පුවත්

තොරතුරු ඉල්ලීමක් ප්‍රතික්‍ෂේප වන්නේ ඇයි?

By In

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත මගින් තොරතුරු දැනගැනීමට මෙරට මහජනතාවට ඇති මූලික අයිතිවාසිකම දිනා දෙන ලදී. එහි දී විශේෂයෙන් පොදු අධිකාරීන්ගේ විනිවිදභාවය උරගා බැලීමට ජනතාවට අවස්ථාවක් හිමි කර දුනි. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක කොටස්කරුවන් වශයෙන්, තමාට ඍජුව බලපානු ලබන රාජ්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ පිළබඳ දැනුවත් වීමටත්, අවැසි තන්හි දී ඒවා ප්‍රශ්න කිරීමටත් ඒ අනුව ඔවුන් අවකාශ ලදී. නිදසුන් වශයෙන් එදිනෙදා ජීවිතයේ දී ඍජුව අප හා සම්බන්ධ වන සෞඛ්‍ය, අධ්‍යාපනය, සංවර්ධනය ආදී ක්‍ෂෙත්‍රයන්ට අදාළ ගැටලු සඳහා අදාළ තොරතුරු අපට ඉල්ලා සිටිය හැකි වන අතර ඒවාට අදාළ මුද්‍රිත/විද්‍යුත් ලේඛන සහ ආදර්ශක පරිශීලනයට ද තොරතුරු දැනගැනීමේ පනත මගින් මහජනතාවට ඉඩ ලබා දෙන ලදී. 

නමුත් පුද්ගලික හා ජාතික ආරක්‍ෂාව මෙන්ම තවත් වෙසෙස් හේතූන් කිහිපයක් මත පිහිටා යම් විශේෂිත විෂයය පථයන්ට අදාළ තොරතුරු වලට ප්‍රවේශ වීම සීමා කර තිබෙනු පනත තුළ ම දක්නට ලැබේ. එම අදාළ තොරතුරු ‘කිසිසේත් ඉල්ලා සිටිය නොහැකි’ යැයි පනත තුළ අවධාරණය කර නොමැති වුවත් තොරතුරු ලබාදීමට වගකිවයුතු අධිකාරිය හට එම තොරතුරු ලබා දීම ප්‍රතික්‍ෂේප කිරීමට පනත තුළින් ම බලය ලබා දී ඇත. එසේ තොරතුරු සැපයීම ප්‍රතික්‍ෂේප කළ හැක්කේ කුමනාකාරයේ විෂයයන් සම්බන්ධව ද යන්න පනතෙහි 5 වන වගන්තියෙහි (අ) සිට (ඕ) දක්වා පෙන්වා දී ඇත. එම ධාරණාවන් මෙසේ ය. 

  • යමෙකුගේ පුද්ගලිකත්වය අනවශ්‍ය ලෙස අනාවරණය කරන ආකාරයේ තොරතුරු
  • තොරතුරු ලබා දීමෙන් ජාතික ආරක්‍ෂාවට හා භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක් එල්ල වි හැකි ආකාරයේ තොරතුරු
  • කල් ඇතිව හෙළිදරව් කිරීම නිසා රටෙහි අනාගත ගිවිසුම් හා ආර්ථිකයට බලපෑමක් සිදු වන ආකාරයේ තොරතුරු
  • 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ ආරක්‍ෂා කර ඇති වාණිජ/වෙළඳ රහස්, බුද්ධිමය දේපළ ඇතුළු තොරතුරු හෙළි කිරීමෙන් යම් තෙවැනි පාර්ශවයක තරගකාරී තත්ත්වයට අහිතකර බලපෑමක් එල්ල වේ නම් එවැනි තොරතුරු  
  • යම් පුද්ගලයෙකුගේ වෛද්‍ය වාර්තා හෙළිදරව් කිරීමට සිදුවන ආකාරයේ තොරතුරු, (එම පුද්ගලයා අදාළ තොරතුරු හෙළි කිරීම සඳහා ලිඛිතව අවසර ලබා දී ඇත්තේ නම් මිස)
  • නීතිපතිවරයා හෝ වෘත්තිමය වශයෙන් නීතිපතිවරයාට සහාය දක්වන යම් නිලධාරියෙක් හා පොදු අධිකාරියක් අතර ඇති තොරතුරු හුවමාරු කිරීම ද ඇතුළුව, යම් වෘත්තිකයෙක් තම සේවාව සපයන වෘත්තිකයෙකු හා පොදු අධිකාරියක් අතර හුවමාරු කරගනු ලැබූ තොරතුරු (නීතියෙන් මෙවැනි තොරතුරු ලබාදීම ප්‍රතික්‍ෂේප කළ හැකි ය)
  • භාරකාර සබඳතාවක් අතරතුර ලබා දුන් තොරතුරු 
  •  යම් අපරාධයක් විමර්ශනයට, සැකකරුවන් අල්ලා ගැනීමට හෝ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට හානියක් සිදු කරන ආකාරයේ තොරතුරු සහ ජාතික ආරක්‍ෂාවට හා නීතිය බලාත්මක කිරීම සඳහා තොරතුරු ලබා දෙන්නන්ගේ අනන්‍යතාවය හෙළිදරව් කරන ආකාරයේ තොරතුරු 
  • අධිකරණයට අපහාස කිරීමක් හෝ අධිකරණයේ අපක්‍ෂපාතීත්වයට හානිකර ලෙස ක්‍රියාත්මක වන්නේ යැයි විශ්වාස කරන තොරතුරු
  • පාර්ලිමේන්තුවේ හෝ පළාත් සභාවක වරප්‍රසාද උල්ලංඝනය වන්නේ යැයි විශ්වාස කරනු ලබන තොරතුරු 
  • විභාග දෙපාර්තමේන්තුව හෝ උසස් අධ්‍යාපන ආයතනයක් විසින් පවත්වනු ලබන විභාගයක් සම්බන්ධයෙන් ඇති මහජන විශ්වාසයට හානිකර වන්නේ යැයි විශ්වාස කරනු ලබන තොරතුරු 

ඉහත තොරතුරු ඉල්ලා සිටි පමණින් අදාළ අධිකාරියට එම තොරතුරු ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ නොහැකි ය. යමෙකු විසින් ඉහත සඳහන් විෂයයන්ට අයත් තොරතුරක් ඉල්ලා සිටි පසු අදාළ තොරතුරු ලබා දීම ප්‍රතික්‍ෂේප කළ හැක්කේ පනතෙහි එන ඉහත සඳහන් කරුණක් අභියෝගයට ලක් වන්නේ දැයි සළකා බැලීමෙන් අනතුරුව ය. නමුත් තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුද්ගලයා එය හුදෙක් මහජන සුබසිද්ධිය පිණිස සිදු කරනු ලබන්නක් නම් එවැනි අවස්ථා සළකා බැලිය යුතු බවට පනත මගින් පැහැදිලි කරනු ලබයි. එනම් ඉහත සඳහන් යම් තොරතුරක් ලබා දීම සාමාන්‍යයෙන් ප්‍රතික්‍ෂේප කර තිබුණත්, පනතෙහි 5 (4) වගන්තිය මගින් අදාළ තොරතුරු හෙළිදරව් කිරීමෙන් ඇති වන මහජන සුබසිද්ධිය එම තොරතුර හෙළි කිරීමෙන් සිදුවි හැකි හානියට වඩා විශාල එකක් වන්නේ නම් එය හෙළිදරව් කළ යුතු යැයි පනවා තිබේ.

පුවත්

පසුගිය වසරේ අලි මිනිස් ගැටුමෙන් අලින් 388ක් සහ මිනිසුන් 155ක් මිය ගිහින් 

– මොහොමඩ් ආසික් ලෝකය පුරා මිනිසුන් සහ අලි ඇතුන් අතර පවතින සබඳතාව වසර දහස් ගණනක ඈත අතීතයට දිව යයි. පසුකාලීනව…

By In
පුවත්

අක්කර ලක්ෂ 20ක් වී වගා කළත් හාල් හිඟ ඇයි?

– මොහොමඩ් ආසික් ලෝකයේ වැඩියෙන්ම සහල් නිපදවන්නේ ඉන්දියාව, චීනය, බංගලාදේශය  ඉන්දුනීසියාව, වියට්නාමය ආදී රටවල්ය. එම ලැයිස්තුවේ අපේ රටට හිමි වන්නේ…

By In
පුවත්

කොරෝනා මර්දනයට විද්‍යාව පසෙකලා මිත්‍යාව පසුපස ගිය රාජ්‍ය යාන්ත්‍රණය

– සිරංගිකා ලොකුකරවිට කොරෝනා වයිරසය ලෝකය පුරා වසංගතයක් ලෙස පැතිරයද්දී ලෝකයේ බොහෝ රටවල් නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් පමණක් නොව ඒ ඒ…

By In
පුවත්

රක්ෂණ සමාගම්වලට එරෙහි මහජන පැමිණිලි ගැන තොරතුරු හෙළිකරන්නැයි  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

✍️ ජනක සුරංග ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය යනු මෙරට ජාතික ආර්ථිකය කෙරෙහි සුවිශේෂී දායකත්වයක් දරන වැදගත් කර්මාන්තයකි. කොවිඩ් වසංගතය ව්‍යාප්ත…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *