Uncategorized, පුවත්

තොරතුරු පනත ගැන ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයෙන් මධ්‍යම පළාත් මාධ්‍යවේදීන්ට වැඩමුළුවක්

By In

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයෙන් මධ්‍යම පළාතේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ එක්දින වැඩමුළුවක් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI) විසින් සාර්ථක අන්දමින් පවත්වනු ලැබීය. මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්ක ත්‍රිත්වයම ආවරණය වන පරිදි දෙසැම්බර් 22 වැනිදා මහනුවර ඩෙවෝන් හෝටලයේදී පැවති මේ වැඩමුළුව සඳහා එකසිය විසි දෙනෙකුට ආසන්න මාධ්‍යවේදීන් පිරිසක් මහත් උනන්දුවෙන් යුතුව සහභාගි වී සිටි අන්දම දැකගත හැකි විය.

සිංහල සහ දමිල භාෂාවලින් සමාන්තර වැඩමුළු දෙකක් ලෙස මෙය මෙහෙයවනු ලැබීය. සිංහල මාධ්‍ය වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ කමල් ලියනාරච්චි සහ නීතීඥ/මාධ්‍යවේදිනී රදිකා ගුණරත්න විසිනි. දමිල මාධ්‍ය වැඩමුළුව නීතීඥ අයින්කරන් කුගදාසන් සහ නීතීඥ මතුරි තමිල්මාරන් විසින් මෙහෙයවනු ලැබිණි.

පසුගිය අගෝස්තු මාසයේදී තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත සම්මත කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන පුරවැසියන්ගේ ජයග්‍රහණයකි. එය, 1998 කොළඹ ප්‍රකාශනයේ පටන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රජාව සහ නීති ප්‍රජාව විසින් තොරතුරු නිදහස සහ මාධ්‍ය නිදහස සඳහා ගෙන ගිය අනවරත අරගලයේ ප්‍රතිඵලයකි. මෙම අරගලයේදී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ ආයතනයක් ලෙසට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය අවිවාදිත ය.

පුරවැසියාගේ තොරතුරු අයිතිය සුරක්ෂිත කිරීමේ ඓතිහාසික පියවරක් ලෙසින් සම්මත වූ මෙම තොරතුරු පනත ලෝකයේ හොඳම තොරතුරු නීති දහය අතරින් එකක් වේ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සමාජයේ දුර්මත සහ වැරදි ප්‍රචාරයන් රැසක් පවතින බව පෙනේ. මේ නිසා මෙය පුරවැසියාගේ තොරතුරු අයිතිය සුරක්ෂිත කිරීම උදෙසා පනවාගත් ‘හොඳ නීතියක්’ බව අවධාරණය කරමින් සහ පනතෙන් උපරිම ප්‍රයෝජනය ලබාගන්නා ආකාරය පෙන්වා දෙමින් ප්‍රායෝගික ජීවිතයට පනත අදාළ කරගන්නා ආකාරය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සිය පුහුණු වැඩසටහන් නිර්මාණය කරයි.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ජනතාව අතරට ගෙන යාම සඳහා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සැලසුම්සහගත-සක්‍රිය කාර්යභාරයක් ඉටුකරමින් සිටියි. දිස්ත්‍රික් මට්ටමෙන් මාධ්‍යවේදීන් සඳහා වැඩමුළු පැවැත්වීම ඔවුන් විසින් සිදුකරන අතර, ගාල්ල, ගම්පහ දිස්ත්‍රික්කවල පසුගියදා සාර්ථක වැඩමුළු ගණනාවක් පැවැත්විණි. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් මාධ්‍යවේදීන් පුහුණු කිරීමේ සහ දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවක් සැලසුම් කර තිබෙන අතර අගනුවර මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් ව නව පනතේ භාවිතයන් සහ ප්‍රයෝජන පිළිබඳ දැනුවත් කිරීම ද මේ වන විට ආරම්භ කර තිබේ. එසේම ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සම්පාදිත තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පුරවැසි අත්පොත ද මේ වන විට ජනගත කර තිබේ. පසුගියදා එය තොරතුරු කොමිසම වෙත ද පිළිගන්වනු ලැබීය. පනත ලිහිල් බසින් විස්තර කරමින් එහි නීතිමය ප්‍රයෝජනය හුවා දක්වමින් සිංහල, ඉංග්‍රීසි, දමිල යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙම පුරවැසි අත්පොත ප්‍රකාශිත ය. පනත සහ එහි ක්‍රියාත්මක භාවය පිළිබඳවත්, එයින් මාධ්‍යවේදීන්ට අත්වන පුළුල් ප්‍රයෝජනය පිළිබඳවත් දැනුවත් කරන ආකර්ෂණීය වැඩසටහන් ගණනාවක් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් ඉදිිරියේදී ද ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටියි.

පුවත්

මාතර මහරෝහලේ සායනික අපද්‍රව්‍ය රක්ෂිතයකට මුදාහැරලා! තොරතුරු විමසීමට දුන් පිළිතුරුත් බොරු

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම ලොව පුරා දැඩි සැලකිල්ලකින් යුතුව සිදු කෙරෙන කාර්යයකි. මිලියන 22ක පුරවැසියන්ගේ අවශ්‍යතා…

By In
පුවත්

දුම්රිය හරස් මාර්ගවලින් 439ක්ම මරු කපොලු!

– ජනක සුරංග මෑත ඉතිහාසයේදී ශ්‍රී ලංකාවේ දුම්රිය හරස් මාර්ගවලදී සිදුවන අනතුරු ප්‍රමාණය අනුව ඒ පිළිබඳ වැඩිපුර අවධානයක් දැක්විය යුතු…

By In
පුවත්

හිටපු ජනාධිපතිවරුන් භුක්ති විඳින වරප්‍රසාද මොනවාද? 

කේ. ප්‍රසන්නා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයන් දිගින් දිගටම පැවති අතර, එම වරප්‍රසාද කප්පාදු කිරීම පිළිබඳව මැතිවරණ…

By In
පුවත්

දහදාහකට ඉඩ ඇති සිරගෙවල්වල තිස්දාහක්!

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පිළිබඳ යම් කතිකාවතක් ගොඩනැගී තිබුණ ද එය එතරම් දුරට ජනප්‍රිය කාරණයක් නොවන්නේ, සිරගෙවල්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *