මුතුරාජවෙල තෙත් බිමට ආසන්නයේ සරුවට වැවී ඇති කඩොලාන පරිසයක් වන කඩොල්කැලේ ප්‍රදේශයේ කසල කන්දක් ගිනිගත්ආකාරය ඔබට අමතකවීමට නොහැක. මෙමෙ කසල කන්දේ ගිනි ගැනීම නිසාම කටුණායක අධිවේගීමාර්ගය දිනක් පමණ වසා දැමීමට සිදුවිය. එසේ ගිනිගත්තේ කටුනායක සීදුව නගර සභාව විසින් කසල බැහැර කරන ස්ථානයේ කසල කන්දයි කටුනායක සීදුව නගර සභාවේ දිනපතා එකතුවන කසල බැහැර කිරීම සඳහා නගර සභාවට වෙන්වු ඉඩමක් මෙතෙක් ලබාගෙන නොමැති අතර කුලී පදනමට ගත් පිළපිටිය කුඹුර නැමැති ස්ථානයට කසල බැහැර කරයි. කටුනායක කොළඹ අධීවේගී මාර්ගය ආසන්යේ මෙන්ම මුතරාජවෙල තෙත්බිම ආසන්නයේම පිහිටා ඇති මෙම ඉඩම කළමණාකරණය නොකර කසල බැහැර කිරීම සඳහා මෙලෙස යොදාගෙන ඇත්තේ මන්දැයි ගැටළුවකි.කෙසේවෙතත් මෙම කසල කන්දේ ගින්නක් ඇතිවීමත් සමග මේ සම්බන්ධයෙන් තොරතුරු සොයාබැලීම සඳහා කටුනායක සීදුව නගරසභාවේ කසල බැහැර කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමටඅපි කටයුතු කළෙමු.එම තොරතුරු වලට අනුව කටුනායක
සීදුව නගරසභා සීමාව තුළ කසල ටොන් 30–35 අතර ප්‍රමාණයක් මසකටමෙම ස්ථානයට කසල බැහැර කරයි.
කසල වෙන්කිරීමක් නැහැ
කසල බැහැර කිරීමේදී කසල වෙන්කර බැහැර කිරීමේ ප්‍රත්පතියක් පසුගිය රජය විසින් හදුන්වාදුන්නද මේවනවිට එය ක්‍රියාත්මක වන්නේ නැත. ඉදුල් පොලිතින් කඩදාසී විදුරු ලෙස බැහැර ලන කසල වෙන්කර බැහැර කරන ලෙස පළාත් පාලන ආයතන විසින්ම ජනතාවට උපදෙස් ලබාදී ඇත. ඇතැම්විට එම උපදෙස් ජනතාව එම උපදෙස් පිළිපදිමින් කසල වෙන්කර නගර සභාවට ලබාදුන්නද එම කසල සියල්ල නැවතත් වෙන්කිරීමකින් තොරව මෙම ස්ථානයට බැහැර කරන ආකරය නිරීක්ෂණය විය. එමෙන්ම එම ස්ථානයේ කසල ක්‍රමයෙන් වැඩිවන විට ගිනිතබා විනාශ කරන අවස්ථාද නැතුවාම නොවේ.
කසල වෙනුවෙන් මසකට ලක්ෂ 46 ක්
කටුනායක සීදුව නගරසභාව කසල බැහැර කිරීමේ ක්‍රියාවලිය සඳහා මසකට රුපියල් ලක්ෂ 46 ට වැඩි මුදලක් යොදවන බව එම නගර සභාවේ තොරතුරු නිළධාරියා ලබාදුන් තොරතුරු වල සඳහන්ය. කසල එකතු කිරීම සඳහා වාහන හා සේවකයින් යෙදීම ඔවුන්ගේ පඩිනඩි මෙන්ම කසල බැහැර කරන ස්ථානයේ කුලිගෙවීම්ද මෙයට ඇතුලත්වේ. කසල සඳහා නගර සභාව මෙලෙස වැය කරන්නේ මහජනතාවගේ මුදල්ය. එම මුදල් සඳහා නිසි සාධාරණයක් ඉටුකරන්නේනම් ජනතා මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් ජනතාවට සතුටු විය හැකි උවද එවැන්නක් සිදුවන බවන් පෙනෙන්නට නොමැතිවීම කණගාටුවට කරුණකි.
කසල සඳහා වාර්ෂික වියදම
කටුනායක සීදුව නගර සභාව පසුගිය වසර 10 තුළ කසල බැහැර කිරීමේ ක්‍රියාවලිය සඳහා වියදම් කර ඇති ප්‍රමාණය
මෙසේය,
2019 – රුපියල් 46 505 348
2018 – රුපියල් 43 319 551
2017 – රුපියල් 45 214 426
2016 – රුපියල් 31 702 807
2015- රුපියල් 42 079 581
2014 – රුපියල් 33 753 168
2013 – රුපියල් 35 377 748
2012 – රුපියල් 28 450 838
2011 – රුපියල් 24 540 264
2010 – රුපියල් 22 515 650
මෙතරම් මුදලක් වැයකරද නිසි කළසල කළමණාකරන වැඩපිළිවෙලක් සකස් කිරීමට මෙම නගරසභාව මෙතෙක් අපොහොසත්වී ඇත.මෙරට කසල කළමණාකර කටයුත්ත පළාත් පළාන ආයතන වෙත පැවරී ඇති අතර ඒ වෙනුවෙන් ඔවුන් පුහුණු කිරීම සඳහා දෙස් විදෙස් වැඩමුළු රැසක් පසුගිය වසර 10 පුරාවට පවත්වා තිබේ.එම වැඩමුළු සඳහා සියළු පළාත් පාලන ආයතන වලින් විශාල පිරිසක් සහභාගී වී තිබුණ ද ප්‍රායෝගිකව ඒවා ක්‍රියාත්මක කර ඇත්තේ ඉතාමත් අල්ප වශයෙනි.මුතුරාජවෙල කඩොල් කැලේ අසල පිහිටි මෙම ඉඩමට කසල බැහැර කිරීමෙන් පරිසර හානියක් ඇතිවන බව පරිසරවේදීන් පුනපුනා පැවසුවද කටුනාක සීදුව නගර සභාවේ සභාපති සරත් පීරිස් පවසන්නේ මෙවැන්නකි,
“අපි මේ කසල බැහැර කරන ස්ථාන මුතුරාජවෙලට අයිති නැහැ . මුතුරාජවෙල රක්ෂිතය කියන්නෙ මොකක්ද කියල පරිසරවේදියො දන්නේ නෑ. මේ ඉඩමට කියන්නෙ පිලපිටියකුඹුර කියල.සීදුව නගර සභාව අවුරුදු 20ක ඉදන් කුණු දැම්මෙ මෙතනට.මේක පෞද්ගලික ඉඩමක් විදිහට තිබුණ එකක්. අක්කර 5කට වැඩි ඉඩම් රජයට පවරා ගැනීම යටතේ එල් ආර් සී එක යටතට පත්වුණ ඉඩමක් මේක.” යැයි ඔහු පවසයි.කෙසේ වෙතත් මෙවැනි සංවේදී පරිසරපද්ධති ආසන්නයේ පවතින ඉඩම් කසල බැහැර කිරිම සඳහා යොදාගන්නේ යටි අරමුණු ඇති බවත් මෙය ඉඩම්කොල්ලයේ තවත් එක් මුහුණු වරක් බවත් පරිසරවේදීහු පවසති. නිසි කසල කළමණාකරන වැඩපිළිවෙලක් අනුගමනය කරනු වෙනුවටමහජන මුදල් නාස්ති කරන එමෙන්ම පරිසරයටද හානිකරන මෙවැනි කසල කදු ලංකාව පුරා තවත් ඔනෑතරම්තිබේ. කෙසේවෙතත් මේ සියල්ල සඳහා නිසි වැඩපිළිවෙලක් වර්තමානයේදී හෝ ඉදිරිපත් නොකළහොත්අනාගත පරම්පරාවට ජීවත්වීමට පරිසරයක් ඉතිරි නොවනු ඇත.
සටහන- සී සම්පත්