Social, ප්‍රකාශන

උතුරු පළාත් පාසල් වැසී යාමේ අවධානමක් !

By In
  • ප්‍රින්සියා ඩික්සි

එක් පුද්ගලයෙකුගේ පෞරුෂය වර්ධනය කොට එමඟින් සමාජ  ප්‍රගමනයට මඟ පෙන්වීම සඳහා අධ්‍යපනය ලබා දීම රටක පාසල් පද්ධතිය විසින්  කරනු ලබයි. ” කෝවිල් දහසක් සාදනවාට වඩා එක පාසලක් සැදීම වඩා හොඳය. ” යැයි පැරණි කියමනක් ද ඇත්තේ එබැවිණි.

කෙසේ වෙතත්, උතුරු පළාත සම්බන්ධයෙන් අද උදාවී ඇත්තේ අවාසනාවන්ත තත්වයකි. මෑත කාලීනව මෙරට උතුරු පළාතේ බොහෝ පාසල් වැසී යමින් පවති.

පසුගිය පෙබරවාරි මස අවසානයේ යාපනය – නීර්වේලි හින්දු දෙමළ මිශ්‍ර පාසල ස්ථිරවම වසා දමා ඇත. කෙසේ වෙතත්, උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කළේ නැත.

එබැවින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත භාවිතයෙන් ඉල්ලුම් කරන ලද  තොරතුරුවලට අනුව නීර්වේලි හින්දු දෙමළ මිශ්‍ර පාසලේ සිසුන් සංඛ්‍යාව අඩුවීම හේතුවෙන් එම පාසල තාවකාලිකව වසා දමා ඇති බව උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති නිලධාරී කේ. වාසුදේවන් මහත්මිය පැවසුවාය.

එසේම, එම පාසලේ අධ්‍යපනය ලද  සිසුන් යාපනය කරන්තන් ඉරාමුපිල්ලයි විද්‍යලය සහ යාපනය අත්තියාර් හින්දු විද්‍යලය ඇතුළත් කොට ඇත.

නීර්වේලි හින්දු දෙමළ මිශ්‍ර පාසල 5 වන ශ්‍රේණිය දක්වා සිසුන් 6 දෙනෙකුගෙන් සමන්විතව ක්‍රියාත්මක වන අතර 1 සහ 2 ශ්‍රේණිවල සිසුන් නොමැත. මෙහි 3 ශ්‍රේණියේ එක් සිසුවෙකුද , 4 ශ්‍රේණියේ සිසුන් 2 දෙනෙකු සහ 5 ශ්‍රේණියේ සිසුන් 3 දෙනෙකුද අධ්‍යාපනය ලබා ඇත. මෙම සිසුන් අතර 4 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙකු කරුණාලය ළමා නිවාසයේ සිසුන්ය.

මෙම තත්ත්වය මත 5 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් තිදෙනා මාර්තු 27 වැනිදා සිට 6 වැනි ශ්‍රේණිය සඳහා වෙනත් පාසල්වලට ඇතුළත් වී ඇත. දැනට මෙම පාසලේ අධ්‍යාපනය ලබන ඉතිරි සිසුන් 3 න් කරුණාලය ළමා නිවාසයේ සිසුන් දෙදෙනා ප්‍රවාහන පහසුකම පිලිබඳ සලකා බලා යාපනය කරන්තන් ඉරාමුපිල්ලයි විද්‍යාලයට ඇතුළත් කරගන්නා  ලෙස කරුණාලය ළමා නිවාසයේ පරිපාලනය විසින් කරන ලද ඉල්ලීම මත එම දරුවන් දෙදෙනා එම පාසලට බඳවාගෙන ඇත.

ඉතිරිව සිටි අනෙක් සිසුවාද ඔහුගේ දෙමාපියන් විසින් ඉගෙනුම් කටයුතු සඳහා යාපනය අත්තියාර් හින්දු විද්‍යාලයට ඇතුළත් කොට ඇත. මෙම නිසා යාපනය – නීර්වේලි හින්දු දෙමළ මිශ්‍ර පාසල තාවකාලිකව වසා දමා ඇත.

ඉතා කුඩා සිසුන් ප්‍රමාණයකින් පාසල ක්‍රියාත්මක වුවද එහි පසුගිය අධ්‍යයන කටයුතු සාර්ථකව සිදු විය. ඒ අනුව 2022 වසරේ  5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා නීර්වේලි හින්දු දෙමළ මිශ්‍ර පාසලේ සිසුන් 3 දෙනෙකු පෙනී සිටි අතර එම සිසුන් තිදෙනාම ලකුණු 70කට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගත් බැවින්  සමත් ප්‍රතිශතය 100% විය.

මීට අමතරව 2021 වසරේ සිසුන් 5 දෙනෙකු ශිෂ්‍යත්ව විභාගය මුහුණ දුන් අතර එක් සිසුවෙකු කඩඉම් ලකුණු වලට ඉහලින් ලකුණු ලබාගෙන සමත් වූ අතර සිසුන් 3 දෙනෙකු ලකුණු 70 ට වඩා ලබා ගනිමින් සමත් වූ බැවින් පාසලේ සමස්ත ප්‍රතිශතය සියයට 60 % ක් විය.

එමෙන්ම 2020 වසරේ 5  ශිෂ්‍යත්ව විභාගයට එක් සිසුවෙකු පෙනී සිට ලකුණු 70කට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම නිසා පාසල 100% ක සමත් ප්‍රතිශතයක් ලබා ගත් බවද  ඒ අනුව එම පාසලේ  අධ්‍යාපන කටයුතු සතුටුදායක ලෙස සිදුවෙමින් පවතින බවත් උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.

පාසල් බුද්ධිමය සංවර්ධනයට සහ පෞරුෂ වර්ධනයට සහාය වේ. ඒ සඳහා උතුරු පළාතේ ප්‍රාථමික පාසල් 453ක් ක්‍රියාත්මක වන අතර නීර්වේලි හින්දු දෙමළ මිශ්‍ර පාසල තාවකාලිකව වසා දමා ඇත.

එපමණක් නොව උතුරු පළාතේ යුද්ධය අවසන් වී වසර 14ක කාලය තුළ සිසුන් නොමැතිකම හේතුවෙන් පාසල් 103ක් තාවකාලිකව වසා දමා ඇති බව උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජෝන් ක්වින්රස් පවසයි.

යාපනය දිස්ත්‍රික්කයේ පාසල් 49ක් සහ  කිලිනොච්චියේ පාසල් 8ක්ද , මන්නාරම  පාසල් 10ක්ද , මුලතිව්  පාසල් 2ක් සහ වවුනියාව  පාසල් 34ක්ද  මෙලෙස තාවකාලිකව වසා දමා ඇති බව ඔහු සඳහන් කළේය.

යාපනය දිස්ත්රික්කයේ උපත් අනුපාතය අඩුවීමේ ප්‍රවණතාවය සමඟ ඉදිරි වසර කිහිපය තුළ පාසල් 50ක් පමණ වසා දැමීමේ අවධානමක් පවතින බව සමස්ත ලංකා හින්දු සම්මේලනයේ උප සභාපති සහ ශිවභූමි පදනමේ සභාපති ආචාර්ය ආරු තිරුමුරුගන් මහතා අනතුරු ඇඟවීය.

සිසුන් නොමැතිකම හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ බොහෝ පාසල් වසා දමා ඇති අතර යාපනය දිස්ත්‍රික්කයේ පෞද්ගලික පාසල් රැසක් බිහිවී ඇති බව ඔහු පැවසීය.

එම නිසා වගකිවයුත්තන් තම යුතුකම් නිසිලෙස ඉටු නොකළහොත් දෙමළ ජාතියේ සංවර්ධනය අඩුවී දෙමළ ජනතාවට ඉදිරියේදී විවිධ අභියෝගවලට මුහුණදීමට සිදුවන බවද ඔහු අනතුරු ඇඟවීය.

උතුරු පළාතේ රජයේ පාසල් රැසක් වැසී යාමට ප්‍රධානම  හේතුව වන්නේ උපත් අනුපාතය අඩුවීම සහ නව පෞද්ගලික පාසල් රැසක් බිහිවීම බව ආචාර්ය ආරු තිරුමුරුගන් මහතා පැවසීය.

ඒ සමගම “උතුරේ කිසිම පාසලක් ස්ථිරව වැසී නැත.. උතුරු පළාත් අධ්‍යපන අධ්‍යක්ෂවරයා සඳහන් කළ පාසල් 103 තාවකාලිකව වසා දමා තිබෙනවා. සිසුන් නොමැතිකම නිසා ඒවා වසා දමා ඇත.” යැයි ද උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අරුලානන්දම් උමා මකේෂ්වරන් පැවසීය.

මෙයට සංකීර්ණ, නගරාසන්න පාසල් සංවර්ධනය, නාගරීකරණය, ජනගහන හිඟය ආදී බොහෝ හේතු තිබෙන බවද ඔහු පැවසීය.

“ සිසුන් සංඛ්යාව වැඩිවීම නිසා අද ඇතැම් පාසල්වල නව ගොඩනැගිලි ඉදිවෙමින් පවතී. අනෙක් පැත්තෙන් සමහර පාසල් වැසී යමින් පවතියි. නාගරික පාසල්වල දියුණුව ද මෙයට හේතුවකි.  පාසල් ආරම්භ කිරීමට සමහර ප්‍රදේශවල ජනතාව නැත. සමහර ප්‍රදේශවල නාගරීකරණය විශාල බලපෑමක් ඇති කර ඇත. අප මේ ගැන අවධානය යොමු කරනවා. අපගේ පැත්තෙන් විධිමත් දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට ද අප සූදානම්. පාසල් තාවකාලිකව වසා දැමීම අපේ කැමැත්තක් නොවේ.  සිසුන් ප්‍රමාණාත්මකව පැමිණියහොත් අනිවාර්යයෙන්ම පාසල් නැවත ආරම්භ කරනවා” යැයි උතුරු පළාත් අධ්‍යපන  ලේකම් උමාමකේෂ්වරන් මහතා පැවසීය.

එක් රටක සෞභාග්‍යමත් අනාගතය තීරණය කිරීමේදී පාසල් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. අනාගත යහපත් සමාජයක පදනම පාසල් අධ්‍යාපනයයි. පාසලෙන් රට පාලනය කිරීමට යන නායකයන්ගේ සිට වෛද්‍යවරුන් , විද්යාඥයන්,  ක්‍රිඩක ක්‍රිඩිකාවන් ඇතුළු විවිධ බුද්ධිමත් පුරවැසියන් රැසක් බිහි වේ. එම නිසා ඵලදායී ලෙස අධ්යාපනය ලබාදීම අත්‍යවශ්‍ය කාරණයකි.

“ඉගෙනීම හොඳයි ඉගෙනීම හොඳයි සිඟමන් යද හෝ ඉගෙනීම හොඳයි ” යනුවෙන් ඖවයියාර් පැවසා ඇත. එයින් අදහස් කරන්නේ ජීවිතයේ කෙතරම් දුප්පත්ව සිටියද අධ්‍යාපන නතර නොකළ යුතු බවයි.

කෙසේ වෙතත් අද පවතින අර්බුදකාරී තත්ත්වය තුළ උතුරු පළාතේ පාසල් වසා දැමීම හේතුවෙන් සිසුන් ද පාසල් හැර යාමේ තත්වයක්ද උදා වී ඇත.

උතුරු පළාතේ 2020-2022 අධ්‍යන වර්ෂය තුළ සිසුන් 2,206 දෙනෙකු පාසල් හැර ගොස් ඇති බව උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවසීය.

එනම් පාසලක් වැසී යාමෙන් එම පාසලේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් අතරමැදින් පාසල් හැරයාම දිරිමත් වන අතර එය ඔවුන්ගේ අධ්‍යපනයටද දැඩිව බලපානු ඇත.

යුද්ධය පැවති සමයේ පවා උතුරේ බොහෝ “උගතුන්” බිහි විය. නමුත් වර්තමානයේ උතුරු පළාතේ පාසල්වල පැවැත්ම අවිනිශ්චිත වී ඇත. එබැවින් උතුරු පළාත් පාසල්වල පැවැත්ම යථාවත් කිරිම කාලීන අවශ්‍යතාවයකි.

Social

ශ්‍රී ලංකාවේ ආහාර හා ආහාර නොවන නිෂ්පාදන වල අඩංගු නොවිය යුතු ලැයිස්තුව

ශරීරයේ කොතැනක හෝ සිදුවන අසාමාන්‍ය සෛල බෙදීමක් හා ඒවායේ පාලනයකින් තොරව ශරීරය පුරා ව්‍යාප්ත වීමක් පිළිකාවක් ලෙස හැඳින්විය හැකිය. පිළිකා…

By In
Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In
Social, ප්‍රකාශන

ජනතාවගේ බදු මුදල් මිලියන අසූ හතරක් වැය කල ජනපති කාර්ය සාධක බලකායන්

මොහොමඩ් නස්රාන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව ඔහු බලයෙන් පහව යනතුරු වසර තුනක කාලයක් ඇතුලත ජනාධිපති කාර්යය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *