පුවත්

යෝජිත ජාතික ජාතික ධීවර හා සමුද්‍රීය පුහුණු ආයතනය ස්ථාපිත කරන්නේ කවදාද?

By In

ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙගනයන ගමනේදී මූලික වශයෙන් රටේ නිශ්පාදන ධාරිතාවය වැඩිකර ගැනීම සිදුකළ යුතු ය. මේ සඳහා රටේ මානව සම්පත කළමණාකරණය කිරීමේදී  මානව සම්පත දැනුමෙන් සන්නද්ධ කිරීම හා පුහුණු ශ්‍රමිකයින් බිහිකිරීමේ අත්‍යවශ්‍යතාවක් පවතී. ශ්‍රී ලංකාව වැනි කඩිනම් සංවර්ධන අවශ්‍යතාවයක් පවතින රටකට කාර්මික හා නිශ්පාදන ක්ෂේත්‍රයේ දැනුම සහිත මිනිසුන්ගේ අවශ්‍යතාවය පවතී. මේ සඳහා එවැනි ක්ෂේත්‍ර පිළිබඳ පරීක්ෂණ පවත්වන සහ දැනුම ලබාදෙන ආයතනයන්ද පිහිටුවිය යුතුය.

1999 අංක 36 දරණ ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනය 2014 වර්ෂයේ දෙසැම්බර් 20 දින 2014 අංක 31 දරන පනත මඟින් ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලය ලෙස ස්ථාපිත විය. මෙම පනතේ 5(1) ඌ වගන්තිය යටතේ අදාළ ක්ෂේත්‍රවල වෘත්තීය පුහුණුව ඇති කිරීම සඳහා ජාතික ධීවර හා සමුද්‍රීය පුහුණු ආයතනය ඇතුළුව ආයතන පිහිටුවීම සඳහා බලය ලබා දී ඇත. පනත සම්මත වී අවුරුදු පහක් ඉක්මවී ඇතත් මේ වන තෙක් මෙරටට අත්‍යවශ්‍යය වෘතීය පුහුණු ආයතනයක් වන මෙම ආයතනය පිහිටුවීමට කටයුතු කර නොමැත. මෙම ආයතනය පිහිටුවීම සඳහා බලය පවතින්නේ කර්මාන්ත හා වානිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට හා ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලයටයි. මෙම ආයතනය මෙතෙක් පිහිටුවා නොතිබීමට හේතු විමසා අප විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලීමක් සිදු කරන ලදී.

මෙම තොරතුරු ඉල්ලීම  කර්මාන්ත හා වානිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය යන පොදු අධිකාරීන් දෙකටම යොමු කරනු ලැබී ය.  සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය වෙත යොමු කරන ලද තොරතුරු ඉල්ලීම අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය වෙත යොමු කර තිබිණි. එනම් අමාත්‍යාංශයෙන් ඒ සඳහා පිළිතුරු ලබා දී නොතිබිණි. ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලය විසින් ලබාදුන් පිළිතුර වූයේ පනතේ 5 වන වගන්ති ප්‍රකාරව ආයතනය පිහිටුවීමේ හැකියාව හෝ නොපිහිටුවීම මෙන්ම එයට සමාන ආයතනයක් පිහිටුවීමේ හැකියාව අමාත්‍යාංශයේ එකඟතාවය ඇතිව සිදුකළ හැකි බවයි.

මෙහිදී අමාත්‍යාංශය විසින් මෙහි වගකීම විශ්ව විද්‍යාලය වෙත පැවරීමත් නැවතත් විශ්ව විද්‍යාලය විසින් එම වගකීම අමාත්‍යාංශය වෙත පැවරීමත් පරස්පර විරෝධීය. දෙපාර්ශවයේ එකඟතාවය ගොඩනගා ගැනීමේ වගකීම දෙපාර්ශවයම සතුවන්නක් වන අතර එසේ එකඟතාවයක් නොපැවතීම නිසා ඉතා වටිනා වෘත්තීය පුහුණූ ආයතනයක් පිහිටුවීම මඟහැරී ඇත. මෙම ආයතනය ඉතා ඉක්මනින් පිහිටුවීමට දෙපාර්ශවයේම එකඟතාවයට පත්වනු ඇතැයි අප විශ්වාස කරමු. මෙහි සැබෑ තොරතුරු අනාවරණය කරගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත ඉතාමත් ප්‍රයෝජනවත් වූ බවද සිහිපත් කළ යුතුය.

පුවත්

‘Youth Club’ ජාතික තරුණ සමුළුව මල් වෙඩිල්ලක්ද?

වියදම රුපියල් ලක්ෂ 388යි ජාතික තරුණ සේවා සභාවේ තරුණ සමුළුවට සහභාගී වූ දිස්ත්‍රික් නායකයින් තෝරාගැනීමේදී ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය හා  යම්…

By In
පුවත්

මැතිවරණ වියදම් නියාමන නීතිය කෙතරම් ප්‍රායෝගිකද?

මැතිවරණ තුනේ අපේක්ෂකයින් 2403 ක්  ආදායම් වියදම් වාර්තා ලබා දී නෑ තොරතුරු දැන ගැනීමේ පනතින් කළ සොයා බැලීමක් ප්‍රජාතන්ත්‍රවාදී පාලන…

By In
පුවත්

අයිතිවාසිකම් පනත් කෙටුම්පත් හමස්පෙට්ටියට යාවිද?

  මහජනතාවගේ පරමාධිපත්‍ය හොබවන ඔනෑම රජයක ප්‍රමුඛ කාර්ය වන්නේ මහජනතාවගේ අයිතිවාසිකම්  වන මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමය. එපමණක් නොව එම අයිතිවාසිකම්…

By In
පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *