පුවත්

සයිබර් අපරාධ වල පැහැදිලි වැඩිවීමක්

By In

කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග මෙරට ජනතාවගේ අන්තර්ජාල භාවිතයේ පැහැදිලි වෙනසක් දෘශ්‍යමාන විය. විශේෂයෙන් පාසැල් සහ කාර්යාල වසා දැමීම නිසා ඒවාහි කටයුතු මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ සිදු කිරීමට පියවර ගැනීම, අන්තර්ජාලය ඔස්සේ වෙළඳ ගනුදෙනු සිදු කිරීම, පුවත් වෙබ් අඩවි හා සමාජ ජාල මාධ්‍යන් හරහා වේගවත්ව හුවමාරු වූ පුවත් ග්‍රහණය කරගැනීම, විනෝදාස්වාදන වැඩසටහන් පරිශීලනය කිරීම සඳහා යොදා ගැනීම ආදී විවිධාකාරීය කටයුතු සඳහා පසුගිය සිව් මසක කාලය තුළ වෙනදාට වඩා වැඩි පිරිසක් අන්තර්ජාලය හා සම්බන්ධ වී කටයුතු කිරීමට පෙළඹ ඇත. 

මෙසේ අන්තර්ජාල පරිශීලකයින් වැඩි වීමත් සමග ම අන්තර්ජාලය හරහා සිදු වන අපරාධ, අපචාර හා වංචනික ක්‍රියාවන් ගේ ද වර්ධනයක් ඇති වීමට වැඩි සම්භාවිතාවක් පවත්නා හෙයින් සයිබර් අවකාශය තුළ ගනුදෙනු කිරීමේදී විශේෂයෙන් තම ආරක්‍ෂාව පිළිබඳ අවධානයෙන් යුක්තව කටයුතු කළ යුතු බව අවධාරණය කළ යුතු ය. එය තමා විසින් ම සයිබර් අවකාශය තුළ පුහුණු කළ යුතු අතර ම යම් හෙයකින් වෙනත් කිසිවෙකු සයිබරය තුළ තමාගේ  අවකාශයන්ට තර්ජනයක් එල්ල වන ආකාරයෙන් හැසිරෙන්නේ නම් හෝ දැනටමත් එසේ තර්ජන එල්ල කර ඇත්නම් ඒ සම්බන්ධව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා CERTආයතනය (Sri Lanka Computer Readiness Team) ඉදිරිපත්ව සිටියි. 

සයිබරය තුළ ස්වකීය  අවකාශයන් ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගැටලු පැන නැගෙන ඕනෑම අවස්ථාවක දී ඒ පිළිබඳ පැමිණිලි කොට, අදාළ තාක්‍ෂණික සහාය ලබා ගැනීම සඳහා මෙරට ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා CERT ආයතනය කටයුතු කරනු ලබන අතර, ඒ අනුව  2019 සහ 2020 වසරේ මේ දක්වා කාලය තුළ සයිබර් ආරක්‍ෂණය සම්බන්ධයෙන් එම ආයතනයට ඉදිරිපත් වී ඇති පැමිණිලි  පිළිබඳ කරුණු සොයාබැලීම සඳහා  අප විසින් ශ්‍රී ලංකා CERT ආයතනය වෙත තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කරන ලදී.

 

ඒ අනුව ඉහත ලබාගත් තොරතුරු තුළින් පෙනී යනුයේ 2020 ජනවාරි මස සිට 2020 ජූලි මස 15 වන දින දක්වා වූ මාස හතක කාලය තුළ සිදුව ඇති සයිබර් අපරාධ ප්‍රමාණය සමස්ත 2019 වසර තුළ දී  ම සිදුව ඇති  සයිබර් අපරාධ ප්‍රමාණය ප්‍රමාණය ද ඉක්මවා ඇති බවයි. ප්‍රතිශතාත්මකව බැලූ විට එය 110.24% ක වැඩි වීමකි.  ඉන් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරනු ලබන්නේ සමාජ මාධ්‍ය සම් බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිලි පදනම් කොටගෙන ගණනය කරන ලද සයිබර් අපරාධ ප්‍රමාණයෙහි ය. ඒ අනුව සමස්ත 2019 වසර තුළ ම සමාජ මාධ්‍ය ආශ්‍රිතව වාර්තා කරන ලද අපරාධ ප්‍රමාණය 2020 ජූලි මස වන විට 63.07%කින් ඉහළ නැංවී ඇත.ප්‍රමාණාත්මකව ගත් විට එය සිද්ධීන් 4547ක වැඩි වීමකි. මුදල් හා විද්‍යුත් තැපැල් වංචාවන් ද 80.9% කින් වැඩි වී ඇති බව ශ්‍රී ලංකා CERT ආයතනය ලබා දුන් තොරතුරු අනුව පෙනී යයි. සයිබර් අපරාධ ගණයට ගැනෙන ඇතැම් සිද්ධීන් පිළිබඳ කිසිසේත් ම මෙම කාලය තුළ වාර්තා වී නොමැති බවට ඉහත වාර්තාව සාක්‍ෂි සපයන අතර තවත් හඳුනාගත් සිද්ධීන් වාර්තා වී ඇත්තේ අඩු එසේත් නොහොත් ඍණ ප්‍රතිශතයකිනි. ඉහළ ගොස් ඇති අපරාධ අංකයන් ගෙන් පෙනී යනුයේ මේ අනුව සයිබර් අවකාශයේ සැරිසැරීමේදී හා එතුළ කටයුතු කිරීමේදී ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඉතා දැඩි අවධානයකින් පසු විය යුතු බව ය.

මෙහි දී සිහි තබාගත යුතු ප්‍රධානතම කරුණ නම්, ශ්‍රී ලංකා CERT ආයතනයෙහි වාර්තා සටහන් වන්නේ එම ආයතනයට යම්කිසිවෙක් විසින් ඉදිරිපත් කරනු ලබන පැමිණිලි ආශ්‍රයෙන් පමණක් වන බව ය. විශේෂයෙන් සයිබරය තුළ තමාගේ අවකාශයන් ගේ ආරක්‍ෂාවට තර්ජනයක් ඇති වන අවස්ථාවන්හි දී එය සගවා නොසිට මෙවැනි වගකිවයුතු ආයතනයන් ගේ සහාය ලබා ගැනීම ඉතාමත් පහසු සහ ආරක්‍ෂිත ක්‍රමවේදයක් බව මෙහි ලා පෙන්වා දිය හැකි ය.  

 

පුවත්

දේශබන්දු පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පොලිස් කොමිසම ක්‍රියාත්මක නොකළේ ඇයි?

– ධනුෂ්ක සිල්වා 2023 දෙසැම්බර් 14 වැනි දින, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අංක 107/2011 දරන මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් සුවිශේෂී තීන්දුවක්…

By In
පුවත්

2023 වසරේදී යාපනයේ රෝහල් අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා වියදම රුපියල් කෝටි 7ක් !

– එන්. ලෝකතයාලන් යාපනය ශික්ෂණ රෝහලේ අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා පසුගිය වසරේ රුපියල් කෝටි 7ක මුදලක් වැය කර ඇති බව…

By In
පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී…

By In
පුවත්

ආංශික අධීක්ෂණ කාරක සභාවල තරුණ නියෝජනය සංදර්ශනයක් පමණක්ද?

– කේ. ප්‍රසන්නා තරුණ නියෝජිතයන්ට පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා සහභාගි වීමට අවස්ථාව ලබා දීමේ වැඩපිළිවෙළක්, පසුගිය රජය විසින්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *