පුවත්

තොරතුරු දැනගැනීමේ පනතට අනුව එක් කොලයක  තොරතුරු දෙන්න නුවරඑළිය ගොවිජනසේවා කාර්යාලය රුපියල් 300ක් අරන්

By In

සිමෙන්ති සංස්ථාවෙන් ලිපිය තැපැල් කරන්නත් සල්ලි අරන්

ගාස්තුවලට පිටින් අයකරගනිමක් සිදුකර තිබේනම් එය වරදක් – නීතිඥයෙකු ජගත් ලියනආරච්චි

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

  තොරතුරු දැනගැනීමේ පනතට අනුව තොරතුරු ලබාගැනීමේදී තොරතුරු ඉල්ලුම්කරුවන්ගෙන් ලබාගැනීමට නිර්දේශිත මුදලට වඩා වැඩි මුදලක් නුවරඑළිය ගොවිජනසේවා කාර්යාලය හා සිමෙන්ති සංස්ථාව විසින්  අයකර තිබේ.

   2016 අංක 12 දරන තොරතුරු  දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ  පනතේ 3(1) වගන්තිය ප්‍රකාරව ලියාපදිංචි තැපැල් මගින් ඉල්ලා සිටි තොරතුරු ලබාදීමට කටයුතු කර තිබුණත් අදාළ පොදු අධිකාරිය විසින් එම තොරතුරු ලබාදීම සඳහා පනතේ රෙගුලාසි කඩකරමින් තොරතුරු ඉල්ලුම්කරුගෙන් මේ ආකාරයෙන්  වැඩිපුර ගාස්තු අයකරගෙන තිබේ.

  මෙහි දී අදාළ  තොරතුරු ලබාදීමට රුපියල් 300ක ගාස්තුවක් ගෙවන ලෙස 2020.08.28දින  ලිපියක් මගින් දැන්වීමෙන් පසු එම මුදල  මුදල් භාරගැනීමේ කුවිතාන්සි අංක  806375 යටතේ 2020.11.26 දින  ගෙවා ඇති අතර එයට අදාළ තොරතුරු  2021/01/05 දින  ලියාපදිංචි තැපැල් මගින් එවා තිබුණු අතර එම තොරතුරු එක් කොලයකින් (A 4-1)පමණක් සමන්විත වී තිබේ. නමුත් අදාළ පොදු අධිකාරිය වන නුවරඑළිය ගොවිජනසේවා කාර්යාලය  විසින් ඒ  සඳහා තොරතුරු ඉල්ලුම්කරුගෙන්  රුපියල් 300/= ක මුදලක් ලබාගෙන තිබේ.

   නුවරඑළිය ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලයේ  තොරතුරු නිලධාරීනිය  විසින් එක් කොළයක තොරතුරු ලබාදීමට රුපියල් 300ක මුදලක් ලබාගෙන තිබීම බරපතල ගැටලුවකි. මේ සම්බන්ධයෙන් අදාළ තොරතුරු නිලධාරිනියගෙන් කළ විමසීමක දී කියා සිටියේ තොරතුරු රැස්කිරීමට යම් මුදලක් වැය වූ හෙයින් ඒ වෙනුවෙන් රුපියල් 300ක මුදල ලබාගත් බවයි.

  එමෙන්ම සිමෙන්ති සංස්ථාවෙන් ඉල්ලා සිටි තොරතුරු ලබාදීමට එක් කොළයක් සඳහා රුපියල් 05ක ගාස්තුවක් හා එම ලිපිය ලියාපදිංචි තැපැල් මගින් එවීම සඳහා රුපියල් 45ක  ගාස්තුවක් ද අයකරගෙන තිබේ. මේ සම්බන්ධයෙන් සිමෙන්ති සංස්ථාවේ තොරතුරු නිලධාරිනියගෙන් කළ විමසීමක දී ඇය කියා සිටියේ තමන් හට ලැබුණු උපදෙස් මත එම අයකිරීම් සිදුකළ බවයි.

 2016 අංක 12 දරන තොරතුරු  දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ  පනතේ 42 (1)(ඇ) වගන්තියට අදාලව සකස් කෙරුණු, ගාස්තු ගෙවීම් සඳහා වූ රීතින් තුළ ගාස්තු ගෙවිය යුතු ක්‍රමවේදයන් සම්බන්ධයෙන් පැහැදිලි කර තිබේ. ඒ අනුව තොරතුරු ඉල්ලුම්කරුට මුල් කොළ හතර නොමිලයේ ලබාදිය යුතු අතර ඒ සඳහා සිදුකරන මූලික කටයුතු සඳහා ද අයකිරීමක් සිදුකිරීමට නොහැකි ය. නමුත් මෙම නියමයන් කඩකරමින් මේ ආකාරයෙන් තොරතුරු ඉල්ලුම්කරන  පුරවැසියන්ගෙන් වැඩිපුර ගාස්තු අයකිරීම බරපතල ගැටළුවක් වේ.

මේ සම්බන්ධයෙන්  තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් පුහුණුකරුවෙකු ,දේශකයෙකු ද වන  නීතිඥ ජගත් ලියනආරච්චි මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේවන් දහසක්

  ”තොරතුරු සදහා ගාස්තු අයකරගැනීම පිළිබඳව 2017 පෙබරවාරි 03 වන දින අංක 2004/66 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වෙනවා  තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිලිබදව කොමිසම් සභාවේ තොරතුරු රීති පිළිබඳව ,මේ තොරතුරු රීතිවලට පිටින් කටයුතු කරන්න පුළුවන් එක් අවස්ථාවක පමණයි ඒ යම් චක්‍රලේකයක් හෝ රීතියක් මගින් ගාස්තු ක්‍රමයක්  ඒ ආයතනය සකසාගෙන තිබේනම් එය අයකරගන්න පුළුවන්.එහෙම නොමැතිව අයකරගන්න පුළුවන් ගාස්තු උපලේඛනයේ සදහන් ගාස්තු පමණයි.එමෙන්ම එහි පැහැදිලිව සදහන් වෙනවා තොරතුරු සෙවීමට යන වියදම් අයකරගන්න බැ කියලා.”

    මේ සම්බන්ධයෙන් 2017 පෙබරවාරි 03 වන දින අංක 2004/66 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ගාස්තු පිලිබඳ   රීති දැක්වෙන 3,4,6 වගන්තිවල පැහැදිලිව සදහන් කර තිබෙන බවද ලියනආරච්චි මහතා පෙන්වා දෙයි.

 යම් අකාරයකින් යම්  පුද්ගලයෙකු ,ආයතනයක් ගාස්තුවලට පිටින් අයකරගනිමක් සිදුකර තිබේනම් එය අභියාචනා කළ යුතු කාරණාවක් බවත් එසේ වැඩිපුර ගාස්තු අයකරගැනීම තුලින් ජනතාවගේ තොරතුරු අයිතිය සිමාකිරීමක් මෙන්ම තොරතුරුපනතේ අරමුණට පටහැනි ක්‍රියාවක් බව නීතිඥ ජගත් ලියනආරච්චි මහතා පෙන්වා දෙයි

පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In
පුවත්

එයාර්බස් ගනුදෙනුව:රහස්‍යභාවය පිටුපස සැඟවුණු සත්‍යය කුමක්ද?

පසුගිය කාලය තුළදී  දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුතින් එක් කර ගත් එයාර්බස් A330-200 (Airbus…

By In
පුවත්

ළමා මන්දපෝෂණයට තිත තබන පියවර ප්‍රමාදයි!

අවුරුදු පහට අඩු දෙලක්ෂ පහළොස් දහසක්ම අඩු බර දරුවන්  එක්ලක්ෂ තිස්තුන් දහසක් මිටියි මන්දපෝෂණය මගින් සෑම ආකාරයකින්ම පුද්ගලයන්, පවුල්, සමාජයන් සහ රටවල් මත සෘජු…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *