පුවත්

ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහනවල තත්ත්ව පරීක්ෂා කරන්නේ කොහොමද?

By In

ශ්‍රී ලංකාව තුළ වාහන භාවිතය සීඝ්‍රයෙන් ඉහළ යන ආකාරය දැකිය හැකිය. පසුගිය දශකයට සාපේක්ෂව බැලූ විට ඉතා විශාල වශයෙන් මෙරට වාහන භාවිතය වැඩි වී ඇති බව හඳුනාගත හැකිය. මෙරටට ලෝකයේ බොහෝ රටවල්වලින් රථවාහන ආනයනය කරනු ලබයි. මෙහිදී බොහෝ විට වාහනයේ ප්‍රමිතිය හා කල්පැවැත්ම සහ ආරක්ෂාකෘරී බව පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමුවී තිබේද යන්න ගැටළු සහගතය. සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින රථවාහන අනතුරුවලින් සිදුවන ජීවිත හානි කෙරෙහිද රථවාහන වල ප්‍රමිතිය හා ආරක්ෂාකාරී බවෙහි බලපෑමක් පවතින බව හඳුනාගත හැකිය.

මෙරටට ගෙන්වනු ලබන වාහන අතර ඇතැම් වාහන ඉතා සීමිත පහසුකම් සහ ආරක්ෂාකාරී උපාංග සමඟ සහිතව නිශ්පාදනය කර ඇති ආකාරය දැකිය හැකිය. මෙවැනි එක් වාහනය මාදිලියක් මෙරටට ගෙන්වීම සඳහා අදාළ තත්ත්ව පරීක්ෂණවල පිටපත් සහ එම ක්‍රියාවලිය  පිළිබඳ විමසා අප විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව වෙතින් තොරතුරු ඉල්ලීමක් සිදු කරන ලදී. එම තොරතුරු ඉල්ලීමට තත්ත්ව පරීකෂණ වාර්තා පිටපත් ලබා දීම තොරතුරු දැනගැනීමේ පනතෙහි 5(1) (2) (ඇ) යන වගන්තිය යටතේ ප්‍රතික්ෂේප කෙරුණු අතර අදාළ ක්‍රියාවලිය සදුවන ආකාරය පිළිබඳ තොරතුරු ලබා දී තිබිණි.

මෙම තොරතුරු වලට අනුව මෙම වාහන පරීක්ෂණ ධාවන කාලයකින් අනතුරුව සහකාර කොමසාරිස්වරයාගේ නිර්දේශය හා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්ගේ අනුමැතිය යටතේ මෙරටට ආනයනය සඳහා අවසර ලබා දී ඇත.

මෙහිදී මෙරටට ගෙන්වන ලබන සියලුම වාහන ඉහත ක්‍රියා පිළිවෙළ යටතේ ආනයනය කරන බව පෙනී යයි. මෙරටට ගෙන්වනු ලබන වාහනවල තත්ත්ව පරීක්ෂණ කටයුතු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව යටතේ පැවතියද වඩාත් සුවපහසු හා ආරක්ෂාකාරී වන වාහන වර්ග පමණක් ආනයනය කිරීමට අදාළ කොන්දේසි පිලිබඳ නැවත අවධානය කළයුතු බව පෙනෙයි. වඩාත් ආරක්ෂාකරී සහ උසස් තත්වයේ වාහන ආනයනය කිරීම සඳහා වැඩි අවධානයක් දීම මඟින් මාර්ග අනතුරු ද යම්තාක් දුරකට අවම කරගත හැකිවනු ඇත.

පුවත්

‘Youth Club’ ජාතික තරුණ සමුළුව මල් වෙඩිල්ලක්ද?

වියදම රුපියල් ලක්ෂ 388යි ජාතික තරුණ සේවා සභාවේ තරුණ සමුළුවට සහභාගී වූ දිස්ත්‍රික් නායකයින් තෝරාගැනීමේදී ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය හා  යම්…

By In
පුවත්

මැතිවරණ වියදම් නියාමන නීතිය කෙතරම් ප්‍රායෝගිකද?

මැතිවරණ තුනේ අපේක්ෂකයින් 2403 ක්  ආදායම් වියදම් වාර්තා ලබා දී නෑ තොරතුරු දැන ගැනීමේ පනතින් කළ සොයා බැලීමක් ප්‍රජාතන්ත්‍රවාදී පාලන…

By In
පුවත්

අයිතිවාසිකම් පනත් කෙටුම්පත් හමස්පෙට්ටියට යාවිද?

  මහජනතාවගේ පරමාධිපත්‍ය හොබවන ඔනෑම රජයක ප්‍රමුඛ කාර්ය වන්නේ මහජනතාවගේ අයිතිවාසිකම්  වන මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමය. එපමණක් නොව එම අයිතිවාසිකම්…

By In
පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *