පුවත්

රජයේ හා පෞද්ගලික සෞඛ්‍ය සේවා ගාස්තු

By In

නිදහස් සෞඛ්‍ය සේවයක් ක්‍රියාත්මක වන රටක් ලෙස ශ්‍රී ලංකාවේ බොහෝ සෞඛ්‍ය සේවා නොමිලයේ ලබා ගැනීමට මෙරට පුරවැසියන්ට හැකිවී ඇත. නමුත් රාජ්‍ය සෞඛ්‍ය සේවයේ පවතින සීමිත සම්පත් ප්‍රමාණය නිසාත්, වාර්ෂිකව වෙන්කරණු ලබන මුදල් ප්‍රමාණය ප්‍රමානවත් නොවීම නිසාත් පුරවැසියන්ට තම සෞඛ්‍ය සේවා සලසා ගැනීිමේදී විවධ අසීරුතා පැන නගියි. මේ හේතුවෙන් ඇතැම් පිරිස් පෞද්ගලික සෞඛ්‍ය සේවා වෙත නැඹුරුවීමේ පුවණතාවයක්ද දැකිය හැකිය. සුහදශීලී සේවාවක් සැපයීම, සුඛෝපභෝගී පහසුකම් සැපයීම, ගතවන කාලය අවම වීම වැනි වාසි පෞද්ගලික අංශයේ සෞළ්‍ය සේවා ලබා ගන්නා පුරවැසියන්ට හිමි වී ඇත. නමුත් ඒ සඳහා විශාල මුදලක් ගෙවීමට පුරවැසියන්ට සිදුවී ඇත. එම මුදල සාමාන්‍ය ජනයාට දැරිය නොහැකි තරමේ මුදලක් වීම නිසා සාමාන්‍ය සෞඛ්‍ය සේවා හැරුණුවිට සැත්කම් වැනි සේවා සඳහා සාමාන්‍ය ජනයා යොමුවීම අඩුය. මෙම තත්වය හමුවේ රාජ්‍ය සෞඛ්‍ය සේවා කෙරෙහි පවතින තදබදය එලෙසම පවතින අතර මෙයට විකල්පයක් ලෙස පවතින පෞද්ගලික සෞඛ්‍ය සේවා ස්ථාන ඉතා සුලු පිරිසකට පමණක් සේවා සපයයි.

පෞද්ගලික හා රජයේ සෞඛ්‍ය සේවා මිළගණන් වල පවතින මෙම විශාල වෙනස නිසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙපාර්ශවයටම අවාසි ගෙනදෙයි. මෙම වෙනස හඳුනා ගැනීම සඳහා සාමාන්‍යයෙන් රජයේ රෝහල්වලින් සපයන සෞඛ්‍ය සේවා සඳහා වැයකරන වියදම තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් සිදු කරන ලදී. මෙහිදී බහුලවම සුදුකරන ප්‍රසූත සැත්කම් සහ සාමාන්‍ය ප්‍රසූති සඳහා රජයේ රෝහල්වලින් දරණු ලබන වියදම පිළිබඳ තොරතුරු විමසන ලදී. මේ සඳහා කාසල් වීදියේ කාන්තා රෝහල විසින් ලබා දී ඇති අපවෙත තොරතුරු එවා තිබිණි.

සාමාන්‍ය ප්‍රසූත සහ ප්‍රසූත සැත්කම් වෙනුවෙන් වැයවන මුදල කොපමණද යන්න ගණනය කිරීමට ක්‍රමවත් ක්‍රමවේදයක් දැනට ක්‍රියාත්මක නොවන නමුත් 2015 වර්ෂයේදී කරන ලද සමීක්ෂණාත්මක ගණනය කිරීමකට අනුව සාමාන්‍ය ප්‍රසූතයක් සඳහා රු 11457.00ක මුදලක් ද, ප්‍රසූත සැත්කමක් සඳහා රුග 19240.00 ක මුදලක්ද වැයවන බව ගණන් බලා ඇත. තවද දළ වශයෙන් වසරකට 10% කින් මෙම වටිනාකම ඉහළ යා හැකියැයි ගණන් බලා ඇත. ඒ අනුව සාමානය සැත්කමක් සඳහා 2019 වර්සය වන විට රු. 15249.00ක මුදලක් ද, ප්‍රසූත සැත්කමක් සඳහා රු.28169.00 ද වැය වෙනු ඇතැයි ගණන් බලා ඇත.

මෙම මිළගණන් පෞද්ගලික අංශයේ මිළගණන් සමඟ සංසන්දනය කිරීමේදී පෙනී යන්නේ පූර්ණ පෞද්ගලික අංශයේ මෙම සැත්කම් සඳහා අයකරන මුදල මෙම මුදලට වඩා පස්ගුණයක් තරම් (දළ වශයෙන්) වැඩි බවයි. පෞද්ගලික අංශයේ මෙම සේවා සඳහා ලබා දෙනු ලබන අමතර පහසුකම් පිළිබඳ අවධානය යොමු කිරීමේදී පෞද්ගලික අංශයේ පෞද්ගලික අංශයේ ගාස්තු සාධාරණ ලෙස වැඩි විය හැකි වුවද පස් ගුණයකින් පමණ වැඩි වී තිබීම ගැටළු සගතය.

පෞද්ගලික හා රාජ්‍ය යන අංශවල සේවා ජනයාට පහසුවෙන් ලබාගතහැකි මට්ටමට පත්කිරීම සඳහා මෙම මිළගණන් අතර පවතින විෂමතාවය අවමකළ යුතුය. මේ සඳහා රජයේ පාර්ශවයෙන් දරනු ලබන වියදම පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හැකිවීම රජයෙන් සපයන සේවාවල වටිනාකම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටද උපකාරී වේ. මෙවැනි කරුණු කෙරෙහි මහජන අවධානය යොමුකිරීම මඟින් මෙවැනි සේවා භාවිතයේදී නිවැරදි තීරණ ගැනීමටත්, ජනතාවට වඩාත් පහසුවෙන් ලබාගතහැකි ලෙස සේවා හැඩගස්වා ගැනීමටත් හැකිවනු ඇත. මෙවැනි තොරතුරු ලබා ගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත මඟින්ද වටිනා අවස්ථාවක් ලබා දී ඇත.

පුවත්

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ මාධ්‍යවේදී සංසදය

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ මාධ්‍යවේදී සංසදය එකොළොස්වැනි වරටත් 2020  පෙබරවාරි 18 වන…

By In
පුවත්

කසළ දහනය මඟින් බලශක්තිය?

මෙරට තදාසන්න ප්‍රදේශවල ජනගහන ඝනත්වය වැඩිවීමත් සමඟ විවධ පාරිසරික ගැටළු රාශියක් පැන නැගී ඇත. මෙම ගැටළු අතර කැළිකසළ කළමණකරණ ගැටළුව…

By In
පුවත්

ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහනවල තත්ත්ව පරීක්ෂා කරන්නේ කොහොමද?

ශ්‍රී ලංකාව තුළ වාහන භාවිතය සීඝ්‍රයෙන් ඉහළ යන ආකාරය දැකිය හැකිය. පසුගිය දශකයට සාපේක්ෂව බැලූ විට ඉතා විශාල වශයෙන් මෙරට…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *