අම්බලන්තොට නිරෝධායනය වූ ළමයෙක් සිටි විභාග ශාලාවක නිරීක්ෂකයන්ට ලැබී ඇත්තේ අත්මේස් යුවලක් පමණයි.
විභාග මධ්‍යස්ථාන වෙත පහසුකම් ලබාදීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ප්‍රතිපාදන ලබාදී නෑ.
කොරෝනා වසංගතය රටතුල පැතිර යාමත් සමග එහි බලපෑම සියලු ක්ෂේත්‍රයන්ට අඩු වැඩි වශයෙන් බලපාන ලදී. ඒ ආකාරයෙන් බලපෑමට ලක්වූ එක ක්ෂේත්‍රයක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය ද පෙන්වා දිය හැකිය.
නමුත් කුමන ආකාරයෙන් බලපෑමට ලක්වුවත් අධ්‍යාපනය ලබන දරුවන්ගේ යහපත වෙනුවෙන් පාසල් ආරම්භකිරීම මෙන්ම විභාග පැවැත්වීම යම් අයුරකින් රටතුල ක්‍රියාත්මක කරන ලදී. නමුත් එසේ අධ්‍යාපන ක්ෂේත්‍රය ක්‍රියාත්මක වූයේ සෞඛ්‍ය අංශ මගින් ලබාදුන් සෞඛ්‍ය නිර්නායක හා ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙන්කරන ලද මුදල් ප්‍රතිපාදන ද ඇතිව ය.
කෙසේ නමුත් මේ අතර 2020 ඔක්තෝබර් 12 සිට නොවැම්බර් 06 දක්වා වූ කාලය තුළ පවත්වනු ලැබූ අ.පො.ස. උසස් පෙළ විභාග මධ්‍යස්ථාන තුළ සේවයේ යෙදී සිටි බොහොමයක් ශාලාධිපතිවරුන් හා නිරීක්ෂකවරුන්ට සෞඛ්‍ය අංශ මගින් ලබාදුන් සෞඛ්‍ය නිර්නායකයන්ට අනුව අවශ්‍ය පහසුකම් ලැබී නොමැති බව තොරතුරු දැනගැනීමේ පනත මගින් සිදුකරන ලද විමර්ශනයකදී අනාවරණය විය.
උසස් පෙළ විභාග මධ්‍යස්ථානවල සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ කිසිදු සොයා බැලීමක් සිදුනොකරන බවට ගුරු සංගම් ද චෝදනා කළ නමුත් එම චෝදනාව විභාග දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රතික්‍ෂේප කරන ලදී.
එහිදී අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කර සිටියේ, විභාග මධ්‍යස්ථානවල සෞඛ්‍ය පහසුකම් පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්ගේ ද අධීක්ෂණයට ලක්වන බවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ විභාග කොමසාරිස් ජනරාල් සනත් බී පූජිත මහතා ඒ බව සනාථ කරමින් මාධ්‍යය වෙත ප්‍රකශ කර තිබුණි.
විශේෂයෙන්ම මෙවර උසස් පෙළ විභාගයේදී නිරෝධායනය වී සිටි සිසුන් ද විභාගයට පෙනී සිටි අතර ඔවුන් සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීමට විභාග මධ්‍යස්ථාන සඳහා වෙනම නිරීක්ෂකයෙකු පත්කරන ලදී. එමෙන්ම මේ ආකාරයෙන් නිරෝධායනයට ලක්වී සිටි සිසුන් විභාගයට පෙනී සිටින විට ඔවුන් වෙනුවෙන් නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් යොදවන ලද ශාලාධිපතිවරුන්, නිරීක්ෂකවරුන් සඳහා අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් අවශ්‍ය ආරක්‍ෂිත ඇඳුම් කට්ටල ද ලබා දෙන බවත් විභාග කාර්ය මණ්ඩලයට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපදෙස් හා පහසුකම් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මගින් ලබා දෙන බවත් 2020.10.10 දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් ලිපි අංක 6/3 මගින් නිකුත්කරන ලද ලිපයක් මගින් සදහන් කර තිබේ.
මේ ආකාරයෙන් විභාග දෙපාර්තමේන්තුව මගින් දන්වා තිබුණත් 2020 ඔක්තෝම්බර් 12 සිට නොවැම්බර් 06 දක්වා පැවති අපොස උසස්පෙළ විභාගය වෙනුවෙන් අම්බලන්තොට ථෙරපුත්ත ජාතික පාසලේ නිරෝධායනය වෙමින් සිටි සිසුවෙකු විභාගයට පෙනී සිටි ශාලා අංක තුන(03) විභාග ශාලාවේ රාජකාරියේ නියැලී සිටි නිලධාරීන් වෙනුවෙන් විභාග දෙපාර්තමේන්තුව දන්වා තිබු ආකාරයෙන් අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සපයා ලබා දී නොමැති අතර එම ශාලාවේ රාජකාරියේ යෙදී සිටි ශාලාධිපතිට හා නිරීක්ෂක සඳහා ලබා දී ඇත්තේ අත්මේස් දෙකක් පමණක් වේ.
මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත මගින් අම්බලන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ලබාගත් තොරතුරු මගින් ද අනාවරණය වූයේ විභාග දෙපාර්තමේන්තුව පවසා තිබු ආකාරයට පහසුකම් සැපයීමට ප්‍රතිපාදන ලැබී නොමැති බවයි.
මේ ආකාරයෙන් නිසි සෞඛ්‍ය පහසුකම් නොලැබීම නිසා අදාල විභාග රාජකාරීවල නියැලී සිටි නිලධාරින් දැඩි අපහසුතාවන්ට මෙන්ම සෞඛ්‍යමය අවධානමකට ලක්වී තිබේ.
කෙසේ නමුත් මේ ආකාරයෙන් නිසි පහසුකම් අදාළ විභාග මධ්‍යස්ථාන වෙත නොලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්ත මේන්තුවෙන් විභාග කොමසාරිස් ජනරාල් බි සනත් පුජීත මහතාගෙන් දුරකථනය ඔස්සේ සිදුකරන ලද විමසීමකදී ඔහු කියා සිටියේ ” මේ සමබ්නධයෙන් ඔයා හොයන්නේ ඇයි ” යන්න අසමින් දුරකථනය විසන්දිකරන ලදී.
එමෙන්ම 2020 උසස්පෙළ විභාගයේදී නිරෝධායනට ලක්කර සිටි සිසුන් සිටි විභාග මධ්‍යස්ථානයන්හි රාජකාරි සිදුකළ ශාලාදීපති වරුන්ට හා නිරීක්ෂකයින්ට අවශ්‍ය සෞඛ්‍ය ආරක්‍ෂිත ඇදුම් කට්ටල ලබා දීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල කුමාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එවැනි සිසුන් සිටි විභාග මධ්‍යස්ථාන වෙත අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කළ බවත් යම් හෙයකින් කීපයක් සදහා එවැනි පහසුකම් ලැබී නැත්නම් එය හිතා මතා සිදුකල එකක් නොවන බවයි කෙසේ නමුත් යම් අඩුපාඩුවක් වී ඇත්නම් ඒ ගැන සොයා බලන බවද හෙතෙම කියා සිටියේය.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා
” පසුගිය 2020 උසස්පෙළ විභාගය පවත්වනු ලැබුවේ කොවිඩ් වසංගතය සීග්‍රයෙන් ව්‍යාප්තවෙමින් ගිය කාල වකවානුවක එහිදී ගුරුවරු විභාග රාජකාරිවලට ගිහින් දැඩි කැපවීමෙන් තමයි වැඩ කළේ උසස්පෙළ ළමයි විභාගය ලියන්ට බැරිවී පත්වී සිටි අපහසුතවයද සලකලා විභාග ලියන්න නිරෝධායනය වූ ළමයින්ද ඇවිල්ල හිටිය ඒ අත්න්වල සේවය කරන්න අදාළ ගුරුවරුන්ට නිසි පහසුකම් තිබුනේ නෑ එමෙන්ම විභාග දෙපාර්ත මේන්තුවෙන් ලබාදුන් උපදෙස් සෞඛ්‍ය අංශ වෙත් ලැබී තිබුනෙත් නෑ ”
මේ වනවිට පසුගිය මාසවලට වඩා සීග්‍රයෙන් කොරෝනා වෛරසය පුද්ගලයන් අතර පැතිරෙමින් තිබේ. එවන් පසුබිමක ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාමන්‍ය පෙළ විභාගයේදී මෙන්ම අනෙකුත් විභාගයන්හිදී විභාග රාජකාරිවල නියැලෙන නිලධාරීන්ට ලිපිවලට පමණක් සිමා නොවූ අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබාදීම වගකිවයුතු සැමගේ යුතුකමකි වගකීමකි.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි