පුවත්

අමාත්‍යාංශ වාහන ඡන්ද වැඩ වලට යොදාගත් හැටි

By In

රාජ්‍ය දේපල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට විශාල කතාබහක් ආරම්භවී තිබුණද මේ වනතුරු රාජ්‍ය දේපල අවභාවිතාකිරීම වළක්වීමට කිසිම ආණ්ඩුවකට නොහැකිවී ඇති බව පිළිගත යුතු සත්‍යයකි. පැවති ආණ්ඩුව පරදා වත්මන් ආණ්ඩුවට බලයට පත්වීමේදීද රාජ්‍ය දේපල  සම්බන්ධයෙන් වැඩි කතාබහක් ඇතිවිය.

එහෙත්  අවසන් වු මහ මැතිවරණයේදී රාජ්‍ය දේපල භාවිතා කිරීම සම්බන්ධයෙන් විවිධ තොරතුරු  අනාවරණය කරගැනීමට හැකිවු යේ තොරතුරු දැනගැනීමේ පනත භාවිතා කරමින් සිදුකළ සොයාබැලීම් වලදීය.

මැතිවරණ ප්‍රචාරණය සඳහා රාජ්‍ය දේපල යොදාගැනීම මැතිවරණ වරදක් ද වේ. එලෙස රාජ්‍ය දේපල මැතිවරණයට යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාවද පක්ෂ විපක්ෂ සියලු අපේක්ෂකයින්ට දැනුම්දී තිබුණි. 

නමුත සුපුරුදු පරිදි මෙවර මහ මැතිවරණයේදී ද විවිධ අමාත්‍යාංශ වලට අයත් රාජ්‍ය දේපල විවිධාකාරයෙන් භාවිතා වු බව ජනතාව හොදින්ම දන්නා කරුණකි. එමෙන්ම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවා මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දී ඇත.

අමාත්‍යාංශ සහ රාජ්‍ය සංස්ථා දෙපාර්තමේන්තු වලට අයත් වාහන මැතිවරණ සමයේදී විශේෂයෙන්ම වැඩිවශයෙන් භාවිතා වන රාජ්‍ය දේපල වේ.  පැවති මහ මැතිවරණයේදී ඒ ආකාරයෙන් අමාත්‍යාංශ වාහන භාවිතා කරන්නේද නොකරන්නේ  යන්න අප සොයාබැලූ අතර ඒ සඳහා තොරතුරු ඉල්ලීම් 63 ක් විවිධ අමාත්‍යාංශ වෙත යොමුකරන ලදී.

මෙම තොරතුරු ඉල්ලීම් සඳහා ආයතන 43 කින් ප්‍රතිචාර දැක්වු අතර රාජ්‍ය ආයතන 20 ක් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීමද විශේෂත්වයකි. එමෙන්ම ප්‍රතිචාර දැක්වුවද රාජ්‍ය ආයතන 02 ක් මේ සම්බන්ධයෙන් තොරතුරු ලබානොදුන් බවද කිව යුතුමය.

මැතිවරණ සමයේදී රාජ්‍ය දේපල ලෙස වාහන භාවිතා කිරීම සම්බන්ධයෙන් කළ සොයාබැලීමේදී තොරතුරු රාශියක් අනාවරණය වු අතර ඒ වා මෙසේය,

 

වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සතු වාහන භාරනොදීම

මැතිවරණය ප්‍රකාශයට පත්කළ පසුවද වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සතු වාහන එම අමාත්‍යාංශය දැරු රාජ්‍ය අමාත්‍යවරයා භාරදී නොතිබුණ අතර එම වාහන මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට යොදාගෙන ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හරහා තහවුරු විය. එම අමාත්‍යවරයා පරිහරණය කළ වාහන කිහිපයක් මැතිවරණයට පෙර භාරදී තිබු අතර එම වාහන වන්නේ ,

PC 3572 ටොයෝටා ඩබල් කැබ් රථය 

KF 1927 ටොයෝටා ප්‍රාඩෝ ජීප් රථය

PG 0470 ටොයෝටා ඩබල් කැබ් රථය

KK 0491 ටොයෝටා කොරොල්ලා 141 රථය  වන අතර එලෙස භාරනොදුන් වාහන වන්නේ ,

PC 2692  ටොයෝටා ඩබල් කැබ් රථය 

PH 0855  මිට්ෂුබිසී ඩබල් කැබ් රථය

PH 0856  මිට්ෂුබිසී ඩබල් කැබ් රථය

මෙම වාහන සියල්ල වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ කටයුතු සඳහාවෙන්කර තිබු වාහන වන අතර එම අමාත්‍ය ධුරය දරන ලද්දේ රොෂාන් රණසිංහ මහතාය. පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජය කරමින් මෙවර ඔහු පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටියි.

කාර්මික අපනයන සහ අයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සතු වාහන භාරනොදීම

මෙම අමාත්‍යාංශයේ අමාත්‍යවරයා වෙනුවෙන් වෙන්කර තිබු වාහන අතුරින් වාහන 04 ක් මැතිවණ කාලය තුළද අදාල අමාත්‍යවරයා භාරදි නොතිබුණ අතර එම වාහන අදාල අමාත්‍යවරයාගේ භාරයේ ඇති බව තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කාර්මික අපනයන සහ අයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව

KU 5861 ටොයෝටා වි8

PH 4344 ටොයෝටා HILUX

KU 6279 ලෑන්ඩ් රෝවර් – ඩිස්කවරි 4

KY 7021  ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර්  යන වාහන මෙලෙස භාරදී නොතිබුණ වාහන වේ. කාර්මික අපනයන සහ අයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය දරන ලද්දේ කෙහෙලිය රඹුක්වැල්ල මහතාය. මෙවර මහමැතිවරණයෙන් මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හෙතෙම පාර්ලිමේන්තුවට තේරිපත්ව සිටියි.

 

සංචාරක හා ගුවන්සේවා අමාත්‍යාංශය සතු වාහන භාරනොදීම

සංචාරක හා ගුවන්සේවා අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යාංශය සතු වාහන 04 ක් ද මැතිවරණ සමයේදී භාරදිමට කටයුතු කර නොමැති බව අනාවරණය වුයේ එම අමාත්‍යාංශයට යොමුකළ තොරතුරු දැනගැනීමේ ඉල්ලීම තුළිනි. ඒ අනුව 

CAQ 1043 ජීප් රථය

CAQ 1047 ජීප් රථය

PH 0668 ඩබල් කැබ් රථය

KY 5543 කාර් රථය  යන වාහන මෙලෙස භාරනොදුන් වාහන වේ. අදාළ කාලය තුළ සංචාරක හා ගුවන්සේවා අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යධූරය දරන ලද්දේ  අරැන්දික ප්‍රනාන්දු මහතා වන අතර ඔහු මෙවර පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටියි.

මේආකාරයට රජය සතු වාහන මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට යොදාගෙන ඇතිද යන්න මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා මධ්‍යස්ථානය එක්ව (CMEV) සොයාබැලු අතර එහිදී එම වාහන මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල යෙදෙන බව අනාවරණය කරගැනීමට හැකිවිය. මේ අතර තොරතුරු ඉල්ලීම් යොමුකර දින 14 ඉක්මවුවද තොරතුරු ලබානොදුන් ආයතන වෙත මේවනවිට අභියාචනා කර තිබේ. කෙසේවෙතත් රාජ්‍ය සම්පත් අවභාවිතය වැළැක්වීමට ශ්‍රීලංකාවට මෙතෙක් නොහැකිවී ඇති බව මෙම තොරතුරු සාක්ෂි දරයි. මේ ආකාරයට අවභාවිතයට ලක්වන රාජ්‍ය සම්පත් සම්බන්ධයෙන් තොරතුරු හෙලිකිරීමට ජනතාවද පෙරට පැමිණිය යුතු කාලය එළැඹ තිබේ.

සටහන – සී සම්පත්

පුවත්

දේශබන්දු පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පොලිස් කොමිසම ක්‍රියාත්මක නොකළේ ඇයි?

– ධනුෂ්ක සිල්වා 2023 දෙසැම්බර් 14 වැනි දින, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අංක 107/2011 දරන මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් සුවිශේෂී තීන්දුවක්…

By In
පුවත්

2023 වසරේදී යාපනයේ රෝහල් අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා වියදම රුපියල් කෝටි 7ක් !

– එන්. ලෝකතයාලන් යාපනය ශික්ෂණ රෝහලේ අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා පසුගිය වසරේ රුපියල් කෝටි 7ක මුදලක් වැය කර ඇති බව…

By In
පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී…

By In
පුවත්

ආංශික අධීක්ෂණ කාරක සභාවල තරුණ නියෝජනය සංදර්ශනයක් පමණක්ද?

– කේ. ප්‍රසන්නා තරුණ නියෝජිතයන්ට පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා සහභාගි වීමට අවස්ථාව ලබා දීමේ වැඩපිළිවෙළක්, පසුගිය රජය විසින්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *