ගෝලීය වසංගත තත්වයකට මුහුණ දෙමින් සිටින කාල වකවානුවකදී අපව ව්‍යාජ පුවත් වලට නිරාවරණය වීමේ වැඩි ඉඩක් ඇති බව නොරහසකි. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිතා කරන පිරිස් එය අත්දැකීමේන් දන්නවා ඇත. උක්ත ව්‍යාජ පුවත් පැතිරවීමට යොදාගන්නා ප්‍රධාන මෘදුකාංගයන්ගෙන් එකක් වට්සැප් යෙදුම් මෘදුකාංගයයි (Mobile Application). ලෝකයේ ජංගම දුරකථන භාවිතා කරන අයගෙන් බිලියන දෙකකට ආසන්න පිරිසක් වට්සැප් මෘදුකාංගය භාවිතා කරති. එයිනුත් ශ්‍රී ලංකාවේ වට්සැප් මෘදුකාංගය භාවිතා කරන්නේ මිලියන තිස් දෙකකට ආසන්න පිරිසකි. එහිදී නාදුනන කණ්ඩායම් විසින් ඉතා සැළසුම් සහගතව වට්සැප් මගින් ව්‍යාජ ආයාචිත පණිවිඩ (Fake spam message) නිර්මාණය කර මිතුරන් අතර බෙදා හැරීමට සැළසුම් කරමින් ඔවුනොවුන්ගේ විනෝදාස්වාදය සපුරාගනී. තවත් සමහරු අන් අයගේ පෞද්ගලික තොරතුරු එකතු කරමින් සැරිසරති.
උක්ත කාරණය පිළිබද විමසා අප විසින් 2021/05/25 දින ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම් කණ්ඩායම (Sri Lanka Cert|cc ආයතනය) වෙත තොරතුරු දැනගැනීමේ අයදුම් පතක් යොමු කරනු ලැබිණි. එම අයදුම්පත යොමු කරමින් අප විමසුවේ ආයාචිත පුවත් (spam message) යනු කවරක්ද යන්නය. ඊට පිළිතුරු වශයෙන් සර්ට් ආයතනය අප වෙත යොමු කර ඇති පිළිතුරු ලිපියේ සදහන් වනුයේ ආයාචිත පුවත් බොහෝ විට ඔබ විසින් ඉල්ලුම් නොකරන තොග වශයෙන් ලැබෙන පණිවිඩ වන අතර මේවා බොහෝ විට වාණිජමය ස්වරූපයක් ගන්නා බවයි. බොහොමයක් මෙම පණිවිඩ ඔබගේ පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටින අතර සමහර අවස්ථා වලදී ඔබගේ මූල්‍ය තොරතුරු ද ඉල්ලා ඇති අවස්ථා තිබේ. බොහෝ අවස්ථා වලදී මේවා විද්‍යුත් තැපෑල මගින් ඔබට ලැබෙන අතර මෙවැනි පණිවිඩ විවෘත කිරීම මගින් ඔබගේ පරිගණකයට , ජංගම දුරකතනයට සහ අනෙකුත් ඩිජිටල් උපකරණ වලට අනිෂ්ට මෘදුකාංග ඇතුල්වීමේ හැකියාවක් ඇති බවත් පිළිතුරු ලිපියේ සදහන්ව තිබුණි.
අප විසින් දෙවනුව යොමු කළ ප්‍රශ්නය වනුයේ 2020 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා ව්‍යාජ ආයාචිත පුවත් හුවමාරු වීම සම්බන්දව වාර්ථා වී ඇති ද ? එසේ වාර්ථා වී ඇතිනම් එම දත්ත අපවෙත ලබා දෙන ලෙසය. ඊට සර්ට් ආයතනයේ පිළිතුර වූවේ සර්ට් ආයතනය මගින් ව්‍යාජ ආයාචිත පුවත් වශයෙන් වෙනම වර්ගීකරණයක් සිදු නොකරන අතර පහත දක්වා ඇති වගු සටහන පරිදි තොරතුරු රැස් කරන බවය.
2020 වර්ෂය
Incident Type | No of Incident |
DDOS | 1 |
Ransomware | 18 |
Malicious software issue | 9 |
Phone hacking | 6 |
Scams | 109 |
Phishing | 15 |
Website compromise | 76 |
Financial / email frauds | 55 |
Intellectual property violation | 1 |
Server compromised | 1 |
Social media | 14284 |
Other | 35 |
ඊට අමතරව අප යොමු කළ තෙවන ප්‍රශ්නය වනුයේ උක්ත පණිවිඩ මගින් මහජනතාවට වන බලපෑම සම්බන්දව සර්ට් ආයතනය මගින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් තිබේද යන්නය. ඊට ඔවුන් පිළිතුරු සකසා තිබුනේ මෙසේ. “ මේ සදහා ගත හැකි හොදම වැඩපිළිවෙල වනුයේ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම වන අතර අප ආයතනය මගින් විටෙන් විට මහජනතාව දැනුවත් කිරීමේ සැසි පවත්වන බවය.”
තවද එම වැඩසටහන් සර්ට් ආයතනයේ සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහරින අතර ඔවුන්ගේ වෙබ් පිටුව මගින් දැනට ඇති සයිබර් ආරක්ෂණ ගැටලු සම්බන්දව නිවේදනද නිකුත් කරන බව ඔවුන් අප වෙත එවූ පිළිතුරු ලිපියේ සදහන් වීය.