පුවත්

පහවසර ශිෂ්‍යත්වය විභාගය ගැන තොරතුරු ඉල්ලීමක්

By In

ශ්‍රී ලංකාවේ දරුවන් මුහුණදෙන ඉතා තරගකාරී විභාගයක් ලෙස පහ වසර ශිෂ්‍යත්ව විභාගය හැදින්විය හැකිය. නම් කරනු ලබන කඩයිම් ලකුණු ප්‍රමාණයට සඩා වැඩියෙන් ලකුණු ලබා ගැනීම මගින් සමත්වන දරැවන් ද්වීතියික අධ්‍යාපනය සදහා වඩා හොද පාසල්වලට තෝරාගැනීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙම විභාගය පවත්වනු ලැබේ. මේ නිසා ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයින්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ වැදගත් සංදිස්ථානයක් ලෙස පහ වසර ශිෂ්‍යත්ව විභාගය හැදින්විය හැකි ය. ඇතැම් ශිෂ්‍යයින් හොද පාසලකට ඇතුලත් වීමේ සිහිනය සැබෑ කර ගැනීම සදහා විශාල ලෙස වෙහෙස වී වැඩ කරනු දැකිය හැකි ය.

එක් ශිෂ්‍යාවකගේ දෙමාපියන්, තම දරුවා පහ වසර ශිෂ්‍යත්වය විභාගයෙන් ලැබූ ප්‍රතිඵලයට වඩා ඉතා දක්ෂ දරැවෙකු බව පැවති විශ්වාසය නිසා ලැබුණු ප්‍රතිඵලය ගැන සෑහිමකට පත් නොවී ය. මේ හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමට ලබා දෙන ලෙස ඉල්ලා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කර තිබිණි.

මෙම තොරතුරු ලබා දිම ප්‍රතික්ෂේප වූවිට එම දෙමාපියන් මෙය ළමා අයිතිවාසිකම් යටතේ සළකා බලන ලෙසට ඉල්ලීමක් කර ඇත. ඇතැම්විට මෙම ශිෂ්‍යාවගේ පළමු සහ දෙවන ප්‍රශ්නපත්‍ර අතර යම්කිසි අයුරකින් නිසි ලෙස නොගැලපීමක් පැවතිය හැකි බව දෙමාපියන් සැක කරන්නට විය. මෙම සැකය දුරැ කර ගැනීම සදහා ප්‍රශ්න ලත්‍ර දෙකෙහි අත් අකුරු සංසන්දනය සදහා පරීක්ෂා කිරීමට ලබා දෙන ලෙස දෙමාපියන් ඉල්ලා තිබිණි.

මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් විභාග දෙපාර්තුමේන්තුව පිළිත්‍රරු පත්‍ර දෙක පරීක්ෂා කිරීම සදහා අවසර ලබා දී ඇත. ඒ සදහා නම්කරන ලද නිලධාරියෙකු හා ඒ සදහා වේලාවක් වෙන්කොට දී තිබිණි.

දරුවා සහ දෙමාපියන් විසින් පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ දී එහි ගනණය කිරීම්වල සහ පරීක්ෂා කිරීමේ ගැටළුවක් හදුනා ගත්ත ද මෙය නිවැරදි කිරීිමට මෙතෙක් ක්‍රියාමාර්ග ගෙන නැත.

අප කළ විමසීමක දී පෙනී ගියේ එම පැමිණිල්ල තවමත් ආයතනය තුළ විභාග වෙමින් පවතින බවයි. විභාග දෙපාර්තුමේන්තුව විසින් මෙම අසාධාරණයට හා අපහසුතාවයට පත් වූ පාර්ශවය වෙනුවෙන් සතුටුදායක නිවැරදි කිරීමක් තවම සිදුකර නොමැත.

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

පුවත්

පසුගිය වසරේ අලි මිනිස් ගැටුමෙන් අලින් 388ක් සහ මිනිසුන් 155ක් මිය ගිහින් 

– මොහොමඩ් ආසික් ලෝකය පුරා මිනිසුන් සහ අලි ඇතුන් අතර පවතින සබඳතාව වසර දහස් ගණනක ඈත අතීතයට දිව යයි. පසුකාලීනව…

By In
පුවත්

අක්කර ලක්ෂ 20ක් වී වගා කළත් හාල් හිඟ ඇයි?

– මොහොමඩ් ආසික් ලෝකයේ වැඩියෙන්ම සහල් නිපදවන්නේ ඉන්දියාව, චීනය, බංගලාදේශය  ඉන්දුනීසියාව, වියට්නාමය ආදී රටවල්ය. එම ලැයිස්තුවේ අපේ රටට හිමි වන්නේ…

By In
පුවත්

කොරෝනා මර්දනයට විද්‍යාව පසෙකලා මිත්‍යාව පසුපස ගිය රාජ්‍ය යාන්ත්‍රණය

– සිරංගිකා ලොකුකරවිට කොරෝනා වයිරසය ලෝකය පුරා වසංගතයක් ලෙස පැතිරයද්දී ලෝකයේ බොහෝ රටවල් නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් පමණක් නොව ඒ ඒ…

By In
පුවත්

රක්ෂණ සමාගම්වලට එරෙහි මහජන පැමිණිලි ගැන තොරතුරු හෙළිකරන්නැයි  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

✍️ ජනක සුරංග ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය යනු මෙරට ජාතික ආර්ථිකය කෙරෙහි සුවිශේෂී දායකත්වයක් දරන වැදගත් කර්මාන්තයකි. කොවිඩ් වසංගතය ව්‍යාප්ත…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *