පුවත්

ජනාධිපතිවරණයට සාපේක්‍ෂව මහ මැතිවරණයේ දී ප්‍රචණ්ඩක්‍රියා වල තරමක වර්ධනයක්

By In

‘ප්‍රජාතන්ත්‍රවාදය’ යනු මානව හිමිකම් සියල්ල කැටිකොට ගත්තකි. යම් රටක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ සර්වජන ඡන්ද බලය නිසියාකාරව ක්‍රියාත්මක වේ නම්, එරට වැසියා තුළ ‘තමන්ගේ අදහස් වලට නිසි තැනක් පවතින්නේය’ යන විශ්වාසය අඛණ්ඩව පවත්වාගෙන යාමට මනා හැකියාවක් ඇත්තේ ය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රකාශනය වූ ඡන්ද බලය නිසියාකාරව ක්‍රියාත්මක කිරීමේදී ඇති වන ගැටලු හේතුවෙන් ජනතාව තුළ එකී විශ්වාසය ගොඩනැගීම ප්‍රායෝගිකව අපහසු වී ඇති බව පැහැදිලි ය.  

මැතිවරණ සමය තුළ සිදුවන්නාවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සහ මැතිවණ සම්බන්ධයෙන් පනවා ඇති නීතිරීති උල්ලංඝනය කිරීම් ඒ සඳහා සාධාරණ බලපෑමක් එල්ල කරනු ලබයි.මන් ද එහිදී එක්තරා ආකාරයකින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අභියෝගයට ලක් කිරීමක් සිදුකරනු ලබන හෙයිනි. අනෙක් අතට එය රටෙහි සංහිඳියාවට හා ජනතාවගේ පරමාධිපත්‍ය බලයට ද බලපෑම් එල්ල කරනු ලබයි. එහෙයින් සාමාකාමී මැතිවරණයක් පැවැත්වීම මගින් ජනතාවගේ පරමාධිපත්‍ය බලයට නිසි වටිනාකමක් ලබාදීම තුළ ප්‍රජාතන්ත්‍රවාදයට නිසි වටිනාකම ලබාදිය හැකි ය.

යම් මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ දින සිට එය අවසන් කරනතෙක් වන මැතිවරණ කාලසීමාව තුළ දී සිදු කෙරෙන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් හා ප්‍රචණ්ඩක්‍රියා වැළැක්වීමට පියවර ගැනීමටත් එවැනි ක්‍රියාවන්හි නිරත වන්නන් නීතිය ඉදිරියට ගෙනයාමටත් ජාතික මැතිවරණ කළමනාකරණ මධ්‍යස්ථානය හා ශ්‍රී ලංකා පොලීසිය ප්‍රධාන වශයෙන් ම මැදිහත් වී කටයුකු කරනු ලබයි.

 පසුගිය සමය තුළ පවත්වන ලද මැතිවරණයන්හිදී එසේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ප්‍රචණ්ඩක්‍රියාවන් සිදුවීම් කුමන පරිමාණයන්ගෙන් සිදුව ඇතිදැයි නිරීක්‍ෂණය කිරීම සඳහා අප විසින් ශ්‍රී  ලංකා මැතිවරණ කොමිෂන් සභාවට සහ ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය වෙතින් තොරතුරු ඉල්ලීමක් කරන ලදී. එහිදී අප විසින් 2019 ජනාධිපතිවරණයහා 2020 මහ මැතිවරණයට අදාළ මැතිවරණ පැමිණිලි හා ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධ තොරතුරු ඉල්ලුම් කරන ලදී. 

එම තොරතුරු අයදුම්පත සළකා බලා, මැතිවරණ කොමිෂන් සභාව විසින් ජාතික මැතිවරණ කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් වූ පැමිණිලි ප්‍රමාණයන් දන්වා එවන ලද අතර, එහි වර්ගීකරණය කරන ලද සාරාංශයක් පහත පරිදි දැක්විය හැකි ය. 

මෙයට අමතරව දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථාන වෙත ද ඉදිරිපත් වූ පැමිණිලි පළිබඳ තොරතුරු දක්වා තිබූ අතර එම තොරතුරු පිළිවෙලින්  2019 ජනාධිපතිවරණ කාලසීමාවෙහි දී සමස්ත පැමිණිලි  3792 ක් ද 2020 මහ මැතිවරණ කාලසීමාව තුළ සමස්ත පැමිණිලි 7039 ක් ද ලෙසින් සඳහන් කොට ඇත. 

ඒ අනුව පැහැදිලි වන්නේ 2019 ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වූ පැමිණිලි සංඛ්‍යාවට වඩා වැඩි පැමිණිලි සංඛ්‍යාවක් 2020 මහ මැතිවරණ කාලසීමාව තුළ වාර්තා වී ඇතිබවයි. 

මීට අමතරව ශ්‍රී ලංකා පොලිසිය විසින් ලබාදුන් තොරතුරු පහත පරිදි සාරාංශගතකොට පෙන්වාදිය හැකි ය.

 

ඒ අනුවද පෙනී යන්නේ මැතිවරණ කාලසීමාවන් තුළ මැතිවරණයට අදාළව සිදුවන නීති උල්ලංඝනය කිරීම් සහ ප්‍රචණ්ඩක්‍රියාවන්ගේ පැහැදිලි වැඩි වීමක් සිදුව ඇති බවයි. 

මෙයට අමතරව විශේෂයෙන් ලෝකයේ සහ රට තුළ පවත්නා වසංගත තත්ත්වය මෙවර මහ මැතිවරණය පැවැත්වීමේදී දැඩි ලෙස සැළකිල්ලට භාජනය කිරීම නිසාවෙන් මැතිවරණ සමය තුළ මැතිවරණයට අදාළව පනවා තිබූ සෞඛ්‍ය නීති සහ අදාළ උපමානයන් උල්ලංඝනය කිරීම හෝ නොසළකා හැරීම හේතුවෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමක් හෝ දඬුවම් පැමිණවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව හෝ ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර ඇතිදැයි අප විසින් කරනු ලැබූ තොරතුරු විමසුම සඳහා එම ආයතන දෙක ම දන්වා එවා තිබූයේ මැතිවරණ කටයුතු වලට අදාළව  එසේ සෞඛ්‍ය නීති කඩ කරන්නන් සම්බන්ධයෙන් ඔවුන් කටයුතු නොකළ බව ය.

Uncategorized, පුවත්

ලිපයක් තැපැල් කිරීමට වැඩ කරන දින 13ක් ගත් රත්නපුර ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලය. ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාල 21ක් තොරතුරු දීමද පැහැර හැරලා

රත්නපුර ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලය මගින් තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවක ඒ සඳහා තොරතුරු ඉල්ලුම්පත ලැබුණු බව…

By In
පුවත්

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසම​

තොරතුරු ලබාගැනීම සඳහා මහජන අධිකාරියක් වෙත ඉල්ලුම්පතක් යැවීමෙන් අනතුරුව එහි තොරතුරු නිලධාරියා විසින් පනතෙහි එන ව්‍යතිරේඛයක් යටතේ හැර තොරතුරු ලබා…

By In
පුවත්

තොරතුරු නිලධාරියාගේ තීරණයට එරෙහිව අභියාචනා කළ හැකි ද​?

ඔබ විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටිනු ලැබූ යම්කිසි තොරතුරක් අදාළ පොදු අධිකාරියෙහි තොරතුරු නිලධාරියා විසින් ලබා දීම ප්‍රතික්‍ෂේප…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *