තොරතුරු ලබා ගැනීමේ කාර්යපටිපාටිය

By In

[toggle title=”කාර්යපටිපාටිය කුමක් ද?”]

  •  අවශ්‍ය තොරතුරු පිළිබද විස්තර නිශ්චිතව දක්වමින් අදාළ තොරතුරු නිලධාරියා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීම.
  • ඔබට ඔබේ ඉල්ලීම ලිවීමට නොහැකි නම්, වාචික ඉල්ලීමක් කිරීමට තොරතුරු නිලධාරියා ඔබට සහාය විය යුතු අතර එය ඔබ වෙනුවෙන් සටහන් කර ගැනීම ඔහු විසින් සිදු කළ යුතුය.
  • ඔබ තොරතුරු ලබා ගැනීම සදහා පොදු අධිකාරියකට ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන්නේ නම්, හෝ ඔබ දැනටමත් ඉල්ලීමක් කර ඇතත් එය අනුමත ආකෘතියට අනුව සැකසී නැත්නම්, ගාස්තුවක් අය නොකර අදාළ ඉල්ලීම අනුමත ආකෘතියෙන් සිදු කිරීම සදහා තොරතුරු නිලධාරියා ඔබට සහාය විය යුතුය.
  • තොරතුරු නිලධාරියකු වෙත ඉල්ලීමක් ලැබුණු විට ඔහු/ ඇය ඒ ඉල්ලීම ලැබුුණු බව දැන්විය යුතුය.
  • තොරතුරු නිලධාරියකුට ඔබට ප‍්‍රතිචාරයක් ලබා දීමට හැකි වන්නේ නම්, සහ ඔබ එම ප‍්‍රතිචාරයෙන් සෑහීමකට පත්වන්නේ නම්, තොරතුරු නිලධාරියා එම ඉල්ලීම සහ ප‍්‍රතිචාරය පිළිබ`ද වාර්තාවක් තබා ගත යුතුය.

[/toggle]

[toggle title=” නව ව්‍යාපෘතියක් පිළිබද තොරතුරු”]

  • ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන විෂයභාර අමාත්‍යවරයා (එනම් විදේශීය ආධාර ලබන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් වන විට එක්සත් ජනපද ඩොල්ර් මිලියන එකක් ඉක්මවන සහ දේශීය වශයෙන් ආධාර ලබන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් වන විට රුපියල් ලක්ෂ පහක් ඉක්මවන ව්‍යාපෘතියක්), ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මාස තුනකට පෙර පොදුවේ මහජනතාවට මෙන්ම එම ව්‍යාපෘතියෙන් ඍජුවම බලපෑමක් එල්ලවන තැනැත්තන්ට ව්‍යාපෘතිය ආරම්භ කරන බව දැනුම් දිය යුතුය. ව්‍යාපෘතිය පිළිබඳ අමාත්‍යවරයා සතුව තිබෙන සියලූ තොරතුරු මහජනයාට ලබාගත හැකි විය යුතුය.
  • එය හදිසි ව්‍යාපෘතියක් නම්, ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සතියකට (01) පෙර තොරතුරු ලබා දිය හැකි වන නමුත් ව්‍යාපෘතියේ හදිසි ස්වභාවය සදහා වූ හේතු කොමිෂන් සභාවට දැනුම් දිය යුතුය.
  • ඔබ ව්‍යාපෘතියේ කිසියම් අදියරක් ඇතුළත අමාත්‍යවරයාට ලිඛිත ඉල්ලීමක් යොමු කරන්නේ නම්, ගාස්තුවකට යටත්ව යාවත්කාලීන තොරතුරු ඔබට ලබා දීමේ වගකීමක් අමාත්‍යවරයාට ඇත.

[/toggle]

[toggle title=”තුන්වැනි පාර්ශව වලින් ලබා දුන් තොරතුරු සදහා නියමිත ක‍්‍රියාපටිපාටිය”]

  • ඔබ තුන්වැනි පාර්ශ්වයක් සම්බන්ධ වන රහසිගත තොරතුරු ඉල්ලා සිටින්නේ නම්, තොරතුරු නිලධාරියා එම ඉල්ලීම සතියක් ඇතුළත එම තුන්වැනි පාර්ශ්වයට ලිඛිතව දැනුම් දිය යුතුය.
  • තොරතුරු ලබා දී ඇති තුන්වැනි පාර්ශ්වය එවිට එසේ දැනුම් දී සතියක් ඇතුළත එම තොරතුරු හෙළිදරව් කිරීමට කැමති විය යුතුය නැතහොත් හේතු සහිතව එම හෙළිදරව් කිරීම ප‍්‍රතික්ෂේප කළ යුතුය.
  • තොරතුරු නිලධාරියා ඔහුගේ තීරණය ගැනීමේ දී තුන්වැනි පාර්ශ්වයේ ප‍්‍රතිචාරය සැලකිල්ලට ගත යුතුය.
  • තුන්වැනි පාර්ශ්වය එකී ඉල්ලීමේ නිවේදනයට ප‍්‍රතිචාර නොදක්වන්නේ නම්, හෝ හෙළිදරව් කිරීමට කැමැත්ත පළ නොකරන්නේ නම්, තොරතුරු නිලධාරියාට එම තොරතුරු හෙළිදරව් කළ හැකිය.
  • තුන්වැනි පාර්ශ්වය හෙළිදරව් කිරීම ප‍්‍රතික්ෂේප කිරීමට ප‍්‍රතිචාර දක්වන්නේ නම්, එවිට තොරතුරු නිලධාරියා ඉල්ලා සිටින ලද තොරතුරු ප‍්‍රතික්ෂේප කළ යුතුය.
  • කෙසේවුව ද, තුන්වැනි පාර්ශ්වය විසින් තොරතුරු හෙළිදරව් කිරීම ප‍්‍රතික්ෂේප කර තිබුණ ද මහජන සුභසිද්ධිය සඳහා එසේ හෙළිදරව් කිරීම තුන්වැනි පාර්ශ්වයේ පෞද්ගලික සුභසිද්ධියට වඩා වැදගත් වන බව ඔබට ඔප්පු කළ හැක්කේ නම්, එවිට තොරතුරු නිලධාරියා ඉල්ලා සිටින ලද තොරතුරු හෙළිදරව් කළ යුතුය.

[/toggle]

[toggle title=” ගාස්තු”]

  • තොරතුරු සදහා ගෙවිය යුතු ගාස්තු කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලැබේ.
  • සෑම පොදු අධිකාරියකට ඔවුන්ගේ කාර්යාල පරිශ‍්‍රය තුළ ප‍්‍රකටව පෙනෙන ස්ථානයක ගාස්තු ප‍්‍රදර්ශනය කිරීමට වගකීමක් ඇත.

[/toggle]

[toggle title=”මහජනතාවට පොදු අධිකාරියක සීමාවක් නොමැති කාලපරිච්ජේදයක අතීත වාර්තා වෙත ප්‍රවේශය තිබිය හැකිද?”]

නැත. පොදු අධිකාරියක් විසින් ආරක්‍ෂාකර ගත යුත්තේ 2016 අගෝස්තු මස 4වැනි දිනට පෙර33 එය සතුව තිබූ වාර්තා අවුරුදු 10ක කාලසීමාවක් සදහා පමණි.

පොදු අධිකාරියක් අලූත් වාර්තා, එනම් 2016 අගෝස්තු මස 04වැනි දිනෙන් පසුව සකසනු ලබන වාර්තා පවත්වා ගත යුත්තේ එම වාර්තා සකස් කළ දින සිට අවුරුදු 12ක කාලසීමාවක් සදහා පමණි.

එහෙත් අවුරුදු 10කට හෝ 12කට පසුව වුව ද ‘තොරතුරු සදහා ඉල්ලීමක්’, අභියාචනයක් හෝ එවැනි වාර්තාවක් පිළිබදව අධිකරණ ඉදිරියේ නීති කෘත්‍යයක් තිබේ නම් පොදු අධිකාරියට එහි වාර්තා විනාශ කළ නොහැකිය.

[/toggle]

[toggle title=” ‘තොරතුරු සදහා ඉල්ලීමක’ ඇතුළත් විය යුත්තේ කුමක් ද?”]

  • තොරතුරු සදහා ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කළ යුතු වුව ද ඉලෙක්ට්‍රොනිකව එනම්, ෆැක්ස් හෝ විද්‍යුත් තැපෑල මගින් ද එසේ කළ හැකිය. ඉල්ලා සිටින ලද නිශ්චිත තොරතුරු හදුනා ගැනීමට අවශ්‍ය තොරතුරු නිලධාරියාට සියලූම තොරතුරු එහි ඇතුළත් විය යුතුය. එමෙන්ම ප‍්‍රවේශයේ ස්වභාවය හා භාෂාව ද එහි ඇතුළත් විය යුතුය. කෙසේවුව ද, ඔබ සම්බන්ධ කර ගත හැකි විස්තර හැරුණු කොට වෙනත් පෞද්ගලික විස්තර, තොරතුරු නිලධාරියාට ලබාදීම අවශ්‍ය නොවේ.

උදා. ඔබට x යන අමාත්‍යාංශයේ 2014 හා 2015 අවුරුදු සදහා වූ වියදම් වාර්තාවල ඉලෙක්ට්‍රොනික ආකෘතිය ඉංග‍්‍රීසි භාෂාවෙන් අවශ්‍ය වන්නේ නම්, ඔබ ඉල්ලා සිටින වාර්තා ඉංග‍්‍රීසියෙන් සහ ඉලෙක්ට්‍රොනික ආකෘතියෙන් අවශ්‍ය කරන බව සදහන් කළ යුතුය.

  • ඉල්ලා සිටින තොරතුරු පුද්ගලයකුගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට ඉතා වැදගත් වන්නේ නම්, හෝ පුද්ගලයකුගේ පෞද්ගලික නිදහසට බලපෑම් කරන්නේ නම් ඒ බව විශ්වාස කිරීමට හේතුවන පදනමද ඇතුළුව ඒ සඳහා ප‍්‍රකාශයක් ඔබගේ ඉල්ලීමෙහි සදහන් කළ යුතුය.

[/toggle]

[toggle title=” තීරණයක් කොපමණ ඉක්මනින් දැන ගත හැකි ද?”]

  •  තොරතුරු නිලධාරියෙක් හැකි ඉක්මනින්, ඉල්ලීම ලැබී වැඩ කරන දින දහ හතරක් (14) ඇතුළත එම තොරතුරු ලබා දෙන්නේ ද නැද්ද යන්න පිළිබද ඔහුගේ/ ඇගේ තීරණය ඔබට දැනුම් දිය යුතුය. ඉල්ලීමකට ඉඩ ලබා දෙන විට, තොරතුරුවලට ප‍්‍රවේශවීමේ අවසරය දින දහ හතරක් (14) ඇතුළත දිය යුතුය.

 

  • ඉල්ලා සිටින තොරතුරු පුරවැසියකුගේ ජීවිතය සහ/ හෝ පෞද්ගලික නිදහස සම්බන්ධයෙන් වන විට, තීරණය පැය හතළිස් අටක් (48) ඇතුළත සිදු කළ යුතුය.

[/toggle]

[toggle title=”තොරතුරු වෙත ප‍්‍රවේශ වීමේ කාලපරිච්ජේදය දීර්ඝ කළ හැකි ද?”]

  • ඔව්. තොරතුරු වෙත ප‍්‍රවේශවීමට අවසර දී තිබෙන්නේ නම්, ඉල්ලීම කරනුයේ දින 14ක් ඇතුළත ඉදිරිපත් කිරීමට පරිපාලනමය වශයෙන් දුෂ්කර වන කරුණු රාශියක් සදහා නම්, තීරණයේ සිට දින දහ හතරක් (14) ඇතුළත ප‍්‍රවේශයට අවසර දීමේ අවශ්‍යතාව, දින විසි එකක් (21) දක්වා දීර්ඝ කළ හැකිය. ආසන්නයේ පිහිටා නොමැති කාර්යාලයකින් වාර්තා සොයා බැලීම හා එකතු කිරීම අවශ්‍ය වන්නේ නම් සහ ඒ අනුව ඒවා දින 14ක් ඇතුළත සොයා ලබා ගැනීම දුෂ්කර වන්නේ නම් එවිට දීර්ඝ කිරීමක් ලබා දිය හැකිය.

 

  • තොරතුරු ලබාදීමේ කාලපරිච්ජේදය දීර්ඝ කළ යුතු වන්නේ නම්, තොරතුරු නිලධාරියා දින 14ක් ඇතුළත එසේ දීර්ඝ කිරීමේ හේතු සහ දීර්ඝ කිරීමේ කාලසීමාව ඔබට දැනුම් දිිය යුතුය.

 

  • දීර්ඝ කිරීමේ හේතු සම්බන්ධයෙන් ඔබ සෑහීමකට පත් නොවන්නේ නම් ඔබට නම් කරන ලද නිලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.

[/toggle]

[toggle title=”ඔබට තොරතුරු ලබා දෙන්නේ කෙසේ ද?”]

• තොරතුරු ඉල්ලා සිටි ආකෘතියෙන් එය සපයනු ලැබේ. කෙසේවුව ද, එමගින් අදාළ ලේඛනයට හෝ වාර්තාවට හානියක් සිදු වන්නේ නම් තොරතුරු නිලධාරියාට ඉල්ලා සිටි ආකෘතියෙන් තොරතුරු ලබාදීම ප‍්‍රතික්ෂේප කළ හැකිය. ඉල්ලා සිටින ලද ආකෘතියෙන් තොරතුරු ලබාදීමට තොරතුරු නිලධාරියාට නොහැකි වන්නේ නම් තොරතුරු වෙත ප‍්‍රවේශවීමේ උචිත විකල්ප ක‍්‍රමයක් සෙවීම සදහා ඔහු ඔබට සහාය විය යුතුය.

උදාහරණය: ඔබ ජාතික ලේඛනාගාරයේ තබා ඇති 1815 උඩරට ගිවිසුමේ ඡායාපිටපතක් ලබා ගැනීමට ඉල්ලා සිටියේ නම්, එසේ ඡායාපිටපත් කිරීමෙන් ශතවර්ෂ ගණනාවක් පැරණි ලේඛනයට හානි සිදු විය හැකි බැවින් ජාතික ලේඛනාගාරයේ සිටින තොරතුරු නිලධාරියාට එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ හැකිය. තොරතුරු නිලධාරියා ඔබට ලේඛනයේ ඡායාරූපයක් ගැනීමට අවසර දීම වැනි විකල්ප ක‍්‍රමයක් සැලසිය හැකිය.

• ඔබට තොරතුරු වෙත ප‍්‍රවේශවීමට අවසර දී තිබෙන විට ඔබට අදාළ තොරතුරු අධීක්ෂණය කිරීමට; ලේඛන හෝ වාර්තාවල සටහන්, උද්ධෘත හෝ සහතික කළ පිටපත් ලබා ගැනීමට; භෞතික ද්‍රව්‍යවල සහතික කළ නියැදි ලබා ගැනීමට; ඩිස්කට්, ෆ්ලොපි, පටි, දෘෂ්‍ය කැසට්පට හෝ වෙනත් යම් විද්‍යුත් ක‍්‍රමයකින් හෝ මුද්‍රිත පිටපත් වශයෙන් තොරතුරු ලබා ගැනීමට හිමිකම තිබේ.

එමෙන්ම ඔබට අදාළ ද්‍රව්‍යයේ නියැදියක් ලබා ගැනීමට ද ඉල්ලා සිටිය හැකිය එනම්, ඔබ අවට ප‍්‍රදේශයේ මාර්ග අලූත්වැඩියා කිරීමක් සදහා භාවිතා කරන ගල්තාර පිළිගත හැකි ආරක්ෂක හා ගුණාත්මක ප‍්‍රමිතියට අනුකූල වන්නේ ද යන්න පරීක්ෂා කිරීම සදහා ඔබට ඒවායේ නියැදියක් ඉල්ලා සිටිය හැකිය.

[/toggle]

[toggle title=” ඔබට පොදු අධිකාරියක තීරණ සදහා හේතු දක්වන ලෙස ඉල්ලා සිටිය හැකි ද? “]

ඔව්. සාමාන්‍යයෙන් පොදු අධිකාරියක තීරණයකින් බලපෑමක් වන  ඕනෑම තැනැත්තකුට එම තීරණය සදහා හේතු දක්වන ලෙසට ඉල්ලා සිටිය හැකිය. මෙම හේතු ලිඛිතව ලබා දිය යුතුය.

[/toggle]

[toggle title=” ඔබට තොරතුරු සදහා ඉල්ලීමක් ප‍්‍රතික්ෂේප කිරීමේ හේතු දැන ගත හැකි ද?”]

ඔව්. නිශ්චිත අවස්ථාවල දී තොරතුරු නිලධාරියකු විසින් තොරතුරු ලබා ගැනීම සදහා වන ඉල්ලීමක් ප‍්‍රතික්ෂේප කළ විට, එම නිලධාරියා පහත දැක්වෙන තොරතුරු ඉල්ලූම්කරුට දන්වා යැවිය යුතුය;

  • ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු,
  • ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ යුතු කාලසීමාව, සහ
  • එවැනි අභියාචනයක් ඉදිරිපත් කළ යුතු තැනැත්තා.

 

අයදුම්කිරීමේ කාර්යපටිපාටිය

පළමු පියවර

ඔබට අවශ්‍ය තොරතුර සහ එම තොරතුර තිබෙන මහජන අධිකාරිය හඳුනාගන්න.

දෙවන පියවර

සම්පූර්ණ කරන ලද අයදුම්පත, නියම කර ඇති ගාස්තුව සමග මහජන අධිකාරියට ඉදිරිපත් කරන්න.

තෙවන පියවර 

දින 14ක් ඇතුළත තොරතුරු නිලධාරියා විසින් ඔබේ අයදුම්පත පිළිගනිම හෝ ප්‍රතික්ෂේප කිරීම කළ යුතුය.නමුත් ඔබ ඉල්ලා සිටින තොරතුර පුද්ගලයෙකුගේ ජීවිතය හෝ නිදහස සම්බන්ධයෙන් වේ නම් පය 48ක් ඇතුළතඅදාළ තීරණය ලබාදිය යුතුය.

පිළිගන්නේ නම්

• දින 14 ක් ඇතුළත තොරතුරු ලබාදෙනු ඇති

• තොරතුරට ප්‍රවේශ වීමට අසීරු නම් දින 21 ක උපරිමයක් අවශ්‍ය වේ.

මෙහිදී තොරතුරු නිලධාරියා,

• අවශ්‍ය කාලය

• ඒ සඳහා හේතු

ඔබට ලිඛිතව දැන්විය යුතුය.

ප‍්‍රතික්ෂේප කරන්නේ නම් 

තොරතුරු නිලධාරියා පහත කරුණු ඔබට දැනුම්දිය යුතුය.

• ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරන පදනම

• ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව අභියාචනයක් ගොනු කළ හැකි කාල පරාසය

• එම අභියචනය  ඉදිරිපත් කළ යුත්තේ කාටද යන්න

අභියාචනය

[/toggle]