පුවත්

බලපිටිය කසළ අංගනය නිසාවෙන් ප්‍රදේශවාසීන් පීඩාවට

By In

ගාල්ල බලපිටිය ප්‍රාදේශීය සභාවේ හීනටිය දකුණ ග්‍රාම නිලධාරී වසමට අයත් පුද්ගලික ඉඩමක දැනට වසර ගණනාවක සිට බලපිටිය කොට්ටාශයේ නිවෙස් වලින් බැහැර කරන කැලි කසළ නිසි කළමනාකාරීත්වයකින් තොරව ගොඩගැසීම නිසා දැනට විශාල වපසරියකින් යුත් කසල කන්දක් නිර්මාණය වී ඇත. මේ නිසා හීනටිය මහකරාව ආඳා දොළ යන ප්‍රදේශවල විටින් විට අධික දුර්ගන්ධයක් පැතිරී යන අතර මෙයින් ප්‍රදේශවාසීන් ඉතා අපහසුතාවයට පත්ව ඇත. මෙය මෙම ප්‍රදේශවාසීන්හට මෙය සමාජීය මෙන්ම විශාල සෞඛ්‍ය ගැටළුවක් වී ඇති බව ප්‍රදේශවාසීන් විසින් චෝදනා කරනු ලබයි.

මේ පිලිබඳ විවිධ ආයතන වලින් විමසීම් කෙරුවත් ඒ සඳහා නිසි පිළිතුරක් ලබා ගැනීමට ඔවුනට නොහැකිවිය. මේ අතරතුරේදී තොරතුරැ දැනගැනීමේ පනත පිලිබඳ දැනුවත් වූ ප්‍රදේශවාසියෙකු වන රනුක හර්ෂණ විසින් බලපිටිය ප්‍රාදේශීය සභාවට මේ පිලිබඳ විමසා තොරතුරු අයදුම්පතක් යොමු කරන්නට විය. සතිකීපයක් ගත වෙද්දී යොමු කරන ලද තොරතුරු අයදුම්පත් සඳහා පිළිතුරු පතක් අදාළ තොරතුරු නිලධාරියා විසින් හර්ෂණ වෙත යොමු කොට තිබිණි.

මෙහිදී මෙම කසල ප්‍රශ්ණය සඳහා විසදුම් ලෙස මේ වන විට බැකෝ යන්ත්‍ර ආධාරයෙන් මසකට වරක් පස් යොදා වසා දැමීමට සහ සෞඛ්‍ය ගැටළු මඟ හරවා ගැනීමට නිරනත්රයෙන් දුමයනය සිදු කරන බව පිළිතුරු ලෙස දන්වා ඇත. දැනට මෙම කසළ බැහැර කිරීමට රජය සතු ඉඩමක් නොමැති බැවින් ඉදිරිකාලයේදී වෙනත් ඉඩමක් ප්‍රාදේශීය සභාව වෙත පවරා ගැනීමෙන් පසුව මෙම කසළ අංගනය එම ස්ථනයට ගෙන ගොස් කසළ කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව  2018.12.19 දිනට අදාළ අංක බල /ප්‍රා.ස/16/   /51/2018 දරණ ලිපිය යටතේ බලපිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් මගින් දන්වා ඇත.

කෙසේ නමුත් මේ වන විට කසළ අංගනයට පස් තට්ටු යොදමින් දුමායානය සිදු කරනු ලැබුවත් කසළ කළමනාකරණය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට යෝජිත ඉඩම් පිළිබඳව නිශ්චිත වාර්තාවක් ඉදිරිපත් කර නොමැති හෙයින් ඒ පිලිබඳ ගම්වාසීන් ඉතා විමසිලිමත්ව සිටි.

මේ නිසා ඔවුන් නැවතත් මේ ගැන විමසා තොරතුරු දැනගැනීමේ පනත යටතේ නැවත වරක් බලපිටිය ප්‍රාදේශීය සභාව වෙත ලිපියක් ඉදිරිපත් කර ඇත. මේ සඳහා කඩිනම් පිළිතුරක් බලාපොරොත්තුවෙන් ගම්වාසීන් බලා සිටි.  කෙසේ නමුත් තොරතුරු පනත නිසාවෙන් මේ ගැටලුවට තාවකාලික විසදුමක් හෝ ලැබුණු බව ගම්වාසීන්ගේ විශ්වාසයයි.

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

 

පුවත්

පසුගිය වසරේ අලි මිනිස් ගැටුමෙන් අලින් 388ක් සහ මිනිසුන් 155ක් මිය ගිහින් 

– මොහොමඩ් ආසික් ලෝකය පුරා මිනිසුන් සහ අලි ඇතුන් අතර පවතින සබඳතාව වසර දහස් ගණනක ඈත අතීතයට දිව යයි. පසුකාලීනව…

By In
පුවත්

අක්කර ලක්ෂ 20ක් වී වගා කළත් හාල් හිඟ ඇයි?

– මොහොමඩ් ආසික් ලෝකයේ වැඩියෙන්ම සහල් නිපදවන්නේ ඉන්දියාව, චීනය, බංගලාදේශය  ඉන්දුනීසියාව, වියට්නාමය ආදී රටවල්ය. එම ලැයිස්තුවේ අපේ රටට හිමි වන්නේ…

By In
පුවත්

කොරෝනා මර්දනයට විද්‍යාව පසෙකලා මිත්‍යාව පසුපස ගිය රාජ්‍ය යාන්ත්‍රණය

– සිරංගිකා ලොකුකරවිට කොරෝනා වයිරසය ලෝකය පුරා වසංගතයක් ලෙස පැතිරයද්දී ලෝකයේ බොහෝ රටවල් නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් පමණක් නොව ඒ ඒ…

By In
පුවත්

රක්ෂණ සමාගම්වලට එරෙහි මහජන පැමිණිලි ගැන තොරතුරු හෙළිකරන්නැයි  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

✍️ ජනක සුරංග ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය යනු මෙරට ජාතික ආර්ථිකය කෙරෙහි සුවිශේෂී දායකත්වයක් දරන වැදගත් කර්මාන්තයකි. කොවිඩ් වසංගතය ව්‍යාප්ත…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *