පුවත්

අටවන ජනපතිගේ විශ්‍රාම වැටුප

By In

ජනක සුරංග 

මෙරට අටවන විධායක ජනාධිපති ධුරය හෙබවූ රනිල් වික්‍රමසිංහ මහතා මහජන නියෝජිතයකු වශයෙන් පසුගිය සිව් වසර තුළ විශ්‍රාමික අගමැතිවරයකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, අගමැතිවරයකු හා ජනාධිපතිවරයකු වශයෙන් විවිධ භූමිකා නියෝජනය කළේය. ඒ එක් එක් කාල වකවානු තුළ මහජන මුදලින් ඔහුට හිමි වූ වැටුප් හා දීමනා ප්‍රමාණය කොපමණද? මෙය ඕනෑම පුරවැසියකුට උනන්දුවක් දනවන ප්‍රශ්නයක් බවට සැකයක් නැත. එහෙත් එවැනි තොරතුරක් දැනගැනීමට පුරවැසියකුට අයිතියක් හා හැකියාවක් තිබේද? තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම නීතිගත කර ඇති රටක් වන ශ්‍රී ලංකාවේ පුරවැසියකුට ඒ අයිතිය ඇත. ඒ අනුව, පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට හා අග්‍රාමාත්‍ය කාර්යාලයට යොමු කළ තොරතුරු ඉල්ලීම් ඔස්සේ අදාළ තොරතුරු අනාවරණය කර ගත හැකි විය. 

2020 වර්ෂයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව, ශ්‍රී ලංකාවේ විශ්‍රාමික අග්‍රාමාත්‍යවරයකු ලෙස විශ්‍රාම වැටුපකට හා අදාළ වරප්‍රසාදවලට හිමිකම් කී රනිල් වික්‍රමසිංහ මහතා 2020 මාර්තු මස සිට 2021 ජුනි මස 17 දින දක්වා ලබාගත් වැටුප් හා දීමනා පහත සඳහන් වේ.

ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව මන්ත්‍රී ධූරය හරහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් හෙබවූ අතර, 2021.06.18 වන දින සිට 2022.05.11 දින දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට අදාළ දීමනා පමණක් හිමිව තිබේ. ඒ අනුව ලබාගත් වැටුප් සහ දීමනා පහත පරිදි වේ.

2022 මැයි 09 දිවයින පුරා උන් ගත වූ තත්ත්වය මත මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ අතර, නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත් කෙරිණි.

2022.05.12 සිට 2022.07.14 දක්වා කාලය සඳහා ඔහු අග්‍රාමාත්‍ය වැටුපක් ලබා නොගත් බව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් තහවුරු කරන අතර, එකී කාලය තුළ පාර්ලිමේන්තුවෙන් ලබා ගත් දීමනා පහත පරිදි වේ.

2022 වර්ෂයේදී මහජන විරෝධතා හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ධුරය හැර යෑම නිසා හිස් වූ ජනාධිපති අසුන සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් ඡන්දයෙන් ශ්‍රී ලංකාවේ අටවන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත් විය. ඉන් අනතුරුව, නැවත වරක් 2022.07.21 දිනෙන් ආරම්භව අගමැතිවරයකු ලෙස කලින් ලැබූ විශ්‍රාමික වැටුප් හා දීමනා හිමිව තිබේ. විධායක ජනාධිපතිධුරයෙහි කටයුතු කිරීම වෙනුවෙන් හිමි වූ වැටුප් හා දීමනා පිළිබඳ තොරතුරු මෙම තොරතුරු ඉල්ලීමට ඇතුළත් නොවිණි.

ඒ අනුව, 2024 ජනාධිපතිවරණය කැඳවීම දක්වා හිමිව ඇති විශ්‍රාම වැටුප් හා දීමනා පහත දැක්වේ.

පාර්ලිමේන්තු  මහලේකම්  කාර්යාලයට හා අග්‍රාමාත්‍ය කාර්යාලයට යොමු කරන ලද තොරතුරු දැන ගැනීමේ අයදුම් පත්‍ර හරහා ඉහත තොරතුරු ලබා ගැනීමට හැකි වූ අතර, එය තොරතුරු අයිතිය මහජනතාව බල ගන්වන බව තහවුරු කරන නිදර්ශනයක් ලෙස සැලකිය හැකිය. 

ජීවන වියදම්, සංග්‍රහ දීමනා, ඉන්ධන, දුරකථන, ප්‍රවාහන මෙන්ම අන්තර් දීමනාද ඇතුළුව ආරක්ෂක හා විදෙස් සංචාර සඳහාද ජනතා නියෝජිතයන්ගේ සියලු බර මහජනතාව විසින් කරපින්නාගෙන සිටින අතර ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය භාවිත කරමින් එම සියලු දත්ත පිළිබඳව හෙළි කරගත හැකි වීම සාධනීය ප්‍රවණතාවකි.

පුවත්

පසුගිය වසරේ අලි මිනිස් ගැටුමෙන් අලින් 388ක් සහ මිනිසුන් 155ක් මිය ගිහින් 

– මොහොමඩ් ආසික් ලෝකය පුරා මිනිසුන් සහ අලි ඇතුන් අතර පවතින සබඳතාව වසර දහස් ගණනක ඈත අතීතයට දිව යයි. පසුකාලීනව…

By In
පුවත්

අක්කර ලක්ෂ 20ක් වී වගා කළත් හාල් හිඟ ඇයි?

– මොහොමඩ් ආසික් ලෝකයේ වැඩියෙන්ම සහල් නිපදවන්නේ ඉන්දියාව, චීනය, බංගලාදේශය  ඉන්දුනීසියාව, වියට්නාමය ආදී රටවල්ය. එම ලැයිස්තුවේ අපේ රටට හිමි වන්නේ…

By In
පුවත්

කොරෝනා මර්දනයට විද්‍යාව පසෙකලා මිත්‍යාව පසුපස ගිය රාජ්‍ය යාන්ත්‍රණය

– සිරංගිකා ලොකුකරවිට කොරෝනා වයිරසය ලෝකය පුරා වසංගතයක් ලෙස පැතිරයද්දී ලෝකයේ බොහෝ රටවල් නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් පමණක් නොව ඒ ඒ…

By In
පුවත්

රක්ෂණ සමාගම්වලට එරෙහි මහජන පැමිණිලි ගැන තොරතුරු හෙළිකරන්නැයි  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

✍️ ජනක සුරංග ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය යනු මෙරට ජාතික ආර්ථිකය කෙරෙහි සුවිශේෂී දායකත්වයක් දරන වැදගත් කර්මාන්තයකි. කොවිඩ් වසංගතය ව්‍යාප්ත…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *