පුවත්

කලා උළෙලේ දී දක්ෂයින්ට අසාධාරණකම්

By In

පසු ගිය වර්ෂයේ උතුරුමැද පළාත් කලා උළෙලේ තරග සඳහා ඉදිරිපත්වූ නිර්මාණ තේරීමේ දී දක්ෂයින්ට අසාධාරණකම් සිදුවී ඇති බව තෙරතුරු දැනගැනීම් පනත මගින් කරන ලද විමසීමෙන් හෙළිදරව් වේ.

මෙම අසාධාරණකම් සිදුවී ඇති බව හෙළි වූයේ ඡායාරූප හා කෙටි චිත්‍රපට සම්බන්ධයෙන් විධිමත් තේරීමක් හා තරග කොන්දේසිවලට අනුකූලව කටයුතු කටයුතු කිරිමක් සිදු නොවුණ බවට තරගකරුවන් විසින් කරන ලද චෝදනා විමසිල්ලට ගෙන ඉල්ලා සිටි ලිඛිත තොරතුරු වලට  අනුව ය.(පිළිතුරු ලබාදි ඇත්තේ උතුරු මැද පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ NCP/PCD/DO/04/06 අංකය හා 2017.11.02 දරණ ලිපියෙනිඡායාරූප අංශයේ පාසල් තරග ඉසව් සඳහා නිර්මාණ ඉදිරිපත් කළ සිසුවෙකුගේ නිර්මාණය කලා උළෙලේ දී ප්‍රදර්ශනය කර ඇත්තේ එම නිර්මාණය ස්ථානයක් දිනූ එකක් ලෙස සලකා ය.

එහෙත් ඒ සඳහා හිමි සහතිකය හා කුසලානය ලබා දීමට අදාළ නිළධාරීන් කටයුතු කර නොතිබීම හේතුවෙන් තරගකරු වන අනුරාධපුර,3වන පියවර,මලියදේව මාවතඅංක 2384 ලිපිනයේ පදිංචි ආර්.එම්පුන්සර මහිසාංස සිරිවර්ධන ශිෂ්‍යයා වෙනුවෙන් ඔහු අධ්‍යාපනය ලබන අ/දීපානී මහ විදුහලේ උපගුරු ඉන්දික දිසානායක මහතා විසින් පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ප්‍රධානින්නේ ප්‍රශ්න කර ඇතඑහි දී නිළධාරින් ප්‍රකාශ කර ඇත්තේ සිදුවී ඇති අසාධාරණය කඩිනමින් නිවැරදි කර සතියක් ඇතුළත  දැනුම් දෙන බවකි.එහෙත් එවැනි දැනුම්දීමක් සිදුවී නැති අතර එම කරුණ ද ඇතුළත් කර මෙයට අදාල තොරතුරු දැනගැනීමේ ආකෘති පත්‍රය එම දෙපාර්තමේන්තුවට යොමුකරනු ලැබී ය.

එම දෙපාර්තමේන්තුවේ තොරතුරු නිළධාරී හා පරිපාලන නිළධාරී සී.එස්.කේ.ධර්මසේන මහතා තොරතුරුපත්‍රයේ සඳහන්කර ඇත්තේ ප්‍රමාණවත් නිර්මාණ සංඛ්‍යාවක් නොලැබීම නිසා එම තරගය අහෝසි කරන බවකි.නිර්මාණ නොලැබීමෙන් හෝ අඩුවෙන් ලැබීමෙන් නිර්මාණ ඉදිරිපත් කළ අයට එසේ අසාධාරණ සිදුකළ නොහැකි බවත් වෙනත් නිර්මාණ නොලැබීමෙන්ම අදහස් වන්නේ අනෙක් අය අතර එම නිර්මාණ කරුවා ඇගයිය යුතු බව යැයි ද ප්‍රදේශයේ කලාකරුවෝ කියති.එමෙන්ම නිර්මාණ අඩුවෙන්ලැබුණු අවස්ථාවක තරග අහෝසිකරන රීතියක් හෝ සම්ප්‍රදායක් කිසි තැනක නැති බව උපගුරු ඉන්දික දිසානායක මහතා පවසයිමෙම තරගාවලියේ ඡායා රූප විවෘත අංශයන් තෝරා ඉදිරි කටුයුතු කර ඇති අතර එම නිර්මාණ තෝරා ඇත්තේ කෙටි චිත්‍රපට අංශයේ නිර්මාණ තේරූ සම්පත්දායකයින් විසින් ම ය.

එසේ වෙනත් ක්ෂේත්‍රයක පිරිසක් ඡායාරූප තේරීමෙන් නිර්මාණ හෑල්ලුවන බවට තරග කරුවන් කරන ලද චෝදනාව නිසා එම තරග තේරිමට යොදාගත් පුද්ගලයින් කවුදඔවුනට ඇති සුදුසුකම් මොනවාදයනාදි වශයෙන් අසා ඇති ප්‍රශ්න වලට උත්තර වශයෙන් තොරතුරු පත්‍රයේ දන්වා ඇත්තේ ඔවුන් ප්‍රදේශයේ ශිල්පීන් එක් රැස් කොට ගන්නා ලද තීරණයක් අනුව ප්‍රදේශයෙන් පිට ක්ෂේත්‍රෙය් ප්‍රවිණයින් පිරිසක් නිර්මාණ තේරීමට යොදාගත් බවකිඑම පිරිසගේ නම් පරීක්ෂා කර බලන විට හෙළි වූයේ කෙටි චිත්‍ර පට අංශයේ තේරීම් සඳහා ප්‍රසිද්ධ නිර්මාණ කරුවෙකු සමග ඔහුගේම අනුගාමිකයෙකු හා ගෝලයෙක් වන දෙදෙනෙක් යොදාගෙන කෙටි චිත්‍රපට තෝරා ඇති බවකි.

එමෙන්ම ඒ තිදෙනා විසින්ම ඡායාරූප ඉසව් ද තෝරා තිබේප්‍රදේශයේ කලාකරුවන් පවසන්නේ විනිශ්චය මණ්ඩලයක් පත්කරගැනීම පිළිබඳ සාකච්ඡාවක් සඳහා තමන්ට ආරාධනයක් හෝ තම සහභාගීත්වයක් නොමැති බවකි.එමෙන්ම චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු ඡායාරූප තේරීම උචිත නොවන බව ද ඔවුහු පෙනවා දෙතිකෙටි චිත්‍රපට අංශයේ විප්පයෝග‘ නැමති නිර්මාණය සඳහා හොඳම චිත්‍රපටය,හොඳම කැමරාකරණය හා හොඳම තිර රචනය යන සම්මාන නිර්දේශ කර ඇතඒවා නිර්දේශ කිරිමට ලකුණු දැමූ නිර්ණායක මොනවාදැයි කළ විමසීමට අනුව සටහන් ලබාදීමට තොරතුරු නිළධාරියා අසමත්ව තිබේ.ඒ වෙනුවට විනිශ්චය කරුවන් තිදෙනා ලබාදුන් ලකුණු කොළ තුන වෙන වෙනම සඳහන්කර ඇත.ඒවාගේ ලකුණු දැමූ පදනමක් සඳහන් නොවේ.

එමෙන්ම තිදෙනාම ලකුණු ලබාදි ඇත්තේ එකට එක සමපාත අයුරින් වීමෙන් පෙනී යන්නේ අදාළ විද්වතා ඉක්මවා යාමට ඔහුගේ ගෝලයින් වූ අය කටයුතු නොකිරීමේ සම්ප්‍රදායක් ඉබේටම ඇති වන නිසා බව හඳුනා හැකකෙටි චිත්‍ර පටයක උපරිම කල සිමාව විනාඩි දහයකට අඩු විය යුතු බවට තෙරග කොන්දේසී මාලාවේ සඳහන් අතර ප්‍රථමස්ථානයට තේරූ කෙටි චිත්‍රපටයේ කාල සිමාව විනාඩි දහයයි තත්පර හතලිහකි.තත්පර හතලිහක් යනු කෙටි චිත්පටයක තීරණාත්මක අදහසක් ගොනාහැකි පරාසයක් බවත් ඒ තුළින් අනෙක් නිර්මාණ කරුවන්ට පමණක් සීමා පැනවිමකැයි අතෘප්තියට පත් නිර්මාණ කරුවෝ කියති.

එමෙනක්ම එහි කැමරා කරු විනිශ්චය මණ්ඩල ප්‍රධානියාගේ නිර්මාණ වලට සම්බන්ධ සේවකයෙකු බවට ද තරගකරුවන් හඳුණාගෙන ඇතමෙම නිර්මාණ භාරගන්නා අවසන් දිනය ලෙස 2017-07-30 , දැන්වීම් පලකර තිබුණ ද අවස්ථා  කීපයක දීම නිසි දැනුම්දීමකින් තොරව මෙ දිනය වෙනස්කිරිමට නිළධාරින් කටයුතු කර ඇත.ඒ බව දැනගැනීම සඳහා ඒ ඒ නිර්මාණ භාරගත් දිනයන් සඳහන් භාරගැනීමේ ලේඛනය ද තොරතුරු පනත යටතේ ඉල්ලා තිබූ අතර ඒ වෙනුවට ලබාදී ඇති ලැයිස්තුවේ නිර්මාණ කරුගේ නම හා  නිර්මාණයේ නම වශයෙන් පමණක් සඳහන් වේ.එහි දි ද සඳහන් කර ඇත්තේ නිර්මාණ සියල්ල 2017-08-04 දිනට පසුව ලබාදී ඇති බවක් පමණි.නියමිත් දිනයේ දී එකම නිර්මාණයක් පමණක් භාරදී තිබූ අතර එය ද සමස්ත  ගොඩට එකතුකර තිබේ.

මෙම ව්‍යාකූල තත්ත්වයන් හා පක්ෂපාතීත්වයන් ඇතිවිය හැකි පරිදි විනිශ්චයන් ලබාදීමක් සිදුවීමට ඉඩ ඇති දුර්වල සංවිධාන ව්‍යුහය නිසා කලාකරුවන්ගේ විශ්වාසය දිනෙන් දිනම බිඳී ඇති බවත් නිර්මාණ කලා උළෙලට නිර්මාණ ලබාදීම උදාසීන වී ඇති බවත් උතුරුමැද කලාකරුවෝ කියති.කෙසේ වෙතත් තොරතුරු දැනගැනීමේ පනත යටතේ  ඉල්ලුම් පතුයක් යොමු කොට මාසයක් වැනි කාලයක් ඇතුළත ඒවා ලබාදීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ පළාත් සංස්කෘතික අධ්‍යක්ෂිකා කලාංජලී දර්ශනා අරුණශාන්ත මහත්මියට ස්තුති වන්ත විය යුතුය.

සරත් මනුල වික්‍රම- අනුරාධපුර

පුවත්

පසුගිය මාස දෙකහමාරට රජය රුපියල් බිලියන 438ක් ණය වෙලා! 

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් දැඩි දුෂ්කර තත්වයක පවතින අතර, යථා තත්ත්වයට පත්වීම සමාජයේ ප්‍රමුඛ අපේක්ෂාව බවට…

By In
පුවත්

අල්ලස හා දූෂණයෙන් රට ක්ලීන්ද?  අල්ලස් කොමිසම පැවරූ නඩු 52ක්ම ‘රිවස්’!

– ජනක සුරංග රටක් තිරසර සංවර්ධනය කරා පියමන් කරන්නට නම් නිසැකවම අල්ලස, දූෂණය ඇතුළු සියලු ආකාරයේ විෂමාචාරවලින් තොර වූ පාලන…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *