පුවත්

විසඳුමක් ඇති නමුත් තවම විසඳී නැති මිහිඳුසෙන්පුර කසල ගැටළුව​

By In

මෑතක දී සිට කොළඹ නගරයේ කුණු කසල බැහැර කිරීම පිළිබඳ මහජනතාවගෙන් බොහෝ සෙයින් පැමිණිලි ලැබෙන බවක් දක්නට ලැබේ. මෙයට වසර දෙකකට පෙර ද කොළඹ ස්ථාන කිහිපයකම තැනින් තැන ගොඩගැසුණු කසල ඉවත් නොකර තිබෙනු දක්නට ලැබිණි. එනිසා මංමාවත් පුරා දුගඳ හමන්නට විය. ඉන් මිනිසුන් අපහසුතාවයට පත්වන්නට විය. මෙම ගැටළුව සඳහා ලද ක්‍ෂණික ප්‍රතිචාරය වූයේ කසල එකතු කර බැහැර කරන්නේ නම් එසේ සියල්ල එකතු කර බැහැර කිරීමට තරම් සුදුසු ස්ථානයක් නගරය තුළ නොමැති බවය​.නමුත් අවසානයේ එක් ස්ථානයක් තෝරාගෙන එතැනට කසල බැහැර කිරීමට කටයුතු කර ඇත.නමුත් ජනතාව චිසින් දිගින් දිගටම ඒ සඳහා නොකැමැත්ත පළ කරන්නට විය​. ​ 

මධ්‍යම පාන්තිකයින් සඳහා දෙමටගොඩ ඉදි කරන ලද ‘මිහිඳුසෙන්පුර’ මහල් නිවාස සංකීර්ණය ද එවැනි ගැටලුවකට මුහුණ පා තිබිණි. ජනමාධ්‍යවේදීන් සඳහා පුහුණුව ලබාදෙන ආයතනයකින් සිදු කළ පුවත් රැස් කිරීමක දී, 2020 ජුනි මාසය වනවිටත් නගර සභාව විසින් අදාළ නිවාස සංකීර්ණයේ කසළ ඉවත් කිරීමට කටයුතු කර නොමැති බවට පුවතක් වාර්තා කර තිබිණි. එක තැන පල් වන කුණු කසල නිසා ඩෙංගු රෝගය පැතිර යා හැකි බවත්, දරුවන් සිටින පවුල් බියෙන් ජීවත් වන බවත් එහිදී හෙළිදරව් කර තිබුණි. අදාළ ගැටළුවට පිළියමක් වශයෙන් එම මහල් නිවාස සංකිර්ණය ආශ්‍රිත ප්‍රදේශයේ කසල නිසි පරිදි ඉවත් කිරීම සඳහා කටයුතු කර ඇති දැයි සොයා බැලීම උදෙසා අප විසින් කොළඹ මහ නගරසභාවේ අපද්‍රව්‍ය කලමණාකරණ අංශයට තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් යොමු කෙරිණි. එසේ අදාළා අරිදි කසල ඉවත් කිරීමට කටයුතු කර නොමැති නම් ඒ පිළිබඳ පැමිණිලි කළා යුත්තේ කා හට දැයි එම අයදුම්පත මගින් විමසන ලදී.

අපගේ තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කොළඹ මහනගර සභාවේ අපද්‍රව්‍ය කළමණාකර අංශයේ ඉංජිනේරු අධ්‍යක්‍ෂකවරයා දන්වා එවා ඇත්තේ දැනටමත් අදාළා කසල ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි. තවද කසල නිසි පරිදි බැහැර නොකිරීම සම්බන්ධයෙන් ඇති පැමිණිලි, අපද්‍රව්‍ය කලමණාකර්ණ අංශයේ දිස්ත්‍රික් ඉංජිනේරු, දිස්ත්‍රික් අංක 03, මිහිඳුසෙන්පුර යන ලිපිනය වෙත යොමු කරන ලෙස හෝ 0112-674349 හෝ 0773-465468 යන දුරකථන අංක ඔස්සේ එරන්ත වික්‍රමාරච්චි මහතා සම්බන්ධ කරගන්නා ලෙස දැනුම් දී ඇත.තවද​, පරිහානියට පත් වන අපද්‍රව්‍ය අඟහරුවාදා, සිකුරාදා සහ ඉරිදා යන දින වල ද​, ප්‍රතිචක්‍රීකරණය කළා හැකි අපද්‍රව්‍ය සඳුදා දින වල ද, ප්‍රතිචක්‍රීකරණය කළා නොහැකි අපද්‍රව්‍ය බදාදා දින වලදී ද එකතු කරන බව ද ඔහු විසින් දැනුම් දී ඇත​. පරිශීලනයේ පහසුව සඳහා එසේ අපද්‍රව්‍ය එකතු කිරීමේ දින සඳහන් සටහනක් පහතින් දක්වා ඇත​. 

නමුත් දෙමටගොඩ මිහිඳුසෙන්පුර මහල් නිවාස සංකීර්ණ පරිශ්‍රය තුළ සංචාරය කිරීමේ දී  නිරීක්‍ෂණය වූ කරුණක් වූයේ තවමත් එම භූමියේ තැනින් තැන ගොඩ ගසන ලද කුඩා කසල ගොඩවල් සහ පුළුස්සන ලද කසල සුන්බුන් අවට තැනින් තැන විසිරී ඇති බවයි. නිවාස අසල ද විවිධාකාරීය නිෂ්පාදන වල දවටන ආදිය විසිකොට තිබෙන අයුරු දැකගත හැකි විය​. මහ නගර සභාවෙන් අදාළ මහල් නිවාස සංකීර්ණ පරිශ්‍රයේ කසළ ඉවත් කිරීමට වැඩපිළිවෙල යොදා තිබුණත් ඒ සඳහා නිවැසියන් ගේ සහයෝගය ලැබෙන්නේද යන්න පිළිබඳව එහි දී ගැටළුවක් පැනනගී.

රටෙහි පුරවැසියන් වශයෙන් අප ද අපගේ සුබසිද්ධිය සඳහා රජය විසින් ගනු ලබන වැඩපිළිවෙල සඳහා සහයෝගය ලබා දිය යුතු ය​. කොළඹ මහනගරසභාව ලබා දී ඇති වැඩපිළිවෙල අනුගමනය කරමින් නිසි පරිදි කසල බැහැර කිරීමට එහි නිවැසියන් කටයුතු කරන්නේ නම් එහි කිසිසේත් එවැනි ලෙස කසල ගොඩගැසීමට හෝ නිවාස සංකීර්ණ පරිශ්‍රය අපවිත්‍ර වීමට හැකියාවක් නොමැත.ඔවුන් නගර සභාවේ වැඩපිළිවෙලට සහාය වන්නේ නම් දෙපාර්ශවයටම තම කටයුතු නිසි ලෙස ඉටු කරගැනීමටත්, පිරිසිඳු සහ සෞඛ්‍යාරක්‍ෂිත වටපිටාවක් නිර්මාණය කරගැනීමටත් හැකියාව ලැබෙනු ඇත​. 

Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In
Social, පුවත්

නව ලෝකයට ගැලපෙන ලෙස වෙනස්වන ළමා අපයෝජන – වැඩිහිටියනි අවධානයෙන්

හර්ෂා සුගතදාස කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් දැරියක් බස් රථයක් තුළ දූෂණය කළ  සි දූ  විමක්  පසුගිය දිනවල මාධ්ය…

By In
Social, පුවත්

රුපියල් මිලියන 366ක් වැය කළ තොරතුරු තාක්ෂණ උද්‍යානය පුස්සක් ද?

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින බර පතළ ආර්ථික අර්බුදයට මුල් වු හේතුන් අතර, දෙස්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *