පුවත්

තහනම් ආම්පන්න වලට වැට බැදීම

By In

2

මංගලනාත් ලියනආරච්චි.   –   ත්‍රිකුණාමල

ත්‍රිකුණාමල දිස්ත්‍රිකයේ තිස් දහසකගේ පමණ ජීවන වෘත්තිය වන්නේ,ධීවර කර්මාන්තයයි .කාලයක සිට ත්‍රිකුණාමලය අවට මුහුදේ සුළු පිරිසක් විසින් සිදුකරන තහනම් ධීවර පන්න හේතුවෙන් මෙම ධීවර ප්‍රජාව මහත් අසීරුතාවයට ලක්ව සිටින අතර,ධීවර බළධාරීන්ගේ ක්‍රියා කලාපයද ධීවරයන්ගේ කනස්සල්ට හේතුවී තිබේ.ධීවර බළධාරීන් තහනම් පන්නකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකීරීම මෙම තත්වයට බලපා ඇති බව සුළු පන්න ධීවරයන්ගේ අදහස වී තිබේ.

ත්‍රිකුණාමල දිස්ත්‍රිකයේ බහුල ලෙස ත්‍රිකුණාමල දිස්ත්‍රිකයේ නීති විරෝධි පන්න ක්‍රම අතර,හැඹිලි දැල්,තංගුස් දැල්,රාත්‍රි පහන් ආලෝක දැල් හෙවත් ලයිට් කෝස්,ඩයිනමයිට් ප්‍රමුඛ  ස්ථානයක් හිමිකර ගෙන සිටින අතර,ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම තහනම් කර ඇති ලයිට් කෝස් පන්න ක්‍රමය ත්‍රිකුණාමලයට පමණක් කොන්දේසි යටතේ සිදු කිරීමට දේශපාලඥයන් විසින් අවසර ලබා දී තිබේ.

මේ හරහා සුළු පන්න ධීවරයන් රැසකගේ කුසගිනි නිවන මෑත දියඹේ රැකියාව කිහිප දෙනකු විසින් සදහටම අහිමි කර තිබේ කොන්දේසි බලපත්‍ර යටතේ හැඹිලි දැල් රැකියාව සිදුකල හැක්කේ,නැවික සැතපුම් 7 ක් එපිටෙන් වුවද,බොහෝ හැඹිලි දැල් කරුවන් මෑත දියඹේ මෙම රැකියාවේ නිරත වන අතර,ඔවුන් අත්අඩංගුවට ගැනීමට ධීවර බළදාරීන් කටයුතු නොකරන පව ධීවරයන්ගේ අදහසයි.

නාවික හමුදාව විසින් ඇතැම් අවස්ථා වලදී ධීවරයන්ගේ තොරතුරු මත හැඹිලි දැල් කරුවන් අත්අඩංගුවට ගෙන ධීවර දෙපාර්තමේන්තුවට භාර දුන්නද,ධීවර බළධාරීන් ඔවුන් නිදහස් කරනුයේ, බලපත්‍ර කොන්දේසි උල්ලංගනය කල බව කියන සුළු චෝදනාව යටතේ නඩු පවරමිණි.නමුත්,නීතිය අනුව එම දැල් රාජසන්තක කොට විනාශ කිරීම වෙනත් පළාත් වල සිදුකරන බව ධීවරයන්ගේ අදහසවේ .

Desktop

අත්අඩංගුවට ගන්නා තහනම් ධීවර පන්න යටතේ කොපමණ දෙනකු අත්අඩංගුවට ගෙන ඇත්තේද,ඔවුනට හා දැල් ආම්පන්න  වලට සිදු වන්නේ කුමක්ද යන්න ධීවරයන්ට රහසකි.කෙසේ නමුත් මේ සම්පන්දයෙන් ධීවරයන් තොරතුරු දැන ගැණීමේ පනත හරහා තොරතුරු ඉල්ලා සීටීමත් සමග,ධීවර බළධාරීන්ගේ අයතා කටයුතු රැසක් හෙලි කර ගැණීමට ධීවරයන්ට හැකිවී තිබේ.

ධීවර දෙපාර්තමේන්තුව කියන අන්දමට 2018 ජනවාරි සිට සැප්තම්බර් 30 දක්වා කාලය තුල නීති විරෝධි පන්නකරුවන් 436 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර,ඉන් නඩු පවරා ඇත්තේ පුද්ගලයන් සුළු පිරිසකට වන අතර,එයත් බලපත්‍ර කොන්දේසි උල්ලංගනය කිරීමේ සුළු චෝදනාව මතය.

ඇතැම් අවස්ථා වලදී ධීවරයන්ගේ තොරතුරු මත අත්අඩංගුවට ගන්නා තහනම් පන්න කරුවන් ධීවර නිළධාරීන් විසින් අල්ලසට මුදා හරින අතර,මෑතකදී ත්‍රිකුණාමලය ධීවර දෙපාර්තමේන්තුවේ ධීවර පරීක්ෂකයෙකු තහනම් දැලක් මුදා හැරීමට අල්ලසක් ලබා ගැනීමට උත්සහ කිරීමේදී අල්ලස් හා දූෂණ නිළධාරීන් විසින් අත්අඩංගුවට පත්වීම ඊට ආසන්නම සිදුවීම වේ.

කෙසේ වෙතත්, තොරතුරු දැන ගැණීමේ පනත යටතේ ධීවරයන් තහනම් පන්න කරුවන් අත්අඩංගුවට ගැණීම් සම්බන්දයෙන් දිගින් දිගටම තොරතුරු ඉල්ලා සීටීමත් සමග,ධීවර බළධාරීන්ට එයින් ගැලවී සිටීමට අපහසු වී තිබේ.

මේ අනුව පසුගිය මාස 6 ඇතුලත පමණක් නීති විරෝධි පන්න වලට එරෙහිව වැටලීම් 111 පමණ සිදුකර ඇති අතර,යම්තාක් දුරකට මේ වන විට තහනම් පන්න කරුවන් සීමාවී ඇති බව ධීවරයන්ගේ අදහස වී තිබේ.

තහනම් පන්න සීමාවීමත් සමග මේ වන විට ත්‍රීකුණාමලය ත්‍රිකුණාමල දිස්ත්‍රිකයේ ධීවර කර්මාන්තය යම් ප්‍රගතියක් ලැබී ඇති බවත්,එය තව දුරටත් වර්ධනය විය යුතු බවත් ධීවර ප්‍රජාව විශ්වාස කරති.

Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In
Social, පුවත්

නව ලෝකයට ගැලපෙන ලෙස වෙනස්වන ළමා අපයෝජන – වැඩිහිටියනි අවධානයෙන්

හර්ෂා සුගතදාස කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් දැරියක් බස් රථයක් තුළ දූෂණය කළ  සි දූ  විමක්  පසුගිය දිනවල මාධ්ය…

By In
Social, පුවත්

රුපියල් මිලියන 366ක් වැය කළ තොරතුරු තාක්ෂණ උද්‍යානය පුස්සක් ද?

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින බර පතළ ආර්ථික අර්බුදයට මුල් වු හේතුන් අතර, දෙස්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *