පුවත්

බල ගැන්විය යුතු තොරතුරු පනත​ මහනුවරට කළ මෙහෙවර

By In

අසේල කුරුළුවංශ

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව 2016 ජූනි මස 23 දින පුරවැසියන්ගේ තොරතුරු දැන ගැනීමේ  මූලික අයිතිවාසිකම අර්ථාන්විත කරමින් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සම්මත කළේය.එතැන් පටන් මෙරට ජනතාව තොරතුරු ඉල්ලුම් පත් ඉදිරිපත් කරමින් තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාවලියට සක්‍රීය ලෙස දායක වන්නට පටන් ගත්හ.මහනුවර දිස්ත්‍රික්කය පිළිබඳ සැලකීමේදී තොරතුරු පනත උපයෝගි කර ගනිමින් තොරතුරු ලබා ගැනීමට උනන්දු වන පිරිස ක්‍රමිකව වර්ධනය වෙමින් තිබෙන බව පැහැදිලිය.පෞද්ගලිකව තමන්ට වැදගත් වන තොරතුරු පිළිබඳව මෙන්ම පොදුවේ සමාජ යහපත පිණිස බලපාන්නාවූ කාරනා සම්බන්ධවද තොරතුරු ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබෙන බව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන වලට ලැබී තිබෙන තොරතුරු ඉල්ලුම් පත් පිළිබඳ තොරතුරු විමර්ශනයේදී පැහැදිලි වන්නේය.

මහනුවර හන්තාන ආශ්‍රිත සංවේදී පරිසර කළාපයේ ඉඩම් ජනතා වතු සංවර්ධන මණ්ඩලයට මෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත්ය.මෙම ඉඩම් දේශපාලන හා වෙනත් හිතවත්කම් මත අන්සතු කිරීමේ ක්‍රියාවලිය පසුගිය කාලය පුරාවට  සිදුවිය.හන්තාන සුරැකීමේ සංවිධානය ඇතුළු නොයෙකුත් පරිසර සංවිධාන මෙම ඉඩම් අන්සතු කිරීමට අදාළව තොරතුරු ඉල්ලා සිටියත් ඒවා හැකි තරම් වසන් කිරීමට බලධාරීන් කටයුතු කරත්දී ඔවුන්ට සරණ වී තිබෙන්නේ තොරතුරු පනතය.මෙම පනත සම්මත වීමෙන් පසු ඔවුන් ඒ ඔස්සේ කළ තොරතුරු ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ නොහැකි තත්ත්වයකට පත්වීම ඇත්තෙන්ම ජනතාව ලද ජයග්‍රහණයකි.තොරතුරු පනත සම්මත වීමත් සමඟ එය දෙයාකාරයකින් සමාජ යහපත පිණිස බලපා තිබෙන බව පෙනෙන්නට තිබේ.එකක් නම් පනත යටතේ ලබා ගැනීමට හිමිකම ඇති සියලු තොරතුරු ලබා ගැනීමට අවස්ථාව ලැබීමය .අනෙක නම් තොරතුරු පනත යටතේ තොරතුරු වසන් කිරීමට හැකියාවක් නොමැති නිසා නීතියට පිටින් ගොස් වැඩ කරන්නට නිලධාරීන් පෙළඹෙන අවස්ථා සීමා වීමය.

හෝර්ටන්තැන්නේ සිට ත්‍රිකුණාමළය දක්වා මහවැලි ගඟ ගලා බසින කිලෝ මීටර 335 ක දුර ප්‍රමාණය තුළ හමුවන අති විශේෂවූ පරිසර පද්ධතියක් ලෙස ගන්නෝරුව හක්කිද දූපත් ආශ්‍රිත ප්‍රදේශය පෙන්වා දීමට පුළුවන.දූපත් 20 කින් සමන්විත මෙම ප්‍රදේශය තුළ මහවැලි ගංඟාවේ පටුම හා පළලම ස්ථානද දැකිය හැකිය.අති සුන්දර මෙන්ම සුවිශේෂිවූ පරිසර කළාපයක් වීම නිසා මධ්‍යම පරිසර අධිකාරිය මගින් වරාතැන්න හක්කිද දූපත් ආශ්‍රිත ප්‍රදේශය ආරක්ෂක කළාපයක් ලෙස 2017 දී නම් කරමින් ගැසට් පත්‍රයක්ද නිකුත් කළේය.එසේ වුවත් ගඟ දෙපස අනවසර ඉදිකිරීම් දිනෙන් දින වර්ධනය වන තත්ත්වයක් දැකිය හැකිය.මේ සම්බන්ධ තොරතුරු ලබා ගැනීම අසීරුව තිබියදී තොරතුරු පනත භාවිත කරමින් අවශ්‍යය තොරතුරු ලබා ගැනීමට පරිසර සංවිධාන මෙන්ම ප්‍රදේශවාසින්ද පියවර ගත්හ.

මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම තොරතුරු ඉල්ලුම්පත් සංඛ්‍යාවක් ඉදිරිපත් කරනු ලැබ තිබෙන්නේ මහනුවර මානව හිමිකම් කාර්යාලය මගිනි.තොරතුරු දැන ගැනීමේ ඉල්ලුම් පත් ඍජුව ඉදිරිපත් කිරීමට අමතරව අසාධාරණයට ලක්වන පුද්ගලයින්ට තොරතුරු පනත උපයෝගි කර ගනිමින් තොරතුරු ලබා ගැනීම සඳහා මග පෙන්වීම එම ආයතනය මගින් වසර ගණනාවක් පුරා සිදු කරමින් සිටී.ඒ ඔස්සේ තොරතුරු ලබා ගනිමින් නඩු කටයුතු වලට මෙන්ම රක්ෂණ වන්දි ලබා ගැනීමටද හැකිවූ පිරිස දෙසිය ගණනකි.මහනුවර ජාතික රෝහලේදී සැත්කමකට ලක්ව මරණයට පත්වූ පුද්ගලයෙකුගේ බිරිඳ තම සැමියාගේ වෛද්‍යවාර්තා රෝහල් බලධාරීන් ගෙන ඉල්ලා සිටියත් ඔවුන් ඒවා ලබාදීම ප්‍රතික්ෂේප කර තිබිණි.සැමියාගේ මරණය සැක සහිත බව ප්‍රකාශ කරමින් ඇය මරණ පරීක්ෂණයේදී සාක්කි ලබාදීම මෙයට හේතුවී තිබූ අතර අදාළ වාර්තා නොලැඹීම නිසා ඇයට සැමියාගේ රක්ෂණ වන්දි මුදල්ද ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබියදී මහනුවර මානව හිමිකම් කාර්යාලය ඇගෙ සහයට පැමිණීම විශේෂ සිදුවීමකි.ඒ ඔස්සේ සැමියාගේ වෛද්‍යවාර්තා සියල්ල ලබාගත් ඇය මේවන විට සැත්කම සිදුකළ වෛද්‍යවරයාට එරෙහිව අධිකරණයේ පැමිණිල්ලක්ද ගොනුකර තිබේ.

මහනුවර ජනප්‍රිය පාසල් වලට ළමුන් ඇතුළත් කර ගැනීමේදී සිදුවන අක්‍රමිකතා සම්බන්ධව දෙමව්පියන් යම් යම් හෙළිදරව් කිරීම් සිදුකරනු ලැබුවේ තොරතුරු පනත මගින් ලබාගත් දත්ත උපයෝගි කරගෙනය.පනත භාවිත කරමින් ලබාගත් තොරතුරු ඔවුහූ මාධ්‍යවේදීන්ටද අවශ්‍යය අවස්ථාවල ලබාදෙති.මේ නිසා අදාළ හෙළිදරව් කිරීම් නීතිමය ගැටලුවකින් තොරව හෙළිකිරීමේ අවස්ථාව මාධ්‍ය ආයතනවලටද ලැබේ.කුඹුරු ඉඩම් ගොඩ කිරීම්,රෝහල් වල අපද්‍රව්‍යය බැහැර කිරිම් සම්බන්ධ ක්‍රමවේදය,රාජ්‍ය සේවයේ ස්ථාන මාරු හා උසස් වීම්,අනවසර ඉදිකිරිම් ආදි බොහෝ කරුණු පිළිබඳව පසුගිය කාලයේදී තොරතුරු පනත භාවිත කරමින් ජනතාව තොරතුරු විමසා තිබෙන බවක් පෙනෙන්නට තිබේ.මෙයට අමතරව පළාත් හා ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාල මගින් කොවිඩ් එන්නත් ලබා දීමට අදාළ තොරතුරු බහුලව විමසා තිබෙන බව මහනුවර දිස්ත්‍රික් හා පළාත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මහනුවර හන්තාන ආශ්‍රිත සංවේදී පරිසර කළාපයේ ඉඩම් ජනතා වතු සංවර්ධන මණ්ඩලයට මෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත්ය.මෙම ඉඩම් දේශපාලන හා වෙනත් හිතවත්කම් මත අන්සතු කිරීමේ ක්‍රියාවලිය පසුගිය කාලය පුරාවට යහමින් සිදුවිය.හන්තාන සුරැකීමේ සංවිධානය ඇතුළු නොයෙකුත් පරිසර සංවිධාන මෙම ඉඩම් අන්සතු කිරීමට අදාළව තොරතුරු ඉල්ලා සිටියත් ඒවා හැකි තරම් වසන් කිරීමට බලධාරීන් කටයුතු කරත්දී ඔවුන්ට සරණ වී තිබෙන්නේ තොරතුරු පනතය.මෙම පනත සම්මත වීමෙන් පසු ඔවුන් ඒ ඔස්සේ කළ තොරතුරු ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ නොහැකි තත්ත්වයකට පත්වීම ඇත්තෙන්ම ජනතාව ලද ජයග්‍රහණයකි.තොරතුරු පනත සම්මත වීමත් සමඟ එය දෙයාකාරයකින් සමාජ යහපත පිණිස බලපා තිබෙන බව පෙනෙන්නට තිබේ.එකක් නම් පනත යටතේ ලබා ගැනීමට හිමිකම ඇති සියලු තොරතුරු ලබා ගැනීමට අවස්ථාව ලැබීමය .අනෙක නම් තොරතුරු පනත යටතේ තොරතුරු වසන් කිරීමට හැකියාවක් නොමැති නිසා නීතියට පිටින් ගොස් වැඩ කරන්නට නිලධාරීන් පෙළඹෙන අවස්ථා සීමා වීමය.

හෝර්ටන්තැන්නේ සිට ත්‍රිකුණාමළය දක්වා මහවැලි ගඟ ගලා බසින කිලෝ මීටර 335 ක දුර ප්‍රමාණය තුළ හමුවන අති විශේෂවූ පරිසර පද්ධතියක් ලෙස ගන්නෝරුව හක්කිද දූපත් ආශ්‍රිත ප්‍රදේශය පෙන්වා දීමට පුළුවන.දූපත් 20 කින් සමන්විත මෙම ප්‍රදේශය තුළ මහවැලි ගංඟාවේ පටුම හා පළලම ස්ථානද දැකිය හැකිය.අති සුන්දර මෙන්ම සුවිශේෂිවූ පරිසර කළාපයක් වීම නිසා මධ්‍යම පරිසර අධිකාරිය මගින් වරාතැන්න හක්කිද දූපත් ආශ්‍රිත ප්‍රදේශය ආරක්ෂක කළාපයක් ලෙස 2017 දී නම් කරමින් ගැසට් පත්‍රයක්ද නිකුත් කළේය.එසේ වුවත් ගඟ දෙපස අනවසර ඉදිකිරීම් දිනෙන් දින වර්ධනය වන තත්ත්වයක් දැකිය හැකිය.මේ සම්බන්ධ තොරතුරු ලබා ගැනීම අසීරුව තිබියදී තොරතුරු පනත භාවිත කරමින් අවශ්‍යය තොරතුරු ලබා ගැනීමට පරිසර සංවිධාන මෙන්ම ප්‍රදේශවාසින්ද පියවර ගත්හ.

මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම තොරතුරු ඉල්ලුම්පත් සංඛ්‍යාවක් ඉදිරිපත් කරනු ලැබ තිබෙන්නේ මහනුවර මානව හිමිකම් කාර්යාලය මගිනි.තොරතුරු දැන ගැනීමේ ඉල්ලුම් පත් ඍජුව ඉදිරිපත් කිරීමට අමතරව අසාධාරණයට ලක්වන පුද්ගලයින්ට තොරතුරු පනත උපයෝගි කර ගනිමින් තොරතුරු ලබා ගැනීම සඳහා මග පෙන්වීම එම ආයතනය මගින් වසර ගණනාවක් පුරා සිදු කරමින් සිටී.ඒ ඔස්සේ තොරතුරු ලබා ගනිමින් නඩු කටයුතු වලට මෙන්ම රක්ෂණ වන්දි ලබා ගැනීමටද හැකිවූ පිරිස දෙසිය ගණනකි.මහනුවර ජාතික රෝහලේදී සැත්කමකට ලක්ව මරණයට පත්වූ පුද්ගලයෙකුගේ බිරිඳ තම සැමියාගේ වෛද්‍යවාර්තා රෝහල් බලධාරීන් ගෙන ඉල්ලා සිටියත් ඔවුන් ඒවා ලබාදීම ප්‍රතික්ෂේප කර තිබිණි.සැමියාගේ මරණය සැක සහිත බව ප්‍රකාශ කරමින් ඇය මරණ පරීක්ෂණයේදී සාක්කි ලබාදීම මෙයට හේතුවී තිබූ අතර අදාළ වාර්තා නොලැඹීම නිසා ඇයට සැමියාගේ රක්ෂණ වන්දි මුදල්ද ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබියදී මහනුවර මානව හිමිකම් කාර්යාලය ඇගෙ සහයට පැමිණීම විශේෂ සිදුවීමකි.ඒ ඔස්සේ සැමියාගේ වෛද්‍යවාර්තා සියල්ල ලබාගත් ඇය මේවන විට සැත්කම සිදුකළ වෛද්‍යවරයාට එරෙහිව අධිකරණයේ පැමිණිල්ලක්ද ගොනුකර තිබේ.

මහනුවර ජනප්‍රිය පාසල් වලට ළමුන් ඇතුළත් කර ගැනීමේදී සිදුවන අක්‍රමිකතා සම්බන්ධව දෙමව්පියන් යම් යම් හෙළිදරව් කිරීම් සිදුකරනු ලැබුවේ තොරතුරු පනත මගින් ලබාගත් දත්ත උපයෝගි කරගෙනය.පනත භාවිත කරමින් ලබාගත් තොරතුරු ඔවුහූ මාධ්‍යවේදීන්ටද අවශ්‍යය අවස්ථාවල ලබාදෙති.මේ නිසා අදාළ හෙළිදරව් කිරීම් නීතිමය ගැටලුවකින් තොරව හෙළිකිරීමේ අවස්ථාව මාධ්‍ය ආයතනවලටද ලැබේ.කුඹුරු ඉඩම් ගොඩ කිරීම්,රෝහල් වල අපද්‍රව්‍යය බැහැර කිරිම් සම්බන්ධ ක්‍රමවේදය,රාජ්‍ය සේවයේ ස්ථාන මාරු හා උසස් වීම්,අනවසර ඉදිකිරිම් ආදි බොහෝ කරුණු පිළිබඳව පසුගිය කාලයේදී තොරතුරු පනත භාවිත කරමින් ජනතාව තොරතුරු විමසා තිබෙන බවක් පෙනෙන්නට තිබේ.මෙයට අමතරව පළාත් හා ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාල මගින් කොවිඩ් එන්නත් ලබා දීමට අදාළ තොරතුරු බහුලව විමසා තිබෙන බව මහනුවර දිස්ත්‍රික් හා පළාත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

තොරතුරු පනත හඳුන්වා දුන් මුල් සමයේ එය භාවිත කරමින් තොරතුරු ලබාගත් පිරිස තරමක් අඩු වුවත් මේවන විට මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව ඒ සම්බන්ධයෙන් දක්වන උනන්දුව ඉහළ ගොස් තිබේ.මුල් අවධියේ තොරතුරු ලබා දීම සඳහා තොරතුරු නිලධාරියෙකු පත් නොකළ ආයතන වල පවා මේවන විට ඒ සඳහා නිලධාරියෙකු පත්කර ඇත.ජනතාව වැඩි වශයෙන් තොරතුරු ඉල්ලා සිටින විට ඊට අදාළ පහසුකම් නොසලසා සිටීමට බලධාරීන්ට නොහැකිය.තොරතුරු පනත මගින් තොරතුරු ඉල්ලා සිටි ඇතැම් අවස්ථාවල හිතාමතා තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට ඇතැම් ආයතන කටයුතු කරයි.ඒ සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව පනත සම්බන්ධව පූර්ණ අවබෝධයක් ඇති අය මගින් කරුණු දැන ගැනීමට ජනතාව මේවන විට දක්වන්නේ වැඩි උනන්දුවකි.අදාළ තත්ත්වය හේතුවෙන් තොරතුරු ඉල්ලුම් පත ලැබුණු බව හෝ දන්වා එමීමට  රාජ්‍ය ආයතන මේවන විට පියවර ගෙන තිබේ.මේ සියලු කාරනා සැලකීමේදී අප වැඩි වශයෙන් තොරතුරු ඉල්ලා සිටීම එය බලගැන්වීම සඳහා ප්‍රබල සාධකයක් වන බවට  තර්කයක් නොමැත.

දැවි තෙල් නොමැති නිසා ජනවාරි සිට මාර්තු දක්වා විදුලි බලාගාර හතරක් විටින් විට අක්‍රීය වෙලා…

වර්තමානයේ දේශපාලනිකමය වශයෙන් සහ විශේෂයෙන් ම ආර්ථිකමය අතින් ශ්‍රී ලංකාව මුහුණපා සිටින උග්‍ර අර්බුදකාරී තත්ත්වයෙහි යතාර්ථය මේ වන විට ඕනෑම…

By In
පුවත්

වවුනියාව දිස්ත්‍රික්කයේ ළදරුවන් මිය යන්නේ ඇයි?

පසුගිය පෙබරවාරි මාසයේදී වවුනියාව මහ රෝහලේදී උපත ලද ළදරුවන් විශාල ප්‍රමාණයක් මිය ගිය බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල…

By In
පුවත්

2021 වසරේ ලංකාවට නැව් 4180ක් ඇවිත්!

ශ්‍රී ලංකාව, සමුද්‍රීය සේද මාවතෙහි ඉතා ක්‍රියාශීලී කේන්ද්‍රස්ථානයකි. ඒ හැරුණුකොට​, ශ්‍රී ලංකාව නාවුකයින් අතර ඉතා සුප්‍රසිද්ධ ගමනාන්තයක් වශයෙන් ද ප්‍රකට…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *