පුවත්

ඌව පළාත් මාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවක්

By In

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් ඌව පළාතේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවක් පසුගිය 18 වන දින බණ්ඩාරවෙල මලින්දි හෝටලයේදී පැවැත්විය. බදුල්ල හා මොණරාගල යන දිස්ත‍්‍රික්ක දෙකම ආවරණය වන පරිදි සිංහල හා දමිළ මාධ්‍යයෙන් බදුල්ල සහ මොණරාගළ දිස්ති‍්‍රක්ක නියෝජනය කරමින් වෘත්තීය මාධ්‍යකරණයේ නියැලී සිටින මාධ්‍යවේදීන් 45ක ට ආසන්න සංඛ්‍යාවක් මෙයට සහභාගී වී සිටියහ.

විශේෂයෙන් පෙබරවාරි 4 වෙනිදා සිට පනත ක‍්‍රියාත්මක වීමේදී ඇතිවිය හැකි ප‍්‍රායෝගික තත්ත්වයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි. ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තොරතුරු පනත සම්බන්ධයෙන් දැනට පවතින ගැටළු සඳහා මඟපෙන්වීමක් ලබා දීමේද මෙහිදී සිදුවිය. කොළඹ, මහනුවර, ගම්පහ සහ ගාල්ල යන දිස්ති‍්‍රක්කයන්ට සමගාමීව ඌව පළාතේ පැවති මෙම වැඩමුළුව සාර්ථකව නිමවිය

 

DSC_0119ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ කමල් ලියනාරච්චි මහතා සිංහල මාධ්‍යවේදීන් සඳහා සැසියක් පවත්වමින්.

 

 

 

DSC_0138

සිංහල මාධ්‍ය වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ නීතීඥ/මාධ්‍යවේදිනී රදිකා ගුණරත්න විසිනි.

 

 

 

 

DSC_0103

දමිල මාධ්‍ය වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අමීන් හුසේන් විසිනි.

පුවත්

තොරතුරු සඳහා විශ්වීය ප්‍රවේශය වෙනුවෙන් වූ ජාත්‍යන්තර දින සැමරුම සාර්ථකව පැවැත්වේ

තොරතුරු සඳහා විශ්වීය ප්‍රවේශය වෙනුවෙන් වූ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහනක් පසුගිය ඔක්තෝබර්01 වන දින ප. ව 3.00ට  ශ්‍රී ලංකා…

By In
පුවත්

තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වේ – ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ට අයදුම් කරන ලද ඉල්ලුම් පත්‍රයට අනුව ශ්‍රි මුරුගන් මාර්ගය අලුත් වැඩියා කිරීම

ග්‍රාම නිළධාරි න්‍/353 දරණ කරවෙඞ්ඩි ප්‍රාදේශීය සභාවේ සිට මුරුගන් ජනාවාස කරා ගමන් කරන මාර්ගය රු මිලියන 32 ක් වැයකර ප්‍රතිසංස්කරණය…

By In
පුවත්

සුදුසුකම් සපුරා ඇති රැකියා විරහිත අයදුම්කරුවන් මුහුණදෙන ගැටලුවක දිග හැරුම (බදුල්ල)

රැකියාවක් යනු ඕනෑම තරුණයෙකුගේ හෝ තරුණියකගේ අනාගත ජීවිතය තීරණය කරන මුලික සාධකයයි.ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින ආසියාතික රටක් වුවද රැකියා…

By In

1

  • Markk Reply
    January 31, 2017 at 3:45 pm

    Great Job!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *