පුවත්

නීති විරෝධීව ආනයනය කළ කහ කිලෝ 910,004.5 ක් රාජසන්තක කළ බව රේගුව කියයි.

By In

ඩී.ජයසේකර

දේශීයව වගාකර ඵලදාව ලබා ගත හැකි ද්‍රව්‍යය ආනයනය කිරීම 2019 වර්ෂයේ දෙසැම්බර් 05 වන දින සිට තහනම් කිරීමට රජය පියවර ගත්තේය. පසුව පැමිණි කාලසීමාවේදී වෙළඳපොළේ කහ හිගයක් නිර්මාණය වූ බව නොරහසකි. දේශීය ගොවියා නගා සිටුවිමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකර ආනයන තහනම යෙදීමෙන් අර්බුධය වැඩි වනවා මිස අර්බුදයේ අඩු වීමක් නොවීය. කෙසේවෙතත් දේශීය වශයෙන් වගාකර ඵලදාව ලබා ගත හැකි ද්‍රව්‍ය ආනයන තහනම පැනවීමෙන් පසු රට තුළ කහ හිගයක් පැවතියත් නීතිවිරෝධී කහ ආනයනය සිදුවූ බව ප්‍රසිද්ධ කරුණකි. රේගුව මෙන්ම වෙනත් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් එසේ ආනයනය කළ කහ තොග වෙළඳ පොළට මුදා නොහැර විනාශ කිරීමට රජය පියවර ගන්නා බව අදාළ බලධාරීන් විසින් විටින් විට නිවේදනය කරන අයුරු අපට දැකගත හැකි විය. ඒ පිළිබදව සොයා බැලීම සදහා අප උක්ත කාරණය පිළිබදව විමසා ශ්‍රී ලංකා රේගුවට 2020/10/31 දින තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් යොමු කළේය.  

අප ඉන් විමසා සිටියේ ශ්‍රී ලංකා රේගුව යටතේ 2020/10/31 දින තෙක් රේගුව සතුව ඇති කන්ටේනර් 62ක තිබෙන කහ කිලෝ 1,015,547 ( දස ලක්ෂ පහළොස් දහස් පන්සිය හතලිස් හත ) ට සිදු කරන්නේ කුමක්ද යන්නය. ඉහත ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් , මධ්‍යයම භාණ්ඩ පරීක්ෂණ අංශයට අනුව ආනයන තහනමෙන් පසුව එම අංශය විසින් කහ කිලෝ 47,825ක ප්‍ර මාණයක් රදවා තබාගෙන ඇත. විමර්ශණ කටයුතු වලින් අනතුරුව කහ කිලෝ 12,150ක ප්‍රමාණයක් රාජසන්තක කර ඇත. ඉතිරි කහ කිලෝ 35,675 පිළිබදව විමර්ශන කටයුතු තවමත් සිදුවෙමින් තිබෙන බව අප වෙත ලබා දී තිබූ පිළිතුර විය. 

මධ්‍යම විමර්ශන අංශයට අනුව එම අංශය කන්ටේනර් 52ක් සහ LCL ආකාරයෙන් ආනයනය කරන ලද කහ තොගයක් පිළිබදව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර එහි කහ කිලෝ 897,854.50ක ප්‍රමාණයක් ඇති බව සදහන් විය. එම කන්ටේනර් 11 ද මේ වන විට රාජසන්තක කර ඇති අතර ඉතිරි කන්ටේනර් සම්බන්ධව විමර්ශන සිදුවෙමින් පවතින බව රේගුව විසින් අප වෙත යොමු කළ ඇමුණුමේ සදහන් කර තිබුණි.

දෙවනුව අප අසා සිටියේ ආනයන තහනමෙන් පසු කහ වලට අමතරව ගම්මිරිස් , කුරුදු , එනසාල් , ගොරක , කරදමුංගු , සියඹලා වැනි ද්‍රව්‍ය කොපමණ ප්‍රමානයක් රේගුවට ලැබී ඇතිද යන්නය. ඊට පිළිතුරු ලෙස ඔවුන් ගේ පිළිතුර වූයේ 2020 අගෝස්තු මස සිට 2020 දෙසැම්බර් මස දක්වා සියඹලා කිලෝ ග්‍රෑම් 13.2 නොවැම්බර් මස ආනයනය කර ඇති බවත් ගම්මිර්ස් කිලෝ ග්‍රෑම් 179.37 ක්, කුරුදු කිලෝ ග්‍රෑම් 12.2 ක්,  සහ එනසාල් කිලෝ ග්‍රෑම් 510.5ක් ආනයනය කර ඇති බවය. 

ඊට අමතරව අප අසා සිටි තෙවන ප්‍රශ්නය වන්නේ විජය නිෂ්පාදන සදහා ගෙන්වන අමුද්‍රව්‍ය ආනයන කරන රටවල් කුමක්ද යන්නය. උක්ත ප්‍රශ්නයට පිළිතුරු ලබා දිය නොහැකි බව ශ්‍රී ලංකා රේගුව විසින් සදහන් කර එවා තිබුණි.

පුවත්

රාජ්‍ය ආයතනවලට වෙන් කර ඇති වාහන පිළිබඳ තොරතුරු වාහාම ලබාදෙන්න –  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති වාහන  සංඛ්‍යාව සහ ඒවා මොනවාද යන්න පිළිබඳ තොරතුරු වහාම නිකුත් කරන ලෙස තොරතුරු…

By In
පුවත්

ජලභීතිකා මර්දනයට වෙන් කළ රු.මිලියන 220න් මාස 9කදී වැය කර ඇත්තේ සියයට 4යි

තොරතුරු පනතින් කළ සොයා බැලීමක් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන නමුත් බොහෝ අයගේ අවධානය අඩු තවත් එක් මාරාන්තික රෝගයක්  ලෙස…

By In
පුවත්

තොරතුරු කොමිසමෙන් ජනතාවට නිවේදනයක්

තොරතුරු අයිතිය අවතක්සේරු කරන ආකාරයෙන්තොරතුරු පනත සංශෝධනය කිරීමට ගන්නාඕනෑම උත්සාහයක් පුරවැසියන්ට අහිතකරයි ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ක්‍රියාත්මක වීමට තොරතුරු දැනගැනීමේ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *