පුවත්

තොරතුරු දැනගැනීම කාගේ අයිතියක් ද?

By In

තොරතුරු දැනගැනීමේ අයිතිය යන්න මගින් අදහස් කෙරෙනුයේ තොරතුරු දැනගැනීම සඳහා මිනිසාට ඇති අයිතිවාසිකමයි. එම අයිතිවාසිකම කරමින් ශ්‍රී ලංකා රජය විසින් මෙරට තොරතුරු දැනගැනීමේ පනත 2016 වසරේ ජුනි මස 23 වැනි දා සම්මත කර මහජනතාව වෙත දිනා දෙන ලදී. 

රජය එසේත් නොහොත් පොදු අධිකාරීන් විසින් ගන්නා ලද තීන්දු තීරණ මගින්, රටවැසියන් වශයෙන් පොදු මහජනතාව වන අප හට බලපෑම් කරනු ලබයි. එහෙයින් එවැනි තීන්දු තීරණයන් ගැනීමේ දී මහජනතාව ද එහි කොටස්කරුවන් විය යුතු ය. එහිලා මෙකී තොරතුරු දැනගැනීමේ අයිතිය ඔස්සේ එවැනි කරුණු පිළිබඳ තොරතුරු ලබාගැනීම මගින් අපට දැනුවත් විය හැකි ය. සෑම පුරවැසියෙකුටම, තමාට, තමාගේ සමීපතමයින්ට හෝ තමාගේ ප්‍රජාවට බලපෑමක් සිදුවෙතැයි විශ්වාස කරනු ලබන ඕනෑම තොරතුරක් ඉල්ලා සිටීමට අයිතිය ඇත. එහෙයින් 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මගින් සෑම පුරවැසියෙකුට ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සඳහන් මූලික අයිතිවාසිකමක් වන තොරතුරු දැනගැනීම සඳහා අවකාශ විවර කර දෙන බව ද මෙහි ලා අවධාරණය කළ යුතු ය. විශේෂයෙන් ම පොදු අධිකාරීන් වෙතින් තොරතුරු ඉල්ලා සිටීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය හා යාන්ත්‍රණය ද මෙම පනත මගින් විග්‍රහ කර ඇත.

රාජ්‍ය පොදු අධිකාරීන් මෙන්ම පෞද්ගලික අංශයට අයත් වූ ඇතැම් ආයතන විසින් ගනු ලබන තීරණයන් ද ඇතැම් විට මහජනතාව සඳහා බලපෑම් එල්ල කරනු ලබන හෙයින් ඔවුන් ද ජනතාව වෙත තොරතුරු සැපයීමට වග වී සිටියි. අප හට ඔවුන්ගෙන් තොරතුරු ඉල්ලා සිටිය හැකි අතර, එහි දී අපට පූර්ණ ලෙස හෝ අර්ධ ලෙස තොරතුරු ලබාගත හැකි ය. පනතෙහි එන උපරිම අනාවරණය කිරීමේ මූලධර්මයට අනුව  පොදු අධිකාරීන් හා අයතනයන් තමන් හට හැකි පමණ තොරතුරු හෙළි කිරීමට ඉදිරිපත්ව සිටියි. ඉන් අදහස් වන්නේ තමන් සතු නිල තොරතුරු මහජනයාට ඉදිරිපත් කිරීම සඳහා ඔවුන් බැඳී සිටින බවයි. එසේම පනතෙහි එන ප්‍රගාමී හෙළිදරව් කිරීමේ මූලධර්මය මගින් එසේ අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා මහජනතාවගෙන් ගාස්තුවක් අය නොකරන බව සඳහන් කරයි.එයට අමතරව පළ කිරීමට බැඳී සිටීමේ මූලධර්මය මගින් හුදෙක් සරලව තොරතුරු සැපයීම නොකළ යුතු අතර මහජනතාවට වැදගත්කමක් ඇති තොරතුරු තමන් ම පළ කර ව්‍යාප්ත කළ යුතු බව කියැවේ.

මේ අනුව මහජනතාවට, ඔවුන්ට ඍජුවම බලපෑම් කරන සෞඛ්‍යය, අධ්‍යාපනය, පරිසරය වැනි විෂයයන් සම්බන්ධයෙන් ඇති ගැටලු සඳහා තොරතුරු අයදුම්පතක් යොමු කිරීම මගින් පිළිතුරු ලබාගත හැකි ය.

මෙහි දී විශේෂයෙන් ම සිහිපත් කළ යුතු කරුණක් වන්නේ අප තොරතුරු අයදුම්පතක් යොමු කළ පමණින් අපට පොදු අධිකාරීන් වෙතින් ඔවුන් සතු තොරතුරු සියල්ල ලබා ගත නොහැකි වීමයි. තොරතුරු හෙළිදරව් කිරීමට අදාළ සීමා කිහිපයක් ද එනිසා පනතෙහි අඩංගු කොට ඇත. නමුත් යමෙකු යොමු කරන ලද තොරතුරු ඉල්ලිමක් සඳහා පිළිතුරු ලබා දීම සඳහා යම් ආයතනයක් අපොහෙසත් වුවහොත් හෝ අදාළ තොරතුරු ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීමට කටයුතු කරන්නේ නම්, ඒ සඳහා එම ආයතනය ඉල්ලුම්කරු වෙත සාධාරණ හේතු දැක්විය යුතු වනු ඇත. නිදසුනක් වශයෙන් යමෙකු විසින් ජාතික ආරක්‍ෂාවට ඍජුව හෝ වක්‍රාකාරයෙන් බලපෑමක් සිදු වන ආකාරයේ තොරතුරක් ඉල්ලා සිටියහොත් එමගින් රටට වන හානිය සළකා අදාළ හේතුව දක්වමින් ඉල්ලුම්කරුගේ තොරතුරු ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීමට අදාළ ආයතනයට හැකියාවක් ඇත. එය පුද්ගලික ප්‍රයෝජනය ඉක්මවූ පොදු යහපත වෙනුවෙන් ගන්නා ලද තීරණයක් ලෙස දැනුම් දීමට එහි දී පනත මගින් ඔවුනට හැකියාව ලබා දී ඇත.

පසුගිය රජය විසින් අප හට, අපගේ මූලික අයිතිවාසිකමක් වූ තොරතුරු දැනගැනීමේ අයිතිය සාක්‍ෂාත් කරගැනීමට අවස්ථාවක් ලබා දී තිබේ. අප එම අයිතිය නිසි ලෙස භාවිතා කොට දැනුවත් සමාජයක් ගොඩනගන්නට උර දෙමු.

තොරතුරු දැකනගැනීම අපගේ අයිතියයි. 

Uncategorized, පුවත්

ලිපයක් තැපැල් කිරීමට වැඩ කරන දින 13ක් ගත් රත්නපුර ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලය. ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාල 21ක් තොරතුරු දීමද පැහැර හැරලා

රත්නපුර ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලය මගින් තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවක ඒ සඳහා තොරතුරු ඉල්ලුම්පත ලැබුණු බව…

By In
පුවත්

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසම​

තොරතුරු ලබාගැනීම සඳහා මහජන අධිකාරියක් වෙත ඉල්ලුම්පතක් යැවීමෙන් අනතුරුව එහි තොරතුරු නිලධාරියා විසින් පනතෙහි එන ව්‍යතිරේඛයක් යටතේ හැර තොරතුරු ලබා…

By In
පුවත්

තොරතුරු නිලධාරියාගේ තීරණයට එරෙහිව අභියාචනා කළ හැකි ද​?

ඔබ විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටිනු ලැබූ යම්කිසි තොරතුරක් අදාළ පොදු අධිකාරියෙහි තොරතුරු නිලධාරියා විසින් ලබා දීම ප්‍රතික්‍ෂේප…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *