පුවත්

රටට කිරි ඉතිරෙන දවස තව දුරද?

By In

මොහොමඩ් ආසික්

  • දේශීය නිෂ්පාදනය, අවශ්‍යතාවයෙන් සියයට 30.86 ක් පමණයි.
  • සියයට 43.34 ආනයනය කරලා  
  • 2023 නිෂ්පාදනය ලීටර් 96 ලක්ෂයකින් පහත වැටිලා

එක්සත් ජාතින්ගේ සංවිධානයේ ලෝක ආහාර සහ කෘෂිකර්ම වැඩසසටහන පවසන ආකාරයට, ලොව පුරා පවුල් දසලක්ෂ 150ක් (කෝටි 15ක්) සෘජුවම දියර කිරි නිෂ්පාදනයේ නියැලී සිටී. සංවර්ධිත රටවල දියර කිරි නිෂ්පාදනයේ යෙදී සිටින්නේ වැඩි වශයෙන් සුළු සහ මධ්‍යම මට්ටමේ නිෂ්පාදකයින්ය. පසුගිය දශක තුනක කාලය තුළ ජගත් දියර කිරි නිෂ්පාදනය 77% කින් ඉහළ ගොස් තිබේ. 1992 වසරේ වාර්තා වී ඇති ටොන් දස ලක්ෂ 524ක ප්‍රමාණය 2022 වන විට ටොන් දස ලක්ෂ 930ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම සංවිධානය පෙන්වා දෙයි.

කිරි ආශ්‍රිත ජගත් වෙළඳ පොළ ගැන අවධානය යොමු කිරීමේදී ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දෙන්නේ 2023 වසරේ ලෝක කිරි වෙළද පොළ ඩොලර් බිලියන 893ක් පමණ වූ අතර එය 2028 වන විට ඩොලර් බිලියන 1243ක් දක්වා ඉහළ යනු ඇතැයි ගණනය කර ඇති බවයි.  

මෙම ජාත්‍යන්තර දත්ත සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනයේ තත්වය කෙබඳුද? පසුගිය වසරවල කිරි සඳහා තිබූ  හිඟය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා  2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත අනුව සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලබාගත් දත්ත විමර්ශනය කර බැලීමේදී පෙනී යන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය කිරි ලීටර්  දස ලක්ෂ 1200න් (ලීටර් කෝටි 120) ශ්‍රී ලංකාව තුළ 2023 වසරේ නිෂ්පාදනය කර ඇත්තේ ලීටර් දස ලක්ෂ 370.32ක් හෙවත් අවශ්‍ය මුළු කිරි ප්‍රමාණයෙන් 30.86% ක් පමණි. එම තොරතුරු අනුව 2023 වසරේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය කිරි ප්‍රමාණයෙන් 43.34 % ක් හෙවත් ලීටර් දස ලක්ෂ 520.08ක් ආනයනය කර තිබේ. 

සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති දත්ත අනුව 2022 වසරේදී දේශියව නිෂ්පාදනය කර ඇති මුළු දියර කිරි ප්‍රමාණය ලීටර් 380,002,467 (ආසන්න වශයෙන් දස ලක්ෂ 380) ක් වන අතර 2023 වසරේ නිෂ්පාදය කර ඇති මුළු දියර කිරි ප්‍රමාණය ලීටර් 370,3‍23,992 (ආසන්න වශයෙන් දස ලක්ෂ 370) කි. 2022 වසරේ නිෂ්පාදනය කළ දියර කිරි ප්‍රමාණයෙන් ලීටර් 9,678,475ක් 2023 වසරේදී අඩු වී ඇති බව එම දත්වල සඳහන් වෙයි.

සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පශු සම්පත් සැලසුම් හා ආර්ථික) වෛද්‍ය කේ.එම්.එච්.ජී. සරත් ප්‍රියන්ත මහතා විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2023 වසරේ ශ්‍රී ලංකාව තුළ  දිස්ත්‍රික් මට්ටමින් දියර කිරි නිෂ්පාදනය කර ඇති ප්‍රමාණයන් මෙසේ සඳහන් කර තිබේ.

දිස්ත්‍රික්කය/ පළාතනිෂ්පාදනය (ලීටර්)
කොළඹ  6,325,833
ගම්පහ17,106,742
කළුතර10,891,098
බස්නාහිර පළාත34,323,673
මහනුවර10,638,940
මාතලේ10,571,598
නුවරඑළිය53,828,234
මධ්‍යම පළාත75,039,067
ගාල්ල  8,424,978
මාතර  5,031,282
හම්බන්තොට15,190,860
දකුණු පළාත28,647,120
යාපනය17,044,922
කිලිනොච්චිය  5,852,921
මන්නාරම  1,974,909
වව්නියාව13,321,132
මුලතිව්6,927,892
උතුරු පළාත45,121,776
මඩකලපුව5,176,627
ත්‍රිකුණාමලය9,027,214
අම්පාර12,862,342
නැගෙනහිර පළාත27,062,183
කුරුණෑගල43,565,746
පුත්තලම13,518,207
වයඹ පළාත57,083,953
අනුරාධපුර51,128,081
පොළොන්නරුව14,365,485
උතුරු මැද පළාත65,493,566
බදුල්ල19,605,339
මොනරාගල11,699,543
ඌව පළාත31,304,882
රත්නපුර37,71,625
කෑගල්ල2,476,037
සබරගමුව පළාත6,247,662

දිවයිනේ පළාත් වශයෙන් ගත් විට වැඩිම දියර කිරි ප්‍රමාණයක් 2023 වසරේදී නිෂ්පාදනය කර ඇත්තේ මධ්‍යම පළාතෙන් වන අතර එම ප්‍රමාණය ලීටර් 75,039,967කි. දෙවැනි ස්ථානයට උතුරුමැද පළාතෙන් කිරි නිෂ්පාදනය වී ඇති අතර එම ප්‍රමාණය  ලීටර් 65,493,566ක් වෙයි. තෙවන ස්ථානයට  දියර කිරි නිෂ්පාදනය කර ඇත්තේ වයඹ පළාත වන අතර එම පළාතෙන්  කිරි ලීටර් 57,083,953 ක් නිපදවා තිබේ. 

2023 වසරේදී සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ දියර කිරි ලීටර් 370,323,882 (ආසන්න වශයෙන් මිලියන 370) ක් නිෂ්පාදනය කර ඇති අතර එය මුළු දේශිය අවශ්‍යතාවයෙන් 30.86 % ක් වෙයි. තවත් 43.34 % ක් 2023 වසරේදී ආනයනය කිරිමටද පියවර ගෙන ඇති බවත් ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි. 

2023 වසරේදී 2022 වසරට වඩා කිරි  නිෂ්පාදනය අඩු වී ඇතත් පළාත් අනුව විමසා බැලූ විට, නිෂ්පාදනය අඩු වී ඇත්තේ පළාත් තුනක පමණි. පළාත් හයක නිෂ්පාදනය වැඩි වී ඇති බව මෙම දත්ත විශ්ලේෂණයේදී පෙනී යයි.

පළාත් අනුව දියර කිරි නිෂ්පාදනය (ලීටර්) 2022  සහ 2023

පළාත 2022 2023වෙනස 
බස්නාහිර 33,911,85534,323,673+789,182
මධ්‍යම79,897,82875,039,067-4,858,761 
දකුණ33,725,57028,647,120-5,078,450
උතුර 44,075,13645,121,776      +1,046,640 
නැගෙනහිර30,148,94727,062,183-3,086,764
වයඹ57,025,57857,083,953+58,375
උතුරුමැද61,845,34665,493,566+3,648,220
ඌව33,156,40531,304,882+1,851,523
සබරගමුව6,215,8026,247,662+31,860
එකතුව380,002,467370,323,992-9,678,575 

සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2022 වසරේදී දිවයින පුරා එළ කිරි ගවයින් 782,470ක් සිටි අතර මී කිරි ගවයින් සංඛ්‍යාව 224,312කි. එය 2023 වසරේ දත්තවලට අනුව එළ කිරි ගවයින් 758,971ක් සහ මී කිරි ගවයින් 213,832කි. ඒ අනුව 2022 ට වඩා 2023 වසරේදී එළ කිරිගවයින් 23,499ක සහ මී කිරි ගවයින් 10,480ක අඩුවීමක් බවද එම දත්තවලින් පෙන්නුම් කරයි. 2022 ට වඩා 2023 වසරේ කිරි නිෂ්පාදනයේ අඩු වීමක්  ඇති වීමට මෙම කිරි ගවයින්ගේ අඩුවද ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇති බව සිතිය  හැකිය.

මෙම දත්ත අනුව පෙනී යන්නේ දේශීය අවශ්‍යතා සඳහා දියර කිරි නිෂ්පාදය සඳහා විශාල ඉඩක් තව දුරටත් පවතින  බවයි. එමෙන්ම දියර කිරි අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා වැය වන විදේශ විනිමය ප්‍රමාණය ඉතිරි කරගැනීමටත්, ග්‍රාමීය ජනයාගේ ආර්ථිකය හා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් එමගින් හැකි වනු ඇත.

පුවත්

දේශබන්දු පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පොලිස් කොමිසම ක්‍රියාත්මක නොකළේ ඇයි?

– ධනුෂ්ක සිල්වා 2023 දෙසැම්බර් 14 වැනි දින, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අංක 107/2011 දරන මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් සුවිශේෂී තීන්දුවක්…

By In
පුවත්

2023 වසරේදී යාපනයේ රෝහල් අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා වියදම රුපියල් කෝටි 7ක් !

– එන්. ලෝකතයාලන් යාපනය ශික්ෂණ රෝහලේ අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා පසුගිය වසරේ රුපියල් කෝටි 7ක මුදලක් වැය කර ඇති බව…

By In
පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී…

By In
පුවත්

ආංශික අධීක්ෂණ කාරක සභාවල තරුණ නියෝජනය සංදර්ශනයක් පමණක්ද?

– කේ. ප්‍රසන්නා තරුණ නියෝජිතයන්ට පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා සහභාගි වීමට අවස්ථාව ලබා දීමේ වැඩපිළිවෙළක්, පසුගිය රජය විසින්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *