Social, පුවත්

දුම්රිය සේවක වර්ජනය සහ මගී ජනතාව

By In
  • එච්.ආර්.දිනුෂිකා හපුතන්ත්‍රි

පසුගිය දා පැවති දුම්රිය සේවක වැඩවර්ජනය පිලිබදව සියලු දෙනාගේම වැඩි අවධානයක් යොමු වූයේ මහනුවර –  කොලඹ සීඝ්‍රගාමී දුම්රියේ වහලය මත ගමන්ගත් තරුණයෙකු ඉන් ඇද වැටී මියයාම පදනම් කොට ගෙනය. මෙම හදිසි වැඩවර්ජනය ට හේතූ වූයේ වැටුප් වැඩිකිරීම හා උසස්වීම් ලබා නොදීම ඇතුළු කරුණු කිහිපයකි. මේ හේතුවෙන් එදින ධාවනය වීමට නියමිතව තිබූ  කාර්යාල  හා කෙටිගමන් වාර දුම්රිය සේවා 39ක් පමණ අවලංගු වූ අතර  එදින දුම්රිය බලාපොරොත්තුවෙන් රැඳී සිටි මගීන් දැඩි අපහසුතාවයට පත් විය. 

ඒ අනුව වැඩවර්ජනයට හේතු වූ උක්ත කරුණු සම්බන්ධව 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනතට අනුව තොරතුරු නිලධාරී ජේ.ඒ.ඩී.ආර්.පුෂ්පකුමාර මහතා ලබාදුන් තොරතුරු මත පදනම්ව මෙම ලිපිය සකස් කෙරේ.

දුම්රිය එන්ජින් ශ්‍රේණියට අදාළව මේ වන තෙක් වැටුප් කේතයක් ලැබි නැත්තේ ඒ සඳහා වැටුප් කොමිසමෙන් තවමත් අනුමැතිය නොලැබිමය. එලෙසම RM 1, RM 2 වැටුප් කේතද ලබාදෙන ලෙස අමාත්‍ය මණ්ඩලය වෙත සංදේශ යොමු කර ඇති අතර දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත කිරීමට යටත්ව එය අනුමත වී ඇති නමුත්, ගැටලුව වන්නේ මෙතෙක් දෙපාර්තමේන්තුව  එය සංවෘත කිරීමට කටයුතු නොකල බැවින් වැටුප් කේතයක් නොමැති වීමයි. එමෙන්ම මෙහි විස්මය දනවන කරුණ වන්නේ 2016.07.01 දිනෙන් පසු  වසර හතක් ගෙවී ගොස් ඇතත් සේවකයන් බඳවා ගැනීම සඳහා ගැසට් නිවේදන නිකුත්කර නොතිබීමයි.

විශේෂයෙන්ම, දුම්රිය සේවාව අතිතයේ මෙන්ම වර්තමානයේද  බොහෝ දෙනෙකු තම එදිනෙදා කටයුතු පහසු කර ගැනීම සඳහා භාවිත කරන ප්‍රවාහන පද්ධතියෙන් එකකි. එකී ප්‍රවාහන පද්ධතිය තුළ මෙවැනි ගැටලු පැන නැගීම  කණගාටුදායක කරුණකි.

වැටුප් වැඩිකිරීමට ඉල්ලා සිටීම, උසස්වීම් ලබාදෙන ලෙස ඉල්ලුම් කිරීම ඕනෑම ආයතනයකට අනුයුක්තව සේවය කරන සේවකන්ගේ මුලික අයිතිවාසිකමකි. ඒ පිලිබඳ සලකා බැලීම සහ ඒ සම්බන්ධව සේවකයන් දැනුවත් කිරීම අදාළ නිලධාරීන්ගේ ද වගකීමකි. අදාල බලධාරින්   තම වගකීම් ඉටුකලේ නම්  දුම්රිය සේවකයන්ට වුවද වැඩ වර්ජන කිරීමේ අවශ්‍යතාවන් ඇතිනොවන්නට ඉඩ තිබුණි.

මෙහිදී අදාළ බලධාරීන්ගේ අවධානය යොමු වියයුතු බරපතලම කරුණක් වන්නේ 2016.07.01 දිනෙන් පසු තවමත් සේවකයන් බඳවා ගැනීම සඳහා ගැසට් පත්‍රයක් නිකුත් නොකිරිමය . සත්‍ය වශයෙන්ම සේවකයන් සිටීද එසේත් නොමැති නම් කිසිවෙකුගේ බලපෑමට යටත්ව එලෙස නව සේවකයන් බඳවා ගැනීම සඳහා ගැසට් පත්‍ර නිකුත් නොකලේද යන්න පිළිබඳ  සොයා බැලිය යුතුය. ඕනෑම ආයතනක රඳාපැවැත්ම සේවකයන් මත තීරණය වේ. එවැනි   තත්ත්වයක අවුරුදු 7ක් වැනි දිගු කාලයක් සේවකයන් බඳවා නොගැනීම ගැටළු සහගතය.

මෙලෙස  දුම්රිය සේවයේ කටයුතු දිගින් දිගටම සිදුවිම තුල මගි ජනතාවගේ පාර්ශවයෙන් දක්වන ලද අයහපත් ප්‍රතිචාර කිහිපයක් පසුගිය දිනවල දක්නට ලබිණ.  මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය විමට ඉඩදිමෙන් වන්නේ බරපතල ආර්ථික දුෂ්කරතා හමුවේ බැටකන දෙපාර්ශවයම පීඩාවට පත්විමය.  

පුවත්

මාතර මහරෝහලේ සායනික අපද්‍රව්‍ය රක්ෂිතයකට මුදාහැරලා! තොරතුරු විමසීමට දුන් පිළිතුරුත් බොරු

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම ලොව පුරා දැඩි සැලකිල්ලකින් යුතුව සිදු කෙරෙන කාර්යයකි. මිලියන 22ක පුරවැසියන්ගේ අවශ්‍යතා…

By In
පුවත්

දුම්රිය හරස් මාර්ගවලින් 439ක්ම මරු කපොලු!

– ජනක සුරංග මෑත ඉතිහාසයේදී ශ්‍රී ලංකාවේ දුම්රිය හරස් මාර්ගවලදී සිදුවන අනතුරු ප්‍රමාණය අනුව ඒ පිළිබඳ වැඩිපුර අවධානයක් දැක්විය යුතු…

By In
පුවත්

හිටපු ජනාධිපතිවරුන් භුක්ති විඳින වරප්‍රසාද මොනවාද? 

කේ. ප්‍රසන්නා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයන් දිගින් දිගටම පැවති අතර, එම වරප්‍රසාද කප්පාදු කිරීම පිළිබඳව මැතිවරණ…

By In
පුවත්

දහදාහකට ඉඩ ඇති සිරගෙවල්වල තිස්දාහක්!

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පිළිබඳ යම් කතිකාවතක් ගොඩනැගී තිබුණ ද එය එතරම් දුරට ජනප්‍රිය කාරණයක් නොවන්නේ, සිරගෙවල්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *