Learn About - Sri Lanka Rights to Information Act

RTI මාධ්‍යවේදීන්ගේ සංසදය 2023-03-10

By In

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් මාසිකව පවත්වනු ලබන මාධ්‍යවේදීන්ගේ සන්සදය මෙවරත් මාධ්‍යවේදීන් හැටදෙනෙකුගේ සහභාගීත්වයෙන් මාර්තු මස 10 වන දා සවස 7.30 සිට 9.00 දක්වා මාර්ගගතව පැවැත්විය.

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සෘජු ආධාර වැඩසටහන (DAP) යටතේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ RTI කණ්ඩායම සංවිධානය කරන ලද “තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” යන වැඩමුළු මාලාව (ගාල්ල, මහනුවර, පුත්තලම, මඩකලපුව, කළුතර සහ හැටන් ) හා සම්බන්ධ වූ මාධ්‍යවේදීන්ද සම්බන්ධ කරගනිමින් මෙවර RTI මාධ්‍යවේදීන්ගේ සංසදය පවත්වන ලදී. 

මෙම සංසදයේ ප්‍රධාන අරමුණ වන්නේ SLPI හි RTI මාධ්‍යවේදීන්ගේ සංසදය හඳුන්වා දීම සහ එහි ක්‍රියාකාරකම් සහ සංසදයට සම්බන්ධ වීමෙන් ඔවුන්ට ලබාගත හැකි ප්‍රතිලාභ මොනවාද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා දීමය. එමෙන්ම සංසදයේ  මාධ්‍යවේදීන් වන ප්‍රසාද් පූර්ණිමාල්, සනත් මනුල සහ සිවලිංගම් සිවකුමාරන් සහභාගි වූ අතර, SLPI හි RTI මාධ්‍යවේදීන්ගේ සංසදයේ සාමාජිකයෙකු වීමේ අත්දැකීම් සහ සංසදයේ අනෙකුත් සාමාජිකයින්ගේ සහභාගීත්වය ඔවුන්ගේ අයිතිය භාවිතා කරමින් තොරතුරු ලබා ගැනීමේ හැකියාව ශක්තිමත් කළ ආකාරය බෙදා ගත්හ. 

එහිදී SLPI හි ප්‍රධාන විධායක නිලධාරී කුමාර් ලෝපේස් ද මෙම අවස්ථාවට සහභාගී වෙමින් නව මාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ පනත භාවිතා කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් සිදු කළ අතර මාධ්‍යවේදීන් තොරතුරු දැනගැනීමේ පනත භාවිතයෙන් සිදු කළ හැකි ක්‍රියාකාරකම් පිළිබඳවද දැනුවත් කරමින්, තොරතුරු දැනගැනීමේ පනත භාවිතා කිරීම සඳහා ඔවුන්ව උද්යෝගීමත් කළේය.

තවද, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ RTI කණ්ඩායම විසින් මාධ්‍යවේදීන් සඳහා ක්‍රියාත්මක කර තිබෙන වැඩසටහන් සම්බන්ධයෙන්ද ඔවුන්ව දැනුවත් කරන ලදී. 

Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු”- වව්නියා

වව්නියා දිස්ත්‍රික්කය “තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” වැඩමුළු මාලාවේ හත්වන පුහුණු වැඩමුළුව මැයි මස 15 දින වව්නියාව…

By In
Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” – පසුවිපරම් වැඩමුළු මාලාව

ගාල්ල දිස්ත්‍රික්කය තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” දෙවන වැඩමුළු මාලාවේ…

By In
Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” – පසුවිපරම් වැඩමුළු මාලාව

පුත්තලම් දිස්ත්‍රික්කය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු“තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමහරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” දෙවන වැඩමුළු මාලාවේ දෙවන…

By In
Learn About - Sri Lanka Rights to Information Act

RTI මාධ්‍යවේදීන්ගේ සංසදය 03-31-2023

මාර්තු මාසය සඳහා වන RTI මාධ්‍යවේදී සංසදය මාර්තු 31 වැනි දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම සංසදයට මාධ්‍යවේදීන්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *