පුවත්

තොරතුරු නිලධාරී සහ නම් කළ නිලධාරී යනු කවරෙක් ද?

By In

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතට අනුව සෑම පුරවැසියෙකු හට ම රාජ්‍ය බලධාරීන් සතුව පවතින, තමන්ගේ ජීවිතයට බලපෑමක් එල්ල වන්නේ යැයි විශ්වාස කරන ආකාරයේ තොරතුරු දැනගැනීම සඳහා තොරතුරු ඉල්ලුම්තක් යොමු කළ  හැකි ය. 

එහෙත් එසේ පොදු අධිකාරියක් සතුව පවතින තොරතුරු ඉල්ලා ඉල්ලුම්පත් යොමු කළ යුත්තේ කවුරුන් වෙත ද? කවුරුන් ඒ සඳහා පිළිතුරු ලබා දේ ද? යන්න ඊළඟට පැන නැගෙන ගැටලුවයි. පනත ප්‍රකාර නීතිය මගින් සෑම රාජ්‍ය අධිකාරියකම තොරතුරු ලබාදීම සඳහා නිලධාරියෙකු පත් කර තිබිය යුත්තේ එහෙයිනි. ඔහු අදාළ ආයතනයේ ‘තොරතුරු නිලධාරියා’ වන අතර ඇතැම් ආයතන වල තොරතුරු නිලධාරීන් කිහිප දෙනෙකු සිටිනු දැකගත හැකි ය. 

තොරතුරු නිලධාරීන් තම කාර්යාලය වෙත ලැබෙන තොරතුරු ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු කරයි. එනම්, ඔවුන් තමන්ගේ ආයතනය වෙත ලැබෙන තොරතුරු ඉල්ලුම්පත් පරීක්‍ෂා කර අදාළ පරිදි ඒවාට පිළිතුරු යවනු ලබයි. ඔහු තමාට හැකි පමණින් තොරතුරු ඉල්ලුම් කරනු ලබන තැනැත්තා හට තොරතුරු ලබා දීමට කටයුතු කිරීමට බැඳී සිටියි. ඔහු/ඇය තම රාජකාරිය ඉටු කිරීමේ දී ආයතනයේ අනෙකුත් කාර්ය මණ්ඩලයේ සහාය ද නොමඳව අවශ්‍ය වන හෙයින් ඔවුන් ද තොරතුරු නිලධාරියා හට අවශ්‍යයෙන්ම සහයෝගය දැක්විය යුතු ය. 

යම් පොදු අධිකාරියක තොරතුරු නිලධාරියෙකු නොවේ නම්, එසේ පත් කරන තුරු පොදු අධිකාරියෙහි සභාපතිවරයා හෝ ප්‍රධාන විධායක නිලධාරීවරයා අදාළ ආයතනයෙහි තාවකාලික තොරතුරු නිලධාරියා වේ. 

යම් හෙයකින් ඉදිරිපත් කරනු ලබන තොරතුරු ඉල්ලීමක් සඳහා තොරතුරු නිලධාරියා විසින් ලබා දෙන තොරතුරු වලින් ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්, ආයතනයේ වෙනත් වගකිවයුතු නිලධාරියෙකු වෙත අභියාචනා ඉදිරිපත් කිරීමට ඔබට හැකියාව තිබේ. එම නිලධරයා ‘නම් කළ නිලධාරී’ වශයෙන් හඳුන්වනු ලබයි. ඔහු/ඇය තොරතුරු නිලධාරියාගේ ප්‍රතිචාරයට එදිරිව යොමු කෙරෙන අභියාචනා විභාග කොට ප්‍රතිචාර දැක්වීම සිදු කරයි. 

යම් හෙයකින් ඔබට කිසියම් හෝ ආයතනයක තොරතුරු නිලධරයා හෝ නම් කළ නිලධාරී සම්බන්ධ කරගැනීමට අවශ්‍ය වන්නේ නම් ඔබට ඍජුවම හෝ දුරකථනය මාර්ගයෙන් අදාළ අධිකාරිය හා සම්බන්ධ කරගත හැකි ය. එසේත් නොමැති නම් අදාළ ආයතනයේ වෙබ් අඩවිය හරහා ද එය ඉටුකරගත හැකි ය. නමුත් සෑම ආයතනයක ම වෙබ් අඩවි තුළ අදාළ නිලධාරීන් සම්බන්ධ කරගත හැකි තොරතුරු පවතින්නේ යැයි කිව නොහැකි ය. 

 

පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In
පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *