පුවත්

අගමැතිට අයත් කාර්යාලවල විදුලි බිල මසකට ලක්ෂ 49 ඉක්මවයි.

By In

ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ පුරවැසියා සෑම විටම රාජ්‍ය පාලනය හා වක්‍රව සම්බන්ධ වීම සිදුවෙයි. ඔිනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක සියලුම පුරවැසියන් නියෝජනය කරමින් තේරීපත්වන ජනතා නියෝජිතයින් සහ රජය ජනතාව වෙනුවෙන් රාජ්‍ය කළමණාකරණ කටයුතු සිදු කරයි. එම නිසා සීමිත සංවේදී තොරතුරු හැරුණුකොට රජය සම්බන්ධ ඕනෑම තොරතුරක් ජනතාවට ප්‍රවේශ විය හැකි ලෙස සකස් විය යුතුය. ශ්‍රී ලංකාව තුල රාජ්‍ය පාලනය පිළිබඳ තොරතුරු වීම සඳහා කලින් පැවැති හැකියාව ඉතා අවම විය. නමුත් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම තහවුරු වීමත් සමඟ එවැනි තොරතුරු වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාව ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය සහ ආදායම් වියදම් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත භාවිතා කළ හැකිය. තොරතුරු දැනගැනීමේ පනත භාවිත කරමින් අප විසින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ විදුලි පරිභෝජනය කිරීම හා ඒ සඳහා වැයවන වියදම පිළිබඳ විමසා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් සිදු කරන ලදී. මෙමඟින් අග්‍රාමාත්‍ය කාර්යාලයට අයත් සියලුම අංශවල 2019 වර්ෂයේ ජුනි, ජූලි සහ අගෝස්තු යන මාසවල විදුලි බිල්පත්වල පිටපත් ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදු කරන ලදී.

අගමැති කාර්යාලයට අයත් අංශ ලෙස අරලියගහ මන්දිරය, අරලියගහ මන්දිරයේ පිහිටි අගමැති ලේකම්ගේ කාර්යාලය, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටි අගමැති ලේකම් කාර්යාලයේ අංශ දෙකක්, සහ බුද්ධි ආර්ට්ස් පුද්ගලික සමාගම යන ස්ථානවලට අදාළ විදුලි බිල්පත්වල පිටපත් අපවෙත එවා ඇත. ආසන්නතම මාසය ලෙස 2019 අගොස්තු මාසයේ විදුලි බිල්පත් අනුව අරලියගහ මන්දිරය රු.1223148.00 ක්, අරලියගහ මන්දිරයේ පිහිටි අගමැති ලේකම්ගේ කාර්යාලය රු. 531354.00 ක් වශයෙන් විදුලිය සඳහා බිල්පත් ලැබී ඇත. එම මාසයේ බිල්පත් අනුව ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටි අගමැති ලේකම් කාර්යාලයේ අංශ දෙතෙහි රු.2539841.00ක් හා රු.577709.60ක් ද, බුද්ධි ආර්ට්ස් පුද්ගලික සමාගම සඳහා රු.105464.00ක මුදලක් ද විදුලිය සඳහා වැය වී ඇත.

2019 අගෝස්තු මාසයේදී අගමැති කාර්යාලයට අයත් සියලුම අංශවල විදුලි බිල්පත්වල එකතුව රු.4977516.60ක් වී ඇත. මෙම එක් එක් අංශවල සේවය කරන සේවකයින් ප්‍රමාණය සහ භාවිත වන උපකරණ යන කරුණු ද මෙම විදුලි පරිභෝජනය පිළිබඳ නිගමනයන්ට පැමිණීමේදී අවධානයට ලක්කළ යුතුය. රාජ්‍ය ආයතනවලට අයත් මෙවැනි තොරතුරුවලට ප්‍රවේශවීම සඳහා තොරතුරු දැනගැනීමේ පනතින් ලැබී ඇති අවස්ථාව සුවිශේෂී වේ.  රාජ්‍ය ආයතනවල තොරතුරු විනිවිදභාවයකින් යුතුව පවත්වා ගැනීම තුලින් ඒවැනි ආයතන තුළ ඇති අක්‍රමිකතා වලක්වා ගැනීමට හැකිවීම මෙහිදී පුරවැසියාගේ ජයග්‍රහණයක් ලෙස හඳුනාගත හැකිය.

පුවත්

තොරතුරු කොමිසම අකර්මණ්‍ය කරන තැතක්?

තොරතුරු කොමිසම යනු මෙරට සක්‍රීයතාවයෙන් පැවතිය විය යුතු තවත් එක් ප්‍රධාන රාජ්‍ය ආයතනයකි. මන්දයත් ජනතාවට පාලන තන්ත්‍රයේ විනිවිදභාවය හා වැදගත්…

By In
පුවත්

ඛනිජතෙල් සභාපතිගේ ලක්ෂ හයේ වැටුප: ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නොකී කතාව මෙන්න!

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ශ්‍රී  ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති වරයාගේ වැටුප සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතා බහට ලක් වූයේ අදාළ…

By In
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, පශ්චාත් යුද සමයේ භාවිතය

ධනුෂ්ක සිල්වා 1979 ජූලි මස එවක ව්‍යවස්ථාදායකය විසින් තාවකාලික නීතියක් ලෙස හඳුන්වා දුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පසුගිය අවුරුදු 45ක් පුරා…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *