පුවත්

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසම​

By In

තොරතුරු ලබාගැනීම සඳහා මහජන අධිකාරියක් වෙත ඉල්ලුම්පතක් යැවීමෙන් අනතුරුව එහි තොරතුරු නිලධාරියා විසින් පනතෙහි එන ව්‍යතිරේඛයක් යටතේ හැර තොරතුරු ලබා දීම ප්‍රතික්‍ෂේප කරන්නේ නම් හා ඔබ එම ප්‍රතිචාරයෙන් සෑහීමකට පත් නොවන්නේ නම් අදාළ ආයතනයේ ම නම් කළ නිලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔබට හැකියාව ඇත. එසේම යම් හෙයකින් නම් කරන ලද නිලධාරියා එම අභායචනයට පිළිතුරු ලබා නොදේ නම් හෝ ඔහු ලබා දුන් පිළිතුර පිළිබඳ ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්, ඔබට තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසම වෙත අභියාචනා කළ හැකි ය. 

ඒ අනුව යමෙකු හට ’තොරතුරු කොමිසම යනු කුමක් ද? එය අපගේ ඉල්ලීමට කෙසේ ප්‍රතිචාර දක්වයි ද?’ යනාදී ගැටලු ඇතිවිය හැකි ය. 

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව තොරතුරු දැනගැනීමේ පනතෙහි කටයුතු අධීක්‍ෂණය කරන අතර, රාජ්‍ය බලධාරීන් පනත යටතේ නියම කර ඇති රාජකාරී ඉටු කරන්නේ ද යන වග සොයා බලයි. මෙම කොමිසම විනිවිදභාවයකින් යුක්ත වන අතර ස්වාධීන වූවකි. පනත සම්බන්ධ කරුණු වල දී නීතිය වඩා හොඳින් ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ගෝපදේශ සැපයීමට මෙන් ම යම් හෙයකින් පනතෙහි එන ධාරණාවන් උල්ලංධනය කෙරෙන්නේ නම්ප නඩු පැවරීමට හෝ අභියාචනා කිරීමට කොමිසමට බලය ඇත.

කොමිසම සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත වේ. ඉන් සාමාජිකයින් තිදෙනෙක් කර්තෘවරුන්, ප්‍රකාශකවරුන් හා මාධ්‍යවේදී කණ්ඩායම් වලින්, ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් හා සිවිල් සමාජ සංවිධාන මගින් කෙරෙන නාමයෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යැවීමෙන් පසුව නම් කරනු ලබන අතර අනෙක් සාමාජිකයින් දෙදෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් මහජන අයදුම්පත්‍ර ක්‍රියාවලියක් මගින් තෝරා පත්කරගනු ලැබේ. ඒ අනුව මෙම කොමිසම ස්වාධීන එකක් වේ. 

එමෙන්ම කොමිසම මගින් වාර්ෂික වාර්තාවක් නිකුත් කෙරේ. එය එහි සියලුම කාර්යයන් ආවරණය කරනු ලබයි. එහි පිටපතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරරෙන අතර තවත් පිටපතක් රටේ ජනාධිපතිවරයා වෙත නිකුත් කරයි. එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් සති දෙකකට පසු මහජනතාවට ප්‍රසිද්ධ කළ යුතු වේ. එය මහජනතාවගේ පරිශීලනය සඳහා කොමිෂන් සභා කාර්යාලයේ තැබීමට හෝ එහි වෙබ් අඩවියට උඩුගත කළ හැකි ය. මන්ද කොමිසම සිය ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විනිවිදභාවය පවත්වාගත යුතු හෙයිනි. 

තොරතුැරු දැනගැනීමේ කොමිසම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටා ඇත. ඔබට තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩිදුර දැනුවත් වීමට අවශ්‍ය වන්නේ නම් එම කාර්යාලය වෙත ගොස් වඩාත් පැහැදැලි ලෙස අදාළ කරුණු පිළිබඳ දැනුවත් විය හැකි ය. එමෙන්ම තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගැනීම ද කළ හැකි ය. 

මූලාශ්‍රය  – ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සම්බන්ධ නීතිය – පුරවැසි අත්පොත 

පුවත්

පොලිස් වධහිංසනය ගැන තොරතුරු අනාවරණයක් 

– ධනුෂ්ක සිල්වා ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන් විසින් සාමාන්‍ය ජනතාවට එරෙහිව ක්‍රියාත්මක කරන කෲර, අමානුෂික හා අවමන්සහගත සැලකීම් පිළිබඳ වාර්තා…

By In
පුවත්

IMF සමග කතා කරන්න වොෂින්ටන් ගිය නිලධාරීන් වෙනුවෙන් රු. මිලියන 18ක් වැය කරලා

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු  2024 ඔක්තෝබර් මස ඇමරිකා එකසත් ජනපදයේ වොෂින්ටන් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…

By In
පුවත්

ජනාධිපතිගේ නිල විදෙස් සංචාරවල වියදම් ගැන තොරතුරු දෙන්න ජනාධිපති ලේකම් කාර්යාලය කල් මරන්නේ ඇයි?

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ජනාධිපති  අනුර කුමාර දිසානයක විසින් 2024 දෙසැම්බර් සිට 2025 පෙබරවාරි 15 දක්වා රජයේ මුදල් භාවිත කරමින් …

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *