පුවත්

අවසන් වු ජනාධිපතිවරණයේ සැබැ වියදම

By In

ඉදිරි වසර 05 සඳහා ශ්‍රී ලංකාව පාලනය කරන ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් පැවැති ජනාධිපතිවරණය පසුගිය 2019 නොමැම්බර් මාසයේදී පැවැත්විණි. මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 35 කු ඉදිරිපත් වු අතර ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්දයෙන් තේරීපත්විය. ඒ ඡන්ද 6924225 හෙවත් 52.25෴ක ප්‍රතිශතයක් ලබාගනිමින්ය.

ජනාධිපතිවරණය සඳහා විශාල මුදලක් වැයවනු ඇති බවට ජනාධිපතිවරණයට පෙර මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු විවිධ පාර්ශව විසින් අනාවැකි පළකල අතර ජනාධිපතිවරණයට පසුව මේ සම්බන්ධයෙන් අවධානය යොමුවුනේ අඩු වශයෙනි.

කෙසේවෙතත් 2019 ජනාධිපතිවරණය  පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට දැරිමට සිදුවු සැබැ වියදම පිළිබඳ සොයාබැලීමට මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු රජයේ ආයතන කිහිපයක් වෙත තොරතුරු ඉල්ලීම් යොමුකරමින් තොරතුරු ලබාගත් අතර ඒවා විශ්ලේෂණය කර බැලීමෙන් නිගමනයකට එළැඹිය හැකි විය.

 රාජ්‍ය නිලධාරීන් ලක්ෂ 02

 ජනාධිපතිවරණය 2019 ට අදාළව ඡන්ද පොළ හා ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවල මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරින් ලක්ෂ 02කට ආසන්න පිරිසක් මැතිවරණ කොමිසම මගින් යොදවා තිබුණි. ඡන්දය ගණන් කිරීමේ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් 48,000ක් යෙදවු අතර  ඡන්ද පොළ කාර්ය මණ්ඩල සඳහා රාජ්‍ය නිලධාරින් 98,000ක් පමණ යෙදවා තිබුණි. එමෙන් ම සුබසාධන, ප්‍රවාහන ආදී කමිටු සඳහා නිලධාරීන් 10,000ක් ද අමතර නිලධාරින් 10,000කින් සමන්විත සංචිතයක් ද ක්‍රියාත්මක කිරිමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර තිබුණි. ජනාධිපතිවරණ ඡන්ද විමසීම් සිදුවන ඡන්ද මධ්‍යස්ථානවල අවම වශයෙන් නිලධාරීන් 08ක් පමණ රජකාරියේ නියැලුණ අතර   ඇතැම් ස්ථානවල ඊටවඩා වැඩි පිරිසක්ද රාජකාරී සඳහා යොදවා තිබුණි.

 වියදම රුපියල් මිලියන 3917

2019 නොවැම්බර් මස පැවැති ජනාධිපතිවරණය සඳහා වැයවී ඇති සමස්ත වියදම රුපියල් මිලියන 3917.30 කි. ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම, රාජ්‍ය සේවකයින් ආරක්ෂක අංශ ඇතුළු විශාල පිරිසක් ඡන්ද රාජකාරී සඳහා යෙදවීම, ප්‍රවාහන පහසුකම් , ආහාර පහසුකම් , ඡන්ද පොල රාජකාරී, ගණන් කිරීමේ මධ්‍යස්ථා, ප්‍රතිපල නිකුත් කිරීම් ආදී ලෙස මේ සියලු කටයුතු සඳහා එම මුදල් ප්‍රමාණය වැයවී ඇත. දිගින් වැඩිම ඡන්ද ප්‍රතිකාව භාවිතාවුයේද මෙම මැතිවරණයේදී බැවින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා ද මෙවර වැඩි මුදලක් වැයවීමද විශේෂත්වයකි.තත්වය එසේ වුවද 2019 ජනාධිපතිවරණය සඳහා වියදම් ලෙස රජය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ඒ වනවිට ලබාදී ඇත්තේ රුපියල් මිලියන 3912.38 ක මුදලක් පමණි. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන ආකාරයට රුපියල් මිලියන 1460.00 ක හිගයක් පැවති ඇති අතර 2019 වසරේ දෙසැම්බර් 31 දා වන විටද එම ලබාදීමට රජය කටයුතු කර නොතිබුණි.

මේ හේතුවෙන් ජනාධිපතිවරණය නිමවී මාස ගණනක් යනතුරු මැතිවරණ රාජකාරිවල නිරතවු රාජ්‍ය නිලධාරන්ගේ වියදම් ගෙවීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකියාවක් නොතිබුණි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය නිළධාරීන් දිගින් දිගටම මේ සම්බන්ධයෙන් සඳහන් කිරීමද විශේෂත්වයක් විය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයේ ලබාගත් තොරතුරු අනුව ඔවුන් සඳහන් කරන්නේ මැතිවරණ කොමිෂන් සභාව විසින් වියදම් වාර්තා සකස්  කර සිදුකරනු ලබන ඉල්ලීම් අනුව අවස්ථානුකුලව මුදල් ලබාදීම රජය විසින් සිදුකරන බවයි.

ඒ අනුව ජනාධිපතිවරණය සහ අනිකුත් මැතිවරණ කටයුතු සඳහා රුපියල් මිලියන 4000 ක ප්‍රතිපාදන 2019 මුදල් ඇස්තමේන්තුව හරහා රජය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදී ඇත. එමෙන්ම මෙම 2020 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා වු අතුරු සම්මත ගිණුම හරහා රුපියල් මිලියන 1000 ක මුදලක්  ද ලබාදී තිබේ. කෙසේ වෙතත් ඉන් අනතුරුව මහ මැතිවරණයද මේ වනවිට පවත්වා හමාරය. මේ වන විට එහි ඇස්සතමේන්තු සකසමින් සිටින අතර මහ මැතිවරණයේ රාජකාර් කළ නිලධාරීන් සියල්ල සඳහාද මේ වනතුරු ඔවුන්ගේ වියදම් ගෙවා නොමැති බව එම මැතිවරණ රාජකාරිවල නිරත වු සේවකයෝ චෝදනා කරති.

Uncategorized, පුවත්

ලිපයක් තැපැල් කිරීමට වැඩ කරන දින 13ක් ගත් රත්නපුර ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලය. ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාල 21ක් තොරතුරු දීමද පැහැර හැරලා

රත්නපුර ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලය මගින් තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවක ඒ සඳහා තොරතුරු ඉල්ලුම්පත ලැබුණු බව…

By In
පුවත්

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසම​

තොරතුරු ලබාගැනීම සඳහා මහජන අධිකාරියක් වෙත ඉල්ලුම්පතක් යැවීමෙන් අනතුරුව එහි තොරතුරු නිලධාරියා විසින් පනතෙහි එන ව්‍යතිරේඛයක් යටතේ හැර තොරතුරු ලබා…

By In
පුවත්

තොරතුරු නිලධාරියාගේ තීරණයට එරෙහිව අභියාචනා කළ හැකි ද​?

ඔබ විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටිනු ලැබූ යම්කිසි තොරතුරක් අදාළ පොදු අධිකාරියෙහි තොරතුරු නිලධාරියා විසින් ලබා දීම ප්‍රතික්‍ෂේප…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *