පුවත්

තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වේ – ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ට අයදුම් කරන ලද ඉල්ලුම් පත්‍රයට අනුව ශ්‍රි මුරුගන් මාර්ගය අලුත් වැඩියා කිරීම

By In

ග්‍රාම නිළධාරි න්‍/353 දරණ කරවෙඞ්ඩි ප්‍රාදේශීය සභාවේ සිට මුරුගන් ජනාවාස කරා ගමන් කරන මාර්ගය රු මිලියන 32 ක් වැයකර ප්‍රතිසංස්කරණය කරන ලදි. ශ්‍රි ලංකා පුවත්පත් ආයතන විසින් මෙහෙයවන ලද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පුහුණු වැඩමුළුවට සහභාගි වූ තරුණ පිරිසක් විසින් ඉල්ලූ තොරතුරු වලට අනුව මෙම තොරතුරු අනාවරණය කරන ලදි

වැසි සමයේදි එහි සියලු වැසියන් එනම්, පදිකයින්, ශිෂ්‍යන්, විවිධ අබාධ සහිත පුද්ගලයින්, ගැබිණි මව්වරුන් මාර්ගයේ අබලන් තත්ත්වය හේතුකොටගෙන මහත් අසරණ තත්වයට පත් වේ මෙම තත්ත්වය තවදුරත් අවසන් නොවන්නකි, රථවාහන වලට සිදුවන අලාභ හානි මෙන්ම, බහුලව සිදුවන අනතුරුමය තත්වයන්ට තුඩු දෙන ප්‍රධානම සාධකය වන්නේ මෙම මාර්ගයේ පවතින අබලන් තත්ත්වයයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, එහි ජීවත් වන වැසියන් විසින් ම මෙම මාර්ගය තාවකාලිකව ගල්, වැලි දමා පිළිසකර කිරීමට යෙදුණි.

තොරතුරු දැනගැනීමේ පණත පිළිබඳ දැනුවත් වූ තරුනයින් පිරිසක් විසින් 2018 දෙසැම්බර් මාසයේ දි මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු වලට අදාළ අනාගත සැලසුම් පිළිබඳ තොරතුරු ඉල්ලා කරවෙඞ්ඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයදුම් කරන ලදි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉල්ලූ තොරතුරු ලැබීම පමණක් නොව, මාර්ගය ප්‍රතිසංස්කරණය කර දීමට ද කටයුතු කර තිබුණි’ මාර්ගය මීටර 76 ක් පමණ දිගය මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ සම්පූර්ණ මාර්ගයම අලුත් වැඩියා කර ඇත

තරුණ තරුණියන් විශ්වාස කරන අන්දමට තමන් ජීවත් වන ප්‍රදේශයේ අභිවෘද්ධිය සඳහා දායකවීමට හැකිවීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කර සිටින්නේ ඔවුන් තොරතුරු දැනගැනීමේ පණත පිළිබඳ පුහුණු වැඩමුළුවේ දි ලබාගත් දැනුමයි’ තොරතුරු දැනගැනීමේ පණත සම්බන්ධයෙන් ලබගත් දැනුම අනාගත හේතු කාරණා සඳහා ඉවහල් වන බව ඔවුන් තවදුරත් පැවසීය.

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In
Social, පුවත්

නව ලෝකයට ගැලපෙන ලෙස වෙනස්වන ළමා අපයෝජන – වැඩිහිටියනි අවධානයෙන්

හර්ෂා සුගතදාස කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් දැරියක් බස් රථයක් තුළ දූෂණය කළ  සි දූ  විමක්  පසුගිය දිනවල මාධ්ය…

By In
Social, පුවත්

රුපියල් මිලියන 366ක් වැය කළ තොරතුරු තාක්ෂණ උද්‍යානය පුස්සක් ද?

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින බර පතළ ආර්ථික අර්බුදයට මුල් වු හේතුන් අතර, දෙස්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *