පුවත්

තොරතුරු පනතට අනුව ක්‍රියාත්මක වන්න – පොලිස්පති කාර්යාලයට සහ පොලිස් අධිකාරී කාර්යාල 34කට තොරතුරු කොමිසමෙන් දැනුම්දෙයි

By In

“එහෙම තනතුරක් නෑ” කියා හලාවත පොලිස් අධිකාරී කාර්යාලයෙන් තොරතුරු අයදුම්පත හරවා යවලා ……..

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

තොරතුරු දැනගැනීමේ පනතට අනුව ක්‍රියාත්මකවන්නැයි එම පනත යටතේ ඉල්ලා සිටි තොරතුරු නොදුන් පොලිස් අධිකාරී කාර්යාල 34කට සහ පොලිස්පති කාර්යාලය වෙත තොරතුරු දැනගැනීමේ කොමිසන් සභාව විසින් පූර්ව දැනුම්දීම් සිදුකර තිබේ.

එම ලිපියේ වැඩි දුරටත් සඳහන් වන්නේ  2016 අංක 12 දරන තොරතුරු දැනගැනීම පිළිබඳ පනතේ 25,28,හා 31 වගන්ති කෙරෙහි අවධානය යොමු කර ලිපිය ලැබූ දින 07ක් ඇතුලත පනතේ 25 වන වගන්තිය පරිදි කටයුතු කරන ලෙසයි.

එමෙන්ම පොලිස් අධිකාරී මගින් තොරතුරු නො ලැබීම සම්බන්ධයෙන් පොලිස්පතිතුමන් වෙත 2020.10.12 දින අභියාචනා සිදුකර ඇති අතර  ඒ සඳහා පොලිස්පති කාර්යාලය විසින් කිසිදු තොරතුරක් ලබා දීමට කටයුතු කර නොමැත. අනතුරුව ඒ පිළිබද තොරතුරු දැනගැනීමේ  අයිතිවාසිකම් පිළිබඳ කොමිසන්  සභාව වෙත යොමු කළ අභියාචනාවන් හි ප්‍රතිඵලයක් වශයෙන් කොමිසම මගින්  මෙම පූර්ව දැනුම් දීම සිදු කර ඇත. අදාළ දැනුම් දීමට අනුව කටයුතු කිරීමට අසමත් වුවහොත් අභියචානා සිදු කිරීමට නොතීසි නිකුත් කරන බව ද එමගින් දැනුම් දී තිබේ.

පොලිස්පති කාර්යාලය හා අදාළ අනෙකුත් පොලිස් අධිකාරී කාර්යාල මගින් පසුගිය 2020 පාර්ලිමේන්තු මැතිවරණ සමයේ  සෞඛ්‍ය අමාත්‍යංශය මගින්  නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අදාළව  නිසි පරිදි දැනුවත් කර නොමැතිව මැතිවරණ ප්‍රචාරක රැලි පැවැත්වූ  හා එහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත්  පුද්ගල සංඛ්‍යාව ගැන තොරතුරු විමසමින් යොමු කළ තොරතුරු අයදුම්පත් සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීම මෙලෙස මග හැර තිබේ.  ‍ෙ

මේ ආකාරයෙන් දිවයිනේ පොලිස්  අධිකාරී කාර්යාල 42 ක් වෙත 2020 සැප්තැම්බර් 14 දින  යවන ලද තොරතුරු ඉල්ලුම්පත් සඳහා තොරතුරු ලබාදී ඇත්තේ පොලිස්  අධිකාරී කාර්යාල 08 ක් පමණකි. ඒ කන්කසන්තුරේ ,මුලතිවු, වවුනියාව, කුලියාපිටිය, කළුතර, මහනුවර, මඩකලපුව, තංගල්ල යන පොලිස් අධිකාරී කාර්යාල පමණක් වන අතර ලංකාවේ අනෙකුත්   පොලිස් අධිකාරී කාර්යාල 34 ක් හා පොලිස්පති කාර්යාලය ද  තොරතුරු ලබාදීමට  අපොහොසත්වී  තිබේ.

 එමෙන්ම තොරතුරු නොදුන් පොලිස් අධිකාරී කාර්යාල 34 අතුරින් එම තොරතුරු ඉල්ලීම ලැබුණු බව දන්වා  ඇත්තේ අම්පාර, ගාල්ල, අනුරාධපුර, බදුල්ල යන පොලිස් අධිකාරී කාර්යාල පමණි. අනෙකුත් සියළු පොලිස් අධිකාරී කාර්යාල 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ  පනතේ 24 (3) වගන්තිය ප්‍රකාරව තොරතුරු අයදුම් පත්‍රය ලැබුණු බවට තොරතුරු නිලධාරියා විසින් දැනුම්වත් කළ යුතු වුවත් එම නීතිය කඩකර තිබේ. 

හලාවත ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී තොරතුරු පනත ගැන දන්නේ නෑ?

මේ අතර හලාවත පොලිස් අධිකාරී කාර්යාලය වෙත 2020.09.14වන  දින ලියාපදිංචි තැපැල් අංක 0313 යටතේ  හලාවත පොලිස්  අධිකාරී කාර්යාලයේ තොරතුරු නිලධාරී වෙත යොමුකළ තොරතුරු ඉල්ලුම් පත එහි ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනිය වන පී.ඩී.එන් වසන්ත කුමාරි යන අය විසින් ඇයගේ  නිළ මුද්‍රාව හා අත්සනින් යුතුව එවැනි තනතුරක් හලාවත පොලිස්  අධිකාරී කාර්යාලයේ නොමැති බව පවසමින් 2020.09.16 දින  ලිපිය හරවා එවා තිබේ.

 මේ ආකාරයෙන් අදාළ පොදු අධිකාරිය මගින් පුරවැසියන්ගේ  තොරතුරු ඉල්ලුම්පත් හරවා එවනු ලබන්නේ 2019 පෙබරවාරි මස 13 වන දින හිටපු පොලිස්පතිතුමන් වන පූජිත් ජයසුන්දර මහතා විසින් ශ්‍රී ලංකා පොලිසිය සඳහා පත්කළ තොරතුරු නිලධාරීන් සංශෝධනය  කරමින් ඊට අනුසාංගික කරුණු  සඳහා උපදෙස් දක්වමින් පොලිස් අධිකාරී කාර්යාල හා අනෙකුත් අංශවල තොරතුරු නිලධාරීන් පත්කරමින්  ඒ සම්බන්ධයෙන්  ලිඛිතව RTM 607 ලිපිය මගින්  දන්වා තිබෙන පසුබිමක ය.

 කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදාළ කළමනාකාර නිලධාරීවරියගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ ” මගේ අතින් එහෙම වැරැද්දක් වෙලා තියෙනවා. ඒකට මට දැන් කරන්න දෙයක් නෑ. නමුත් ඒ සම්බන්ධයෙන් ලේඛන ගත කිරීමක් සිදුකර නොමැති නිසා එහෙම ඉල්ලීමක් ලැබුණේ නෑ කියල දන්වන්න වෙනවා. ” යනුවෙනි.

විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ පනතේ 38 (1) (අ) (i ) යටතේ මේ ආකාරයෙන් පුරවැසියෙකුගේ තොරතුරු ලබාගැනීම සඳහා වූ  ඉල්ලීමක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවක දී ඒ සම්බන්ධයෙන් අදාළ පොදු අධිකාරියේ විනය බලධාරියා විසින් නිසි ක්‍රියාමාර්ග ගෙන ඒ සම්බන්ධයන් 38 (2)  වගන්තිය යටතේ තොරතුරු දැනගැනීමේ කොමිසන් සභාව වෙත ද දැනුම්වත් කළ යුතු ය.

මේ සම්බන්ධයෙන් හලාවත පොලිස් අධිකාරිවරයා හට පසුව දුරකථනය ඔස්සේ දැනුම්දීමෙන් පසු FAX මගින් නැවත එම අයදුම්පත් ගෙන්වා ගනු ලැබුව ද එම තොරතුරු ලබා නොදීම නිසා 2020.10.12 දින අභියාචනා නිලධාරී වන  පොලිස්පතිවරයාට දන්වා තිබුණත් ඒ සඳහා ද කිසිදු පිළිතුරක් ලබාදීමට කටයුතු කර නොමැත.

මේ ආකාරයනේ බොහෝමයක් පොලිස් අධිකාරී කාර්යාල මෙන්ම පොලිස්පති  කාර්යාලය  මගින් ඉල්ලා සිටින තොරතුරු ලබා නොදීම හා අභියාචනා සඳහා ද නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්  අදාළ තොරතුරු ඉල්ලුම්කරනු ලබන පුරවැසියන් දැඩි අසීරුතාවයකට පත්ව තිබේ. එය හොද තත්වයක් නොවන බව විශේෂයෙන් සදහන් කළ යුතු නැත.

පුවත්

දේශබන්දු පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පොලිස් කොමිසම ක්‍රියාත්මක නොකළේ ඇයි?

– ධනුෂ්ක සිල්වා 2023 දෙසැම්බර් 14 වැනි දින, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අංක 107/2011 දරන මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් සුවිශේෂී තීන්දුවක්…

By In
පුවත්

2023 වසරේදී යාපනයේ රෝහල් අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා වියදම රුපියල් කෝටි 7ක් !

– එන්. ලෝකතයාලන් යාපනය ශික්ෂණ රෝහලේ අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා පසුගිය වසරේ රුපියල් කෝටි 7ක මුදලක් වැය කර ඇති බව…

By In
පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී…

By In
පුවත්

ආංශික අධීක්ෂණ කාරක සභාවල තරුණ නියෝජනය සංදර්ශනයක් පමණක්ද?

– කේ. ප්‍රසන්නා තරුණ නියෝජිතයන්ට පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා සහභාගි වීමට අවස්ථාව ලබා දීමේ වැඩපිළිවෙළක්, පසුගිය රජය විසින්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *