පුවත්

ගල්මැටියාව වැවේ ජල කාන්දුව පිළිසකර කිරීම

By In

4tz1

මංගලනාත් ලියනආරච්චි  – ත්‍රිකුණාමලය.

 අතීතයේ එකදා වැව නමින් හැදින් වු ත්‍රිකුණාමලය ගල්මැටියාව වැව කුඹුරු අක්කර හාරසිය පනහකට පමණ දියවර සපයන අතර,ඉන් යැපෙන ගොවි පවුල් ප්‍රමාණය අසන්න ප්‍රමාණය 300 කි. කාලයක සිට ගල්මැටියාව වැවේ සොරොව්වේ පවතින ජල කාන්දුවක් හේතුවෙන් නිසි ලෙස ගොවීන්ට ජලය නොලැබුණු අතර,මේ හේතුවෙන් ගොවීන් මහත් අසීරුතාවයට ලක්ව සිටියහ.

මෙම ජල කාන්දුවට කඩිනම් විසදුම් ලබාදීම අරමුණු කර ගනිමින්,ඊට පිළියම් යෙදීමට පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව සදහා රුපියල් මිලියන 10.387 මුදල් ප්‍රතිපාදනය වෙන්කරනු ලබන්නේ,වැවේ ජලය බොහෝ සෙයින් හීන වී තිබු ඉකුත් මැයි මාසයේය.යුධ ගැටුම් පැවති උතුරු නැගෙනහිර බොහෝ ප්‍රදේශවල මෙවැනි සංවර්ධන කටයුතු යුධ හමුදාවේ ඉංජිනේරු රෙජිමේන්තුවට ලවා කරවීම සුලබ කාරණයකි.ලාභය උපරිම කර ගැණීම පසෙක තබා නිසි අන්දමින් හා නිසි කාල වේලාවට කොන්ත්‍රාත්තුව නිම කිරීම ඊට හේතුවයි.

 වැවේ ජල කාන්දුව පිළිසකර කිරීමේ කොන්ත්‍රාත්තුව යුධ හමුදාව ලවා කරවන ලෙස ගොවීන් විසින් පළාත් ඉංජිනේරු දෙපාර්තමේනුතුවෙන් ඉල්ලීම් කලද,ඔවුන් ඊට අකමැත්ත දක්වනුයේ,යුධ හමුදාවට එවැනි කටයුත්තක් සදහා අත්දැකීම් නොමැති බව ප්‍රකාශ  කරමිණි. වන විට යුධ හමුදාව මෙම කටයුත්ත රුපියල් ලක්ෂ 43 නිම කිරීමට කැමැත්ත පල කර තිබු බව ගොවියන් පෙන්වා දෙති.කෙසේ වෙතත්,ගොවි සමිතියේ නිළධාරීන්ද  පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අදහස අනුමත කරමින් මෙම කොන්ත්‍රාත්තුව එම්.ටී.. කොන්ත්‍රාත්තු සමාගම වෙත භාර දෙනුයේ,මාස දෙකක් ඇතුලත අදාල කොන්ත්‍රාත්තුව නිම කරන බවට ලබා දෙන ගිවිසුම් ගත පොරොන්දුව මතය. ත්‍රිකුණාමලය ප්‍රදේශයට නොවැම්බර් හා දෙසැම්බර් මාසයේ ඇද හැලෙන මහ වැසි වැවේ ප්‍රධානතම ජල සැපයුම වන අතර,එය මග හැරුණ හොත්,ඉදිරි කන්න දෙකද හානි වන බව දන්නා ගොවීන් මේ සදහා මැදිහත් වෙමින් වැවේ පිළිසකර කටයුතු සම්බන්දයෙන් මාධ්‍යය  ද දැනුවත් කිරීමට කටයුතු කළහ.

වැවේ පිළිසකර කටයුතු සදහා වැවේ ඉතිරිව තිබු ජලයද මුදා හරින අතර,අදාල කොන්ත්‍රාත්තුව සමාගම ගිවිසුම් ගත කාරණා මග හරින තත්වයක් තුල,මේ සම්බන්දයෙන් තොරතුරු දැන ගැණීමේ පනත යටතේ පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් තොරතුරු ඉල්ලා සිටියහ.එහිදී තිබු පැරණි බටය මුළුමනින්ම ඉවත් කරන බව පළාත් වාරි මාර්ග දෙපාර්තමේනුතුව කියා සිටියද, කොන්ත්‍රාත්තුකරු කියන්නේ යම් කොටසක් පමණක් ඉවත් කරන බවයි.ගොවීන්ගේ මැදිහත්වීම මත අවසානයේ එම බටය අඩි 88 දක්වා දීර්ග කිරීමට කොන්ත්‍රාත්තුකරුට සිදුවන අතර,තොරතුරු දැන ගැනීමේ පනත හරහා ඊට අදාළ තොරතුරු ලබාගැනීමත් සමග සදහා බලපෑමක් ඇති කිරීමට ගොවීහු සමත් වුහ.

Collages

බටයට උඩින් කොන්ක්‍රීට් ස්ථරයක් යෙදිය යුතු නමුදු කොන්ත්‍රාත්තුකරු ගොවීන්ගේ ප්‍රශ්න  කිරීම් හමුවේ කියා ඇත්තේ, එවැන්නක් නොකරන බවයි. නමුත් තොරතුරු දැනගැනීමේ පණත යටතේ ගොවින විසින් ලබාගත් කොන්ත්‍රාත් ගිවිසුමේ සදහන්ව ඇති ආකාරයට බටය උඩින් කොන්ක්‍රීට් ස්ථරයක්  දියයුතු බව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමග කොන්ත්‍රාත්කරු ගිවිසගෙන ඇති බව අනාවරණයව ඇත.

පළාත් වාරි මාර්ග දෙපාර්තමේනුතුවේ හා ගොවි සමිතියේ ඇතැම් නිළධාරීන් කොන්ත්‍රාත්කරු සමග එක්වී අක්‍රමිකතා සිදුකරන බවට තොරතුරු හෙලිවීමත් සමග ගොවීන් තොරතුරු දැනගැනීමේ පණත යොදා ගනිමීන් දිගින් දිගටම සිදුකරන සොයා බැලීම් හේතුවෙන් වැව නිසි අන්දමින් පිළිසකර කිරීමට කොන්ත්‍රාත්කරුට සිදුවෙයි, මේ වන විටත් අදාල කොන්ත්‍රාත්කරුව නිසි ලෙස සිදුකිරීමට සිදුවීම හේතුවෙන් තමන් මහත් පාඩුවක් ලබා ඇති බව එම්.ටී..සමාගම කියයි.

තොරතුරු දැනගැනීමේ පණත යටතේ ලබා ගත් තොරතුරු වලට අනුව සොරොව්ව පිරවිය යුත්තේ,80% පමණ පිටතින් ගෙන එන මැටි පස් මගිනි.නමුත් කොන්ත්‍රාත්කරු සොරොව්ව කපා ඉවත්කල පස් වැව තුලම ගොඩ ගසන්නේ,පිටත පස් වෙනුවට එම පස්ම යෙදීමේ ලාභදායි කටයුත්තක් වියහැකි නිසා බව ගොවීහු විශ්වාස කරති. ගොවීන් විසින් කළ තොරතුරු විමසීම්වලට ලබාදී තිබු පිළිතුරු අනුව එම පස් තොගය එම ස්ථානයෙන් ඉවත් කල යුතුව තිබෙන බවට තොරතුරු අනාවරණය විය අනුව කොන්ත්‍රාත්කරු පිටතින් පස් ගෙන ඒමට අමතරව අදාල පස් කන්ද කඩිනමින් ඉවත් කිරීමේ වගකීමද පැවරී ඇත.

කෙසේ වෙතත්,මේ වන විට එම පස් කන්දෙන් වැඩි ප්‍රමාණයක් වැවට සෝදා යෑම හේතුවෙන් වැවද ගොඩවී ඇති අතර,පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ගොවි සමිතිය ඊට වගකිව යුතු බව ගොවීන් තරයේ කියා සිටිති.

නිසි ලෙස ගිවිසුම් ගත කොට අරඹන මෙවැනි බොහෝ සංවර්ධන ව්‍යාපෘති  වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ  නිළධාරීන් විසින් අහිංසක ගොවීන්ගේ අසරණකම ප්‍රයෝජනයට  ගනිමින් නිසි ප්‍රමිතියට  සිදු නොකොට නොයෙක් වැසි ප්‍රයෝජන මත සුක්ෂම ලෙස දුෂිත ව්යාපෘති බවට පත්කරගැනීමට කටයුටුකරමින් සිටින බව ගොවීහු විශ්වස කරති. එවන් තත්වයන් වලක්වාගැනීමට තොරතුරු පනත හරහා ගොවීන්ට හැකියාව ලැබී තිබීම පොදුවේ සමාජය ලබා ඇති ජයග්‍රහණයක් වන්නේය.

පුවත්

මාතර මහරෝහලේ සායනික අපද්‍රව්‍ය රක්ෂිතයකට මුදාහැරලා! තොරතුරු විමසීමට දුන් පිළිතුරුත් බොරු

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම ලොව පුරා දැඩි සැලකිල්ලකින් යුතුව සිදු කෙරෙන කාර්යයකි. මිලියන 22ක පුරවැසියන්ගේ අවශ්‍යතා…

By In
පුවත්

පේරාදෙණියේ නවකවදය වැළැක්වීමට පරිපාලනය ගෙන ඇති පියවර මොනවාද?

– ධනුෂ්ක සිල්වා අධ්‍යාපන ආයතනවල නවකවදය සහ වෙනත් ආකාරයේ ප්‍රචණ්ඩත්වය දිගු කලක් තිස්සේ ගෝලීය වශයෙන් හෙළා දැක තිබේ. එමගින් වින්දිතයින්ට…

By In
පුවත්

දුම්රිය හරස් මාර්ගවලින් 439ක්ම මරු කපොලු!

– ජනක සුරංග මෑත ඉතිහාසයේදී ශ්‍රී ලංකාවේ දුම්රිය හරස් මාර්ගවලදී සිදුවන අනතුරු ප්‍රමාණය අනුව ඒ පිළිබඳ වැඩිපුර අවධානයක් දැක්විය යුතු…

By In
පුවත්

හිටපු ජනාධිපතිවරුන් භුක්ති විඳින වරප්‍රසාද මොනවාද? 

කේ. ප්‍රසන්නා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයන් දිගින් දිගටම පැවති අතර, එම වරප්‍රසාද කප්පාදු කිරීම පිළිබඳව මැතිවරණ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *