19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනතාවට ලබාදුන් තොරතුරු අයිතිය පිළිබඳ මේවනවිට කතාබහ තරමක් අඩුවී ඇති බව පෙනෙන්නට තිබෙන කාරණයකි. මේ මොහොත මහ මැතිවරණය පැවැත්වීමට ආසන්නව පවතින මොහොතක් වන අතර 19 සංශෝධනය ඉවත්කිරීම සම්බන්ධයෙන් මහමැතිවරණ වේදිකාව තුළද කතාබහක් ඇතිවී තිබේ. කෙසේවෙතත් 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජනතාව තම ඡන්දය භාවිතාකිරීමේදී සලකා බැලිය යුතු සාධයක් සම්බන්ධයෙන් මෙම ලිපිය ලියැවේ.
මෙවර මැතිවරණ වේදිකාව තුළ ප්‍රධාන පක්ෂ නැතහොත් සන්ධාන හතරක් බලය ලබාගැනීම සඳහා තරගවදින බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන අතර මෙම සන්ධාන හතරේම අගමැති අපේක්ෂකයෝ ලෙස ඉදිරිපත් වී ඇත්තේ මීටපෙර පැවති පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් වීම විශේෂත්වයකි. එබැවින් මෙම පක්ෂ නායකයින් පසුගිය පාර්ලිමේන්තුවේදී ඔවුන්ගේ වගකීම නිසිලෙස ඉටුකර ඇත්ද යන්න සොයාබැලීම වැදගත්ය.
ඒ සඳහා තොරතුරු පනත ආශ්‍රයෙන් ලබාගත් තොරතුරු සහ මන්ත්‍රී වෙඩ් අඩිවියෙහි ඇතුළත් මන්ත්‍රීවරුන්ගේ තොරතුරු මෙම ලිපියට ඇතුළත් කර තිබේ.
මහින්ද රාජපක්ෂ
වත්මන් ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ අගමැති අපේක්ෂකයා ලෙස මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වී ඇත.
ඔහු 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රිකයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වු අතර එහිදී ලබාගත් මනාප සංඛ්‍යාව 423,529 කි.
පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 අතරින් මන්ත්‍රීවරුන්ගේ ශ්‍රේණිගත කිරීමට අනුව මහින්ද රාජපක්ෂ මහතාට හිමිව ඇති ස්ථානය වන්නේ 145 වැනි ස්ථානයයි.
එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 15 කු එවක පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර කුරුණෑගල දිස්ත්‍රිකය නියෝජනය කරන මන්ත්‍රිවරුන් අතර 10 වැනි ස්ථානය මහින්ද රාජපක්ෂ මහතාට හිමිව තිබේ.
2015 – 2020 දක්වා කාලය තුළ පැවති පාර්ලිමේන්තු සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීමේ ප්‍රතිශතය 33% කි. එම පාර්ලිමේන්තුව දින 414 ක් පවත්වා ඇති අතර ඔහු පැමිණ ඇත්තේ දින 138 පමණි.
රනිල් වික්‍රමසිංහ
පැවති ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වී ඇත.
2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රිකයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වුණ රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ලබාගත් මනාප සංඛ්‍යාව 5,56,600 කි.
පැවති පාර්ලිමේන්තුව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 නාගේ ශ්‍රේණිගත කිරීමට අනුව රනිල් වික්‍රමසිංහ මහතාට හිමිව ඇති ස්ථානය වන්නේ 21 වැනි ස්ථානයයි.
කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මන්ත්‍රීවරු 19 කු එම පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර කොළඹ දිස්ත්‍රිකය නියෝජනය කරන මන්ත්‍රිවරුන් අතර 06 වැනි ස්ථානය ඔහුට හිමිව තිබේ.
2015 – 2020 දක්වා කාලය තුළ පැවති පාර්ලිමේන්තුව සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීමේ ප්‍රතිශතය 86% කි. පාර්ලිමේන්තුව දින 414 පවත්වා ඇති අතර ඔහු පැමිණ දින ගණන 353 කි.
අනුර කුමාර දිසානායක
පැවති පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කලක් කටයුතු කළ අනුර කුමාර දිසානායක මහතා මෙවර ජාතික ජනබලවේගයේ අගමැති අපේක්ෂකයා ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වී ඇත.
2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රිකයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වුණ අනුර කුමාර දිසානායක මහතා එහිදී ලබාගත් මනාප සංඛ්‍යාව 65,966 කි.
පැවති පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 අතරින් මන්ත්‍රීවරුන්ගේ ශ්‍රේණිගත කිරීමට අනුව අනුර කුමාර දිසානායක මහතා 01 වැනි ස්ථානය හිමිව ඇත.
කොළඹ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු 19 කු එම පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර කොළඹ දිස්ත්‍රිකය නියෝජනය කරන මන්ත්‍රිවරුන් අතර ද ඔහුට 01 වැනි ස්ථානය හිමිව තිබේ.
2015-2020 දක්වා කාලය තුළ පැවති පාර්ලිමේන්තු සඳහා අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමේ ප්‍රතිශතය 78% කි. පාර්ලිමේන්තුව දින 414 පවත්වා ඇති අතර ඔහු දින 324 පැමිණ ඇත.
සජිත් ප්‍රේමදාස
පැවති පාර්ලිමේන්තුවේ නිවාස සංවර්ධන අමාත්‍යවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ අතර සමගි ජනබලවේගයේ අගමැති අපේක්ෂකයා ලෙස මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වී ඇත.
2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට දිස්ත්‍රිකයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වුණ අතර එහිදී ලබාගත් මනාප සංඛ්‍යාව 112,645කි.
එම පාර්ලිමේන්තුව නියෝජනය කල මන්ත්‍රීවරුන් 225 අතරින් මන්ත්‍රීවරුන් ශ්‍රේණිගත කිරීමට අනුව සජිත් ප්‍රේමදාසට හිමිව ඇත්තේ 77 වැනි ස්ථානයයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු 07 කු එම පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර හම්බන්තොට දිස්ත්‍රිකය නියෝජනය කරන මන්ත්‍රිවරුන් අතර 03 වැනි ස්ථානය සජිත් ප්‍රේමදාස මහතාට හිමිව ඇත.
2015-2020 දක්වා කාලය තුළ පැවති පාර්ලිමේන්තු සඳහා සජිත් ප්‍රේමදාසගේ පැමිණීමේ ප්‍රතිශතය 39% කි. පාර්ලිමේන්තුව දින 414 පවත්වා ඇති අතර ඔහු පැමිණ ඇත්තේ දින 160 ක් පමණි.
මේ ආකාරයට ප්‍රධාන පක්ෂවල අගමැති අපේක්ෂකයින් පසුගිය වසර 05 ක කාලයත් තුළ මහජන නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිදුකර ඇති කාර්ය පිළිබඳ දළ අදහසක් ලබාගැනීම සඳහා මෙම කරුණු වැදගත්වන බව අපගේ අදහසයි.
ජනතාව සිය ඡන්දය භාවිතා කිරීමට පෙර ඡන්දය ලබාදෙන අපේක්ෂකියන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විමසීමක් කර ඡන්දය ලබාදෙන්නේනම් සැබෑ මහජන නියෝජිතයින් පිරිසක් ඉදිරි පාර්ලිමේන්තුවේදී දැකගැනීමට හැකිවනු ඇති බව මෙවර මැතිවරණ වේදිකාවන්තුළ වැඩිවශයෙන් කතාබහට ලක්වන කාර්යක් බවට පත්වී තිබේ. එම කාරණයේදී මෙම කරුණු පිළිබඳවද සැලකිමත්වීම වැදගත්වනු ඇත.
සටහන – සී. සම්පත්