Social, පුවත්

රුපියල් දහසක කුලී නිවසක් හිමි ලංකාවේ මහජන නියෝජිතයෝ

By In
  • චම්පිකා මුතුකුඩ

රුපියලේ අගය සීඝ්‍රයෙන් පහත යාමත් සමග බඩු මිල අහස උසට නැග ගියේය. එහෙත් බොහොමයක් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ  ද  රජයේ සේවකයන්ගේ ද වැටුප රුපියලකින් හෝ ඉහළ  දැමුණේ  නැත. රුපියල් 2500කින් මසක් ජීවත් වන්නට බලා සිටි කම්කරුවාගේ මාසික ජීවන වියදම රුපියල් 75,000  ඉක්මවා ගියේය. සුළු පරිමාණ ව්‍යාපාර බොහොමයක් බිඳ වැටුණු අතර බොහෝ මහා පරිමාණ විදේශ ආයෝජකයෝ ද බඩු බාහිරාදිය අකුලාගෙන ගම්බිම් බලා යන්නට වූහ. අසරණ මාස් පඩි කාරයෝ කබලෙන් ලිපට වැටුණහ . ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල සීග්‍ර ලෙස ඉහළ යාම නිසා ඉදිකිරීම් අංශය කඩා වැටුණි. ඒ හා සම්බන්ධ ක්ෂේත්‍රවල සේවයේ යෙදුණු සේවකයෝ සිය දෛනික ආදායම අහිමි වීමෙන් නන්නත්තාර වූහ.

                           මේ සියල්ල හමුවේ නිවාස හිමියෝ  නිවාස   කුලී ද ඉහළ නැංවූහ .  දුෂ්කර ප්‍රදේශයක  වුවද කුඩා නිවසක මිල රුපියල් පහළොස් දාහක් ඉක්මවා ගියේය. කොළඹ නගරය ආශ්‍රිතව එය රුපියල් 30,000 ඉක්මවයි .කාමර දෙකක් හා ජල විදුලිය සහිත නිවසක් සඳහා වුවද ඉතා ඉහළ කුලියක් ගෙවීමට ජනතාවට සිදුව තිබේ .ගමේ පාසලෙන් ශිෂ්‍යත්ව විභාගය හෝ  සාමාන්‍ය පෙළ විභාගය සමත් වී,  නගරයේ  පාසලකට පැමිණීම අති දුෂ්කරය .එම  කඩඉම ද  ජය ගෙන, උසස් පෙළ විභාගයෙන් සමත් වී  විශ්ව විද්‍යාලයේ වසර හතරක් මහපොළ ශිෂ්‍යාධාරයෙන් ම කුස රවටා ගෙන ලත් උපාධි සහතිකය පිහිටෙන් සොයාගත්  රැකියාවෙන්  ජීවත් වන කාටත් ජීවිතය දුෂ්කර වී තිබේ. ලබන වැටුපෙන් හතරෙන් තුනක් නිවාස කුලී ලෙස ගෙවා ඉතිරි සොච්චමෙන් හිඟා නොකා හිඟා කෑමට ජනතාවට සිදුව ඇති වාතාවරණයක් තුළ කොළඹ නගරයේ ආරක්ෂිත පරිසරයක සුඛෝපභෝගී නිවසක් රුපියල් 1000 ක් වැනි සුළු මාසික ගාස්තුවකට ලබාගැනීමට පින් කළ කොටසක් ද වෙති . ඔවුන්ගේ සුඛෝපභෝගී නිවාස සඳහා ජලය විදුලිය සපයනු ලැබේ. විදුලි කප්පාදුවකදී වුවද අඛණ්ඩ විදුලි සැපයුමක් ලැබීමට තරම් ඔවුන් භාග්‍යවන්තයෝය.  දුරකථන පහසුකම් මෙන්ම ආරක්ෂාව ද ඔවුන්ට සපයනු ලැබේ. එසේම නිවාස නඩත්තුව මෙන්ම කසළ කළමනාකරණය ද රජයේ වියදමෙන් ම කරනු ලැබේ. 

අපි මේ පිළිබදව සවිස්තරාත්මක තොරතුරු ලබා ගැනීමට පාර්ලිමේන්තුවට තොරතුරු අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළෙමු. ඒ් අනුව පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරි ටිකිරි කේ ජයතිලක විසින් එවන ලද පිළිතුරු ලිපියට අනුව මෙම ලිපිය සම්පාදනය කෙරිණි.

                     මෙම පිරිස ජීවත් වනුයේ මාදිවෙල  මන්ත්‍රී  නිවාස සංකිර්ණයේ ය.  එහි නිල නිවාස 120න් 111ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මාසිකව රුපියල් දාහක ගාස්තුවකට නිකුත් කර තිබේ. ඉතිරි නිවාස  නවය මාදිවෙල නිවාස සංකීර්ණය සඳහා පහසුකම් සපයන ආයතන සඳහා වෙන්කර ඇත. ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ද වේදිකාවල ජනතාව වෙනුවෙන් යටිගිරියෙන්  කෑගසන මන්ත්‍රීවරු මෙම නිල නිවාසවල සුඛෝපභෝගීව වෙසෙති.  රජයේ සේවකයෙකු නිල නිවාසයක් ලබා ගැනීමේ දී තම වැටුපෙන් 10% ක මුදලක් නිවාස කුලිය ලෙස ගෙවිය යුතුය . එසේ නම් ජනතා සේවකයකු වූ මන්ත්‍රීවරයා ද මූලික වැටුප  වූ රුපියල්  54,285 ක මුදලින්  අවම වශයෙන්  5428.50 ක්  නිවාස කුලී ලෙස ගෙවිය යුතු නොවන්නේද?  

                        1994 වර්ෂයේ ඉදිකරන ලද මෙම නිල නිවාස සංකීර්ණය අවසන් වරට ප්‍රතිසංස්කරණය කරන ලද්දේ 2020 වර්ෂයේ දීය. මෙම ප්‍රතිසංස්කරණයේදී නිල නිවාස වල ඇතුළත – පිටත බිත්ති පින්තාරු කිරීම , පැන්ට්‍රි කබඩ් අලුත් අලුත්වැඩියා කිරීම, දිරාගිය පැන්ට්‍රි කබඩ් වෙනුවට අලුත් කබඩ් සවිකිරීම, දොර ජනෙල් හා වහලවල සියළුම අලුත්වැඩියාවන්,  ජල නල පද්ධතිය  හා  නානකාමර වල අඩුපාඩු සකස් කිරීම, විදුලි පද්ධතියේ අඩුපාඩු ආදී සියලුම අංශ පිළිබඳව අවධානය යොමු  කරන ලදී .මේ සඳහා යොදවන ලද මුදල රුපියල්  3,625,450.08කි.  

                   පාර්ලිමේන්තු නිල නිවාසයක් අයදුම්කිරීම සඳහා මූලික සුදුසුකම් වනුයේ,  අයදුම්කරු අයදුම් කරන අවස්ථාව වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක්  දැරීමයි.  එසේම එම මන්ත්‍රීවරයා හෝ කාලත්‍රයා හෝ ඔහුගෙන් යැපෙන දරුවෙකු සතුව පාර්ලිමේන්තුවේ සිට කිලෝමීටර් 40 ( සැතපුම් 25)ක දුර ප්‍රමාණය තුළ නිවසක් නොතිබීම හා නිවසක් කුලියට හෝ බද්දට දී නොතිබීමද අවශ්‍ය වේ. අයදුම්කරු රජයේ නිල නිවාසයක් හෝ මහල් නිවාසයක් ලබා නොමැති විය  යුතු වේ . සුදුසුකම් සපුරන මන්ත්‍රීවරයකු නිල නිවාස අයදුම්පත්‍රයක් සමඟ අදාළ සීමාව තුළ නිවසක් හිමි නොමැති බවට දිවුරුම් ප්‍රකාශයක් ලබාදීමෙන් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් නිල නිවසක් ලබා ගත හැකි වේ .

       පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වැටුපට අමතරව පාර්ලිමේන්තු රැස්වීමකට සහභාගීත්වය වෙනුවෙන් එක් දිනක් සඳහා රුපියල් 2,500ක  රැස්වීම් දීමනාව කටද , පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල පැවැත්වෙන කාරක සභා සඳහා සහභාගී වීම වෙනුවෙන් දිනකට රුපියල් 2500 ක දීමනාවකට ද හිමිකම් කියයි. 2023 ජුනි මාසය සඳහා දින 11ක් මෙසේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන  අතර  දිනකට රුපියල් 2,500 බැගින්  රුපියල් 27,500 ක අමතර දීමනාවක් ඔවුන්ට   ලැබේ.  කාර්යාලයක්   පවත්වාගෙන යාම සඳහා මසකට රුපියල් ලක්ෂයක දීමනාවක් ද ඔවුන්ට ලැබේ. සංග්‍රහ දීමනාව වශයෙන් රුපියල් 1000ක් හා රුපියල් 3500ක රියදුරු දීමනාවකටද මන්ත්‍රීවරයෙක් හිමිකම් කියයි . ඊට අමතරව මන්ත්‍රීවරයා තේරී පත්වුණු දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර සඳහා වැයවන තෙල් ලීටර් ප්‍රමාණය අනුව ඉන්ධන දීමනාවක්  ද,  ස්ථාවර හා ජංගම දුරකථන සඳහා රුපියල් පනස්දාහක 50,000 ක දීමනාවක් ද ලැබේ. පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන් හතර දෙනෙකු කාර්යාලයයට පැමිණීම වෙනුවෙන් එක් අයෙකුට රුපියල් 2,500 බැගින් මාසිකව රුපියල් 10,000 ක දීමනාවක් ද ගෙවනු ලැබේ. එක් කාර්තුවකට රුපියල් 87, 500 බැගින් වසරකට රුපියල් තුන්ලක්ෂ පනස් දහසක නිදහස් තැපැල් පහසුකම් ද මන්ත්‍රීවරයකුට හිමිය .පාර්ලිමේන්තු ආපනශාලාවෙන් ඉතා අඩු මිලකට සුපිරි පන්නයේ  ආහාර ද ඔවුන් වෙනුවෙන් සපයනු ලැබේ. තීරුබදු රහිත වාහන ඔවුන් ලබන තවත් වරප්‍රසාදයකි. කාර්ය මණ්ඩලය ලෙස පවුලේ ඥාතීන් බඳවා ගැනීම කළ හැකි වීමද,  ඉහළ කාර්ය මණ්ඩල සඳහා ඉන්ධන දීමනා, වාහන ,වැටුප් ඇමතිවරුන් දක්වා උසස් වීම් වලදී ලැබේ. ලංකාවේ වසර  පහක සේවයෙන් පසු විශ්‍රාම වැටුපක් ලබාගත හැකි එකම රැකියාව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයයි. මන්ත්‍රීවරයකු හදිසි අනතුරකින් හෝ ත්‍රස්ත ක්‍රියාවකින් මියගියහොත්  පවුලේ අයට ලක්ෂ 50ක රක්ෂණ ආවරණයක් හිමිය . පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ දළ වැටුප රුපියල්  4,16 , 852 පමණ වේ. සියලු අඩු කිරීම් වලට  පසුව ඔවුහු  රුපියල් තුන්ලක්ෂ 22658 ක වැටුපකට හිමිකම් කියති..

              මෙම මන්ත්‍රී නිවාස සංකීර්ණය පවත්වාගෙන යාම සඳහා අධික පිරිවැයක් දැරිය යුතු බව පිළිගන්නා පාර්ලිමේන්තු  ගෘහ  කාරක සභාව ඊට විසඳුමක් ලෙස ඉදිරිපත් කරන්නේ එම  භූමියේ  මන්ත්‍රීවරුන් සදහා නිවාස සංකීර්ණයක්   ඉදි කළ යුතු බවයි.  නිල නිවාසයක් සඳහා ඔවුන්ගෙන් අය කරගන්නා මාසික ගාස්තුව ඉහළ නැංවීම ඊට වඩා යෝග්‍ය නොවන්නේ ද? මාදිවෙල බඳු තදාසන්න ප්‍රදේශයක පවතින නිල නිවාස සඳහා මීට වඩා වැඩි මිලක් අය කළ  හැකි නොවේද?  රුපියල්  25,000 ක වැටුපක් ලබන සුළු සේවකයා පවා කුලී නිවසකට වැටුපෙන් අඩක් වැය කරන පසුබිමක මෙතරම් වරප්‍රසාද ලබන මන්ත්‍රීවරුන් සඳහා සුදුසු කුලියක් අයකිරීම අසරණ කම්කරුවාගේ පඩි පතට දිගින් දිගටම බදු පැනවීමට වඩා මානුෂික නොවන්නේද? මන්ත්‍රීවරුන් ලබන මේ  වරප්‍රසාද වලට සරිලන ජනතා  සේවාවක් ඔවුන්ගෙන් ඉටු වේ ද යන්න සැක සහිතය.  අනෙක් අතට මෙතරම් වරප්‍රසාද ප්‍රමාණයක් මන්ත්‍රීවරුන් සඳහා ලබාදීම ශ්‍රී ලංකාව වැනි  දිළිඳු රටකට ඔරොත්තු දේ ද යන්න විමසා බැලිය යුතු කරුණකි.. මහජනතාව දියවන්නාවේ  225  පෝෂණය කිරීමට එරෙහි   වෙමින් සිටිනුයේ එහෙයිනි.

පුවත්

රජයේ රෝහල්වලට පරිත්‍යාග කෙරෙන රුධිරය පෞද්ගලික රෝහල්වලටත් ලබා දෙනවාද? 

එන්. ලෝකතයාලන් යාපනය ශික්ෂණ රෝහලට පරිත්‍යාග කෙරෙන රුධිරයෙන් කොටසක් පෞද්ගලික රෝහල්වලට ලබාදීම පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත හරහා සහතික කොට ඇත….

By In
Uncategorized, පුවත්

අම්බලන්තොට වැලි ජාවාරම්කරුවන් රැක ගන්නට භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය නීතිපති උපදෙස්වලට පිටුපායි. සිද්ධිය පිටුපස පොලිස් ලොක්කෙකුත්!  

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  මෙරට තුළ අද වන විට දැඩි සේ කතාබහට ලක්වන කාරණයක් වන්නේ දූෂණයෙන් තොර රටක් ඇති කිරීමයි….

By In
පුවත්

මාතර මහරෝහලේ සායනික අපද්‍රව්‍ය රක්ෂිතයකට මුදාහැරලා! තොරතුරු විමසීමට දුන් පිළිතුරුත් බොරු

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම ලොව පුරා දැඩි සැලකිල්ලකින් යුතුව සිදු කෙරෙන කාර්යයකි. මිලියන 22ක පුරවැසියන්ගේ අවශ්‍යතා…

By In
පුවත්

පේරාදෙණියේ නවකවදය වැළැක්වීමට පරිපාලනය ගෙන ඇති පියවර මොනවාද?

– ධනුෂ්ක සිල්වා අධ්‍යාපන ආයතනවල නවකවදය සහ වෙනත් ආකාරයේ ප්‍රචණ්ඩත්වය දිගු කලක් තිස්සේ ගෝලීය වශයෙන් හෙළා දැක තිබේ. එමගින් වින්දිතයින්ට…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *