Social, පුවත්

ජනතාවට පානිය ජලයත් අහිමි, අසාර්ථක යාන් ඔය ජල ව්‍යාපෘතිය

By In
  • ලක්මාල් කේ. බදුගේ

මහින්ද රාජපක්ෂ රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ලෙස හදුන්වනු ලද  කෘෂිකාර්මික වශයෙන් ස්වයංපෝෂිත රටක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නංවමින් රිටිගල අවට දිය කඳුරකින් ගලාවිත් කල්ලරාවෙන් මුහුදට වැටෙන යාන්ඔය ගෝමරන්කඩවල, පඹුරුගස්වැව දී වේල්ලක් බැඳ හරස්කර ජලාශයක් තනා උතුරුමැද හා නැගෙනහිර පළාත් වල ජල සම්පත සංවර්ධනය කිරීමට සැළසුම් සකස් කෙරිණි

ත්‍රිකුණාමලය හා අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි ඊසාන දිග මායිමේ ජීවත්වන ජනතාවගේ ආර්ථිකය ඉහළ නංවා එම ප්‍රදේශ මිරිදිය ධීවර කර්මාන්තය හා කෘෂිකර්මාන්තය ඇසුරෙන් ස්වයංපෝෂිත කිරීම යාන්ඔය ජලාශය තැනීමේ අපේක්ෂාව විය. ඒ් අනුව මෙරට ඉදිවු දිගම හා වැඩිම වේලි සහිත ජලාශය වන යාන්ඔය ජලාශය ඉදිකිරීමට මහින්ද රාජපක්ෂ රජය මහා ධන සම්භාරයක් වැය කළේය. වැඩ නිමවීමෙන් පසු එය මෙරට ඉදිවු තුන්වන විශාලතම ජලාශය විය.  

වාරිමාර්ග දෙපාර්ත‍මේන්තුවේ අධීක්ෂණය යටතේ වාරිමාර්ග සංවර්ධන සැළසුමට අනුව 2014 ජුනි මස වැඩ ආරම්භ කර 2018 ඔක්තෝබර් මස අවසන් කෙරුණු මෙම ජලාශයේ ඉදිකිරීම් කටයුතු චීනයේ ඉදිකිරීම් සමාගමක් වු චයිනා CAMC ඉංජිනේරු පුද්ගලික සමාගම විසින් කරනු ලැබීය. ඒ අනුව ජලාශයේ වම් ඇල හා ප්‍රධාන වේල්ල ඉදිකිරීම චීන ‍සමාගම සිදුකල අතර සෙසු ඉදිකිරීම් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් කර තිබුණි. ඒ සඳහා ඇස්තමේන්තු කල මුදල රුපියල් මිලියන 48,355.30 කි. මෙපමණ මුදල් සම්බාරයක් වැය කළද මේ මහා ව්‍යාපෘතිය හරහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව අපේක්ෂා කල ඉලක්ක නිසියාකාරව ඉටුකරගත් බවක් පෙනෙන්නට නැත. 

කිලෝ මීටර 3.882 ක දිගින් යුතු සඳැලි වේලි හතරකින් හා ‍මීටර් 20 ක උසින් යුත් කිලෝ මීටර 2.347 ක දිගින් යුතු ප්‍රධාන වේල්ලකින් සමන්විත ජලාශයේ ජල ධාරිතාවය අක්කර අඩි 124,074 කි. ඒහි රඳවා ගත හැකි උපරිම ජලධාරිතාවය අක්කර අඩි 135,837 ක් වේ. 

මෙම ජලාශය ඉදි කිරීමෙන් පසු අනුරාධපුර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන් හි ජීවත්වන ජනයාගේ වගා කටයුතු සඳහා නව වාරි ඉඩම් හෙක්ටයාර් 1515 ක් අලුතින් සංවර්ධනය කිරීමත් වගා තීව්‍රතාවය වැඩි කෙරුමට පවතින පද්ධතිය සඳහා යල මහ දෙකන්නයේ ජලය ලබාදීමට හැකියාව පවතින බවත් ඊට අමතරව මෙම දිස්ත්‍රික්කයන් හි ජීවත්වන ජනයාට ඝණ මීටර් මිලියන 24 ක පානීය ජලය ලබාදීමට අපේක්ෂා කරමින් ජලාශය තනනු ලැබු බව තොරතුරු ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂක කාර්යාලය පැවැසීය. නමුත් යාන්ඔය ජලාශය නිමවා වසර පහක් ගතව ඇතත් ත්‍රිකුණාමලය හා අනුරාධපුර දිස්ත්‍රික්යන් හි ජීවත්වන යාන්ඔය අවට ජනයාට තවමත් පානීය ජලය ලබාදීමට ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට නොහැකිව තිබේ.

මේ පිළිබඳව තොරතුරු විමසමින් කල ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වු ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවැසුවේ යාන්ඔය ජලාශය හරහා අනුරාධපුර දිස්ත්‍රික්කයට ජලය ලබාදීමක් සිදුනොවන මුත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පුල්මුඩේ ග්‍රාම නිලධාරි වසම තුල ජල සම්බන්ධතා 1733 ක් ලබා දි ඇති බවයි. මේ පිළිබඳව තවදුරටත් සොයා බලමින් ඉදිරිපත් කල දෙවන තොරතුරු ඉල්ලීමට ජලසම්පාදන මණ්ඩලය දක්වා තිබු ප්‍රතිචාරයන් හි තොරතුරු අනුව පෙනී ගියේ කුච්චවේලියේ ජනයාට යාන්ඔය ජලාශය හරහා සෘජුව ජලය ලබාදීමක් සිදුනොවන බවයි. බෙලිකඩ වැව ආශ්‍රිතව පිහිටි ජල පොම්පාගාරය හරහා ලබා ගන්නා ජලය කුච්චවේලියේ ජනයා වෙත බෙදා හැරීම කරන බවයි. 

කෙසේ වෙතත් ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ යාන්ඔය ජලාශයේ ජලය යොදා ගනිමින් ඉදිරියේ දී පානීය ජල ව්‍යාපෘතියක් ඇරඹීමේ සුදානමක් ජලසම්පාදන මණ්ඩලයට ඇති බවත් ඒ් අනුව යාන්ඔය ජලාශයේ ජලය බෙලිකඩ වැව වෙත ලබාගෙන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මොරවැව, පදවි ශ්‍රී පුර, ගෝමරන්කඩවල හා  කුච්චවේලි යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයන් හි පවුල් 21,328 කට පානීය ජලය ලබාදීමට අපේක්ෂිත බැවින් රුපියල් මිලියන 16,500 ක මුදලක් ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවයි. 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, හොරොව්පොතාන, කහටගස්දිගිලිය හා කැබිතිගොල්ලෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයන් හි ග්‍රාමසේවා වසම් 119 ක් තුල ජීවත්වන ජනතාව අනාරක්ෂිත භූගත ජලය මත යැපෙන හෙයින් ඔවුන් හට සෞඛ්‍යාරක්ෂිත පිරිසිදු පානිය ජලය ලබාදීමේ අපේක්ෂාවෙන් අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ (අදියර දෙක) කටයුතු 2013 වසරේ කරන ලද ශක්‍යතා අධ්‍යනයකින් පසු ඇරඹු බවත් ඒ් සඳහා වන ජල මුලාශ්‍රය ලෙස යාන්ඔය ජලාශය යොදා ගැනීමට අපේක්ෂා කර ඇති බව ජලසම්පාදන මණ්ඩලය කියාසිටි.

2018 මැයි 01 වනදා ජපාන උපදේශක සමාගමක් වන NJS Consultants සමාගම හා එක්ව ceywater consultants හා EML Consultants යන දේශීය උපදේශන සමාගම් හි සහයෝගය ද ඇතිව ව්‍යාපෘති සැළසුම් කටයුතු ආරම්භ කොට 2021 වසරේ එකී ව්‍යාපෘති සැළසුම් කටයුතු අවසන් කරනු ලැබු බවත් මේ වනවිට අදාල කොන්ත්‍රාත් ප්‍රදානය සඳහා ප්‍රසම්පාදන කටයුතු සිදුකරමින් පවතින බැවින් ව්‍යාපෘතිය 2026 වසරේ දී අවසන් කිරීමට සැළසුම් කර තිබේ. 

ඒ් අනුව 2025 වනවිට ව්‍යාපෘතිය අවසාන කොට මුලික වශයෙන් ජල සම්බන්ධතා 15,000 ක් ලබා දීමට සැළසුම් කර ඇති අතර 2034 වසර වනවිට වැඩිවන ජනගහනයට සාපේක්ෂව ජල සම්බන්ධතා 50,000 ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන බව තවත් තොරතුරු ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ජලසම්පාදන මණ්ඩලය පවසයි.

ජලසම්පාදන මණ්ඩලය පවසන පරිදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනයාට ඉදිරියේ දී හෝ යාන්ඔය ජලාශයේ ජලය පානීය ජල අවශ්‍යතා සඳහා ලබා දීමට මුල්‍යමය හැකියාවක් තිබේද යන්න පිළිබඳව තවදුරටත් කළ සොයා බැලීමක දී හෙළිවුයේ යාන්ඔය ජලාශයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනයා සඳහා පානීය ජලය ලබාදීම සඳහා ජපානයෙන් මිලියන 23,137 ක ණය මුදලක් සියයට 1.4 ක පොලියට ලබා ගැනීමට ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය හෙවත් ජයිකා ආයතනය සමග ශ්‍රී ලංකා රජය 2016 වසරේ දී ගිවිසුම් ගතව ඇති බවයි. වසර 7 ක සහන කාලයක් ද සහිතව වසර 25 ක් තුළ වාරික වශයෙන් ගෙවීමට ගිවිසුම්ගතව ඇති හෙයින් ඉදිරියේ දී මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ වීමත් සමග ජයිකා ආයතනය ක්‍රමානුකූලව ඒකී ණය මුදල නිදහස් කරනු ඇති බව විදෙස් සම්පත් දෙපාර්තමේන්තුව තොරතුරු ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පැවැසීය.

ඒ් අනුව යාන්ඔය ජලාශය තැනීමේ දී අපේක්ෂා කල ආකාරයට එකී මහා වාරි ව්‍යාපෘතියේ ජලය යොදා ගනිමින් ත්‍රිකුණාමලයට හෝ අනුරාධපුරයට මේ දක්වා පානීය ජලය ලබාදීමක් සිදුනොවේ. කෙසේ වෙතත් යාන්ඔය ජලාශය සෘජුව හා ඵලදායි ලෙස යොදා ගනිමින් ඒ් අවට ජනයාට පානීය ජලය ලබාදීම සඳහා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට තවත් වසර තුනක් පමණ ගතවනු ඇතිබව පෙනියයි.

පුවත්

රජයේ රෝහල්වලට පරිත්‍යාග කෙරෙන රුධිරය පෞද්ගලික රෝහල්වලටත් ලබා දෙනවාද? 

එන්. ලෝකතයාලන් යාපනය ශික්ෂණ රෝහලට පරිත්‍යාග කෙරෙන රුධිරයෙන් කොටසක් පෞද්ගලික රෝහල්වලට ලබාදීම පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත හරහා සහතික කොට ඇත….

By In
Uncategorized, පුවත්

අම්බලන්තොට වැලි ජාවාරම්කරුවන් රැක ගන්නට භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය නීතිපති උපදෙස්වලට පිටුපායි. සිද්ධිය පිටුපස පොලිස් ලොක්කෙකුත්!  

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  මෙරට තුළ අද වන විට දැඩි සේ කතාබහට ලක්වන කාරණයක් වන්නේ දූෂණයෙන් තොර රටක් ඇති කිරීමයි….

By In
පුවත්

මාතර මහරෝහලේ සායනික අපද්‍රව්‍ය රක්ෂිතයකට මුදාහැරලා! තොරතුරු විමසීමට දුන් පිළිතුරුත් බොරු

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම ලොව පුරා දැඩි සැලකිල්ලකින් යුතුව සිදු කෙරෙන කාර්යයකි. මිලියන 22ක පුරවැසියන්ගේ අවශ්‍යතා…

By In
පුවත්

පේරාදෙණියේ නවකවදය වැළැක්වීමට පරිපාලනය ගෙන ඇති පියවර මොනවාද?

– ධනුෂ්ක සිල්වා අධ්‍යාපන ආයතනවල නවකවදය සහ වෙනත් ආකාරයේ ප්‍රචණ්ඩත්වය දිගු කලක් තිස්සේ ගෝලීය වශයෙන් හෙළා දැක තිබේ. එමගින් වින්දිතයින්ට…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *