පුවත්

මැතිසබේ මන්ත්රීමවරුන්ට හිමිවන දීමනා ගැන දැනුවත්ද?

By In

නව පාර්ලිමේන්තුව සඳහා තේරීපත්වුණ මන්ත්‍රීවරුන් 225 මේමස 20 දා පාර්ලිමෙන්තුව් දිවුරුම්දීමට නියමිත අතර එතැන් පටන්09 වැනි පාර්ලිමේන්තුවේ කටයුතු සුපුරුදු ආකාරයෙන් සිදුකරගෙන යාමට නියමිත.

පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් 225ක් තෝරාගත්තද ඇතැම් පක්ෂවල ජාතික ලයිස්තු මන්ත්‍රී ආසන ගැටුම් හේතුවෙන් මේවන විට මන්ත්‍රීවරුන් 225 ම සම්පුර්ණ  වී නොමැත. එබැවින් මන්ත්‍රීවරුන් 223ගේ නම් මේවනවිට ගැසට් මගින් ප්‍රකාශ කර තිබේ.

මෙවර  මහ මැතිවරණයට දේශපාලන පක්ෂ 304 ක් ස්වාධීන කණ්ඩායම් 313 ක් ඉදිරිපත්වී සිටි අතර මේ යටතේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් යටතේ අපේක්ෂකයෝ 7452 ක් ඉදිරිපත්ව සිටියහ. මේ අතරින් ජයග්‍රහණය කළඅපේක්ෂකයෝ196 ක් මන්ත්‍රීවරුන් ලෙස තෝරාගෙන ඇති අතර ජාතික ලයිස්තුව මගින්ද මන්ත්‍රීධුර සඳහා පුද්ගලයින් 29 කු පත්කරනු ලබයි.

මහජන නියෝජිතයින් ලෙස හදුන්වන මන්ත්‍රීධුරයක් ලබාගැනීම සඳහා අධික තරගයක් තිබෙන අතර මන්ත්‍රීධුරයක් වෙනුවෙන් අපේක්ෂකයෝ අතිවිශාල වියදමක් සිදුකරන බවද නොරහසකි.

මෙපමණ තරගයක් ලබාදී මන්ත්‍රීවරයකු ලෙස පත්වන මහජන නියෝජිතයින් සඳහා ලබාදෙන වරප්‍රසාද මොනවාද යන්න ජනතාව දැනගත යුතු බැවින් ඒ සම්බන්ධයෙන් තොරතුරු පනත ආශ්‍රෙයන් ලබාගත් තොරතුරු ඇසුරින් මෙම ලිපිය සැකසේ.

පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියළු මන්ත්‍රීවරුන්ට , මන්ත්‍රී දිමනා හිමිවන අතර අමාත්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුර සඳහා මන්ත්‍රීවරුන් පත්වු විට පාර්ලිමේන්තුවෙන් ගෙවීම් කරන ඇතැම් දීමනා නතරකරනු ලබයි. නමුත්ඒ වෙනුවට ඔවුන්ට අමාත්‍ය දීමනා රජය මගින් ගෙවීමට සලස්වයි.

මේ අනුව ඇමතිවරයකු නියෝජ්‍ය ඇමතිවරයකු හෝ  මන්ත්‍රීවරයකු උවද මේ සියලුදෙනාට පාර්ලිමේන්තුවෙන් හිමිවන වරප්‍රසාද මෙසේය,

රුස්වීමේ දීමනා

පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගිවීම වෙනුවෙන් එක් දිනක් සඳහා සියළුම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වෙනුවෙන් පැමිණීමේ දීමනාව රු. 2500/ක් ගෙවනු ලබයි.

කාරක සභා දීමනාව

පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල රැස්වෙන කාරක සභා සඳහා සහභාගී වීම වෙනුවෙන් දිනකට රු. 2500/= බැගින් ගෙවනු ලබයි. පාර්ලිමේන්තු රැස්වීම්දිනවල පැවැත්වෙන කිසිඳු කාරක සභාවකට සහභාගිවීම වෙනුවෙන් දීමනා නොගෙවන බව පාර්ලිමේන්තුව සඳහන් කළේය.

කාර්යාල දීමනාව

කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහාසියළුම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වෙනුවෙන් මසකට රු. 100,000/= ක් බැගින් ලබාදෙයි.

 

මන්ත්‍රී දීමනාව (වැටුප)

අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරුසඳහා වැටුප් පාර්ලිමේන්තුව විසින් නෙගෙවන අතර මන්ත්‍රීවරුන් සඳහා පමණක් ලබාදෙයි.

ඒ අනුව මන්ත්‍රීවරුන් සඳහා රුපියල් 54,285.00 ක වැටුපක් මාසිකව ගෙවනු ලබයි.

ඔවුන්ගේ සංග්‍රහ දීමනාව ලෙස මාසික රුපියල් 1000.00 ක මුදලක් ලබාදෙයි.

රියදුරු දීමනාව ලෙස මාසිකව රුපියල්  3,500.00 දීමනාවක් ලබාදෙන අතර රියදුරු දීමනාව ගෙවනු ලබන්නේ රජයෙන් වැටුප් ලබන රියදුරෙක් නොමැති නම් පමණක් බවද පාර්ලිමේන්තුව සඳමන් කරයි.

ඉන්ධන දීමනාව

එක් එක් මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරිය තේරී පත්වුණ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර පදනම් කර ගණනය කළ ඩීසල් ලීටර ප්‍රමාණය සඳහා මාසයේ පළමු දිනට පවතින වෙළඳපොල මිළ ගණන් අනුව ඉන්ධන දීමනාව ගෙවනු ලබයි.  ඒ අනුව උදාහරණයක් ලෙස කොළඹ දිස්ත්‍රික්ය සඳහා ඉන්ධන ලී‍ටර් 283.94, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා ඉන්ධන ලී‍ටර් 355.58 ක් ආදී වන ලෙස දීමනා ගෙවනු ලබයි.

දුරකථන දීමනාව

ස්ථාවර දුරකථන හා ජංගම දුරකථන සඳහා මාසිකව රු. 50,000.00 බැගින් ලබාදෙන අතර දුරකථන බිල්පත් ගෙවීම හෝ ප්‍රතිපූර්ණය කිරීම පාර්ලිමේන්තුව මගින් සිදුනොකරයි.

පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රවාහන දීමනාව

පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන් 04 දෙනෙක් කාර්යාලයට පැමිණීම වෙනුවෙන් එක් ‍‍අයෙක් සඳහා රුපියල් 2,500.00 බැගින් මාසිකව රු. 10,000.00 පාර්ලිමේන්තුව මගින් ලබාදෙයි.

නිදහස් තැපැල් පහසුකම්

සෑම මන්ත්‍රීවරයෙකුටම වාර්ෂිකව රුපියල් 350,000.00 ක් වටිනා මුද්දර දීමනාවක් ලබාදෙයි. ඒ අනුව එක් කාර්තුවකට රුපියල්  87,500.00 ක් බැගින්  මන්ත්‍රීවරුන්ට මුද්දර දීමනාව ලබාදේ.

මන්ත්‍රීවරුන්ට හිමිවන දීමනා මේ ආකාරයෙන් වන අතර ඔවුනට අධීක්ෂණ මන්ත්‍රී දීමනා, දුම්රිය බලපත්‍ර, යැපීම් දීමනා, නිල නිවාස දීමනා, පුවත් පත් දීමනා වැනි වෙනත් දීමනාවක් පාර්ලිමේන්තුව මගින් ලබානොදෙන බව පාර්ලිමේන්තුව සඳහන් කරයි.

මෙම දීමනා ලබාගනිමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මහජන නියෝජිතයන් ලෙස ඔවුන්ගේ කාර්ය සිදුකරන ආකාරය ලබන 20 දා සිට මහජනතාව බලාගැනීමට හැකියාව ලැබේ

සටහන- චාමර සම්පත්

පුවත්

දේශබන්දු පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පොලිස් කොමිසම ක්‍රියාත්මක නොකළේ ඇයි?

– ධනුෂ්ක සිල්වා 2023 දෙසැම්බර් 14 වැනි දින, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අංක 107/2011 දරන මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් සුවිශේෂී තීන්දුවක්…

By In
පුවත්

2023 වසරේදී යාපනයේ රෝහල් අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා වියදම රුපියල් කෝටි 7ක් !

– එන්. ලෝකතයාලන් යාපනය ශික්ෂණ රෝහලේ අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා පසුගිය වසරේ රුපියල් කෝටි 7ක මුදලක් වැය කර ඇති බව…

By In
පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී…

By In
පුවත්

ආංශික අධීක්ෂණ කාරක සභාවල තරුණ නියෝජනය සංදර්ශනයක් පමණක්ද?

– කේ. ප්‍රසන්නා තරුණ නියෝජිතයන්ට පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා සහභාගි වීමට අවස්ථාව ලබා දීමේ වැඩපිළිවෙළක්, පසුගිය රජය විසින්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *