පුවත්

වව්නියාව පැරකුම් විදුහලේ ක්‍රීඩාපිටිය ප්‍රතිසංස්කරණය සම්බන්ධව

By In

වව්නියාව පැරකුම් විදුහල යන නම මිට මාස දෙකකට පමණ පෙර මාධ්‍ය මගින් නිරන්තරයෙන් කියවින. ඒ වෙන කිසිවක් නිසා නොව විදුහල විසින් සංවිධානය කරන ලද උත්සවයකට ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි උතුරු පළාත් අධ්‍යාපන ඇමතිවරයා ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීම නිසා බැවිනිඑම සිද්දියෙදී පාසලේ අධ්‍යාපනය ලබන සිසුන්හට විශේෂ අසාධාරණයක් සිදු නොවූ නමුත්අවධානයට ලක් නොවූ පාසලේ සමස්ථ සිසුන්හට සිදුවූ අසාධාරනයක් පිළිබද පැරකුම් විදුහලෙන් වාර්තා වේ.

එනම් රජයේ මුදල් රුපියල් මිලියනයකට වැඩි මුදලක් වැය කර ක්‍රීඩාපිටිය ප්‍රතිසංස්කරණ කිරීමෙන් පසුව විදුහලේ ක්‍රීඩා පිටිය ප්‍රයෝජනයට ගත නොහැකි තත්වයක්උදාවී ඇත. 2016 මද භාගයේදී විද්‍යාලිය සිසුන් අතර පැතිර ගිය අරන්චියකට අනුව කියවුනේ ක්‍රීඩාපිටිය දර්ශණිය ලෙස සහ ක්‍රීඩා කිරීමේ පහසුව සදහා රජය මගින් විශාල මුදලක් ලබා දී තිබෙන බවයි. එම තොරතුර ලැබී දින කීපයකින් ටිපර් රථ කීපයක් පැමිණ ක්‍රීඩාංගනයේ තැනින් තැනට බොරළු දමා ගොස් තිබිණ. තවත් සති කීපයයක් යන විට ජේ.සී.බි යන්ත්‍රයක් පැමිණ එම පස් තුනී කර තිබිණ. මෙම ක්‍රීඩාංගනයේම පාස් තුනී කිරීම සදහාගත වී තිබුනේ පැය 2-3 කැ පමණ කාලයකි. සාමාන්‍යයෙන් ප්‍රමිතියකට අනුව ක්‍රීඩාංගනයක පස් ඇතිරීම සදහාඒ අවම වශයෙන් එක් දිනක කාලයක් ගත වේ. ඒ මක් නිසාද යත් වතුර නොරැදී බැස යන ලෙස පස් තුනී කළ යුතු වේ. හිතුමතේ පස් තුනී කිරීමේ අවසන් ප්‍රතිඵලය වුයේ ක්‍රීඩාංගනයේ තැනින් තැන අපිළිවෙලට පස් ගොඩලි මතු වීම පමණයි. ඉන් අනතුරු ක්‍රීඩාංගනයේ මීටර් 40 කට පමණ දිගින් යුත් කොන්ක්‍රීට් කාණුවක් ඉදිකිරීමටද පියවර ගෙන තිබුනේ මෙහිදී ප්‍රශ්නය නැගෙන්නේ මීටර 300 ක පමණ වට ප්‍රමනයක්ම් යුත් ක්‍රීඩාංගනයක මීටර 40ක දිගින් පමණක් කාණුවක් ඉදිකරන ලද්දේ ඇයි ද යන්නයි.පොළව මට්ටමට උඩින් එමෙන්ම කිසිදු පහත බිමකට සම්බන්දයක් නොමැති මෙම කානුව මේ වනවිට ප්‍රදේශයට ඩෙංගු බෝ කරන ස්ථානයක් බවට පත්ව තිබේ. අනෙක් අතට විදුහල් ක්‍රීඩාගාරය වටා මානව සකස් කළ කානු පද්දතියක් තිබියදී ක්‍රීඩා කිරීමට තිබෙන භුමියේ අමතර කානුවක් ඉදි කිරීම අනවශ්‍ය කටයුත්තක් බව ඕනෑම අයෙකුට පැහැදිලිව වන කාරණාවකි.

කෙසේ නමුත් ක්‍රීඩාංගනය ප්‍රතිසංස්කරණ නොබෝ දිනකින් එනම් 2017 වසරේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පැවැත්වීමට කරයුතු කෙරින. ක්‍රීඩා පිටියේ ප්‍රතිසංස්කරණයේ තරම පැහැදිලිවුයේඑහිදීය. බොරළු පාස් අතුරා තිබීම නිසා ක්‍රීඩාපිටියේ ඇද වැටෙන දරුවන් තුවාල සිදු වූ අවස්ථාද දක්නට ලැබිණ. එම තත්ත්වය මත බිම අද වැටීමෙන් වැලකී ක්‍රීඩා කිරීමට දරුවන්ට සිදිව තිබිණ. පැරකුම් විද්‍යාලයේ 2017 වාර්ෂික ක්‍රීඩා උළෙල අවසන් උත්සවය පෙබරවාරි මස පැවැත්වීමට නියමිතව තිබිණ. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වුයේ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතය. එම අවස්ථාව උත්සවශ්‍රීයෙන් සැමරීම සදහා සැලකිය යුතු මුදලක්ද වැය කර තිබිණ දරුවනේගේ ශ්‍රමයද විශාල ලෙස කැප කර තිබිණ. උත්සවයේ පෙර පුහුණුවීම්ද කර තිබුණි. නමුත් දහවල් 1.30ට උත්සවය ආරම්භකිරීමට නියමිතව තිබියදී එදින අළුයම් කාලයේදී පැය කීපයක වැස්සක් ඇද හැළුණු අතර එළිය වැටෙනවිට වර්ෂාව නතරවී තිබිණ. නමුත් එම වැස්සක් සමග ක්‍රීඩාංගනය එකම මඩ ගොහොරුවක් බවට පත්ව තිබිණ. ප්‍රමිතියෙන් තොරව පස් තුනී කර තිබීම නිසා ක්‍රීඩාංගනයේ තැනින් තැන ජලය පිරුණු වලවල් සැදී තිබිණ. නමුත් ඒ වනවිට ප්‍රධාන අමුත්තා වන ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ සහභාගිත්වය ස්ථිරකර තිබින එමෙන්ම ඔහු විදුහල වෙත පැමිණීම සදහා සුදානමින්ද සිටියේය. මෙහිදී විදුහල්පතිවරයා විසින් ආණ්ඩුකාරතුමාට දැනුම් දෙනු ලැබුවේ අධික ලෙසවර්ෂාව ඇද හැළෙන බැවින් ක්‍රීඩා උත්සවය අවලංගු කළ බවත් එය පැවැත්වීම සදහාවෙනත්දිනයක් ලබාදෙන ලෙසත්ය. ඒ අනුව ආණ්ඩුකාරතුමා විසින් නියමිත දිනෙන් දින 10කට පමණ පසු සුදුසු වෙනත් දිනයක් ලබා දෙන ලදි . ඒ අනුව දෙවන වරට යොදාගත් දින ක්‍රීඩා උත්සවය පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර තිබියදී ඊට පෙරදින රාත්‍රියේදී ක්රිදනගනයට නැවත වැස්සක් කඩා හැලුනි. එහිදී සිදුවූයේද කලින් සිදු වූ දේමය. ක්‍රීඩා පිටියේ ජලය බැස යාමක් සිදු නොවූ බැවින් එදිනද ක්‍රීඩා පිටිය මඩ ගොහොරුවක් බවට පත්ව තිබින. එහිදී සිදුවූයෙද පෙර පරිදි උත්සවය අවලංගු කිරීමයි. එහිදී වඩාත් අපහසුතාවයට පත් වූ පුද්ගලයා වුයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වීම සදහා සුදානමින් සිටි රෙජිනෝල්ඩ් කුරේ මහතාය. රාජකාරීමය වශයෙන් ඉතා කාර්යබහුල ආණ්ඩුකාරතුමා ඔහුගේ සියළු මහජන සේවා කටයුතු නැවත දමා යාපනයේ සිට උත්සවයට පැමිණීම සදහා සුදානම්න් සිටියදී විදුහල්පතිවරයා දැනුම් දෙනු ලැබුවේ. උත්සවය නොපැවැත්වෙන බවකි.එම දැනුම්දීම කරන විට වර්ෂාව මුලිමනින්ම නැවතී තිබිණ. දෙවරක් උත්සවය අවලංගු කිරීම නිසා සිසුන් මෙන්ම දෙමාපියන්ද මහත් සේ අපහසුතාවයට පත්වුහ.

එම සිදුවීමෙන් පසුව ක්‍රීඩා පිටියේ ප්‍රතිසංස්කරණ වලට සිදු වූ දේ පිලිබදව ගම්වාසීහු විමසන්නට වුහ. එහිදී ඇති වූ ගැටලුකාරී ත්ත්වයයක් සමග මාධ්‍ය මගින් සිදු වී දේ විදුහල්පතිවරයාගෙන් විමසන්නට විය. විදුහල්පතිවරයාගෙන් විමසීමටද හේතුවක් තිබිණිඑනම් අදාළ කොන්තත්තුවපාසල් සංවර්ධන කමිටුව විසින් කර තිබු අතර එම කමිටුවේ සභාපතිවරයාවන්නේද විදුහල්පතිවරයයි.

මේක මම තනියම කෙරු දෙයක් නෙමෙයි අපි කළමනාකරණ කමිටුවක් එකතු වෙලා ගත්තු තීන්දු තීරණ අනුව කරයුතු කලේ . අනිත් එක ලැබුණුමුදලමේ සදහා කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. කණු පද්දතියට විශාල මුදලක් ලැබුණු කතාව බොරුවක් මට ලැබුනේ ලක්ෂ දෙකක වගේ මුදලක් කරනන් ඕන දිගට වඩා වැඩි දිහකින් ඒ වගේම නියමිත ප්‍රමාණයට වැඩි කම්බි ප්‍රමාණයක් මම දාලා තියෙන්නේ ඇත්තටම මට ඒ වදෙන් පාඩුවක් වෙලා තියෙන්නේ, ප්‍රමිතියට මේ වේදේ කලේ නැහැකියන්නේ බොරුවක් , රජයෙන් පත්කරපු තාක්ෂණ නිලධාරියා විසින් ප්‍රතිසංස්කරණය නිවැරදිව සිදුවුණා කියලා සහතික කරලා තියනවා මම නිවැරදියයි, ඕනෑම තැනකදී මම ඒ දේ කියනවා” යයිද පැවසිය.

තවත් සති කීපයකට පසුව පාසල් සංවර්ධන සමිතියේ රැස්වීම පැවැත්විය. එහිදී දෙමාපියන් විසින් ක්‍රීඩාංගනයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලදී අඩුපාඩු සිදුව ඇති බව පිළිගන්නා බවත් එම අඩුපාඩු මාසයක් වැනි කාලයක් තුලදී නිවැරදි කරන බවද පිළිගන්නා ලදි. මෙහිදී හාස්‍යට ලක්වන කරුණ වන්නේ තාක්ෂණික නිලධාරියා විසින් නිවැරදිව සිදු උ බවට සහතික කරන ලද ප්‍රතිසංස්කරණකරයුතු එය භාරගත් තැනැත්තා විසින් නිවැරදිව සිදු නොවූ බව ප්‍රසිද්ධියේ පිළිගැනීමයි. කෙසේ නමුත් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබද නිවැරදිව ලිඛිත තොරතුරු ලබා දීම විදුහල්පතිවරයා ඇතුළු නිලධාරීන් ප්‍රතික්ෂේප කරන ලදි. එහිදී ඔවුන්ගේ පිළිතුර වුයේ ආයතනික තොරතුරු භාහිර පාර්ශවයන්වෙත ලබා දීම රජයේ නිලධාරියෙකු ලෙස කළ නොහැකි බවකි. මෙහිදී තොරතුරු දැන ගැනීමේ පනත යටතේ වවුනියාව කළාපයේ අධ්‍යාපනික නිලධාරීන් වෙත අයදුම්පත් යොමුකරන ලදි.

ක්‍රීඩාංගනය ප්‍රතිසංස්කරණය සදහාමුදල් වෙන් කරන ලද ආයතනය, කොන්ත්‍රාත්කරුගේ නම,ප්‍රතිසංස්කරණය සදහා වෙන් කරන ලද මුදල ඇතිරිය යුතු පස් වර්ගය සහ වැඩ විස්තරය ,මේ දක්වා ගෙවාඇති මුදල , මුදල් ගෙවීමට නිර්දේශ කළ තාක්ෂණික නිලධාරියා සහ චෙක්පත ලියු නිලදාරියාසහ ලබාගත් තැනැත්තා යන තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලීමක් කලෙමි. ඉල්ලීම පරිදි කලාප අධ්‍යාපන කාර්යාලය විසින් තොරතුරු ලබා දුන් අතර ලැබූ පිළිතුරු පිළිවෙලින් පහත පරිදි විය. වව්නියා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් මුදල් වෙන් කර ඇත. කොන්ත්‍රාත්කරු පාසල් සංවර්ධන සමිතිය. ක්‍රීඩාංගනය සදහා 613.100ක්ද කාණු පද්ධතිය සදහා රුපියල් 744924ක්ද වෙන් කර ඇත. ටොප් සොයිල් ( TOP Soil ) පස් සහ මීටර් 717.40 m3 ඇතිරිය යුතු වේ. 2016.09.26 දින 11,63427.86 ක්ද 2016.12.23 දින 200,00 ක මුදලක්ද වශයෙන් 1363427.86 ක මුදලක් ගෙවා ඇති අතර තාක්ෂණ නිළධාරී පී. ලක්ෂිකා මෙනවිය ගෙවීම අනුමත කර ඇත. දිස්ත්‍රික් ලේඛම් විසින් විදුහල්පතිගේ නමට චෙක්පත් ලිය ඇත.

ඉහත තොරතුරු අනුව ඇතිරිය යුතු පාස් වර්ගය Top Soil පසයි. නමුත් අතුරා ඇත්තේ බොරළු පසයි. එමෙන්ම 717.40 m3 යනු අසන්න වශයෙන් කියුම් 300කි. තවත් ලෙසකින් කිවහොත් පාස් ටැක්ටර ටේලර් 400කි. නමුත් බොහෝ දෙනාගේ අදහස වන්නේ ටේලර 200කට අඩු ප්‍රමාණයක් දමා තිබෙන බවයි. එය වඩාත් සනාථ වන කරුණක් ඇත. එනම් පස් කියුම් 300ක් ප්‍රයෝජනයට ගැනීමේදී ඒ සදහා මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතන කීපයකින් ඊට අදාළ මුදල් ගෙවා ප්‍රවාහන අවසර ලබා ගත යුතු වේ. මේ පිළිබද විමසීමේදී වව්නියාව මාධ්‍යම පරිසර අධිකාරී කාර්යාලයේ නිළධාරීයෙකු ප්‍රකාශ කලේ තමන්ගේ එවැනි අවසරයක් ලබාගෙන නොමැති බවයි.

කෙසේ නමුත් මෙහි අවසන් ප්‍රථිපලය වී ඇත්තේ ක්‍රීඩා පිටියෙන් නිසි ප්‍රයෝජනයක් ගත නොහැකි තත්වයක් උදාවීමයි. අහිංසක පාසල් දරුවන්ගේ ක්‍රීඩා කුසලතා දියුණුවක් සිදු වන්නේද නැත. රජය විසින් මුදල් වියදම් කර බලාපොරාත්තු වූ දේ ඉටුවන්නේදනැත.

රාජ් ප්‍රියන්ත

වව්නියාව

01-4

පුවත්

පසුගිය වසරේදී කැබිනට් මණ්ඩලය මොනවද කළේ?

ජනක සුරංග ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(1) ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය…

By In
පුවත්

කීරිමලේ ජනාධිපති මන්දිරය සීමා මායිම් නොමැතිව පෞද්ගලික විශ්වවිද්‍යාලයකට බදු දෙයි!

එන්. ලෝකදයාලන්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිකරන ලද කීරිමලේ ජනාධිපති මන්දිරය සහ ඒ අවට ප්‍රදේශය පෞද්ගලික විශ්වවිද්‍යාලයකට වසරකට…

By In
පුවත්

 ‘පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත’   ලබන මාර්තු සිට පූර්ණ වශයෙන් බලගැන්වේ.

ජනක සුරංග පෞද්ගලික දත්ත සැකසීම නියාමනය කිරීම,පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම,දත්ත දායකයන්ගේ අයිතිවාසිකම් හඳුනාගැනීම සහ ශක්තිමත් කිරීම ආදී අරමුණු රැසක්  ඉලක්ක…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *