පුවත්

තොරතුරු සඳහා විශ්වීය ප්‍රවේශය වෙනුවෙන් වූ ජාත්‍යන්තර දින සැමරුම සාර්ථකව පැවැත්වේ

By In

තොරතුරු සඳහා විශ්වීය ප්‍රවේශය වෙනුවෙන් වූ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහනක් පසුගිය ඔක්තෝබර්01 වන දින ප. ව 3.00ට  ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ දී පැවැත්විය.කිසිදු මගහැරීමකින් තොරව සියලුම පුරවැසියන්ට තොරතුරු වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාව ලබා දීම සැප්තැම්බර් 28 වන දිනට යෙදී ඇති මෙම දිනයේ ජාත්‍යන්තර තේමාව විය. ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුල ක්‍රියාකාරී ආයතනයක් ලෙස මාධ්‍යකරණයේ අත්‍යවශ්‍යය අංගයක් ලෙස සැළකෙන තොරතුරුවලට ප්‍රවේශවීමේ හැකියාව සහ අයිතිය පිළිබඳ අප ආයතනය නිරන්තරයෙන් පෙනී සිටියි.තොරතුරු දැනගැනීමේ අයිතිය සහ ජනමාධ්‍ය භාවිතය පිළිබඳ ජනමාධ්‍යවේදීන්ගේ අත්දැකීම් බෙදාහදා ගැනීම මෙම වැඩසටහන තුළ සිදුවිය.

මෙහිදී මූලික අදහස් දැක්වීම සඳහා තරිඳු ජයවර්ධන, රාහුල් සමන්ත, සිවලිංගම් සිවකුමාර් සහ රයිසා වික්‍රමතුංග යන මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදීනියන් සහභාගි විය. වැඩසටහන මෙහෙයවනු ලැබුයේ කමල් ලියනාරච්චි විසිනි. විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ පනත භාවිත කිරීම සම්බන්ධව මාධ්‍යවේදීන්ගේ අත්දැකීම් මෙහිදී හුවමාරු කරගන්නා ලදී.

විනිවිදභාවය සහ වගකීම්සහගතභාවය වෙනුවෙන් වූ මාධ්‍යකරණය පිළිබඳ අදහස් දැක්වූ තරිඳු ජයවර්ධන මාධ්‍යවේදියා තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධව තම අත්දැකීම් විස්තර කරන ලදී. තොරතුරු දැනගැනීමේ පනත හරහා ලබා ගන්නා ලද නිරවද්‍ය තොරතුරු මාධ්‍යකරණයේ වගකීම්සහගතභාවය සහ විනිවිදභාවය සඳහා වැදගත් වන ආකාරයත්, තොරතුරු ඉල්ලා සිටීම මගින් පොදු ආයතන තුළ ඇතිවන  තොරතුරු ලබාදීමේ පුහුණුව එම ආයතන තුළ විනිවිදභාවය ඇති කිරීමට ඉවහල්වන ආකාරයත් එම මාධ්‍යවේදියා විස්තර කරන ලදී.

පොදුආයතනවල ප්‍රතිපත්ති සහ රීති සදහා තොරතුරු අයිතිය කරන බලපෑම පිළිබඳ සිවලිංගම් සිවකුමාරන් මාධ්‍යවේදියා අදහස් දැක්වීය. විශේෂයෙන්ම තොරතුරු පනත පිළිබඳ තම අත්දැකීම් ඇසුරෙන් එම මාධ්‍යවේදියා පෙන්වාදුන්නේ රාජ්‍ය ආයතන තුළ දෙමළ භාෂා තොරතුරු නිලධාරීන්ගේ හිඟය සහ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොවීමේදී මුහුනදීමට සිදුවී ඇති ගැටලු මොනවාද යන්නයි.

තොරතුරු පනත භාවිතය පිළිබඳ අත්දැකීම් බහුල මාධ්‍යවේදියෙකු ලෙස රාහුල් සමන්ත මාධ්‍යවේදියා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ප්‍රජාව බලගැන්වීම සඳහා තොරතුරු පනත භාවිත කල හැකි ආකාරය පිළිබඳව අදහස් දැක්වී ය. තොරතුරු දැනගැනීමේ පනත දිගින් දිගටම භාවිත කිරීම තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන ආකාරයත් පොදු ආයතන තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා යොමු කලහැකි ආකාරය පිළිබඳවත් අදහස් දැක්වීය.

තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ ක්‍රියාකාරිණියක් වන රයිසා වික්‍රමතුංග තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රජාව සමඟ පවතින සක්‍රීයභාවය පිළිබඳ අදහස් ඉදිරිපත් කරනු ලැබී ය. තොරතුරු දැනගැනීමේ පනත භාවිත කිරීමේ දී ඇතිවන ප්‍රායෝගික ගැටලු කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.තොරතුරු පනත මාධ්‍යකරණයේදී මෙන්ම, අයිතිවාසිකමක් ලෙස පොදු භාවිතයේ දී ඇතිවන සංකීර්ණතාවයන් මෙහිදී අවධානයට ලක් කෙරිණි.

ප්‍රධාන අදහස් දැක්වීම්වලින් අනතුරුව පැවති ගැටලු ඉදිරිපත් කිරීමේ හා සාකච්ඡා වටයේදී තොරතුරු පනත භාවිතයේ ඇතිවන තවත් ගැටලු බොහොමයක් සාකච්ඡාවට ලක්විය. එමෙන්ම පනතේ පවතින අඩුපාඩු සහ සංශෝධනය විය යුතු තැන් ද මෙහිදී ඉස්මතු කරන ලදී. පැමිණසිටි අනෙකුත් මාධ්‍යවේදීන්ගේ සහ පුරවැසියන්ගේ තොරතුරු පනත භාවිතය පිළිබඳ අත්දැකීම් ද මෙහිදී බෙදාහදා ගන්නා ලදී.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය කේන්ද්‍රකොටගත් තොරතුරු දැනගැනීමේ පනත භාවිත කරන මාධ්‍යවේදීන්ගේ එකතුවේ සමාජිකයින්, මාධ්‍යවේදීන් සහ මාධ්‍ය විෂය හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම වැඩසටහන හා සම්බන්ධවී සිටිහය.

Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In
Social, පුවත්

නව ලෝකයට ගැලපෙන ලෙස වෙනස්වන ළමා අපයෝජන – වැඩිහිටියනි අවධානයෙන්

හර්ෂා සුගතදාස කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් දැරියක් බස් රථයක් තුළ දූෂණය කළ  සි දූ  විමක්  පසුගිය දිනවල මාධ්ය…

By In
Social, පුවත්

රුපියල් මිලියන 366ක් වැය කළ තොරතුරු තාක්ෂණ උද්‍යානය පුස්සක් ද?

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින බර පතළ ආර්ථික අර්බුදයට මුල් වු හේතුන් අතර, දෙස්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *