පුවත්

හම්බන්තොට කැටන්වල නිවාස ව්‍යාපෘතියට අවසර ගෙන නෑ

By In

හම්බන්තොට කැටන්වල නිවාස ව්‍යාපෘතියට අයත් ‘මහවැලි ඉඩම් සදහා මහවැලියේ  අවසර ගෙන නෑ  – මහවැලි අධිකාරිය නීති විරෝධීව ඉඩම් ලබාගෙන නෑ’ – නිවාස අධිකාරිය

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි – හම්බන්තොට

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතයට අයත් හම්බන්තොට මත්තල මාර්ගයේ 10 කනුව ප්‍රදේශයේ ඇති කැටන්වැව කුරුදාන අලිමංකඩ පිහිටි මහවැලි සංවර්ධන අධිකාරියට අයත් රක්ෂිත භූමිය තුල නිවාස සංවර්ධන අධිකාරිය මගින් ආරම්බ කර තිබෙන නිවාස ව්‍යාපෘතිය සඳහා අවසර ලබා දී නැති බවත්, එය අනවසරයෙන් සිදුකළ හෙළි කිරීමක් බවත් තොරතුරු පනත ඔස්සේ මහවැලි අධිකාරියෙන් ලබාගත් තොරතුරු මගින් සනාථ වේ.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ වැඩසටහනක් වන උදාගම් වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ නිවාස සංවර්ධන අධිකාරිය මගින් වන අතර ඔවුන්ට අවශ්‍ය නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් අවශ්‍ය ඉඩම් ලබා ගැනීම වෙනුවෙන් නිවාස සංවර්ධන අධිකාරිය මගින් සියලු නීති රීති නොසලකා හරිමින් පරිසර විනාශයක් ද සිදුකරමින් මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා අදාළ අලිමංකඩ සහිත රක්ෂිතය මේ අකාරයෙන් හෙළි කර නිවාස ලාභීන් හට ඉඩම් වෙන්කරදීමක් ද සිදුකර තිබේ

මේ සම්බන්ධයෙන් සිදුකළ ගවේෂණයේ දී හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ලබා ගත් තොරතරුවලට අනුව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය මගින් සිදුකරමින් යන නිවාස ව්‍යාපෘතිය සඳහා ද ඉඩම් ලබාදීම සඳහා විශේෂ ක්‍රමවේදයක් නොමැති බවත්, දිස්ත්‍රික්කයේ අනෙකුත් සියලු සංවර්ධන කටයුතු සඳහා ඉඩම් ලබාදීමේදී නිදහස් කරනු ලබන ක්‍රමවේදයම ඒ සඳහා ද යොදා ගන්නා බවත් ඉන් පැහැදිළි කර තිබේ.

හම්බන්තොට කැටන්වල නිවාස ව්යාපෘතිය

ඒ අනුව මුලික වශයෙන් ඉඩම් අවශ්‍ය  කාරණය පැහැදිළි කරගනිමින් අදාළ ඉල්ලීම ඉඩම් පරිහරණ කමිටුව වෙත ඉදිරිපත් කළ යුතු ය. එසේම අදාළ ඉඩම් පරිහරණය කිරීමට යන කටයුත්ත සම්බන්ධව ද ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කිරීම ද වැදගත් කොට සලකනු ලබයි. අනතුරුව අදාළ ඉල්ලීම ගැන සලකා බලා ක්ෂේත්‍ර සමීක්ෂණයෙන් පසුව ප්‍රාදේශීය  ඉඩම් පරිහරණ කමිටුව මගින් අදාළ ඉඩම් ලබාදීමට අනුමැතිය දීම හෝ නොදීමට කටයුතු කරන බව ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් තොරතුරු පනත මගින් ලබා ගත් එම තොරතුරු මගින් අනාවරණය විය.

හම්බන්තොට කැටන්වල නිවාස ව්යාපෘතිය

එසේ ප්‍රාදේශීය ඉඩම් පරිහරණ කමිටුවේ අනුමැතිය ලත් ඉඩම් පමණක් දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුව වෙත යොමු කරන අතර  ඒ සඳහා දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුවේ අනුමැතිය ලබෙන්නේ නම් පමණක් අදාළ ඉඩම්, ඉල්ලීම කරන ලද කාරණාව සඳහා යොදා ගත හැකි වුවත් හම්බන්තොට කුරුදාන 10 කනුව ආසන්නයේ ඇති අලිමංකඩ සහිත රක්ෂිත ප්‍රාදේශීය නීති විරෝධිව නිවාස සංවර්ධන අධිකාරිය මගින් මිට වසරක පමණ කාලයක සිට හෙළි කරමින් මේ වන විට නිවාස සෑදීමේ කටයුතු ද සිදුකරගෙන යනු ලබයි

මේ සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ලබාගත් තොරතුරු අනුව  2015සිට 2018මේ දක්වා වු කාලය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස ව්‍යාපෘති සඳහා අවශ්‍ය අක්කර 510ක් මේ වන විට ලබා දී ඇති බව අනාවරණ වේ. නමුත් එසේ ලබා  දුන් ඉඩම් අතර  හම්බන්තොට මත්තල ප්‍රධාන මාර්ගයේ කුරුදාන 10කනුව ප්‍රාදේශයේ නිවාස ව්‍යාපෘතියක් සඳහා හෙළි පෙහෙළි කර සිදුකරගෙන යන නිවාස ව්‍යාපෘතිය සඳහා කිසිදු ඉඩම් ලබා ගැනීමක් පිළිබදව ද එහි කිසිදු තොරතුරක් සදහන්ව නොමැතිවීම විමතියට කරුණකි.

එමෙන්ම මහවැලි අධිකාරියේ මයුරපුර  කොට්ඨාශ කළමනාකරු විසින් මෙම ඉඩම් හෙලිකිරීම  නීති විරෝධි කටයුත්තක් බවත් එම ප්‍රාදේශයේ අලි මංකඩක් බවත් වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරන බැවින් ද මහවැලි අධිකාරිය දැනුවත් නොකර මෙම සිදුකරන හෙලිකිරිම වහා නතර කරන ලෙස ද නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කළමනාකරු වෙත ලිඛිතව දන්වා තිබේ. එමෙන්ම එම ඉඩම් ලබාගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ ද අනුමැතිය ලබාගෙන මහවැලි  අධිකාරියට දන්වන ලෙස ද සඳහන් කර තිබේ.

ඒ අනුව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතා 2017.06.22 දින හම්බන්තොට වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂකවරයාගෙන් ලිපියක් මගින් ඉල්ලා සිටින්නේ නිවාස ව්‍යාපෘතිය සඳහා අවශ්‍යයවය වෙනුවෙන් එම ඉඩම් කොටස ලබාදීමට අනුමැතිය ලබා දෙන ලෙසයි.

හම්බන්තොට කැටන්වල නිවාස ව්‍යාපෘතියඑය සලකා බලමින් හම්බන්තොට වනජීවී කාර්යාලයේ  අදාළ වනජීවී  අඩවි ආරක්ෂකවරයා විසින් වන අලින්ගේ සංචරණයට බාධා නොවන ආකාරයෙන් එකී ප්‍රදේශයේ තුල අදාළ නිවාස ව්‍යාපෘතිය සඳහා විරෝධයක් නොමැතිබව පවසමින් කඩිනම්ව 2017.06.23දින ලිපියක් මගින්  මහවැලි අධිකාරියේ වලව කලාපයේ නේවාසික ව්‍යාපාර කලමණාකරු වෙත දන්වා යවා තිබෙන්නේ, හුදු වන ජීවී නිලධාරියෙකු ලෙස යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය තුල  සිදුවන පරිසර විනාශය ගැන හා වන අලින්ගේ සංචරණ ක්‍රියාවලිය ගැන නොසලකා හරිමින් බව මොනවට කියා පාන්නේ ය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා කියා සිටියේ, යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය තුල හෝ අලිමංකඩක් හෙළිකර කිසිදු සංවර්ධන කටයුත්තක් සඳහා අවසරදීමට වනජීවී  අඩවි ආරක්ෂක කාර්යාලයක අඩවි ආරක්ෂක නිලධාරියෙකු හට නොහැකි බවත්,  එසේ කුමන හෝ ඉල්ලීමක් තිබේනම් ඒ සම්බන්ධයෙන් තමන්ව මූලිකව දැනුවත් කළ යුතු බවත් ය. එමෙන්ම අදාළ නිලධාරියා විසින් සිදුකළ කටයුත්ත සම්බන්ධයෙන් සොයා බලා ඒ සම්බන්ධයෙන් නීතිමය වශයෙන් කටයුතු කරන බව  හෙතෙම කියා සිටියේ ය.

මෙවැනි තත්වයක් තිබියදී උවද සියලු නිතින් පසෙකලා  හම්බන්තොට යෝජිත  වන අලි කළමනාකරණ රක්ෂිතය තුල කිසිදු පාරිසරික වාර්තාවක්ද නොගෙන  ඉදිකරන මෙම නිවාස ව්‍යාපෘතියට අදාලව ඉදිකරන නිවාස බොහොමයක් වැඩ අවසන් වන මට්ටමේ පවතින්නේ කුමන ආකාරයෙන්ද යන්න පුදුම සහගතය සිදුවන හානිය මෙසේ හෙළි කරමින් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලබන මත්තල මාර්ගයේ කැටන් වැව 10කනුව ප්‍රදේශය බූන්දල සිට හම්බන්තොට සූරියවැව ආදී ප්‍රදේශවලට සංක්‍රමණය වන අලින්ගේ ප්‍රධාන අලි මංකඩ වේ. එමෙන්ම හම්බන්තොට සිටින වන අලින් බූන්දලට මෙන්ම මත්තල රක්ෂිත ප්‍රදේශයට සංක්‍රමණය වීම සඳහා භාවිත කරන්නේ මෙම අලිමංකඩ ය. එවන් ප්‍රදේශයක් තුල මේ ආකාරයෙන් නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් හෙළි කර සිදුකර තිබෙන්නේ අලි මිනිස් ගැටුමක් නිර්මාණය කිරීමකි.

”මේ පැත්තේ කොහොමටවත් අලින්ට ඉන්න තැනක් නැ අලි මන්කදවල් සේරෝම හෙළි කරනවා අද තියෙන කැළෑව හෙට බලන කොට නැ මෙහෙ කවදාවත් හොටියේ නැති අයත් කොහොම හරි ඔප්පු හාදාගෙන කලේ විනාශ කරනවා දැන් නිවාස සංවර්ධන අදිකාරියෙන් ඔය නිවාස ගම්මානයක් හදන තැන හැමදාම අලි ගමන් කරපු තැනක් දැන් එතනත් සුද්ද කරලා ගෙවල් හදනවා මේකෙන් අලි ගමට එන කොට අසරණ  වෙන්නේ තම ගම්වල ජනතාව බව කැටන්වැව පදිංචි එම්.කේ ගුණදාස කියාසිටිනවා ”

එම්.කේ ගුණදාස
එම්.කේ ගුණදාස

”කැටන්වැව තිබුන ප්‍රදාන අලි මංකඩක් තමයි හෙළි කරලා ඔය දැන් නිවාස ගම්මානයක් හදන්නේ බලදාරින් මේ ගැන හොයන්න්නේ ණෑ  සංවර්ධනය කරනවයි කියල කොහේ හරි කරලා වැඩක් නැ මේ වැඩ නිසා අලි ගමට එනවා අලි නිසා මගේ තාත්තත් මට අහිමි උන බව කැටන්වැව ප්‍රදේශ  වාසියෙකුවන අමල් සුරංග මහතා කියා සිටි .”

අමල් සුරංග
අමල් සුරංග

එමෙන්ම වන අලින්ගේ ගමන් මාර්ග මේ ආකාරයෙන් හෙළි කර අවහිර කිරීම  තුල වන අලින්ගේ  රංචු අතර සිදුවිය යුතු ජාන හුවමාරුව නිසි පරිදි සිදු නොවීම තුල ශක්තිමත්  ජාන සහිත වන අලින් බිහිවීම ද නවතින්නේ ඔවුන් අතර අභ්‍යන්තර ලිංගික කටයුතු සිදුවීම නිසා ය.

කෙසේ නමුත් මෙම නීති විරෝධී හෙලිකිරීම සම්බන්ධයෙන් නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික්  කාර්යාලයේ දිස්ත්‍රික් කළමනාකරු වන ඩි .එම් , ගුණපාල මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ එවැනි නීති විරෝධී අන්දමින් නිවාස ව්‍යාපෘති සඳහා ඉඩම් ලබාගෙන නොමැති බවයි. එමෙන්ම මහවැලි අධිකාරිය මගින් මේ සම්බන්ධයෙන්  දන්වන ලද කිසිදු ලිපියක් තමන්වෙත නොලැබුන බව ද හෙතෙම කියා සිටියේ ය.

නිවාස අහිමි ජනතාවට නිවාස ලබාදීම කළයුතුය. එය අලි මිනිස් ගැටුම තවදුරටත් උග්‍ර කරමින් අසරණ මිනිස් ජීවිත තව තවත් අනතුරේ හෙළිමට දායක වන ව්‍යාපෘතියක් වන්නේනම්, ප්‍රශ්නයකට විසදුම ලෙස ඉඩම් අත්පත් කරගැනීම් සිදුවන්නේත් දන දැනම ඒ සදහා  සැලසුම් සැකසෙන්නේත් තවත්  සමාජ ප්‍රශ්නයක් නිර්මාණය වන ආකාරයටනම් ඒවාට වගකිවයුත්තෝ කවරහුද??

 

Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In
Social, පුවත්

නව ලෝකයට ගැලපෙන ලෙස වෙනස්වන ළමා අපයෝජන – වැඩිහිටියනි අවධානයෙන්

හර්ෂා සුගතදාස කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් දැරියක් බස් රථයක් තුළ දූෂණය කළ  සි දූ  විමක්  පසුගිය දිනවල මාධ්ය…

By In
Social, පුවත්

රුපියල් මිලියන 366ක් වැය කළ තොරතුරු තාක්ෂණ උද්‍යානය පුස්සක් ද?

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින බර පතළ ආර්ථික අර්බුදයට මුල් වු හේතුන් අතර, දෙස්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *