පුවත්

කුණුකසළ ප්‍රතිශක්තිකරණ සඳහා තවමත් රජයේ වැඩපිළිවෙළක් නෑ තොරතුරු දැනගැනීමේ පනතේ අනාවරණ

By In

ශ්‍රී ලංකාවේ කලින් කලට ඇතිවන ප්‍රබල පාරිසරික ගැටළුවක් වනුයේ තදාසන්න ප්‍රදේශවල එක්රැස්වන කුණුකසළ බැහැර කිරීමේ ගැටලුවයි. තාක්ෂණික හා කාර්මික දියුණුවත් සමඟ තදාසන්න ප්‍රදේශවල පදිංචිය සඳහා ඒකරාශී වන ජනතාව වැඩි වී ඇති අතර ඔවුන්ගේ පරිභෝජන රටාව අනුව එක්රැස්වන කැලිකසල ප්‍රමාණයද ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. මෑතකාලයේ නැවත මෙම ගැටළුව මතුවන්නේ කොළඹ නගරයේ කුණු බැහැර කිරීම ඇණහිටීමත් ඉන් අනතුරුව අරුවක්කාලු කසල රඳවනය කෙරෙහි ඇති වූ විරෝධයත් හේතුවෙනි. ගැටලුව උත්සන්න වූ විට පමණක් ඒ පිළිබඳව කටයුතු කිරීමේ ක්‍රමයක් පවත්වාගෙන යනු මෙරට කැළිකසල ගැටළුව කෙරෙහි බලධාරීන් ක්‍රියා කරන ආකාරය දෙස අවධානය යොමු කිරීමේ දී දැකිය හැකිය. 2017 දී මීතොටමුල්ල කුණුකන්ද නායයාමත් සමඟ ශ්‍රී ලංකාවේ කැලිකසල ප්‍රශ්නයේ බරපතල බව නිරාවරණය වුව ද ඉන් අනතුරුව ද කැළිකසළ අංගනවලට ගෙනයනු විනා වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්නා ආකාරය දක්නට නොලැබිණි. මෙම ගැටළුව දීර්ඝ කාලයක් තිස්සේ විසඳීමට ඉතිරිව පවතින්නකි.

මේ වන විට අරුවක්කාලු කසල අංගනයට ගෙනයනු ලැබූව ද එම ප්‍රදේශයේ ඇතිවන පාරිසරික බලපෑම් සහ එල්ලවී ඇති විරෝධය හමුවේ ගැටළු රාශියක් පැන නගිනු ඇත. එමෙන්ම එම අංගනයේ ධාරිතාව ඉක්මවා ගිය පසු නැවත වෙනත් තැනකට මාරු කිරීම කළ යුතු ය. ලෝකයේ බොහෝ රටවල් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා රාජ්‍ය මැදිහත්වීමෙන් විවිධ ව්‍යාපෘති දියත් කර ඇති අතර ශ්‍රී ලංකාවේ එවැන්නක් ගැන කතාබහක් දක්නට නොලැබිණි. මේ නිසා කසළ බැහැර කිරීමේ අංගනවලට ගෙනයාම හැරුණුවිට කසළ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව රජයෙන් දැනට ක්‍රියාත්මක කරන සහ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳව විමසා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වෙත අප විසින් තොරතුරු දැනගැනීම පනත යටතේ ඉල්ලීමක් සිදුකරන ලදී.

මෙහිදී අපවෙත එවා තිබුණු තොරතුරු අනුව දැනට ඝනඅපද්‍රව්‍ය එක්රැස් කිරීමේ වැඩසටහන් පාසල් හා පලාත් පාලන ආයතන මට්ටමින් ක්‍රියාත්මක වේ. 3R ලෙස නම් කර ඇති මෙම වැඩසටහන මඟින් ඝන අපද්‍රව්‍ය වෙන් වෙන් වශයෙන් එක්රැස් කරනු ලැබේ. එනම් කඩදාසි, පොලිතින්, ප්ලාස්ටික්, වීදුරු, ලෝහ වර්ග ආදිය ලෙස පවතින ඝන අපද්‍රව්‍යය වෙන් වෙන් වශයෙන් ඒකරාශී කරනු ලැබේ. දැනට කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ළමුන් 3000ට වඩා වැඩි ජාතික පාසල් කිහිපයක මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. පළාත් පාලන ආයතන 04ක් තුළද, රාජය ආයතන 02ක ද, මහල් නිවාස සංකීර්ණ 03ක ද, හමුදා කඳවුරැ දෙකක ද මෙම ව්‍යාපෘතිය දැනට ක්‍රියාත්මක වේ. මෙහිදී ප්‍රතිචක්‍රීකරණයට සුදුසු අයුරින් පොලිතින් වර්ග ද වෙන් වෙන් වශයෙන් එක්රැස් කිරීම සිදු කරයි.

නමුත් මෙම එක්රැස් කරනු ලබන ඝන අපද්‍රව්‍යය ප්‍රතිචක්‍රීකරණය සදහා ලබා දෙන්නේ පෞද්ගලික ආයතන කිහිපයකට වන අතර ඔවුන් සතුව පවතින්නේ සීමිත ධාරිතාවයක් පමණි. අපද්‍රව්‍යය ප්‍රතිචක්‍රීකරනය සඳහා රජයෙන් පාලනය වන තාක්ෂණික ව්‍යාපෘතියක් පිළිබඳ කිසිදු සඳහනක් ඒ අතර නොවී ය. එනම් දැනට එසේ ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති ව්‍යාපෘතියක් හෝ සූදානමක් රාජ්‍ය අංශය තුළ දක්නට නැත. මෙම කැලිකසළ ප්‍රතිචක්‍රීකරණය සඳහා ව්‍යාපාර අරමුණු ඉක්මවාගිය කසළ කළමණාකරණ  අරමුණු මූලික කොටගත් මහා පරිමාන වැඩපිලිවෙළක් අවශය වී ඇත. මෙවැනි වැඩපිළිවෙලක් සඳහා රාජය අංශය මැදිහත්වීම අනිවාර්ය වේ. නමුත් තවමත් එවැනි වැඩපිළිවෙලක් පිළිබඳ අවධානය යොමු නොවීම කණගාටුවට කරුණකි.

මෙහිදී ඉහත තොරතුරු පිළිබඳ දැනුවත්වීම සඳහා තොරතුරු දැනගැනීමේ පනතෙන් ලැබුනු දායකත්වය අගය කළ යුතු ය. අනාගතයේ දී විශාල ගැටළුවක් බවට පත්විය හැකි මෙම කැළිකසළ ගැටළුවට දීර්ඝකාලීන සැලැස්මක අවශ්‍යතාවය බලධාරීන් ඉක්මනින් අවබෝධකරගත යුතු ය.

පුවත්

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ මාධ්‍යවේදී සංසදය

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ මාධ්‍යවේදී සංසදය එකොළොස්වැනි වරටත් 2020  පෙබරවාරි 18 වන…

By In
පුවත්

කසළ දහනය මඟින් බලශක්තිය?

මෙරට තදාසන්න ප්‍රදේශවල ජනගහන ඝනත්වය වැඩිවීමත් සමඟ විවධ පාරිසරික ගැටළු රාශියක් පැන නැගී ඇත. මෙම ගැටළු අතර කැළිකසළ කළමණකරණ ගැටළුව…

By In
පුවත්

ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහනවල තත්ත්ව පරීක්ෂා කරන්නේ කොහොමද?

ශ්‍රී ලංකාව තුළ වාහන භාවිතය සීඝ්‍රයෙන් ඉහළ යන ආකාරය දැකිය හැකිය. පසුගිය දශකයට සාපේක්ෂව බැලූ විට ඉතා විශාල වශයෙන් මෙරට…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *