පුවත්

2023 වසරේදී යාපනයේ රෝහල් අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා වියදම රුපියල් කෝටි 7ක් !

By In

එන්. ලෝකතයාලන්

යාපනය ශික්ෂණ රෝහලේ අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා පසුගිය වසරේ රුපියල් කෝටි 7ක මුදලක් වැය කර ඇති බව තොරතුරු දැනගැනීමේ පනත හරහා දැනගන්නට ලැබිණි.

දිවයිනේ සියලුම රෝහල් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ ඒවායේ ජනනය වන අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කිරීමයි.

මේ අනුව යාපනය ශික්ෂණ රෝහලේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ මූල්‍ය පිරිවැය සහ බැහැර කිරීමේ යාන්ත්‍රණය සහ මසකට එක්රැස් වන අපද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලා සිටින ලදී. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ආර්. සත්‍යමූර්ති මහතා ලබාදුන් පිළිතුරු වල ඊට අදාළ තොරතුරු දක්වා ඇත.

යාපනය ශික්ෂණ රෝහලේ දැනට දිරාපත් වන අපද්‍රව්‍ය, වෛද්‍ය අපද්‍රව්‍ය, ප්ලාස්ටික් අපද්‍රව්‍ය, වීදුරු බෝතල් අපද්‍රව්‍ය සමඟ ශල්‍ය අපද්‍රව්‍ය සහ අපජලය යන අපද්‍රවය රැස් වේ.

ඝන අපද්‍රව්‍ය, පොලිතින්, කඩදාසි සහ සාමාන්‍ය අපද්‍රව්‍ය බැහැර කරනු ලබන්නේ නගර සභාව මගිනි. වීදුරු බෝතල්, ප්ලාස්ටික් බහාලුම් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කොන්ත්‍රාත්තු මඟින් පුද්ගලික සේවා විසින් බැහැර කරනු ලැබේ.  බෝවන අපද්‍රව්‍ය සහ කල් ඉකුත් වූ ඖෂධ පුළුස්සා දමනු ලැබේ.

සෑම මසකම පොලිතින් සහ කඩදාසි අපද්‍රව්‍ය ලෝඩ් 10ත් 15ත් අතර ප්‍රමාණයක්ද, වීදුරු බෝතල් කිලෝග්‍රෑම් 1000ක් ද, වෛද්‍ය අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 17000 සිට 19000ත් අතර ප්‍රමාණයක් රැස්වන බව සඳහන් වේ.

මේ අනුව අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා දරන වියදම සඳහා රජය විසින් මුදල් වෙන් කරනු ලැබේ. මේ සඳහා පසුගිය වසර දෙකහමාර තුළ රුපියල් 14 කෝටි 35 ලක්ෂ 5,692ක් වැය කර ඇත.

මෙම අපද්‍රව්‍ය ඇතුළු අපජලය ඉවත් කිරීමට යාපනය ශික්ෂණ රෝහලට 2022 වසරේදී රුපියල්  හතර කෝටි පනස් ලක්ෂයක්  සහ 2023 වසරේදී රුපියල් හත් කෝටි 5,692ක් සහ 2024 ජුනි මස මුල් භාගය වන තෙක් රුපියල් කෝටි 2ක්ද වැය කර ඇති බව තොරතුරු දැනගැනීමේ පනත හරහා තහවුරු විය.

මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25න් එකක් වන යාපනය දිස්ත්‍රික්කයේ රජයේ රෝහල් සඳහා අපද්‍රව්‍ය බැහැර කිරීමේ මෙහෙයුම් සඳහා වැයවන වාර්ෂික මූල්‍ය වියදම මෙමඟින් හෙළි වේ. 

පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In
පුවත්

එයාර්බස් ගනුදෙනුව:රහස්‍යභාවය පිටුපස සැඟවුණු සත්‍යය කුමක්ද?

පසුගිය කාලය තුළදී  දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුතින් එක් කර ගත් එයාර්බස් A330-200 (Airbus…

By In
පුවත්

ළමා මන්දපෝෂණයට තිත තබන පියවර ප්‍රමාදයි!

අවුරුදු පහට අඩු දෙලක්ෂ පහළොස් දහසක්ම අඩු බර දරුවන්  එක්ලක්ෂ තිස්තුන් දහසක් මිටියි මන්දපෝෂණය මගින් සෑම ආකාරයකින්ම පුද්ගලයන්, පවුල්, සමාජයන් සහ රටවල් මත සෘජු…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *