පුවත්

පසුගිය වසරේදී කැබිනට් මණ්ඩලය මොනවද කළේ?

By In

ජනක සුරංග

  • 2023 වර්ෂයේ සියලුම අමාත්‍යාංශ වෙතින්  ඉදිරිපත් වූ  අමාත්‍ය මණ්ඩල  සංදේශ ගණන 2495ක්
  • වැඩිම කැබිනට් පත්‍රිකා සංඛ්‍යාව 291ක් – මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයෙන්
  • අනුමත වූ ගණන 2441ක් ; සංශෝධන හා ප්‍රතික්ෂේප වීම් 54ක් පමණයි!

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(1) ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාරව කටයුතු කිරීම අමාත්‍ය මණ්ඩලය වෙත පැවරී ඇත. අමාත්‍යවරුන් පත් කිරීම සහ ඔවුන්ගේ අමාත්‍යාංශවලට අදාළ වන විෂයයන් හා කාර්යයන් පවරා දීමේ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 හා 44 ව්‍යවස්ථා යටතේ දැක්වෙන විධි විධාන පරිදි ජනාධිපතිවරයා වෙත පැවරී තිබේ.

එලෙස පවරනු ලැබ ඇති විෂයයන්ට හා කාර්යයන්ට අදාළව අවශ්‍ය අවස්ථාවන්හි දී අදාළ විෂය භාර කැබිනට් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතු වේ.

එසේ සෑම අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත් කරනු ලබන කැබිනට් සංදේශ, පත්‍රිකා අනුමත වීම් හා සංශෝධන මත පදනම්ව රටේ ජාතික වශයෙන් වැදගත් වන්නා වූ ප්‍රතිපත්ති තීන්දු තීරණ ගනු ලැබේ. එක් එක් අමාත්‍යාංශය මගින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලබන සංදේශ පිළිබඳව අවධානයෙන්, අවබෝධයෙන් සිටීම මහජනතාවට අතිශය වැදගත් කාරණයකි.

තොරතුරු පනත ප්‍රකාරව අමාත්‍ය මණ්ඩල ලේකම් වරයා වෙත ඉදිරිපත් කරනු ලැබූ තොරතුරු ඉල්ලීමකට ලැබුණු පිළිතුර අනුව, පසුගිය වර්ෂයකට අධික කාලයක් තුළ එක් එක් අමාත්‍යාංශයන් තුළින් ඉදිරිපත් කළ හා ඒවායෙන් අනුමත වූ කැබිනට් පත්‍රිකා පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

  ආයතනය  /  අමාත්‍යාංශය2023-01-01 සිට 2023-12-31 දක්වා
ඉදිරිපත් කළඅනුමත වූ
ජනාධිපති කාර්යාලය102102
අග්‍රාමාත්‍ය කාර්යාලය3836
ආරක්ෂක අමාත්‍යාංශය6462
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය291288
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය9694
ධීවර අමාත්‍යාංශය2525
අධ්‍යාපන අමාත්‍යාංශය234229
පුවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය181176
ජනමාධ්‍ය අමාත්‍යාංශය5757
සෞඛ්‍ය අමාත්‍යාංශය112108
ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය4848
කෘෂිකර්ම අමාත්‍යාංශය8281
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය2927
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය131128
සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය8171
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය4949
කර්මාන්ත අමාත්‍යාංශය5250
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය110108
විදේශ කටයුතු අමාත්‍යාංශය6463
බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය7674
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය127125
පරිසර අමාත්‍යාංශය3434
වාරිමාර්ග අමාත්‍යාංශය6361
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය2827
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය3938
මහජන ආරක්ෂක අමාත්‍යාංශය3939
වෙළඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය3635
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය140140
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය1616
තාක්ෂණ අමාත්‍යාංශය1111
ආ‍යෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය4039
24952441

ඒ අනුව පසුගිය වසරේ සක්‍රිය වැඩිම කැබිනට් සංදේශ ප්‍රමාණයක් වූ 291ක් මුදල්,ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති අතර ඉන් 288ක ප්‍රමාණයක් අනුමත කර තිබේ.

තාක්ෂණ අමාත්‍යාංශය මගින් අඩුම කැබිනට් පත්‍රිකා ප්‍රමාණයක් ඉදිරිපත් වී ඇති අතර එම සියල්ල අනුමත වී තිබේ. ඊට අමතරව  අධ්‍යාපන අමාත්‍යාංශය , වරාය හා නාගරික ගුවන් සේවා අමාත්‍යාංශය, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය වැඩි කැබිනට් පත්‍රිකා සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති අතර; ධීවර, කම්කරු, ක්‍රීඩා හා යෞවන කටයුතු, කෘෂිකර්ම, පරිසර අමාත්‍යාංශ නියෝජනය කරන ක්ෂේත්‍ර මෙන්ම කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශ මගින් අවම කැබිනට් පත්‍රිකා සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබෙන බවද නිරීක්ෂණය වේ.

2024 පළමු කාර්තුව තුළ මෙසේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් වූ අමාත්‍ය මණ්ඩල සංදේශ ගණන 512ක් වන අතර එයින් 505ක්ම අනුමත වී ඇත. එයින්ද 67ක් ඉදිරිපත් වී තිබුණේ මුදල, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් වන අතර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 51ක් ඉදිරිපත් වී තිබුණි. ඒ අනුව වැඩිම කැබිනට් සංදේශ ප්‍රමාණයතක් යොමුවන්නේ මෙම අමාත්‍යාංශ මගින් බව නිරීක්ෂණය වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ වෙනත් යම් ලිඛිත නීතියක් හෝ පරිපාලන රෙගුලාසි මඟින් වෙනත් බලධාරීන්/ ආයතන වෙත පැවරී ඇති විෂයයන් හැරුණු කොට සිය අමාත්‍යාංශය සහ ඒ යටතට ගැනෙන රාජ්‍ය අමාත්‍යාංශ වෙත පවරා ඇති විෂයයන් හා කාර්යයන්ට අදාළ වන කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය අවස්ථාවන්හිදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගනු ලබන බව තහවුරු කර ගැනීම අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සතු වගකීම වේ.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලබන යෝජනා 

1. අයවැය යෝජනාවක් මඟින් හෝ අමාත්‍ය මණ්ඩලය වෙතින් හෝ මීට පෙර අනුමැතිය ලැබී නොමැති, ජාතික ප්‍රතිපත්ති සම්පාදනයට අදාළ කරුණු

2. නව ව්‍යවස්ථා / නීති සම්පාදනය හෝ පවතින නීතියක් සංශෝධනය කිරීමට අදාළව අනුමත රාමුව තුළ ඇතුළත්  කරනු ලබන යෝජනා

3. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ රජයයන්/ අන්තර්ජාතික සංවිධාන/විදේශීය ආයතන සමඟ ගිවිසුම්/අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට අදාළ සංදේශ (අනුමත නෛතික ප්‍රතිපාදන හා සීමාවන්ට යටත්ව) 

4. රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ නිශ්චිතව දක්වා ඇති අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුවේ අධිකාරී බල සීමාවන් ඉක්මවන ප්‍රසම්පාදනයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සියලුම ප්‍රසම්පාදන කමිටු පත් කිරීම සහ එලෙස පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවල නිර්දේශ පරිදි අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම්

5. ජාතියේ හිත පිණිස වන සුවිශේෂී අවස්ථා යටතේ ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි සංග්‍රහය, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය, රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතීන්හි ප්‍රසම්පාදනයන් සම්බන්ධයෙන් වන තත්කාලීන මාර්ගෝපදේශ ආදියෙහි සඳහන් විධි විධානවලින් බැහැරව කටයුතු කිරීම පිණිස බලය ඉල්ලා සිටීම්  

6. වාර්ෂික අයවැයෙන් වෙන් කර දී ඇති මූල්‍යමය ප්‍රතිපාදන මාරු කිරීම මඟින් වියදම් සපුරාගත නොහැකි හෝ ඊළඟ අයවැය තෙක් කල් දැමිය නොහැකි හෝ රජයේ හදිසි ස්වභාවයේ කටයුතු සඳහා පාර්ලිමේන්තුව වෙත පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම්

7. වාර්ෂික විසර්ජන පනතේ තුන්වන උපලේඛනයෙහි සඳහන් අත්තිකාරම් ගිණුම් සීමාවන් ප්‍රතිශෝධනය කිරීම් 

8. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55(1) ව්‍යවස්ථාව ප්‍රකාරව රජයේ නිලධරයන් සම්බන්ධයෙන් වන කරුණු සඳහා විධිවිධාන සැලසීමට අදාළව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම යෝග්‍ය වන අවස්ථාවලදී එම කරුණු නිශ්චය කිරීම සහ එකී කරුණු සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා ගැනීම්ෙ

9. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55(2) ව්‍යවස්ථාව ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලය වෙත පැවරී ඇති බලතල යටතේ දිස්ත්‍රික් ලේකම්වරුන්/දිසාපතිවරුන් ඇතුළුව සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් පත් කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, විනය පාලනය හා සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් වන කරුණු 

10. යම් ලිඛිත නීතියක් යටතේ අමාත්‍ය මණ්ඩලය පත්වීම් බලධරයා වන අවස්ථාවන්හිදී අදාළ පත් කිරීම් සිදු කිරීම.

11. රාජ්‍ය සංස්ථා සහ ව්‍යස්ථාපිත මණ්ඩල විසින් පාර්ලිමේන්තුව වෙත වාර්ෂික වාර්තා හා ගිණුම් ප්‍රකාශ / වාර්ෂික කාර්ය සාධන වාර්තා ඉදිරිපත් කිරීම් 

12. අධිකරණ කටයුත්තක් සම්බන්ධයෙන් රජය පාර්ශ්වකරුවකු වන අවස්ථාවකදී සමථයකට/ එකඟතාවකට එළඹීම සඳහා වන යෝජනා

13. රජය පාර්ශ්වකරුවකු වන අධිකරණ නියෝගයක් සම්බන්ධයෙන් අභියාචන ඉදිරිපත් කිරීම සඳහා වන යෝජනා 

14. රජයේ ආයතන දෙකක් අතර ඇති වන ආරවුල් නිරාකරණය කිරීම පිණිස අධිකරණමය ක්‍රියාමාර්ග සඳහා යොමු නොවී සමථයකට/ එකඟතාවකට පත් වීම සඳහා ඉදිරිපත් කරනු ලබන යෝජනා 

15. කලින් එළඹි අමාත්‍ය මණ්ඩල තීරණයක් ක්‍රියාත්මක කිරීමට අපහසු වන්නේ නම් ඒ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීම හෝ අමාත්‍ය මණ්ඩල තීරණයක් සංශෝධනය කිරීම සඳහා වන යෝජනා 

මේ ආදී වශයෙන් ඉතා වැදගත් තීන්දු තීරණ රාශියක් ගැනීම, ප්‍රතික්ෂේප වීම, සංශෝධනය කිරීම් අමාත්‍ය මණ්ඩල ක්‍රියාවලිය හා බැඳී පවතී.

මෙම දත්ත තුළින් රටේ පරිපාලනය හා අනගත තීන්දු තීරණ පිළිබඳව වැදගත් පුරෝකථනයන්වලට මහජනතාවට එළිඹිය හැකි අතර, අමාත්‍ය මණ්ඩල සංදේශ/සටහන් සහ ඊට අදාළ තීරණයන් “රහස්‍ය ලේඛන” වශයෙන් සැලකෙන බැවින්, එකී ලේඛන හෝ ඒවායේ ඇතුළත් තොරතුරු අනවශ්‍ය ආකාරයට ගැඹුරින් අතික්‍රමණය හා තොරතුරු හෙළිදරව් කිරීම තොරතුරු පනතින්ද විශේෂයෙන් සීමා කර ඇති බවද,  එම සීමාවන්ද තොරතුරු ඉල්ලුම්කරුවන් දැනුවත් වී සිටීම වැදගත් වේ.

කම්කරු අමාත්‍යාංශය විසින් 2022 වර්ෂයේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබූ සේවක අර්ථසාධක අරමුදල් පනතේ සංශෝධනයක් නිසි කලට සිදු නොවීම මත එකී අමාත්‍ය මණ්ඩල සංදේශය මහ ජනතාවට හෙළි කළ යුතු බව තොරතුරු ඉල්ලා සිදුකළ තොරතුරු ඉල්ලීමක් එම අමාත්‍යාංශය  විසින් “එය තීරණයක් ගෙන නොමැති අමාත්‍ය මණ්ඩල සංදේශයක්” බව පවසමින් තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණු අවස්ථාවක, තොරතුරු කොමිෂන් සභාවට වෙත එය ඉකුත් වසරේ ජුනි මාසයේදී පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් විය. එම අභියාචනා විභාගය අවසානයේදී තොරතුරු පනතේ සඳහන් බැහැර කිරීම්වලට යටත් ප්‍රතික්ෂේප කළ හැකි තොරතුරක් වුවත් අභියාචකගේ දීර්ඝ කරුණු දැක්වීමත්, මහජන සුභ සිද්ධියත් යන කාරණා ඉස්මතු වීම මත ඉල්ලා සිටින ලද අමාත්‍ය මණ්ඩල සංදේශයේ සාරාංශය හෙළි කිරීමට කම්කරු අමාත්‍යාංශයට සිදුවිය.

මේ කරුණු අනුව තොරතුරු පනතේ පවතින නෛතික සීමාවලට ඉහළින් කොමිසමද තෘප්තිමත් වන ආකාරයේ මහජන තොරතුරු හෙළිදරව් කිරීමට හැකියාව ලැබීම පිළිබඳව පනතේ ප්‍රායෝගික භාවිතය ගවේෂණය කරන සියලු පාර්ශ්වයන්ගේ අවධානයට විශේෂයෙන් ලක් විය යුතුය.

පුවත්

කීරිමලේ ජනාධිපති මන්දිරය සීමා මායිම් නොමැතිව පෞද්ගලික විශ්වවිද්‍යාලයකට බදු දෙයි!

එන්. ලෝකදයාලන්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිකරන ලද කීරිමලේ ජනාධිපති මන්දිරය සහ ඒ අවට ප්‍රදේශය පෞද්ගලික විශ්වවිද්‍යාලයකට වසරකට…

By In
පුවත්

 ‘පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත’   ලබන මාර්තු සිට පූර්ණ වශයෙන් බලගැන්වේ.

ජනක සුරංග පෞද්ගලික දත්ත සැකසීම නියාමනය කිරීම,පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම,දත්ත දායකයන්ගේ අයිතිවාසිකම් හඳුනාගැනීම සහ ශක්තිමත් කිරීම ආදී අරමුණු රැසක්  ඉලක්ක…

By In
Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *