1979 වසරේ මහවැලි මහා සැලැස්මට අනුව මාදුරු ඔය දකුණු ඉවුරේ ප්‍රදේශයේ පරම බලධාරියා බවට පත්ව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ 80 දශකයේ ද ඉමදුරු ඔය ජලාශයේ කේන්ද්‍ර කර ගනිමින් එවකට පවතී රජයේ අමාත්‍යවරයෙකු වූ ගාමිණී දිසානායක මහතා විධිමත් සංවර්ධන ක්‍රියාවලියක් අනුව කාණ්ඩ දෙකක් යටතේ මදුරු ඔය වම ඉවුර සහ මදුරු ඔව් දකුණු ඉවුර මහවැලි බී කළාපය ලෙසින් සංවර්ධන කටයුතු ආරම්භ කෙරිණි.
නමුත් මෙම සංවර්ධන ප්‍රතිලාභ නොලැබුණු ජනයා රජයේ ප්‍රතිලාභ නොලැබුනද මදුරු ඔය දකුණු ඉවුර හේන් ගොවිතැන මත පදනම්වූ තම කෘෂිකර්මික ජීවිකාව ස්ථාපිත කරන්නට විය.
1984 වසරේ සිට මදුරු ඔය දකුණු ඉවුර ප්‍රදේශයේ හේන් ගොවිතැන මත පදනම්ව තම ජීවිකාව ගෙන ගිය ගොවි පවුල් 200ට පමණ යුද්ධය නිසාවෙන් මෙම ප්‍රදේශය අත්හැර යාමට සිදු වනාවා
2009 අග භාගයේ යුද්ධය නිමාවත් සමග 1984 මදුරු ඔය දකුණු ඉවුර ප්‍රදේශයේ මුල් පුරවැසියන් තම දෙවැනි පරම්පරාවේ දුව දරුවන් සමග නැවත මුල්ගම්බිම් වල හේන් ගොවි කරගෙන් යනු ලබනවා.
මෙලෙස 2009 මදුරු ඔය දකුණු ඉවුර ප්‍රදේශයේ පැමිණෙන මුලපුර වැසියන් සහ 204 වසරේ සිට අනවසරයෙන් පැමිණ ඉඩම් අල්ල ගැන පිරිස් පාලනය සහ මෙහෙය වීම ලියාපදිංචි නොකළ ගොවි සංවිධානයක් මගින් සහ ස්වාමින් වහන්සේ නමක් මගින් සිදු කරමින් ගොවින් ගෙන් මුදල් ඉපයීමේ නිරතව සිටියේ ජනාධිපති පුද්ගලික ලේඛම් වරයෙකුගේ සහය ඇතිවය.
මාධ්‍යවේදියෙකු ලෙස මාහට ලැබුණු ත්රතුරු වලට අනුව මෙම මුල්‍ය වංචා සෙවීමට ගොස් සිටින අතරතුර මඩකළපුව දිසා වන අඩවි නිලදාරිය පාරම්පරික හේන් ගොවීන්ට ද්වේශ සහගත විදිහට අත්අඩoගුවට ගනිමින් සිටියා. තව දුරටත් අනාවරණය වුයේ ජනාධිපති පුද්ගලික ලේකම්වරයාමෙහි පදිංචිපුද්ගලයන්ට කියා තිබෙන්නේ මෙම භුමියේ සංවර්ධනය කිරීමට චීනයට ලබාදෙන බවත්ඒ නිසා මෙම ප්‍රදෙශයෙම් රැදී සිටින ලෙසයි.
මෙම මුල්‍ය වංචා සහ මෙහි අනවසරයෙන් ඉඩම් අල්ලා ගන්නා පුද්ගලයන්ගේ සිදුවන මහා පරිමාණ වන විනාශය පිළිබද පුවත් ලන්වගේ සියලුවිද්‍යුත් මාධ්‍යආයතන වලට ලබා දුන්නද සියලු මාධ්‍ය ආයතන මෙය පළ කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
2015 වසරේ ආණ්ඩු පෙරළියත් සමග 2016 අග භාගයේජනමාධ්‍යඅමත්‍යංශ තොරතුරු දැනගැනීමේ අයිතිවසිකමින් පුරවැසියා සවිබල ගැන්වීමේ අරමුණ ඇතිව ජනමාධ්‍යවේදීන්දැනුවත්කරමින් රට පුරා වැඩමුළු කරන්නට විය. තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත් ම අතට පත් වන්නේද එහි එක් වැඩමුළුවකදීය
ජනාධිපති පුද්ගලික ලේඛම් වරයෙකු පවා සම්බන්ධ මෙරට මාධ්‍ය ආයතන සැගවීමට උත්සහ දරණ පාරම්පරික හේන් ගොවින්හට සිදුවන අසාදාරණයේ සත්‍ය සෙවීමට මා මෙම කෙටුම්පත් උපයෝගී කර ගනිමින් මදුරු ඔය දකුණු ඉවුර ප්‍රදේශයේ පරම බලධාරියා වන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් වරයාහට 2016.11.17 වනදින කෙටුම්පත පනත ලෙස ඉදිරිපත් කරමින් කරුණු 7කින් යුතු තොරතුරු ඉල්ලීම් ලිපියල් භාර දුන්නත් අධ්‍යක්ෂක ජනරාල්වරයා ඊට තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කරනු ලැබුනේ ආයතන සංග්‍රහයේ රෙගුලාසි වලට අනුව එය කිරීමට නොහැකි බව ප්‍රකාශ කරමින්ය.
2017.04.04 තොරතුරු දැනගැනීමේ පනත් සමත් වීමෙන් අනතුරුව මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තොරතුරු ඉල්ලීම් භාර නොගැනීමට අදාළ තොරතුරු දැන ගැනීමේ පනත් යටතේ කරුණු 15ක් එක් කරමින් මහවැලි සහ පරිසර අමාත්‍යංශයේ ලේඛම් වරයා 2017.02.13 අභියාචනාකොට තොරතුරු ඉල්ලීම් කර අතර ඊට පිළිතුරු වශයෙන් අමාත්‍යංශයේ ලේඛම්වරයා 2017.03.03 දින ලබා දුන් තොරතුරැ සහ මෙම ප්‍රදේශයේ සිදුකල සංචරෞඅමගින් සොයා ගත තොරතුරු මත පදනම්ව ලංකාවේ ප්‍රසිද්ධ පුවත් පත්ක වන දේශය පුවත් පතේ සහ ලංකා නිවුස් වෙබ් අඩවියේ “මාදුරුඔය චීනයට” යන ශිර්ෂ පථය ඔස්සේ මෙම පුවත් පළ කරනු ලැබුවා.
2017.03.03 මහවැලි සහ පරිසර අමාත්‍යාංශය ලබා දී තිබෙන තොරතුරු සහ මහවැලි අධිකාරියේ ලබා දී තිබු තොරතුරු වල තොරතුරු වල නිවරදිභාවයේ ගැටළු සහ පරස්පර තොරතුරු හේතුවෙන් 2017.03.24 තොරතුරැ දැන ගැනීමේ කොමිෂන් සභාවද අභියාචනා කරනු ලැබුවා. එමෙන්ම 2017.04.28 දින කොමිෂන්සභාසාමාජිකයන් 5දෙන ඉදිරියේ සකච්ච්වට ගැනුනත් නීතියේ නීතියේ නිසි ක්‍රමවේදයට නොවීම යන කරණය මත අභියාචන්යදප්‍රතික්ෂේප විය.
කොමිෂන් සභා කොමසාරිස්වරුන්ගේ උපදෙස් වලට අනුව නීතියේ නිසි ක්‍රමවේදයට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ තොරතුරු දැනගැන්මේ ඉල්ලුම්පත් ආකෘතිය මගින් ඉල්ලීම් කළ තොරතුරු සදහා ලියපදිඔචි අංක 68.69.70 මගින් ලබා දුන් තොරතුරැ අනාවරණයෙන් විය. එං තොරතුරු උපයෝගී කර ගනිමින් මුලින්ම පළ කළ පුවතේ දෙවැනි කොටස ලෙස 218.02.07 ලංකා නිවුස් වෙබ් අඩවියේ මාදුරුඔය සංහාරයතහවුරුකරමින් පරිසරවාර්තාවඑලියට” යන ශිර්ෂපාඨය ඔස්සේපුවත් පලකරනු ලැබුවා.
මාදුරු ඔය සංහාරය තහවුරු කරමින් පරිසර වාර්තාව එළියට – තොරතුරු පනතේ තවත් ජයග්‍රහණයක්
– Feb 07, 2018
මාදුරු ඔය දකුණු ඉවුර සංවර්ධනයට මුවා වෙමින් අක්කර 54250ක භූමි ප්‍රමාණයක් චීනයට ලබා දීමේ සැලැස්මක් ඇති බවට අපි මීට ඉහතදී වාර්තා කළෙමු.
ඒ හරහා දකුණ ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය මඟින් අක්කර 43250ක උක් වගා කිරීමේ සැලැස්මක් ඇති බවටයි තොරතුරු වාර්තා වී තිබුණේ. මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුව හරහා එම සංවර්ධන ව්‍යාපෘති යෝජනාව කරළියට ගෙනවිත් තිබූ අතර මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය ඊට සෘජුව මැදිහත් වී තිබුණි. මේ වන විට එම සංවර්ධන යෝජනාවට අදාළ පාරිසරික ඇගයීම් වාර්තාව හා චීනය සමඟ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ එකඟතා ගිවිසුම අනාවරණ වී තිබේ.
පොළොන්නරුව අරලගංවිල ප්‍රාදේශීය මාධ්‍යවේදී මනෝජ් ප්‍රසන්න මහතා මෙම මාදුරු ඔය සංහාරය පිළිබඳ තොරතුරු හෙළිදරව් කර ගැනීම සඳහා තොරතුරු දැන ගැනීම පනත යටතේ මහවැලි අධිකාරියෙන් මාදුරු ඔය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ පාරිසරික ඇගයීම් වාර්තාව, ශක්‍යතා වාර්තාව හා කොන්ත්‍රාත් ගිවිසුමේ පිටපත් ඉල්ලා තිබුණි. ඒ අනුව මෙම කාරණය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ කොමිසම මනෝජ් ප්‍රසන්න මහතා, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා තිබු අතර මනෝජ් ප්‍රසන්න මහතාගේ පැමිණිල්ල විභාග කර තිබුණි. එම ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස මේ වන විට කොන්ත්‍රාත් ගිවිසුම, පාරිසරික ඇගයීම් වාර්තාව හා ශක්‍යතා වාර්තාව ලැබී තිබේ. එහෙත් මෙහි ප්‍රධාන ගැටලුවක් වන මෙම සංවර්ධන ව්‍යාපෘතියට අදාළ මාදුරු ඔය ජලාශයේ දකුණ ඉවුර ප්‍රදේශයේ සිට පාසිකුඩා වෙත දිවෙන ඇල මාර්ගය ඉදිකිරිම අදාළ තොරතුරු මනෝජ් ප්‍රසන්න මහතා ඉල්ලා තිබුණ ද ඔහුට එම තොරතුරු ලබා දී තිබුණේ නැත.
ඒ අනුව මාදුරු ඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය චීනයේ CAMC ඉංජිනේරු සමාගම සමඟ 2016 වසරේ ඔක්තෝබර් 26 වැනි දින ගිවිසුම්ගත වී තිබේ. එම ගිවිසුම තුළින් මාදුරු ඔය කතන්දරයට චීනයේ සම්බන්ධය තහවුරු වී හමාරය.
ශ්‍රී ලංකා මහවැලි සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන ලද යෝජිත මාදුරු ඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතියේ පාරිසරික ඇගයීම් වාර්තාවට අනුව හෙක්ටයාර 10,000ක ශුද්ධ වාරිකරණ ප්‍රදේශයෙන් 70%ක් උක් වගාව සඳහා වෙන් කෙරෙන අතර 30%ක් වී වගාව හා වෙනත් ක්‍ෂේත්‍ර බෝග වගා කිරීම සඳහා භාවිතා කෙරෙනු ඇති බවට දක්වා තිබේ. ඒ වන විට සහලින් රට ස්වයංපෝෂිතව තිබූ හෙයින් 2016 දී ගන්නා ලද කැබිනට් තීරණයකට අනුව එම උක් වගා සැලැස්ම සකස් කර ඇති බවයි පාරිසරික ඇගයීම් වාර්තාවෙන් පෙන්වා දෙන්නේ. මේ අතර රට සීනිවලින් ස්වයංපෝෂිත කිරීමේ අරමුණින් තවත් හෙක්ටයාර 102,000ක උක් වගාව ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව සලකා උක් විකල්ප බෝගයක් ලෙස ද යෝජනා කර තිබේ. මෙහිදී මතුවන ගැටලුවක් වන්නේ මෙම උක් වගාව සිදු කරන්නේ කවුරුන්ද යන ප්‍රශ්නයයි. සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ චීන සමාගමක් සමඟ වන නමුත් ඔවුන් නිශ්චිතව සිදු කරන්නේ කුමක්ද යන්න පැහැදිලි නැත. කෙසේ හෝ පාරිසරික ඇගයීම් වාර්තාවට අනුව උක් වගාවට පමණක් අක්කර 68250ක් වෙන් වීමට නියමිතය. එය ඉදිරියේ වෙනස් වීමටද හැකි බව ද දක්වා තිබේ.
කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘති යටතේ 1983 වසරේදී මාදුරු ඔය දකුණු ඉවුර සංවර්ධනය සඳහා මූල්‍යමය සහයෝගය ලබා දෙන ලෙස ලෝක බැංකුවෙන් නිල වශයෙන් ඉල්ලා ඇති අතර 83 මැද භාගයේ දී ලෝක බැංකු නියෝජිතයන් පිරිසක් මෙරටට පැමිණ ඔවුන්ගේ ඇගයීම් වාර්තාව සකස් කර තිබුණි. එය 1984 වසරේ මැයි මාසයේදී නිකුත් කිරීමට ද ඔවුන් කටයුතු කර ඇත. 1985 වසරේ සිට වසර 05ක් කාලයක් තුළ ප්‍රධාන හා අතු ඇළවල් ඉදිකිරීමට එම වාර්තාවෙන් යෝජනා කර තිබේ. සෞදි සංවර්ධන අරමුදල, කැනේඩියානු අන්තර්ජාතික ඒජන්සිය හා ශ්‍රී ලංකා රජයේ එකමුතුවෙන් එම සංවර්ධන කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇත. නමුත් ආරම්භ වූ සන්නද්ධ අරගලය හේතුවෙන් එම කටයුතු සම්පූර්ණයෙන්ම වාගේ අඩාල විය. යුද්ධය අවසන් වීමෙන් පසු වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය නැවත මාදුරු ඔය දකුණ ඉවුර සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කර ඇත්තේ මඩකලපුව ජනතාවගේ වත්මන් ජල ඉල්ලුම ගැන සලකා බව සඳහන්.
යුද්ධය හේතුවෙන් දශක තුනක පමණ කාලයක් එම ප්‍රදේශයේ කිසිදු සංවර්ධන වැඩකටයුත්තක් සිදු නොවූ හෙයින් මාදුරු ඔය දකුණ ඉවුර ව්‍යාපෘති බල ප්‍රදේශයෙන් සැලකිය යුතු භූමි ප්‍රමාණයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරී තිබේ. මේ වන විට එම ප්‍රදේශයෙන් හෙක්ටයාර 17300ක් සංවර්ධනය සඳහා නිදහස් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකඟතාව පළකර ඇති බවයි පාරිසරික ඇගයීම් වාර්තාව පවසන්නේ. එම භූමි ප්‍රදේශය රක්ෂිත ප්‍රදේශයෙන් හා අලිමංකඩවලින් පරිබාහිර ප්‍රදේශ බවයි පාරිසරික ඇගයීම් වාර්තාව සඳහන් කරන්නේ. එය කෙතරම් දුරට සත්‍යයද යන්න ප්‍රායෝගිකව සිතා බැලිය යුතු කාරණයකි.
මෙම දකුණු ඉවුර සංවර්ධනයේ අරමුණ ලෙස දක්වන්නේ වාරි පහසුකම් සහිත කෘෂිකර්මය හා සම්බන්ධ ක්‍රියාකාරකම් තුළින් තිරසාර ග්‍රාමීය සමාජයක් ස්ථාපනය කර ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ මට්ටමකට ගෙන ඒමය. අරමුණ එසේ වන විට සංවර්ධනය භාරගෙන ඇති චීන සමාගම පවසන්නේ ඔවුන් එම භූමිය සංවර්ධනය කිරීමට භාර ගන්නේ ජනතාව ඉවත් වන්නේ නම් පමණක් බවයි.
යුද්ධය හේතුවෙන් එම ප්‍රදේශයෙන් පලා ගිය ජනතාව යුද්ධය අවසන් වීමෙන් පසු නැවත පදිංචි කිරීම් ඇරඹු අතර යළි පණ ගැසූ කෘෂිකර්මාන්තය හරහා ධාන්‍ය කිලෝ එක්කෝටි විසිතුන් ලක්ෂයක් ජාතික නිෂ්පාදනයට එක් විය. එහෙත් 2015න් පසු පාරම්පරික හේන් ගොවියන් අත්අඩංගුවට ගැනීම ආරම්භ වී තිබේ. එය දිසා අඩවි වන නිලධාරියාගේ මැදිහත් වීමෙන් සිදු වන බව ගොවීහු පවසති. පාරම්පරික හේන් ගොවියන්ට අමතරව මීට වසරකට පමණ ඉහත සිට එම ප්‍රදේශයට ගව පාලනය කරන පිරිස්ද පැමිණ තිබේ. හේන් ගොවියන්ට කරන කිසිදු අවහිරයක් ඔවුන්ට සිදු නොවන අතර ඒ සම්බන්ධයෙන් විමසීමකදී දිසා අඩවි වන නිලධාරියා පවසා ඇත්තේ මඩකලපුව දිසාපතිවරියගේ ඉල්ලීමකට අනුව මඩකලපුවේ වී ගොවියන් ගොවිතැන් කරන කාලයට දකුණු ඉවුර ප්‍රදේශයට හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු භූමි තුළට ගවයන් ඇතුළු කිරීමට අවසර ලබා දී ඇති බවයි. මෙය එක් අතකින් ජනතාව අතර නොසන්සුන්තාවක් ඇති කිරිමකි.
මේ අතර මඩකලපුව ජනතාවගේ ජල ප්‍රශ්නයට විසඳුමක් ලෙස මාදුරු ඔය දකුණ ඉවුර ප්‍රදේශයෙන් පාසිකුඩා වෙත ඉදිකිරීමට යෝජිත ඇල මාර්ගය තවත් පාරසරික ප්‍රශ්නයක් මෙන්ම සිංහල දෙමළ ජනතාව අතර ප්‍රශ්නයක් නිර්මාණය වීමට පසුබිම සැකසී ඇත. ඉක්කාගල රක්ෂිතය හරහා දිවෙන එම ඇල මාර්ගය ඉදිකිරිම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබූ රක්ෂිත භූමිය ද මහවැලි අධිකාරියට මේ වන විටත් පවරා හමාරය. රක්ෂිතයේ දැන් පවත්නා ස්වරූපයෙන් කිසිදු සීමා මායිම් ලකුණු වීමක් නොවන නමුත් ඇල මාර්ගය ඉදි වූ පසු දෙපසකට වෙන් වීමට නියමිතය. දැනටමත් පාරම්පරික ගොවියන් එම භූමියෙන් ඉවත්කිරීම සිදු කරන්නේ මේ සඳහාය. එම ජනතාව ඉවත් කිරීම සඳහා අධිකරණ නියෝගයක්ද ගෙන තිබේ. මෙය මඩකලපුව හා පොළොන්නරුව ජනතාවගේ හොඳ හිත පළුදු කිරීමක් බව ගොවියන්ම පවසති.
සංවර්ධනයට මුවා වෙමින් රක්ෂිත විනාශ කිරීමත් ජනතාවගේ පාරම්පරික ඉඩම් උදුරා ගැනීමත් සිදු කර ඉන් නොනැවතී සහජීවනය ද විනාශ කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි ජනතාව පෙන්වා දෙන්නේ. ජල ප්‍රශ්නයට මුවා වෙමින් රක්ෂිත බිම විනාශ කර උක් වගාව ආරම්භ කිරිම කුමන සංවර්ධනයක්දැයි ඔවුහු ප්‍රශ්න කරති. පාරිසරික ඇගයීම් වාර්තාව ද ඇතැම් කාරණා වසන් කරමින් කොළේ වසා සිටින බව එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් හා ප්‍රයෝගිකව එම භූමියේ සිදුවන දේ නිරීක්ෂණය කිරීමෙන්ම පැහැදිලි වෙයි. සංවර්ධන ව්‍යාපෘතිය කරළියට ගෙනවිත් එය සාධාරණීකරණය කිරීම සඳහා මුල්ම පියවර ලෙස සිදු කළේ මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ තොප්පිගල පෙදෙසටවන රක්ෂිත ප්‍රදේශයේ අක්කර 4200ක පමණ භූමි ප්‍රමාණයක් නීති විරෝධීව එළිපෙහෙළි කරමින් පුද්ගලයන් පදිංචි කිරීමේ උත්සාහයයි. ඒ පිළිබඳව ද අපි කරුණු අනාවරණ කළෙමු.
කෙසේ වෙතත් පාරිසරික සහජීවන පිළිබඳ කුමන කයිවාරුව ගැසුවද ඒ කතා අතරේ ඇති යථාර්තය දැන් ඔවුනොවුන් විසින්ම ආනාවරණය කරමින් හිදින බව අපි අවධාරණයෙන් සටහන් කරන්නෙමු.