පුවත්

කැලිකසල කන්ටේනර් සඳහා තවමත් විසඳුම් නැහැ – බහාලුම් තවදුරටත් රඳවාගනියි

By In

පසුගිය ජූලි මාසයේ අපරටේ මාධ්‍ය තුළ ඉතා උණූසුම් ප්‍රවෘත්තියක් ලෙස බ්‍රිතාන්‍යයෙන් ආනයනය කරන ලද කැළිකසළ බහාලුම් පිළිබඳ තොරතුරු හුවමාරු විය. මෙලෙස එංගලන්තයෙන් ආනයනය කරන ලද බහාලුම් තුළ තැන්පත් කර තිබූ භාවිතා කරන ලද මෙට්ට තුල විවිධ වර්ගයේ අපද්‍රව්‍යය පවතින බව මධ්‍යම පරිසර අධිකාරියේ නිරීක්ෂණය විය. මෙම අපද්‍රව්‍යය බහාලුම් පිළිබඳ වර්තමානය වන විටත් කිසිදු තීරණයකට පැමිණි ඇති බවක් අසන්නට නොලැබිණි.

මෙරටට ගෙන්වන ලද මෙම කසළ බහාලුම් මෙරටට ගෙන්වීම සඳහා මෙරට නීතිමය ප්‍රතිපාදන පවතීද යන්න ගැටලු සහගත විය. මෙම අපද්‍රව්‍යය මෙරටට ගෙන්වන ලැබීම සඳහා යොදාගත් යම් නීතිමය හැකියාවක් පවතීනම් එවැනි නීතිමය තත්වයන් සංශෝධනය වීම වැදගත් වේ. ආනයනය කරන ලද අපද්‍රව්‍යය බහාලුම් මෙරටට ගෙන්වීම සඳහා නීතිමය අවසරය සඳහන් වන නීතිමය ලියවිල්ලපිළිබඳ විමසා අප විසින් ශ්‍රී ලංකා රේගුව වෙත තොරතුරු ඉල්ලීමක් සිදු කරන ලදී. එම ඉල්ලීම ශ්‍රී ලංකා රේගුවේ තොරතුරු අංශය මඟින් ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂණ අංශයටත්, ශ්‍රී ලංකා රේගුවේ ආයෝජන මණ්ඩල සම්බන්ධීකරණ අංශය හරහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයටත් යොමු කර තිබිණි.

මෙම තොරතුරු ඉල්ලීමෙහි සඳහන් වූ තොරතුරු විස්තරය වනුයේ ශ්‍රී ලංකාවට එංගලන්තයෙන් ආනයනය කරන ලද අපද්‍රව්‍ය බහාලුම් ආනයනය සඳහා නෛතික අවසරය ලැබී ඇති ලිඛිත ප්‍රකාශනය කුමක් ද? යන්නයි. මේ සඳහා අගෝස්තු මස අවසන් සතියේ අප වෙත ලද පිළිතුරුවලට අනුව මේ සඳහා ශ්‍රී ලංකා ආයොජන මණ්ඩලයෙන් ලබා දී තිබූ ප්‍රතිචාරය වනුයේ අපද්‍රව්‍යය බහාලුම් ආනයනය සඳහා කිසිඳු නෛතික අවසරයක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් කිසිදු සමාගමකට ලබා දී නැති බවයි.

මෙහිදී පෙනී ගියේ අපද්‍රව්‍යය ආනයනය සඳහා සෘජු අවසරයක් ආයොජන මණ්ඩලය අරහා ලබා දී නැතත් දැනට පවතින නීති තත්වය මත වක්‍රාකාරයෙන් එවැනි ආනයන සඳහා ඉඩකඩ සැලසී ඇති බවයි. ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂණ අංශය මගින් එවා තිබූ පිළිතුරු වලට අනුව දක්වා තිබුණේ තොරතුරු දැනගැනීමේ පනතේ (ඌ) (i) වගන්තිය ප්‍රකාරව, මෙම සිද්ධිය පිළිබඳ දැනට නඩුවක් මඟින් විමර්ශනය කටයුතු සිදු කරනු ලබන බවත්, තවමත් විධිමත් රේගු පරීක්ෂණයකට ලක්වී නොමැති බැවින් මෙම තොරතුරු නිශ්චිත පරිදි අනාවරණය කළ නොහැකි බවයි.

මේ වන විට මෙම සිදුවීම පිළිබඳ පිළිබඳ ශ්‍රෙෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් පවතින අතර මෙම අපද්‍රව්‍යය වෙනත් ස්ථානයකට ගෙනයාම වලක්වමින් පැනවූ නියෝගය ඔක්තෝබර් 21 වන දින දක්වා දීර්ඝ කෙරිණි. කෙසේ වෙතත් මෙම අපද්‍රව්‍යය පිළිබඳ පරීක්ෂණ අවසන් නොවීම තුළ මෙවැනි අපද්‍රව්‍ය ආනයනය සඳහා ඇති අවකාශය අහුරා දැමීම සඳහා තවදුරටත් කල්ගත වනු ඇත. එමෙන්ම මෙවැනි අපද්‍රව්‍යය ශ්‍රී ලංකාවේ පරිසරයට ආවරණය වීම මඟින් විශාල පාරිසරික බලපෑම් ඇති කරයි.

පුවත්

IMF සමග කතා කරන්න වොෂින්ටන් ගිය නිලධාරීන් වෙනුවෙන් රු. මිලියන 18ක් වැය කරලා

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු  2024 ඔක්තෝබර් මස ඇමරිකා එකසත් ජනපදයේ වොෂින්ටන් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…

By In
පුවත්

ජනාධිපතිගේ නිල විදෙස් සංචාරවල වියදම් ගැන තොරතුරු දෙන්න ජනාධිපති ලේකම් කාර්යාලය කල් මරන්නේ ඇයි?

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ජනාධිපති  අනුර කුමාර දිසානයක විසින් 2024 දෙසැම්බර් සිට 2025 පෙබරවාරි 15 දක්වා රජයේ මුදල් භාවිත කරමින් …

By In
පුවත්

ආණ්ඩුවේ මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ සියලු දීමනා අරන්! ජනවාරි මාසයේ සමස්ත වියදම ලක්ෂ 720යි

– ජනක සුරංග දසවන පාර්ලිමේන්තුවේ මංගල අයවැය, පසුගියදා කිසිදු අභියෝගයකින් තොරව බහුතර ඡන්ද ප්‍රමාණයකින් සම්මත විය. අයවැයෙහි බර කවර පරිමාණවලින්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *