියට ගෙන ආ නමුත් ඒ සඳහා සාධනීය පියවරක් ගැනීමට කිසිඳු බලධරයෙකු සමත් ව නැත.

Uncategorized, පුවත්

ලිපයක් තැපැල් කිරීමට වැඩ කරන දින 13ක් ගත් රත්නපුර ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලය. ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාල 21ක් තොරතුරු දීමද පැහැර හැරලා

රත්නපුර ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලය මගින් තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවක ඒ සඳහා තොරතුරු ඉල්ලුම්පත ලැබුණු බව…

By In
පුවත්

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසම​

තොරතුරු ලබාගැනීම සඳහා මහජන අධිකාරියක් වෙත ඉල්ලුම්පතක් යැවීමෙන් අනතුරුව එහි තොරතුරු නිලධාරියා විසින් පනතෙහි එන ව්‍යතිරේඛයක් යටතේ හැර තොරතුරු ලබා…

By In
පුවත්

තොරතුරු නිලධාරියාගේ තීරණයට එරෙහිව අභියාචනා කළ හැකි ද​?

ඔබ විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටිනු ලැබූ යම්කිසි තොරතුරක් අදාළ පොදු අධිකාරියෙහි තොරතුරු නිලධාරියා විසින් ලබා දීම ප්‍රතික්‍ෂේප…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *