පුවත්

හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස් කාර්යාලය කුඹුරු ඉඩම් ගොඩකිරීම සම්බන්ධයෙන් තොරතුරු දීම මගහරියි.

By In

හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජන සේවා  සහකාර කොමසාරිස් කාර්යාලය කුඹුරු ඉඩම් ගොඩකිරීම  සම්බන්ධයෙන් තොරතුරු දීම මගහරියි.

නම් කළ නිලධාරියගෙනුත් කිසිදු ප්‍රතිචාරයක් නෑ.

ඒ පිලිබඳ සොයා බලන බව සහකාර කොමසාරිස් කියයි.

 

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි 

 

  රටක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන එක් අංගයක් වන්නේ එම රටේ මහජනතාවට රටේ රාජ්‍ය අංශවල  තොරතුරුවලට ප්‍රවේශ වීමට අවකාශය ලබාදීමයි. එම අයිතිය ශ්‍රී ලංකික පුරවැසියන්හට 2016 අංක 12 දරන තොරතුරු අයිතිවාසිකම් පිළිබඳ  දැනගැනීමේ පනත මගින් ලබාදී තිබේ.

 එවන් පසුබිමක  හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජනසේවා  සහකාර කොමසාරිස් කාර්යාලයේ තොරතුරු නිලධාරියා හා කොමසාරිස් වරයා විසින් අදාළ පනත යටතේ ඉල්ලා සිටින  තොරතුරු ලබා නොදී පනතේ කිසිදු වගන්තියකට නොගැළපෙන ප්‍රකාශ කරමින් වගකීම් විරහිතව තොරතුරු දැනගැනීමේ පනතේ විධානයන් දැඩිසේ උල්ලංඝනය කරමින් සිටි.

 හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජනසේවා  සහකාර කොමසාරිස් කාර්යාලයෙන් දැනගත යුතුව තිබු යම් තොරතුරු කීපයක් සම්බන්ධයෙන් අවස්තා කීපයකදී තොරතුරු අයදුම්පත් යොමු කළ ද එහි තොරතුරු නිලධාරීයා, ඉල්ලා සිටි තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරමින්  තොරතුරු ලබාදීම මග හැර ඇත්තේ එම තොරතුරුම  දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කයන්හි ගොවිජනසේවා  සහකාර කොමසාරිස් කාර්යාල විසින් ලබා දී තිබෙන පසුබිමක ය.

  ඒ අනුව  හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජනසේවා  සහකාර කොමසාරිස් කාර්යාලය මගින්   2020.07.20 දින හා 2020.11.13 යන දිනයන්හි  තොරතුරු අයදුම්පත් හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජනසේවා  සහකාර කොමසාරිස් කාර්යාලයේ තොරතුරු නිලධාරියා වෙත යොමුකළ අතර එම තොරතුරු අයදුම්පත් සඳහා පිළිතුරු දෙමින් ඔහු විසින් දන්වා  ඇත්තේ ප්‍රශ්න සඳහා පිළිතුරු දීමක් සිදු නොකරන බවයි.

   මේ ආකාරයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජනසේවා  සහකාර කොමසාරිස් කාර්යාලයේ අදාළ තොරතුරු නිලධාරියා විසින් අවස්ථා කීපයකදීම මේ ආකාරයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඹුරු ඉඩම් ගොඩකිරීම් සම්බන්ධයෙන් තොරතුරු දීම මග හරිමින් සිටින්නේ දිස්ත්‍රික්කය තුළ  දිනෙන් දින සිදුවන නීතිවිරෝධී කුඹුරු ඉඩම් ගොඩ කිරීම් පිළිබදව නිසි ආකාරයෙන් නීතිය ද ක්‍රියාත්මක නොවන පසුබිමක ය. 

  මෙලෙස ජනතාවගේ  තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ද සැහැල්ලුවට ලක්කරමින් මෙම තොරතුරු ලබාදීම මේ ආකාරයෙන් මග හැරිම තුලින් ගම්‍ය වන්නේ  මෙම නීතිවිරෝධී  කුඹුරු ඉඩම් ගොඩකිරීම සඳහා නිලධාරීන්ගේ ද ආශීර්වාදය යම් ආකාරයකට ලැබෙන්නේ ද යන්නයි. මේ සඳහා තොරතුරු දැනගැනීමේ පනතේ 31 වන වගන්තිය යටතේ නම් කළ නිලධාරියා වන හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජනසේවා  සහකාර කොමසාරිස් වරයා හට ද අභියාචනා කරනු ලැබුවත් ඔහු ද ඒ සඳහා කිසිදු පිළිතුරක් ලබා නොදීමෙන් පෙනී යන්නේ හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් තොරතුරු දැනගැනීමේ පනත කිසිසේත් මායිම් නොකරන බවයි.

 එමෙන්ම 2020.11.13 දින හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජනසේවා  සහකාර කොමසාරිස් කාර්යාලයෙන්  ඉල්ලා සිටි තොරතුරු දිවයිනේ අනෙකුත් ගොවිජන සහකාර කොමසාරිස් කාර්යාලවලින් ද ඉල්ලා සිටි අතර එහිදී මේ වනවිට බොහොමයක් ගොවිජනසේවා කාර්යාල එම තොරතුරු ලබාදී  තිබේ. එහිදී  රත්නපුර දිස්ත්‍රික්කයේ ගොවිජනසේවා  සහකාර කොමසාරිස් කාර්යාලය මගින් එම තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් ගොවිජන සංවර්ධන අතිරේක කොමසාරිස් ජනරාල් වරයාගෙන් කරුණු විමසා ඇති අතර එයට පිළිතුරු දෙමින් ගොවිජන සංවර්ධන අතිරේක කොමසාරිස් ජනරාල් වරයා ප්‍රකාශ කර ඇත්තේ  එම තොරතුරු පොදු විෂය යටතේ ඇති තොරතුරු බැවින් එය ලබාදෙන ලෙසයි.

  එවන් පසුබිමක එකම තොරතුරු ඉල්ලීම හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජනසේවා  සහකාර කොමසාරිස් කාර්යාලයේ තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරීම තුළ  යම් වංචනික හෝ නීතිවිරෝධී ක්‍රියාවක් සඳහා අදාළ නිලධාරීන් සහය පළකිරීම වෙනුවෙන් මෙම තොරතුරු වසන්කරනවා ද යන්න පිළිබඳව බරපතල ප්‍රශ්නයක් මතුව තිබේ.

   කෙසේ නමුත් මෙම තත්වය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජනසේවා  සහකාර කොමසාරිස් කාර්යාලයේ ,ගොවිජනසේවා  සහකාර කොමසාරිස් ආර් ,,එස් ප්‍රේමලාල් මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ තොරතුරු නොදීම ගැන  තමා දැනුවත් නොමැතිබවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන  බවයි.

  මේ ආකාරයෙන් ,කිලිනිච්චිය,කුරුණෑගල ,බදුල්ල ,ගාල්ල ,පුත්තලම ,රත්නපුර ,අම්පාර,කොළඹ,යන ගොවිජනසේවා  සහකාර කොමසාරිස් කාර්යාලයන්ද මේ වනතෙක් එම තොරතුරු ලබාදීම මගහැර තිබේ.

  එමෙන්ම ඒ සම්බන්ධයෙන් නිසි සොයා බැලීමක් සිදුකිරීම මෙන්ම පුරවැසියාගේ මූලික අයිතිවාසිකමක් වූ තොරතුරු දැනගැනීමේ අයිතිය නොසලකා හරිමින් කටයුතු කරනු ලබන මෙම නිලධාරීන් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වා පුරවැසියාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කිරීම  වගකිවයුත්තන්ගේ වගකීමකි.

පුවත්

දේශබන්දු පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පොලිස් කොමිසම ක්‍රියාත්මක නොකළේ ඇයි?

– ධනුෂ්ක සිල්වා 2023 දෙසැම්බර් 14 වැනි දින, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අංක 107/2011 දරන මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් සුවිශේෂී තීන්දුවක්…

By In
පුවත්

2023 වසරේදී යාපනයේ රෝහල් අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා වියදම රුපියල් කෝටි 7ක් !

– එන්. ලෝකතයාලන් යාපනය ශික්ෂණ රෝහලේ අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා පසුගිය වසරේ රුපියල් කෝටි 7ක මුදලක් වැය කර ඇති බව…

By In
පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී…

By In
පුවත්

ආංශික අධීක්ෂණ කාරක සභාවල තරුණ නියෝජනය සංදර්ශනයක් පමණක්ද?

– කේ. ප්‍රසන්නා තරුණ නියෝජිතයන්ට පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා සහභාගි වීමට අවස්ථාව ලබා දීමේ වැඩපිළිවෙළක්, පසුගිය රජය විසින්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *